Sinhala: HORDI variety – Pumpkin

HORDI - LOGO

වට්ටක්කා

නිකුත් කරන ලද ප්‍රභේද

නිකුත් කල වර්ෂය 2016 කෙටි කාලීන ප්‍රභේදයකි. දිගටි හැඩැති ගෙඩි පිට පොත්ත තද කොළ පැහැතිය. මේරූ විට තැඹිලි කොළ පැහැයක් ගනී. ගෙඩි කුඩාය. කිලෝග්‍රෑම් 1 ක් පමණය. මදය ඝණකම්ය. වැල් පැතිරී නොවැඬේ. අඩු පරතරයකින් වගා කළ හැක.

ගෙඩි ඒකාකාරි හැඩයකින් යුක්තය. ප්‍රමාණයෙන් කුඩාය. (කිලෝග්‍රෑම් 2 – 2 1/2) කෙටි කාලීන ප්‍රභේදයකි. (මාස 2 – 2 1/2) කෙටි වර්ෂා කාලයක් වගා කිරීමට යෝග්‍යයි. කුඹුරු ඉඩම්වල, කන්න අතර කාලයේ ද වගාවට සුදුසුය. පිට පොත්ත ඝනය, මදය කහ පාටය. ප්‍රවාහනය කිරීමට ඉතා යෝග්‍ය වේ.

නෙලාගත් ගෙඩිවල ගුණාත්මය අඩු නොවී සතියක් පමණ කාලයක් තබාගත හැකිය.හැඩය හා ප්‍රමාණය විවිධාකාරය, වර්ෂා ජලයෙන් නම්, කන්නයට පමණක් වගාකළ හැකිය. මදයේ පැහැය, කහ සිට තැඹිලි දක්වා වෙනස් වේ.