Sinhala: HORDI Crop – Pumpkin

HORDI - LOGO

වට්ටක්කා

Cucurbita maxima

ශ්‍රී ලාංකිකයන් අතර ඉතා ජනප්‍රිය පෝෂණ ගුණයෙන් ඉතා ඉහළ එළවළු බෝගයකි. මෙය
කුකර්බිටේසි කුලයට අයත්වේ. රසවත් ව්‍යාංජනයක් ලෙස මෙන්ම විවිධ ආහාර සකසා ගැනීම සඳහා ද ගත හැකිය. අඩු වියදමකින් වැඩි ආදායමක් ලබාගත හැකි වීමත්, හොඳින් මේරු ගෙඩි සෑහෙන කාලයක් සාර්ථකව ගබඩාකරගත හැකිවීමත් මෙම බෝගයේ විශේෂ ලක්ෂණයකි.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

මෙම බෝග වියළි හා අතරමැදි කලාපවල මුහුදු මට්ටමේ සිට මීටර් 500 ක උන්නතාංශයක වගා කළ හැකිය. වට්ටක්කා යල බෝගයක් ලෙස වැඩිපුර වගා කරන අතර මහ හෝ යල ලෙස  වගා කළ හැකිය.

පස

හොඳින් ජලය බැස යන කාබනික ද්‍රව්‍ය අඩංගු පසක හොඳින් වැවේ. යෝග්‍ය පී.එච්. පරාසය 5.5 – 7.5 වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට බීජ කිලෝග්‍රෑම් 01 යි.

බිම් සැකසීම

සෙන්ටිමීටර් 20 – 30 ගැඹුරට පස පෙරළා තරමක් රළු වයනයක් ඇතිවන පරිදි කැට පොඩිකර ගන්න. දිග පළල හා

ගැඹුර සෙන්ටිමීටර් 30 බැගින්වන පරිදි වළවල් සකස්කර ගන්න.

හොඳින් දිරූ කාබනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක් එක් වළකට එකතුකර මතුපිට පස් සමඟ මිශ්‍ර කරන්න. එම මිශ්‍රණයෙන්ම පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර් 10 ක් උසට මුදුන් කරන්න.

පැළ සිටුවීම

අධික වර්ෂාවෙන් පසු සිටුවන්න.

a) දේශීය වර්ග  සහ A.N.K.

i) රෝපණ සිදුරට බීජ 04 ක් බැගින් දමන්න (බීජ අතර සෙ.මී. 10)

b)Butternut

i) ඉහළ ප්‍රරෝහණයක් සහිත බීජ – 2 බීජ

ii) පහළ ප්‍රරෝහණයක් සහිත බීජ – 3 බීජ

iii)මතු වී සති 2 කට පසු පැල 2 ක් තුනී කරන්න

iv)අහිතකර කාලගුණික තත්ත්වයන්හි අහිතකර බලපෑම් වළක්වා ගැනීම සඳහා පොලිතින් බෑග්වල හෝ නොරිඩෝකෝ තවාන් වල බීජ පැලද ඇති කළ හැකිය

පරතරය

a)දේශීය වර්ග  – 3 x 3 මීටර්

b) A.N.K. රුහුණු- 2.5 x 2.5 මීටර්

c) Butternut – 50 x 100 සෙ.මි.

පොහොර

N -140 kg/ha, P2O5-175 kg/ha, K2O – 105 kg/ha

යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර 220380125
මතුපිට පොහොර – සිටුවා සති 4 කට සහ 8 කට පසු4525
යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර 7520060
මතුපිට පොහොර – සිටුවා සති 4 කට සහ 8 කට පසු7560

ජල සම්පාදනය

බීජ පැළවී අවසන් වන තෙක් දිනපතා ජලය යොදන්න. පසුව දින 5 – 7 ට වරක් ජලය යෙදීම සෑහේ.

වල් පැළෑටි පාලනය

බීජ පැළවී සති 3 කින් වල් නෙළීම සිදුකර වසුනක් ලෙස පිදුරු යොදන්න. (අතින් වල් නෙළීම වඩා සුදුසුය)

අස්වනු නෙළීම

ගෙඩි මත පිටිමය ස්වභාවයක් දිස්වන විට නෙළා ගන්න.

1වට්ටක්කා

a)A.N.K.රුහුණු – මල් පිපි දින 40 කින්

b) දේශීය වර්ග  – මල් පිපි දින 60 කින්

2 Butternut – මල් පිපි දින 20 කින්

අස්වැන්න

සියලුම ප්‍රභේද සඳහා සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 15,000 – 20,000 අතර වෙනස් වේ

පසු අස්වනු කටයුතු

a) හොඳින් මේරූ වට්ටක්කා ගෙඩි වියළි ස්ථානයක මාස 6-8 ක කාලයක් ගබඩාකර තබාගත හැක.

b) පරිසර තත්වයන් යටතේ බටර්නට් මාස 1 ක් පමණ තබා ගත හැකිය

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

  • දිලීර රෝග
රෝග කාරකය: Podosphaera xanthii රෝග ලක්ෂණ:
  • පළමුව පරිණත පත්‍රවල ලා කහ පැහැති ලප ලෙස දිස්වේ
  • පත්‍ර මතුපිට සුදු පැහැති සුදුමැලි mycelium වර්ධනය වන විට මෙම ලප විශාල වේ
  • දැඩි හානියට ලක් වූ පත්‍ර දුඹුරු පැහැවීම හා හැකිලීම සහ පත්‍ර පතනය සිදුවේ.
පාලනය:
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත බෝග අවශේෂ  ඉවත්කිරීම.

රෝග කාරකය : Pseudoperonospora cubensis 

රෝග ලක්ෂණ:

  • පත්‍රවල ඉහළ පෘෂ්ඨයේ පත්‍ර නාරටි මගින් සීමා වූ කෝණාකාර කහ පැහැති ලප.
  • පත්‍ර හරිතක්ෂය බවට පත් වන අතර අවසානයේ නික්‍රෝටික් සහ ධාරක ශාක සෛල මිය යයි.

පාලනය:

  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • අස්වනු ලබාගැනීමෙන් පසු ආසාදිත ශාක කොටස්  ඉවත්කිරීම.

රෝග කාරකය :  Sclerotium spp., Fusarium spp.

රෝග ලක්ෂණ:

  • මුල් අවස්ථාවේදී ශාක තාවකාලික මැලවීමේ රෝග ලක්ෂණ පෙන්නුම් කරයි
  • පත්‍ර කහ පැහැ වීම, මැලවීම සහ එල්ලා වැටීම පෙන්නුම් කරයි
  • අවසානයේදී, ශාකය මිය යයි.
  • පාමුල ප්‍රදේශයේ පිහිටි සනාල ගොණු කහ හෝ දුඹුරු බවට පත් වේ.
  • ශාකයේ පාදස්ථයේ සුදු පැහැ දිලීර ජාල දක්නට ලැබේ.

පාලනය:

  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ජලවහනය වැඩිදියුණු කිරීම
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)

රෝග කාරකය : Didymella bryoniae

රෝග ලක්ෂණ:

  • සාමාන්‍යයෙන් ජලයෙන් තෙත් වූ ප්‍රදේශ වල පැතිරීමෙන් පත්‍ර වල සහ පලතුරු වල තුවාල සැදීම ආරම්භවේ
  • මුල් අවස්ථාවේදී හරික්ෂය වූ සිදුරු තිබිය හැක,ඉන්පසු ලා දුඹුරු බවට පත් වි අක්‍රමවත්  හැඩති  විය හැකිය
  • ඵල මත තද පැහැති පැලුණු ගිලුණු ලප ඇති වේ.
  • ගිලුණු, පොතු වලයේ පිළිකා ඇති ස්ථානවල පැල කඩා වැටීම
  • කඳේ ඇති ලප බොහෝ විට ඉරි මෙන් දික් වන අතර ඉරිතැලීම් වලින් මැලියම්  පිටවීම් ඇති විය හැක.
  • පළතුරු, කඳ හෝ පත්‍ර මත තද දුඹුරු පැහැයට හුරු කළු පැහැති බිජාණුධානී (pycnidia) දැකිය හැක.

පාලනය:

  • දිලීර පැවැත්ම අවම කිරීම සඳහා අස්වැන්න නෙලීමෙන් පසු වහාම බෝග අවශේෂ ගැඹුරට සීසෑම කල යුතුය.
  • රෝග වර්ධනයේ මුල් අවස්තාවේදී නිර්දේශිත දිලීර නාශක භාවිතා කරන්න. (යොමුව: නිර්දේශිත පලිබෝධනාශක DOA, 2019)
  • බැක්ටීරියා රෝග
රෝග කාරකය : Ralstonia solanacearum රෝග ලක්ෂණ:
  • පත්‍ර හදිසි මැලවීම දක්නට ලැබීම
  • අවසානයේදී සම්පුර්ණ ශාකයම මැලවී යයි
  • පත්‍ර දුඹුරු පැහැ වීම සහ , වියලීම
  • සනාල දුර්වර්ණ වීම (දුඹුරු පැහැ වීම)
  • ස්ථිරවම මැලවීම
රෝගකාරක පැතිරීම;
  • ආසාදිත පස, ජලය, බෝග අවශේෂ , නෙමටෝඩාවන් සහ කෘමීන්, කප්පාදු කිරීම, ධාරක ශාක ලෙස වල් පැලෑටි
රෝග විනිශ්චය: ආසාදනයට ලක්වූ ශාකයක කඳ කාපු කෙලවර පැහැදිලි ජලයේ ගිල්වූ විට සුදු පැහැති දුමාරයක් වෑස්සිම පාලනය:
  • ආසාදිත ශාක පස සමග විනාශ කරන්න
  • ප්‍රතිරෝධී ප්‍රභේද (බණ්ඩක්කා, බඩ ඉරිඟු) සමඟ බෝග මාරුව
  • Cruciferae කුලයේ බෝග සමඟ මිශ්‍ර වගාව
  • ආසාදිත ක්ෂේත්‍රවල සිට ආසාදනය නොවූ ක්ෂේත්‍ර වෙත උපකරණ ගෙන යාමෙන් වැලකීම
  • වෛරස් රෝග
සුදු මැස්සා  (Bemicia tabaci) මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • පත්‍ර උඩු අතට රැලිවීම, පර්ව  කෙටි කිරීම සහ විකෘති වීම
  • පැල කුරුවීම් සහ ඵල විකෘති වීම.
කුඩිත්තන් මගින් සම්ප්‍රේෂණය වේ. රෝග ලක්ෂණ:
  • විචිත්‍ර වූ පුල්ලි සහිත ලප පත්‍ර මත දක්නට ලැබීම.
  • පත්‍ර විකෘති වීම්
  • ඵල විකෘති වීම සහ ගෙඩිවල ප්‍රමාණය කුඩා වීම
  • දරුණු ආසාදනවලදී, ඵල මතුපිට තෙල් සහිත පැල්ලම් දක්නට ලැබේ

බීජ සහ යුෂ මගින් සම්ප්‍රේෂණය සිදුවේ.

රෝග ලක්ෂණ:

  • කොළ පැහැති පුල්ලි ඇතිවීම හා පත්‍ර විකෘති වීම
  • ඵල මත කොළ පැහැති ලප, දීප්තිමත් කහ සහ දිරාපත් වූ ඵල බවට පත් වේ
  • ඵල විකෘති වීම.

රෝග ලක්ෂණ:

  • ශාක කුරු වීම, කහ වීම, හරිතක්ෂය (අවස්ථානුකුලව) , විචිත්‍ර විකෘති පත්‍ර (බිබිලි)
  • ඵල දුර්වර්ණ වීම සහ විකෘති වීම
  • පයිටොප්ලාස්මා  රෝගය / කුඩා පත්‍ර රෝගය
රෝග ලක්ෂණ
  • කුඩා , ඝනකම් වූ සහ කහ පැහැති කොළ පාට වූ පත්‍ර ,
  • පර්ව කෙටිවීම හා ශාක කුරුවීම,
  • සෙව්වන්දි ආකාර වීම,
  • මල් කොළ පැහැයට හැරීම.
ආසාධිත බීජ හරහා සහ පත්‍ර කී කීඩෑවන් මගින් සම්ප්‍රේෂණය වේ රෝග පාලනය ආසාදිත ශාක ඉවත් කිරීම හා නිර්දේශිත කෘමිනාශකයක් භාවිතයෙන් වාහකයන් (පත්‍ර කීඩෑවන් ) පාලනය කරන්න