Sinhala: HORDI Crop – Yams

HORDI - LOGO

වැල් අල

Dioscorea spp

ලෝකයේ විශේෂ 650 ක් ඇත. ශ්‍රී ලංකාවේ විශේෂ නවයක් හඳුනා ගන්නා ලදී. වඩාත්ම ජනප්‍රිය විශේෂය වන්නේ ඩයොස්වෝරියා ඇලටා ය. ඩයොස්කෝරියා ඇලටා විශේෂය  වතුර අල සහ සුදු අල වැනි විවිධ නම් වලින් ජනප්‍රියයි. බෝගයේ ඕනෑම කොටසක දම් පැහැය දැකිය හැකිය.

වෙනත් විශේෂ වනුයේ

  1. Dioscorea esculenta
  2. Dioscorea rotundata
  3. Dioscorea bulbifera
  4. Dioscorea pentaphylla
  5. Dioscorea tomantosa
  6. Dioscorea trimenii
  7. Dioscorea oppositifolia

සෘතුමය බෝග ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ ගෙවතු වල වගා කරන අතර වාරිමාර්ග සමඟ තෙත් සහ වියලි කලාපවල වගා කළ හැකිය.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

මෙම බෝගය මීටර් 900 ක උච්චත්වය  දක්වා වගා කළ හැකිය

ප්‍රශස්ථ උෂ්ණත්වය සෙල්සියස් අංශක  25-30 වේ. සෙල්සියස් අංශක 20 ට අඩු උෂ්ණත්වය සුදුසු නොවේ.

වැල් වර්ධනය සඳහා දිඝු දින කාලයක්  (පැය 12) අවශ්‍ය වේ සහ එමෙන්ම අල වර්ධනය  සඳහා පැය 10-11 ක කෙටි දින කාලයක්  අවශ්‍ය වේ.

පස

ඉහළ කාබනික ද්‍රව්‍ය ප්‍රතිශතයක් සහිත හා හොඳ ජල වහනය සහිත ලෝම පස වඩාත් යෝග්‍ය වේ.

රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය

හෙක්ටයාර 1ක් සඳහා ග්‍රෑම් 250ක් පමණ බරැති අල කැබලි 10,000ක් අවශ්‍ය වේ.

පරතරය

විශාල අල – මහා වැල් අල සඳහා මීටර් 1 x  මීටර් 1 ක පරතරයක් අවශ්‍යය

කුඩා අල – හීන් වැල් අල සඳහා මීටර් 1 x මීටර් 0.5 ක  පරතරයක් අවශ්‍යය  

බිම් සැකසීම

වගා ඉඩම සීසෑම. අඩි 1’x1’x1 ’ වලවල් සකස් කර කාබනික ද්‍රව්‍ය පුරවා අල කැබලි සිටුවන්න.

තවාන් කළමනාකරණය

ග්‍රෑම් 250 ක් පමණ බර අල කැබලි සකස් කර දිලීර නාශක හෝ අළු සමඟ ප්‍රතිකාර කරනු ලැබේ. පිදුරු වලින් වැසුණු වැලි පාත්ති වල සිටුවා ජලය සැපයීම සිදුකල යුතුය

අල වල ඇති සුජතතාව ඉවත් වූ පසු රිකිලි දැමීම ඇරඹේ.

සිටුවීම

ප්‍රතිකාර කල අල කැබලි තවාන් වල පැළ කිරීම හෝ කෙලින්ම ක්ෂේත්‍රයේ සිටුවීම කල හැකිය. හොඳ වර්ධනයක් සඳහා අඩි 07 ක පමණ ආධාරක සැපයිය යුතුය.

පොහොර

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය අනුව කාබනික පොහොර හෙක්ටයාර ටොන් 10 ක් පමණ එකතු කර අකාබනික පොහොර එක් කරන්න.

යෙදිය යුතු අවස්ථා

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

65

150

60

මතුපිට පොහොර (සිටුවා මාස 1 ½ -කට පසු )

65

60

මතුපිට පොහොර (සිටුවා මාස 3 ½ -4 පසු)

65

60

ජල සම්පාදනය

මනා වර්ධනයක් සඳහා මුල් මාස 03 තුල ජලසම්පාදනය කිරීම වැදගත් වේ.

වල් පැළෑටි පාලනය

මෙම බෝග අස්වැන්න සඳහා බොහෝ කාලයක් ගත වන බැවින් වල් පැලෑටි පාලනය කිරීම වැදගත්ය. පළමු මතුපිට පොහොර  එකතු කිරීමට පෙර  වල් නෙලීම වැදගත් වේ.

පළිබෝධ පාලනය

රෝග පාලනය

රෝග කාරකය: colletotrichum gloeosporiodes

රෝග ලක්ෂණ : 

පත්‍ර වල දුඹුරු පැහැති ලප ඇතිවී ක්‍රමයෙන් විශාල වේ. දුඹුරු පැහැති පිළිස්සුම් කලාප වටා කහ පැහැති දාරයක් දැකිය හැකිය. අවසානයේ දුඹුරු පැහැ කලාප වියලි ගොස් සිඳුරු ඇති කරයි.

පාලනය :

  • කාබන්ඩසිම් දිලීරනාශකය යෙදීම
  • රෝගයට ඔරොත්තු දෙන වර්ග වගා කිරීම
  • නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය
  • සනීපාරක්ෂක තත්ත්ව වැඩි දියුණු කිරීම

රෝග කාරකය: Goplana dioscoreae cummins

රෝග ලක්ෂණ :

පත්‍ර යටි පැත්තේ කහ – දුඹුරු (මලකඩ) පැහැති කුඩා බිබිලි ලෙස එක් වු කුඩු වැනි ලක්ෂණයක් පෙන්නුම් කරයි.

පාලනය :

  • ඔරොත්තු දෙන ප්‍රභේද වගා කිරීම
  • මනාලෙස වල් පැළෑටි පාලනය
  • ඇසොස්ට්‍රොබින් / මැන්කොසෙබ් දිලීර නාශකය යෙදීම

අස්වනු නෙළීම

අස්වනු නෙලීමට සුදුසු වන මට්ටමට  පරිණත වන විට වැල් කහ පැහැයට හැරේ. අස්වනු නෙලීමට මාස 8-9 අතර කාලයක් ගතවේ.

අස්වැන්න

  • රාජ අල– හෙක්ටයාරයකට ටොන් 32 – 35
  • කැකුළු අල– හෙක්ටයාරයකට ටොන් 35-38
  • කුකුලල – හෙක්ටයාරයකට ටොන් 30 – 32