
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
- தமிழ்
තක්කාලි
නිකුත් කරන ලද ප්‍රභේද

මහේෂි (දෙමුහුම්)
නිකුත් කල වර්ෂය 2005
ඉදුණු ගෙඩියක බර ග්‍රෑම් 125 ක් පමණ වන හෙක්ටයාරයකට මෙටි්රක්ටොන් 58ක පමණ ඉහළ විභව අස්වැන්නක් සහිත දේශීය දෙමුහුම් ප්‍රභේදයකි. ඝනකම් පොත්තක් සහිත හා බැක්ටීරියා හිටුමැරීමට ප්‍රතිරෝධී වේ. ගෙඩි තරමක් පැතලි හැඩැති වේ.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
අර්ධ අපරිමිත වර්ධන විලාශයක් ඇත. දිග රවුම් දික්කඩ හෘදාකාර හැඩැති ගෙඩි සහිත වන අතර, ගෙඩියක බර ග්‍රෑම් 85 ක් පමණ වේ. ඉතා තද පොත්තක් සහිතය. ගෙඩි පිපිරීමට ලක් නොවේ. ඉදුණු ගෙඩි තැඹිලි රතු පැහැතිය. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට මධ්‍යස්ථව ඔරොත්තු දේ. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙටි්රක්ටොන් 40 ක් පමණ වේ. එක් ගසකින් කිලෝග්‍රෑම් 3 1/2 ක පමණ අස්වැන්නක් නෙලා ගත හැකිය.
පඳුරු තක්කාලි ප්‍රභේදයකි. බැක්ටීරියා හිටු මැරීමේ රෝගයට හොඳින් ඔරොත්තු දේ. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම් 50 ක් පමණය. තුනී පොත්තක් සහිත වන බැවින් තැලීමෙන් සිදුවන අස්වනු හානිය වැඩිය.
පඳුරු ආකාර වර්ධනයක් සහිතය. තරමක් පැතලි සහ තරමක් තද පොත්තක් සහිත තැඹිලි රතු ගෙඩි සහිතය. බැක්ටීරියා හිටු මැරීමේ රෝගයට ඔරොත්තු දේ. වටපණුවන්ගේ හානියට කොල කොඩවීමේ වෛරස් රෝගයට ද ඔරොත්තු දීමේ හැකියාවක් තිබේ.ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම්. 85 පමණය. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 20 පමණ වේ.
පඳුරු ආකාර වර්ධනයක් හා හෘදාකාර හැඩැති ගෙඩි සහිත ප්‍රභේදයකි. ගෙඩියක් සාමාන්‍යයෙන් ග්‍රෑම් 60 ක් පමණ බර වේ. අස්වනු විභවය හෙක්ටයාරයකට මෙටි්‍රක් ටොන් 50 ක් පමණ වේ. මෙම ප්‍රභේදය වැඩි උෂ්ණත්වය සහිත පරිසර වලදී පවා මල් හැලීමකට ලක් නොවේ. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ද ඔරොත්තු දීමේ හැකියාව ඇත.
පඳුරු ආකාර වර්ධනයක් ඇත. තද රතු පාට මදයක් සහිත රවුම් ගෙඩි වේ. සෝස් වැනි නිෂ්පාදන සඳහා යෝග්‍යවේ. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට ඔරොත්තු දේ. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම්. 45 පමණය. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 40 පමණ වේ.
පඳුරු ආකාර වර්ධනය, තරමක පැතලි ගෙඩි සහිත ප්‍රභේදයකි. බැක්ටීරියානු හිටුමැරීමේ රෝගයට හා කොළ කොඩවීමේ වෛරස් රෝගයට ඔරොත්තු දේ. ගෙඩි හැලී යාම අඩුය. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම්. 100 පමණය. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 30 පමණ වේ. එක් ගසකින් කි.ග්‍රෑ. 3.0 ක් පමණ නෙලා ගත හැක.
පඳුරු ආකාර වර්ධනයක් සහිත තරමක පැතළි ගෙඩි සහිත වේ. බැක්ටීරියා හිටුමැරීමේ රෝගයට හා කොළ කොඩ වීමේ රෝගයට මධ්‍යස්ථ ලෙස ඔරොත්තු දේ.ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම්. 185 පමණය. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 28 පමණ වේ.
පඳුරක් ලෙස පරිමිත වර්ධනයක් සහිත උසින් අඩු, වැඩි පරිසර උෂ්ණත්වයක් සහිත වියළි කලාපයේ වගා කළ හැකි ප්‍රභේදයකි. ගෙඩි පැතලි හැඩති වේ.පුෂ්ප අන්තයෙන් (Blossom end) තරමක බෙදීම් සහිත වේ. ගෙඩියක සාමාන්‍ය බර ග්‍රෑම්. 55 පමණය. විභව අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටොන්. 40 පමණ වේ.