Sinhala: HORDI Crop – Winged Bean

HORDI - LOGO

දඹල

Psophocarpus tetragonolobus

මෙම බෝගය  අයත් වන්නේ ෆැබේසියේ කුලයටය. මුහුදු මට්ටමේ සිට මීටර් 2000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකි භෝගයකි. පාරම්පරිකව වගාකරන ලද දඹල ප්‍රභේදවලින් අස්වනු ලබාගත හැකිවූයේ මහ කන්නයේදී පමණකි. එයට හේතුව එම ප්‍රභේදවල මල් පිපීම සඳහා කෙටි දිවා කාල තිබිය යුතුවූ නිසාය. නමුත් වර්තමානයේදී වසර පුරාම වගාකර අස්වනු ලබාගත හැකි නව ප්‍රභේද බිහිකර තිබේ.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

වගාව සදහා 18 – 32 0C දක්වා උෂ්ණත්වය සුදුසු වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 2000 පමණ උස් වූ ප්‍රදේශ දක්වා වගාකළ හැකි භෝගයකි.

පස

හොඳින් ජලය බැසයන, කාබනික ද්‍රව්‍ය මැනවින් අඩංගු වැලි ලෝම් සහ මැටි ලෝම් පස් වගාව සඳහා වඩා සුදුසුය. නමුත් වැලි සහිත පස්වල මෙන්ම මැටි අධික පස් වලද වගා කළ හැකි භෝගයකි.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 21 – 23 කි.

තවාන් කළමනාකරණය

සෘජු රෝපණය බැවින් තවාන් පාලනය අවශ්‍ය නොවේ. වැසි සමයේ ආරම්භයේ දී බීජ රෝපණය කරන්න. මනා ජාල සම්පාදනයක් කල හැකි නම් ඕනෑම කාලයක බීජ සිටුවීම කල හැක.

බිම් සැකසීම

ගැඹුරට බිම පෙරළා පොඩිකර ගන්න. ඉඩමෙහි ජලය රඳා සිටීමේ අවදානමක් පවතීනම් උස් පාත්ති හෝ වැටි හා කාණු ආකාරයට ඉඩම සකස්කර ගන්න.

පැළ සිටුවීම

බීජ පැය 24 ක් පමණ වතුරේ පොඟවා ගැනීමෙන් පැළවීමේ ප්‍රතිශතය වැඩිකරගත හැකිය. වළකට බීජ 3-4 ක් සිටුවන්න. බීජ සිටුවීමට පෙර බීජ ප්‍රතිකාරකයක් ලෙස “කැප්ටාන්” වැනි දිලිර නාශකයක් යෙදීම වැදගත් වේ.

බීජ පැළ වී සති 2 කට පසු නිරෝගී  ශාක 2 තබා ඉතිරි කොටස ඉවත් කරන්න

ආධාරක සිටුවීම

වලවල් අසලින් සිටුවාගත් අඩි 7 ක් පමණ උස ආධාරක කණු වෙත වැල් පුහුණු කරන්න.

පරතරය

පේලි අතර සෙන්ටිමීටර් 75 සහ පැළ අතර සෙන්ටිමීටර් 60 කි.

පොහොර

හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් එකතු කරන්න. නිර්දේශිත පරිදි රසායනික පොහොර යොදන්න. සිටුවීමට දින 2-3 කට පෙර මුලික පොහොර යොදන්න

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට්

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර (සිටුවීමට දින 02 කට පෙර)

45

215

65

මතුපිට පොහොර (පැළ මතු වී සති 04 කට පසු)

20

මතුපිට පොහොර (පැළ මතු වී සති 10 කට පසු)

20

ජල සම්පාදනය

වියළි කාලගුණික තත්ත්වයක් පවතින අවස්ථාවල දී සතියකට වරක් පමණ බැගින් වගාවට ජලය සපයන්න. වැලි අධික පස් සහිත ඉඩම්වල වගාකර ඇතිවිට මෙයට වඩා අඩු කාල පරතරයකින් ජලය ලබා දීමට සිදුවනු ඇත.

වල් පැළෑටි පාලනය

ආරම්භක අවස්ථාවේදී දඹල බෝගය ඉතා සෙමින් වර්ධනය වන නිසා මෙම කාලයේදී වල් පැළෑටි පාලනය පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන්න. බීජ ප්‍රරෝහණය වී සති 1,3,5,7 සහ 12 දී වල් පැළෑටි පාලනය කිරීම විශේෂයෙන් නිර්දේශ කරනු ලැබේ.

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

රෝග කාරකය : Ralstonia solanacearum

රෝග ලක්ෂණ  :

ක්ෂේත්‍රයේ ප්‍රශස්ත මට්ටමට ජලය තිබියදී වුවද ක්ෂණික මැලවීමක් දැකිය හැකිය. මුලට ආසන්නව කඳ කපා ජලය වීදුරුවකට දමා බැලූ විට කිරිපාට ශ්‍රාවයක් කඳ කොටසින් පිටවෙනු දැකිය හැකිය.

පාලනය :

  • ආසාදිත ශාක පස් සමඟ ගලවා ඉවත් කිරීම
  • ජලවහනය ඉහල නැංවීමෙන් පැතිරීම අඩුකර ගතහැකි වේ.
  • මෙම රෝගයට රසායනික ප්‍රතිකාර නොමැත.
  • ක්ෂේත්‍රයේ සනීපාරක්ෂක කටයුතු ඉහල නැංවිය යුතු වේ.

අස්වනු නෙළීම

නිර්දේශිත ප්‍රභේද වල පළමු අස්වැන්න දින 70-75 දී පමණ ලබාගත හැකිය. නමුත් බහුල වශයෙන් වගාකරනු ලබන වෙනත් ප්‍රභේදවල මේ සඳහා දින 90-100 පමණ කාලයක් ගතවේ. එම අවස්ථාවේ සිට සති 6-7 පමණ කාලයක් තුළ අස්වනු ලබාගත හැකිය. දින 3-4 කට වරක් බැගින් ලපටි කරල් නෙළාගන්න.

අස්වැන්න

SLS -44 – හෙක්.ට ටොන් 15-20

ක්‍රිෂ්ණ: හෙක්.ට ටොන් 27