Sinhala: HORDI Crop – Sarana

HORDI - LOGO

සාරණ

Trianthema portulacastrum

තරමක් ජනප්‍රිය කොළ එළවළුවකි. සාරණ ඉතා හොඳ මූත්‍ර කාරකයකි. වකුගඩු පිරිසිදු කරන අතර ගල් ඇතිවීම වළක්වයි.

පවතින වර්ග

සාරණ වර්ග තුනක් පමණ තිබේ.

  • කඳ කොළ පැහැති සාරණ -වානිජ වශයෙන් වගා කෙරේ.
  • කඳ ලා දුඹුරු පැහැති සාරණ
  • පිට සුදු සාරණ (බෙහෙත් සාරණ)

Climate requirements/ Areas suitable for cultivation

පස

හොඳින් ජල වහනය වන පසක් අවශ්‍ය වේ.

රෝපණ ද්‍රව්‍ය

ප්‍රධාන වශයෙන් සාරණ බීජ මඟින් ප්‍රචාරණය කරනු ලැබේ. ශාක මේරීමට හැරීමෙන් බීජ හට ගනී. බීජ මේරූ පසු ශාකය පිටින් ගලවා බීජ වෙන් කර ගත හැකිය. ගෙවතු වගාවේදී දඬු මඟින් ද ප්‍රචාරණය කළ හැකි වේ.

ක්ෂේත්‍රය සකස් කිරිම සහ සිටුවිම

බිම් පෙරළා කැට පොඩි කොට පස සියුම්ව සකසා ගත යුතුය. ජල වහනය දුර්වල ස්ථාන වල උස් වූ පාත්ති සකස් කර ගැනීම සුදුසුය.හොඳින් සකස් කර ගත් බිමෙහි බීජ වපුරනු ලැබේ. ගෙවතු වගාව සඳහා දඬු ද යොදා ගතහැකිය. දඬු සිටුවීමේ දී අඟල් 6-9 ක් අතර දිගින් යුත් දඬු කැබලි පර්ව 1-2 ක් යටවන සේ සිටුවීම සුදුසුය.

පොහොර

කාබනික පොහොර

හොඳින් දිරාපත් වූ කුකුල් පොහොර බහුලව භාවිතා කරනු ලැබේ. වියළි ගොම, කොම්පෝස්ට්, කොළ පොහොර ආදිය ද භාවිතා කළ හැකිය. සාරණ බීජ වැපිරීමට දිනකට දෙකකට පමණ පෙර කාබනික පොහොර පසට මිශ්‍ර කළ යුතුය.

රසායනික පොහොර

වර්ග මීටර් 100 ක බිම් ප්‍රමාණයක් සඳහා

පොහොර යොදන අවස්ථාව

යූරියා

කි.ග්‍රෑ.

ත්‍රිත්ව සුපර්

පොස්පේට්

කි.ග්‍රෑ.

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑ.

 

මූලික පොහොර

1.0

1.5

1.0

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

ජල සම්පාදනය

බීජ, පැළවීම සඳහා අවශ්‍ය තෙතමනය ලබා දිය යුතුය. බීජ පැළවීමෙන් පසුව ද නිතර ජලය සැපයීම වැදගත් වේ. සාමාන්‍යයෙන් දින 2-3 කට පමණ වරක් ජලය සැපයීම සෑහේ. පස වියළී යාමට ඉඩ නොතැබිය යුතුය.

Weed Control

Pest Management

රෝග කළමනාකරණය

රෝග කාරකය: Albugo aquitica

රෝග ලක්ෂණ  :

බොහෝ විට පත්‍ර යටි පැත්තේ සුදු පැහැති ගඩු ලෙස ඉහළට නෙරා ආ බිජාණු ගොනු දැකිය හැකිය.

පාලනය:

  • ජල සම්පාදනයේදී ඉසින ජල සම්පාදනය යොදා නොගත යුතුයි
  • අවශ්‍යම විටක පමණක් දිලිරනාශකයක් යොදන්න

අස්වනු නෙළීම

බීජ වපුරා දින 20 කින් මුල් සමඟ පැළ ගලවා මිටි බැඳ වෙළෙඳ පොළට අලෙවි කළ හැකිය. දඬු සිටුවන ලද්දේ නම් නොමේරු කොටස් කඩා ප්‍රයෝජනයට ගත හැකිය.

අස්වැන්න

වර්ග මීටර් 100 කින් කි.ග්‍රෑ. 400 (400kg/100m2)