Sinhala: HORDI variety – Ela Batu

HORDI - LOGO

එළබටු

නිකුත් කරන ලද ප්‍රභේද

මෙම ප්‍රභේදය දිලිසෙන සුළු ආකර්ශණීය පෙනුමක් සහිත වන අතර කටු රහිතය. වියලි සහ අතරමැදි කලාප වලට නිර්දේශ කර ඇත. වගා බිමෙහි සිටුවා දින 75 ත්  80 ත් අතර කාලයේදී අස්වැන්න නෙලීම ආරම්භ කළ හැකිය. මෙම ප්‍රභේදයේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 22 ක් වන අතර උපරිම විභව අස්වැන්න හෙක්ටයාරයට ටොන් 56 ක් වේ.

මෙම ප්‍රභේදයේ ඉහල ගුණාත්මක ලක්ෂණ සහිත ථල හටගන්නා අතර කටු රහිතය, වියලි සහ අතරමැදි කලාපවලට නිර්දේශ කර ඇත. මෙහි මල් පිපීම සදහා දින 40 සිට 45 අතර කාලයක් ගතවන අතර වගා බිමේ සිටුවා දින 75ත් 80 ත් අතර කාලයකදී අස්වැන්න නෙලාගැනීමට හැකිය. මෙම ප්‍රභේදයේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 21 ක් වන අතර උපරිම විභව අස්වැන්න හෙක්ටයාරයට ටොන් 54 ක් වේ.