Sinhala: HORDI – Development Programs

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය

සංවර්ධන වැඩසටහන්

පර්යේෂණ අංශ විසින් ජනනය  කරන ලද නව තාක්ෂණයන් කෘෂිකාර්මික ව්‍යාප්ති  නිලධාරීන්, එළවළු ගොවීන්, සිසුන් (පාසල, කෘෂිකර්ම පාසල සහ විශ්ව විද්‍යාලය ) පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් වෙත සම්ප්‍රේශනය කිරීම.

ගොවි ක්ෂේත්‍රයේ පර්යේෂණ ව්‍යාප්ති සංවාදය, තාක්‍ෂණික නිරූපණ සම්බන්ධීකරණය කිරීමෙන් පර්යේෂණ ව්‍යාප්ති සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම. ක්ෂේත්‍ර මට්ටමින් HORDI හි පර්යේෂණ ඔප්පු කරන ලද තාක්ෂණයන් මත අනුවර්තනය වීමේ හැකියාව සම්බන්ධීකරණය හා පරීක්ෂා කිරීම.

ක්‍රියාකාරකම්

  • පුහුණුවීම් පැවැත්වීම
  • උසස් අධ්‍යාපනය ලබන සිසුන් සඳහා කාර්මික පුහුණුව සඳහා පහසුකම් සැලසීම
  • ගොවි ක්ෂේත්‍රයේ තාක්ෂණික නිරූපණ
  • පර්යේෂණ ව්‍යාප්ති සංවාදය සම්බන්ධීකරණය කිරීම
  • ක්ෂේත්‍ර දින සහ ප්‍රදර්ශන  සංවිධානය කිරීම සහ පැවැත්වීම.
  • ගුවන්විදුලි සහ රූපවාහිනී වැඩසටහන් ආදිය සඳහා දායක වීම.
  • පර්යේෂණ ව්‍යාප්ති සංවාද , පැවැත්වීම මගින් පර්යේෂණ හා ව්‍යාප්ති අංශ අතර සම්බන්ධතාව සංවර්ධනය කිරීම
  • පර්යේෂණ අංශය මගින් තහවුරු කරන ලද නව තාක්ෂනයන් ගොවි ක්ෂේත්‍ර වල අනුවර්තිතාව අත්හදා බැලීම් සම්බන්ධීකරණය හා පරික්ෂා කිරීම

ප්‍රතිලාභියා

සියලුම එළවළු වගා කරන ගොවීන් සහ එළවළු වගාව පිළිබඳ තොරතුරු අවශ්‍ය නිලධාරීන්, සිසුන් සහ ගුරුවරුන්, නිෂ්පාදකයින් සහ පෞද්ගලික අංශය

සේවාව ලබා ගන්නේ කෙසේද?

සේවාවක් ලබා ගැනීම සඳහා ලිපියක් මගින් ඉල්ලීමක් කරන්න. ඊමේල් හෝ ෆැක්ස් මගින් සේවාවක් ඉල්ලා සිටිය හැකිය.