Sinhala: HORDI Crop – Ela Batu

HORDI - LOGO

එළබටු

Solanum insanum

අතීතයේ හේන් බෝගයක් ලෙස වගා කරන ලද මෙය මේ වන විට ගෙවතු මට්ටමෙන් ඉදිරියට ගොස් වාණිජ මට්ටමේ වගාවක් දක්වා ව්‍යාප්තව පවතී. මෙම භෝගය වියලි කාලගුණ තත්ව සදහා හොදින් ඔරොත්තුදෙන බැවින් වියලිකලාපයේ සාර්ථක ලෙස වගා කල හැකිය. අස්වනු නෙලීමේ කාලය අවසානයේ ශාකය කප්පාදුකිරීම මගින් වසරකට වැඩි කාලයක් අස්වැන්න නෙලීම සිදුකරගත හැකිය.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

පහතරට තෙත් අතරමැදි හා වියළි කලාප වල ද මැදරට තෙත් හා අතරමැදි කලාපවල ද මෙම බෝගය ඉතා සාර්ථකව වගා කළ හැක.

පස

හොඳින් ජලවහනය සිදුවන සැහැල්ලු ලෝම පසක් සුදුසුය. පසේ පී.එච්. අගය 5.5 – 5.8 අතර අගයක පැවතීම වඩා යෝග්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයට ග්‍රෑම් 250 – 300

තවාන් කළමනාකරණය

මීටර් 1 ක් පළලට සහ මීටර් 3 පමණ දිගට සෙ.මී. 15 – 20 අතර උසකට පාත්ති සකස් කර හලාගත් මතුපිට පස් සහ කොම්පෝස්ට් 1:1 අනුපාතයට මිශ්‍ර කර යොදන්න. බීජ තවාන් කිරීමට පෙර පිදුරු සහ දහයියා යොදා ගෙන  තවාන් ජීවානුහරණය කරන්න. පස් තට්ටුව මත නිර්දේශ දිලීරනාශකයකින් ප්‍රතිකාර කළ බීජ 10-15cm  ක පරතරය ඇතිව 0.5-1.0cmක ගැඹුරින් පේලි දිගේ දමා ජීවාණුහරණය කරන ලද සියුම් පස් තට්ටුවකින් ආවරණය කරන්න. තුනී පිදුරු තට්ටුවකින් තවාන ආවරනයකර දිනපතා ජලය යොදන්න. පැලවීම ආරම්භ විමත් සමග පිදුරු ඉවත් කරන්න. කුඩා පැළ වර්ෂාවෙන් සහ දැඩි හිරු එළියෙන් ආරක්ෂා කරගන්න. පැල ක්ෂේත්‍රයේ සිටුවීමට සතියකට පෙර සිට හිරු එලියට නිරාවරණය කරන කාල සීමාව වැඩිකරමින් ජල සම්පාදනය අඩු කරමින් පැල  දැඩි කිරීම සිදුකල යුතුය. සති 3-4 අතර පැල ක්ෂේත්‍රයේ සිටුවීමට සුදුසු වේ .

බිම් සැකසීම

සෙ.මී. 30 පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩිකර මට්ටම් කර සොලනේසි කුලයේ බෝගයක් කන්න දෙකක්වත් වගා නොකළ බිමක (බැක්ටීරියා හිටු මැරීම වලක්වා ගැනීම සදහා) වගාව ආරම්භ කළ හැක. සෙ.මී. 30 x 30 x 30 ප්‍රමාණයේ වලවල් සකස් කර කාබනික පොහොර යොදා දින 25 – 30 බීජ පැළ එක් වලක එක බැගින් සිටුවන්න.

වගා කාලය

මහ කන්නය සදහා නොවැම්බර් – දෙසැම්බර්, යල කන්නය සදහා අප්‍රියෙල්- මැයි මාස වල පැල සිටුවිය යුතුය (තවාන්දැමීම මාසයකට පෙර සිදු කල යුතුය)

පරතරය

පේළි අතර සෙ.මී. 90 පේළිය තුළ සෙ.මී. 60

පොහොර

පොහොර ප්‍රමාණය කි.ග්‍රෑම්/හෙක්. යොදන අවස්ථාව
යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට්

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

75

325

80-85

මතුපිට පොහොර ( සිටුවා මස 01 කට පසු)

75

මතුපිට පොහොර ( සිටුවා මස 02 කට පසු)

75

85

මතුපිට පොහොර (සිටුවා මස 03 කට පසු )

75

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

ජල සම්පාදනය

වියළි කලාපයේ වර්ෂා ජලයෙන් ද වියළි කාලගුණයක් ඇතිවිට අවම වශයෙන් දින 05 කට වරක් වත් ජල සම්පාදනය කළ යුතුවේ.

වල් පැළෑටි පාලනය

බොහෝ කෘමීන්ගේ ධාරක ශාක ලෙස වල් පැළෑටි ක්‍රියාකරන බැවින් වල් පැළෑටිවලින් තොරව පවත්වා ගැනීම තුළින් කෘමි හානි අවම කර ගත හැක. සෑම පොහොර යෙදීමකටම පෙර වල් පැළ ඉවත් කිරීම සිදු කළ යුතුය.

පළිබෝධ කළමනාකරණය

leucinodes orbonalis

මෙම සලබයා රාත්‍රී කාලයේ බටු කරටි හෝ ගෙඩියේ නටුව හෝ ගෙඩි මත බිත්ත්ර දමයි. එයින් ඇතිවන ඉතා කුඩා දළඹුවන් කරටි හෝ ගෙඩිය සිදුරු කර ඇතුළු වී ඇතුළත පටක කා දමයි. එයින් කරටි කුණුවෙන අතර ගෙඩියේ මදය විනාශ වෙයි. දිගින් දිගටම එකම ප්‍රෙද්ශයක බටු වගා කිරීම හානිය සහිත කොටසක් ක්ෂේත්‍රෙය් හෝ අවට පිවතීම නිසා මෙම හානිය තවදුරටත් වැඩිවිය හැකිය.

හානිය සහිත කරටි හා ගෙඩි කඩා මෙම දළඹුවා විනාශ වන ලෙස කටයුතු කරන්න. වගාව මීටර් 2 ක් පමණ උසට ආවරණය කර සලඹයා පැමිණීමට බාධා කරන්න. අත්‍යවශ්‍ය නම් පමණක් පමණක් ගෙඩි හා එම නටු වලට පමණක් මේ සදහා නිර්දේශිත කෘමි නාශක ඉසින්න. කෘමිනාශක ඉසින්නේ නම් ඒවායේ පසු අස්වනු කාලය ගතවූ පසුව පමණක් අස්වනු නෙලිය යුතුය.

Amrasca spp

පත්‍රයටි පැත්තේ සිට විද යුෂ උරා බොයි. හානිවූ පතු දාර කහ පැහැ වී වියලී යාම දැකිය හැක. මේ නිසා අස්වැන්න අඩුවේ. වියළි කාලයට මෙම හානිය වැඩි වන අතර හැන්දෑ කාලයට ජලය ඉසීමෙන් මෙය අඩුකර ගත හැක. පැරණි බෝග ශේෂ එම වගාවන් අවසන් වනවාත් සමගම විනාශ කිරීම වරින් වර වගා ආරම්භ කිරීමෙන් වැළකීම. ස්වාභාවික සතුරන් ආරක්ෂා කරගැනීම සහ පාංශු පෝෂණය නිර්දේශිත පරිදි  පවත්වා ගැනීමට මෙම හානිය අඩු වීමට හේතුවේ.

රෝග කළමනාකරණය

බැක්ටීරියා හිටු මැරීම – එළබටු වගාවේ බහුලවම  දක්නට ලැබෙන රෝගය වේ. රසායන ද්‍රව්‍ය මගින් පාලනය කල නොහැක. ජලවහනය වැඩිදියුණු කිරීම මගින් සහ ප්‍රතිරෝදී ප්‍රභේද වගා කිරීම මගින් පාලනය කල හැකිය.

අස්වනු නෙළීම

සති 10 – 12 අතරේ දී පළමු අස්වැන්න නෙළිය හැක. අස්වනු වාර ගණන 10 – 12  පමණ වේ. සතියකට වරක්  අස්වනු නෙලීම සිදු කල හැකිය.

අස්වැන්න

හෙක්ටයාරයකට ටොන්. 20  – 25