Sinhala: HORDI Crop – Cassava

HORDI - LOGO

මඤ්ඤොක්කා

manihot esculenta

ඉතා හොද පිෂ්ඨමය ආහාර ප්‍රභවයකි. කැල්සියම්, පොස්පරස් හා විටමින් ඉහල අගයකින් පවතී. ප්‍රධාන ආහාරයක් වශයෙන්ම මෙන්ම කෙටි ආහාර ලෙසත්, මධ්‍යසාර හා ඉන්ධන නිෂ්පාදනය සදහාත් භාවිතා කරයි. අඩු ජල සහ පෝෂක තත්ත්ව යටතේ වගාකළ හැකි බැවින් සීමාකාරී ඉඩම් සදහාද සුදුසු බෝගයකි.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

මීටර් 1500 දක්වා උන්නතාංශයකින්  පුළුල් පරාසයක පාංශු හා දේශගුණික තත්ත්වයන් යටතේ වසර පුරා වගා කලහැක. මිලිමීටර් 1000-1500 අතර වර්ෂාපතනය සහ සෙල්සියස් අංශක 25-29 ක උෂ්ණත්වය අවශ්‍ය වේ.

පස

ප්‍රසස්ථ pH අගය 5-6 වේ. ජලය බැස නොයන සහ භාෂ්මික පස් සුදුසු නොවේ.

රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය

හෙක්ටයාරයකට රෝපණ ද්‍රව්‍ය  12000-13000 (සෙන්ටිමීටර 90 x 90 සෙ.මී. පරතරය සඳහා)

අතු බෙදෙන වර්ග සඳහා 6400-6500

අපනයනය සඳහා හෙක්ටයාරයකට රෝපණ ද්‍රව්‍ය 17000-18000

තවාන් කළමනාකරණය

දඬු ගැනීම සදහා විශේෂ පහසුකම් සහිත වගාවක් නඩත්තු කල හැක. එම වගාව රෝග තොරව නඩත්තු කර ගැනීම මගින් , දඬු මගින් රෝග බෝවීම පාලනය කල හැක.

බිම් සැකසීම

ගැඹුරට සී සෑම- අවම වශයෙන් සෙ.මි. 30 ක් අවශ්‍ය වේ.

පැල සිටුවීම

තෙත් කලාපයේ – යල සහ මහා කන්න දෙකම

වියළි කලාපයේ – මහා කන්නය

තනි වලවල් මෙන්ම වැටි ක්‍රමයද භාවිතා කරයි.

ඇතැම් අවස්ථා වලදී වගා මලු වල මඤ්ඤොක්කා වගාවද දක්නට ලැබේ. එහිදී කි.ග්‍රෑම්. 50 පොහොර මලු වල සැහැල්ලු පස් පුරවා භාවිතා කරයි.

පරතරය

අතු බෙදෙන – සෙ.මි. 125 x 125

අපනයනය සදහා –  සෙ.මි. 75 x 75

සාමාන්‍ය අතු බෙදෙන වර්ග සදහා – සෙ.මි. 90 x 90

පොහොර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය පරිදි කාබනික පොහොර එකතු කර කරන්න

හෙකටයරයකට එකක් සදහා රසායනික පොහොර නිර්දේශය පහත පරිඉදී වේ.

යෙදිය යුතු අවස්ථා

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

සිටුවා දින 15 කට පසු

85

120

125

සිටුවා මාස  2.5 -3කට පසු

85

60

සිටුවා මාස 4-4.5 කට පසු

85

60

ජල සම්පාදනය

මුල් කාලයේදී පාංශු තෙතමනය පවත්වා ගැනීම වැදගත් වේ.

 

වල් පැළෑටි පාලනය

හොදින් බිම් සැකසීම. කුඩාකල පස් ලංකිරීම මගින් වල පාලනය.

බෝගයෙන් භුමිය ආවරණය වන තෙක් වල පැළෑටි මර්ධනය වැදගත් වේ.

පළිබෝධ කළමනාකරණය

වයිරස් රෝග වාහකයන් වන සුදු මැස්සන් පාලනය කර ගැනීම වැදගත් වේ. ඒ සදහා පැළ වගාවන්ට කොහොඹ දියර ඉසීම , බඩ ඉරිඟු වැනි ජීව වැටකින් වගාව ආවරණය කිරීම, බඩ ඉරිඟු සමග මිශ්‍ර වගාව , වගාවට ජලය ඉසීම.

රෝග කළමනාකරණය

රෝග ලක්ෂණ

  • පත්‍ර වල කහ කොළ පැහැති විචිත්‍ර ලෙස ඇති වේ.
  • පත්‍ර කොඩවීම සහ පත්‍ර ක්ෂේත්‍රඵලය අඩු වීම පත්‍ර අක්‍රමවත් හැඩයක් ගනී.
  • ශාක කුරු වීම, ශාකය ක්‍රමයෙන් දුර්වල වී අස්වැන්න අඩුවීම සිදු වේ

රෝගය පැතිරීම

  • රෝගය පැතිරීම ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ රෝගී ශාක වලින් ප්‍රචාරනය සදහා ලබා ගන්නා දඬු කැබලි මගින්ය.
  • සුදු මැස්සා මගින් ද වගාව තුල  මෙම රෝගය පැතිරිය හැක.

රෝගය පාලනය

  • මෙම වෛරස් රෝගය සෑදුනු පසු ප්‍රතිකාර නොමැත.
  • නිරෝගි වගාවකින් ලබා ගන්නා ලද දඬු කැබලි පමණක් සිටු වීමට භාවිතා කරන්න. වාණිජ වගාවන් සදහා ක්ෂේත්‍ර පරික්ෂාවෙන් පසු දඬු ලබා ගන්න.
  • රෝගී ශාක ගලවා විනාශ කර දමන්න.
  • මෙම වෛරසය වැළදෙන වෙනත් ධාරක ශාක ලෙස හදුනා ගෙන ඇති වල් මඤ්ඤොක්කා, වල් කරාබු, වතු පාළු, වල් රබර් හා කුප්පමේනියා වැනි ශාක වගා ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න.
  • රෝගී වගාවකට ආසන්නයේ අළුත් වගාවක් ආරම්භ නොකරන්න. එවැනි අවස්ථාවකදී පළමුව පැරණි වගාවේ රෝගී ගස් සියල්ලම ගලවා විනාශකර දමන්න.
  • සෑමවිටම වගාව අවට වල්පැළ ඉවත්කර ක්ෂේත්‍රය පිරිසිදුව තබන්න.
  • රෝගී ශාක කදන් වල (එක් අත්තක පමණක් වෛරස් රෝග ලක්ෂණ තිබේ නම්) තීන්ත ආලේප කර සලකුණු කරන්න. එවිට අස්වැන්න නෙලීමේදී ඒවා වෙන් කර ඉවත් කිරීම පහසුය.

රෝග කාරකය  : මෙම රෝගය කොරිනිස්පොරා කැසිනෝලා (Mycosphaerella spp.&  දිලීරය නිසා හට ගනී

රෝගය පැතිරීම

  • ආසාදිත බෝග අවශේෂ කොටස් සහ සුළග මගින්
  • අධික ආර්ද්‍රතාවය රෝගය පැතිරීමට හිතකර සාධකයකි.

රෝග ලක්ෂණ

  • පත්‍ර මත දුඹුරු පැහැති පුල්ලි දක්නට ලැබේ.
  • සාමාන්‍යෙන් මේරූ පහල පත්‍ර ප්‍රථමයෙන් ආසාදනය වේ. හානිය උග්‍ර වන විට ඉහල පත්‍රද ආසාදනය වේ.
  • පත්‍ර කහ පැහැ වී හැලී යයි.

දුඹුරු පුල්ලි රෝගය පාලනය

  • ගෙවතු වගාවකදී ආසාධිත පත්‍ර ක්ෂේත්‍රෙයන් ඉවත් කර පුළුස්සා දමන්න.
  • වාණිඡ වගාවන්හි ශාක කුඩා කාලයේදී රෝගය බහුලව දක්නට ලැබෙන විට පැතිරීම පාලනය කිරීම සදහා පහත සදහන් නිර්දේශිත දිලීර නාශකයක් පත්‍ර වලට යොදන්න.
    • මැන්කොසෙබ් 80 % WP- 32 g ක් ජලය ලීටර 16 ටැංකියකට

රෝග කාරකය  : මෙය පසේ ජිවත් වන ස්ක්ලෙරෝටියම් දිලීර විශේෂය (Sclerotium  spp.) නිසා ඇති වේ

රෝග ලක්ෂණ

  • වගාවේ තැනින් තැන පැල වල පදුරු මුල් හා කඳ කුණු වීම
  • පත්‍ර කහ වී ශාකය වියලී මැරී යයි
  • ශාකයේ පාදස්ථයේ සුදු පැහැ දිලීර ජාල දක්නට ලැබේ.

රෝගය පැතිරීම   

අසාදිත පස් හා ජලය මගින් පැතිරේ.

රෝග පාලනය

  • ඡලය රදා පැවතීම රෝගය පැතීරීමට හිතකර බැවින් පසේ ඡල වහනය දියුණු කල යුතුය. කුඹුරු ඉඩමක් නම් ගැඹුරින් කාණු යොදා ඡල වහනය දියුණු කල හැකිය
  • වගාවේ රෝගය දක්නට ලැබෙන මුල් අවස්ථාවේදීම රෝගී ශාක පස් සමඟ ගලවා ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න.

අස්වනු නෙලීම

මාස 9 සිට මාස 12 දක්වා අස්වැන්න ලබා ගත හැක.

කිරිකවාඩි- මාස 6 සිට අස්වැන්න ලබා ගත හැක.

අස්වැන්න

හෙක්ටයාරයකට ටොන් 35-40

විශේෂිත බෝග කළමනාකරණ ක්‍රම

  • විශ්වාසදායක ස්ථානයකින්, රෝග වලින් තොර රෝපණ ද්‍රව්‍ය ලබා ගැනීම
  • මධ්‍යස්ත කඳ කැබලි රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතය
  • හොදින් ජලය බස යන පරිදි වගාව සකසා ගැනීම
  • හොදින් බිම සැකසීම
  • අවට කැලෑ කපා ඉවත් කිරීම
  • මුල් කාලයේදී ජල සැපයුම, වල මර්ධනය හා කෘමි පාලනය වැදගත්
  • ඇතැම් අවස්ථා වලදී වගා මලු වල මඤ්ඤොක්කා වගාවද දක්නට ලැබේ. එහිදී කි.ග්‍රෑම්. 50 පොහොර මලු වල සැහැල්ලු පස් පුරවා භාවිතා කරයි.