
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
මාළු මිරිස්
නිකුත් කරන ලද ප්‍රභේද

නිකුත් කල වසර – 1940
ලා කොළ පැහැති කරලෙහි රැලි සහිත දිලිසෙන සුළු පෘෂ්ඨයක් ඇත. කරලේ අග, අලි හොඬක් මෙන් ඇතුලට නැමී ඇත. දිග සෙන්ටිමීටර් 15-20 ක් පමණ වේ. කරල අඟක හැඩය දරයි.
![]() |
කහ පැහැති කරල්වල දිලිසෙන සුළු පෘෂ්ඨයක් ඇත. කරල්වල හැඩය කේතු ආකාර වේ. හොඳ වගාවක කරලක දිග සෙන්ටිමීටර් 15-20 පමණ වන අතර කරල් ශාකයේ උඩු අතට හට ගනී. මෙම වර්ගය පහතරට සහ මැද රට තෙත් කලාප සඳහා නුසුදුසු වන්නේ බැක්ටීරියා හිටුමැරීමට දක්වන අධික සංවේදිතාවය නිසාය.
![]() |
නිකුත් කල වර්ෂය – 2015
ඉහල අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 20 – 25
දේශීයව සංවර්ධනය කරන ලද ප්‍රථම දෙමුහුම් ප්‍රභේදය වෙයි. කරලක දිග සෙන්ටිමීටර් 13 – 15 ක් පමණ වේ. කරලක බර ග්‍රෑම් 35-40 පමණ වේ. කරල් පහලට හැරී ඇත. කරල් දික් ත්‍රිකෝණාකාර හැඩැති වන අතර දිලිසෙන සුලු ළා කොළ කහ පැහැති වේ. බැක්ටීරියානු හිටුමැරීමට ම්‍යධස්ථ ලෙස ප්‍රතිරෝධී වේ.
සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයට ටොන් 22-25 අතර වේ.
![]() |