Sinhala: HORDI Crop – Potato

HORDI - LOGO

අර්තාපල්

Solanum tuberosum

අර්තාපල් සොලනේසියේ කුලයට අයත් වේ. සැමුවෙල් බේකර් විසින් 1850 දී ශ්‍රී ලංකාවට අර්තාපල් හදුන්වා දෙන ලදී.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, රහංගල රජයේ ගොවිපලේ දී මහා පරිමාණව වගා කිරීම ප්‍රථමයෙන් ආරම්භ කල නමුත් බැක්ටීරියා හිටුමැරීමේ රෝගය නිසා වගා කිරීම නතර වී ඇත. දැනට හිටුමරීමේ රෝගය සාර්ථකව පාලනය කළ හැකි නිසා වැලිමඩ, නුවරඑළිය වැනි සීතල කලාප වලත්, යාපනය, කල්පිටිය වැනි උෂ්ණත්වය වැඩි කලාප වලත් අර්තාපල් සාර්ථකව වගා කල හැකිය. බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා සීතල ප්‍රදේශවල වැඩි උච්චත්වයෙන් යුතු ඉඩම් යෝග්‍ය වන අතර අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂිත ගෘහ තුල සිදු කල හැකි වේ.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

අර්තාපල් ආකන්ද හට ගඅනීම සඳහා 24 oC අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වේ. සාර්ථක වගාවක් සඳහා දිවා හා රාත්‍රී අතර උෂ්ණත්ව වෙනස 10 oC වඩා වැඩි වීම අවශ්‍ය වේ. සීතල උඩ රට කලාපයේ අර්තාපල් වැඩි වශයෙන් වගා කරන අතර වැඩි උෂ්ණත්වයට ඔරෝත්තු දෙන ප්‍රභේද යාපනය, කල්පිටිය වැනි ප්‍රදේශවල වගා කල හැකිය.

පස

හොඳින් ජල වහනය සිදුවන, කාබනික ද්‍රව්‍ය වැඩිපුර ඇති පසක් අවශ්‍ය වන අතර පී.එච්. අගය 5.5-6.6 අතර විය යුතුය.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාර් එකකට ආකන්ද 2000 kg

තවාන් පාලනය

අවශ්‍ය නොවේ.

බිම් සැකසීම

30 සෙ.මි. ගැඹුරට පස පෙරලා, පස් කැට සියුම් වන ලෙස සැකසීම සහ පස ආම්ලික නම් අළු හුණු එකතු කිරීම

බීජ සිටුවීම

ඇලි වැටි ක්‍රමයට හෝ උස් පාත්ති වල බීජ සිටුවිය හැකිය. සිටුවා දින 30 කින් පමණ පස් බැඳීම සිදු කරයි.

පරතරය

60 x 25 සෙ.මි.

පොහොර

නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩ ඉඩම් සහ යාපනයේ දිස්ත්‍රික්කය සඳහා;

යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර 55270125
මතුපිට පොහොර ( සිටුවා සති 02 දී) 110
මතුපිට පොහොර (සිටුවා සති 03-04 දී)165125

නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් සඳහා;

යෙදිය යුතු  අවස්තාව

යුරියා

 

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර 5527085
මතුපිට පොහොර ( සිටුවා සති 02 දී) 110
මතුපිට පොහොර (සිටුවා සති 03-04 දී)16585

කල්පිටිය රෙගසෝල් පස් සඳහා;

යෙදිය යුතු  අවස්තාව

යුරියා

 

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර 270
මතුපිට පොහොර ( සිටුවා සති 02 දී) 6550
මතුපිට පොහොර (සිටුවා සති 04-06-08 දී)9070

ජල සම්පාදනය

අර්තාපල්වල ආකන්ද හට ගන්නා අවධියේ දී සහ ආකන්ද වර්ධන අවධියේ දී ප්‍රමාණවත් ලෙස ජලය සැපයීම අත්‍යාවශ්‍ය වේ. හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා පසේ ලබා ගත හැකි ජලය 70 % ක ප්‍රමාණයට වඩා තිබීම සුදුසුය. බිංදු ජල සම්පාදනය හෝ විසිරුම් ජල සම්පාදනය යොදා ගැනීමෙන්  ඉහල අස්වැන්නක් ලැබිය හැකි වේ.

වල් පැළෑටි පාලනය

පූර්ව නිර්ගමන වල්නාශකයක් වන මෙට්‍රිබියුුසීන් යෙදිය මඟින් හෝ පස් බුරුල් කිරීම, පස් බැඳීම වැනි ක්‍රම මඟින් වල් මර්ධනය කල හැකිය

පළිබෝධ කළමනාකරණය

වියළි කාලගුණ තත්ත්වයන් යටතේ වැඩි හානියක් සිදු කරන ප්‍රධාන කෘමි පළිබෝධකයෙකි. හානිය සුහුඹුල් ගැහැණු මැස්සන් යුෂ උරා බීමට හා බිත්තර දැමීම සඳහා පත්‍ර සිදුරු කරයි. එනිසා පත්‍ර වල සුදු පැහැති ලප ඇතිවේ. මේ තුළින් ජලය වාෂ්ප වීම නිසා පත්‍ර වියලීමට ලක්වේ. කීටයින් පත්‍රයේ අභ්‍යන්තර කොටස් ආහාරයට ගනිමින් පෝෂණය වන අතර, මේ නිසා පත්‍රයේ සිහින් සුදු පැහැති උමං ඇති වේ. මෙමගින් පත්‍රයේ ප්‍රභාසංස්ලේෂණය අඩාල වේ. තුවාල වූ පත්‍ර තුලට දිලීර හෝ වෙනත් රෝග කාරක වලට පහසුවෙන් ඇතුළුවීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම නිසා ද්වීතීක ආසාදන ඇති වේ. මේ නිසා ප්‍රධාන වශයෙන් අර්තාපල් ශාකය පශ්චිම අංගමාර රෝගයට පහසුවෙන් ගොදුරු වේ.
පාලනය ■ නිරන්තර වගා පරීක්ෂාව වගාව ස්ථාපනයට පෙර හා වගාව ස්ථාපනයෙන් පසු ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කල යුතුය. මෙමගින් හානිය ආරම්භක අවස්ථාවේදීම හඳුනාගත හැකි වේ. ■ ස්වාභාවික සතුරන් මගින් ස්වභාවික ජෛව පාලනය සාර්ථකව සිදු කල හැකි Hymenoptera  ගෝත්‍රයට අයත් විශේෂ 3 ක් හඳුනාගෙන ඇත.
    • Diglyphas isaea
    • Hemiptersenus semiabiclavus
    • Opius spp
මෙම ස්වභාවික සතුරන් තම වගා ක්ෂේත්‍රයේ බෝකර ගැනීම පහත ලෙස සිදු කල හැකිය. මේ සඳහා අඩු වියදම් ලී කූඩුවක් හෝ සුදු පොලිතින් භාවිතා කල හැකිය. මෙහිදී අස්වැන්න නෙලන ලද වගාවක ඉවතලන පත්‍ර සාදා ගන්නා ලී කූඩුව තුල තුනීවට අතුරන්න. බිහිවන පරපෝෂිතයින් චුෂකයක් මගින් එකතු කර ක්ෂේත්‍රයට මුදා හරින්න. දින 2-3ක් පරපෝෂිතයන් එක් කර අනතුරුව එම පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න. සුදු පැහැති පොලිතින් ක්ෂේත්‍රයේ එළා එය මත ශාක පත්‍ර තුනීවට ඇතිරිය හැකිය. මෙහිදී පරපෝෂිතයන් කෙලින්ම ක්ෂේත්‍රයට නිදහස් වේ. මෙහිදීද දින 2-3 කට පසුව ශාක පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න. ■ කහ පොලිතින් උගුල ග්‍රීස් යෙදූ කහ පොලිතින් ක්ෂේත්‍රයේ තැන තැන සවි කිරීම. කහ පැහැයට ආකර්ෂණය වන සුහුඹුල් මැස්සන් මින් පාලනය වේ. ■ සමනල අතංගුව භාවිතය පත්‍ර කණින්නාගේ ගහන අධික විට,පත්‍ර කණින්නා සක්‍රීය වන උදේ කාලයේදී සමනල අතංගුව භාවිතා කර සුහුඹුල මැස්සන් ගහනය අඩු කර ගත හැකිය. ■ වගා කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රය වටා වගාවට ප්‍රථම අඩි 05ක් පමණ උසට දැලක් ගැසීම. ■ වල් පැළෑටි හා පිලා කෝෂ විනාශ කිරීම සඳහා ගැඹුරට සී සෑම. ■ වගාව සඳහා යොදා ගන්නා ක්ෂේත්‍රයේ පත්‍ර කණින්නා ආසාධිත පරණ පත්‍ර වගාවන් ඉවත් කිරීම හා පත්‍ර කණින්නාගේ හානිය සහිත පත්‍ර කඩා වලලා දැමීම. ■ පත්‍ර කණින්නාගේ හානිය සහිත පැල තවාන් වලින් තෝරා නොගැනීම. ■ රසායනික මර්ධනය පත්‍ර කණින්නා පාලනයට කෘමිනාශක යෙදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ නිර්දේශිත කාමිනාශක පමණක් යෙදීමයි. හානිය මුල් අවධියේදීම නිරීක්ෂණය කරනු ලැබුවේ නම් හානිවූ පත්‍ර ඉවත් කර කොහොඹ නිස්සාරකයක් යෙදීම සිදු කල හැකිය – 640g/16 l ක. පළිබෝධ ගහනය හානිදායක මට්ටමට ලගාවී ඇත්නම් පහත කෘමිනාශක යෙදිය හැකිය.
    • Azadiractin 1% EC    –           16ml/16L
    • Abamectin 18g/L EC   –           9.6ml/16L
අර්තාපල් වගා ක්ෂේත්‍ර වලදී මෙන්ම ගබඩාවේදී හානි කරන ප්‍රධාන පලිබෝධයෙකි. හානිය හානිය ආකාර දෙකකින් සිදු කරනු ලබයි 01. ක්ෂේත්‍රයේදී හානිය කීටයා පත්‍ර අභ්‍යන්තර කොටස් ආහාරයට ගනිමින් වර්ධනය වීම නිසා පත්‍ර තුල උමං ඇතිවේ. මේ නිසා වගාවේ පත්‍ර විනාශ වීම, අංකුර මිය යාම හා කඳන් කඩා වැටීම සිදු වේ. ක්ෂේත්‍රයේ පසේ ඇති පලූඳු තුලින් මතුවී ඇති අල මත සුහුඹුල් ගැහැණු සතා බිත්තර දැමීම නිසා ක්ෂේත්‍රයේදී අර්තාපල් ආකන්ධ හානියට ලක්වේ. 02. ගබඩාවේදී හානිය ගබඩා තුලදී සුහුඹුල් ගැහැණු සතා අර්තාපල් ආකන්ධයේ ඇස් අසල බිත්තර දැමීම සිදු කරන අතර, ඉන් පිටවන කීටයන් අර්තාපල් අල තුල හෝ මතුපිටට ආසන්නයේ අක්‍රමවත් උමං සාදමින් අලයේ ගුණාත්මක බව විනාශ කරයි. කීටයා පිටකරන අපද්‍රව්‍ය උමං තුලින් පිටතට පැමිණෙන අතර මෙමගින් හානිය පැහැදිලිව හඳුනාගත හැකිය.
පාලනය ක්ෂේත්‍රයේදී හානිය පාලනය ■ නිරන්තර වගා පරීක්ෂාව ■ ගුණාත්මයෙන් ඉහල අල ඉපියාගේ ආසාදනයට ලක් නොවූ බීජ භාවිතය. ■ බෝග මාරුව මගින් ජීවන චක්‍රය සම්පූර්ණ කිරීමට අවශ්‍ය ධාරක ශාක ඉවත් කිරීම ■ අල ගැඹුරින් සිටුවීම (15cm පමණ) හා හොඳින් පස් යොදා ආවරණය කිරීම ■ හොඳන් ජල සම්පාදනය මෙමගින් පසේ පලූඳු අවහිරවී යාම නිසා සුහුඹුලාට බිත්තර දැමීමට ඇති ඉඩ කඩ ඇහිරේ. ■ ධාරක ශාක ලෙස හඳුනාගෙන ඇති වල් පැළෑටි ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම හා ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව ■ නියමිත කාලයේදී අස්වැන්න නෙලීම ■ ක්ෂේත්‍රයේදී හානිය අධික නම්, නිර්දේශිත කෘමිනාශක යොදන්න. Chlorantraniliprote 20% + Thiamethoxam 20% WG -5g/16L ගබඩාවේදී හානිය පාලනය ■ සුහුඹුල් සතුන්ට ඇතුළු වීමට නොහැකි වනසේ ගබඩා හොඳින් ආවරණය කිරීම ■ අර්තාපල් ගබඩා කිරීමට පෙර ගබඩා හා ගබඩා කරන කූඩ වැනි භාජන හොඳින් පිරිසිදු කිරීම. පිරිසිදු කරන ලද ගබඩා පහත කෘමිනාශක වලින් ප්‍රතිකාර කිරීමද කල හැකිය.
    • Pirimiphos methyl 500g/L EC – 64 ml/16L
    • Acetamiprid 200g/L SP          – 16g/16L
    • Novaluron 100g/L EC            – 16ml/16L
■ ක්ෂේත්‍රයේදී අල ඉපියාගේ හානිය රහිත තුවාල නොවූ පස් වලින් තොර අල ගබඩා කිරීම ■ අර්තාපල් ආකන්ධ බීජ ප්‍රතිකාර කර ගබඩා කිරීම
    •           Thiocyclam (Hydrogen Oxalate) 50%SP          – 40g/100kg
■ ගබඩා කිරීමෙන් අනතුරුව නිරන්තර පරීක්ෂාව සිදු කල යුතුයි. මේ සඳහා පෙරමෝන උගුල භාවිතා කිරීමට පුළුවන
හානිය රාත්‍රියේදී වඩාත් ක්‍රියාකාරී වන කීටයන් විසින් ලපටි ශාක කඳන් පා මුලින්ම සපා බිම හෙලනු ලබයි. වැඩුණු ශාකවල පත්‍ර කා දැමීම හා අතු සපා දැමීම දැකිය හැකිය. වියලි කාලගුණ තත්ත්ව වලදී හානිය වඩාත් බහුලය.අර්තාපල් ආකන්ධ වර්ධනය වන කාලයේදී පසෙහි කීටයන්ගේ ගහනය අධික නම් අර්තාපල් ආකන්ධ කා දැමීම මගින් වෙළඳපොල වටිනාකම අහිමි කරයි.
පාලනය ■ හොඳින් ගැඹුරට සී සෑම මගින් කීට හා පිලා අවධි පස මතු පිටට පැමිනෙන අතර විලෝපිත පක්ෂීන්ගේ ගොඳුරු බවට පත්ව් විනාශ වෙි. ■ ක්ෂේත්‍රය තුල හා අවට හොඳින් වල් මර්ධනය කිරීම හා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව ■ නිරතුරුව ක්ෂේත්‍ර පරීක්ෂාව මගින් ගහනය අවම මට්ටමක පවතින අවස්ථාවේදී පස තුල සැගවී සිටින කීටයන් අතින් අහුලා දැමීම. ■ හානිය අධික නම් පැල සිටවූ විගස නිර්දේශිත කෘමිනාශක යොදන්න.
    • Profenophos 500g/LEC           –           32mL/16L
    • Etofenprox 100g/LEC              –           24mL/16L
    • Chlorfluazuron 50g/LEC          –           16mL/16L

1989 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට නුවරඑලිය ප්‍රදේශයෙන් වාර්තා වූ රන්වන් කෝෂ්ඨ වටපණුවා ආනයනික බීජ අර්තාපල් හරහා මෙම රටට ඇතුළු වන්නට ඇතැයි සැලකේ. සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වටපණුවා අධික ආසාධිත අවස්ථාවලදී විශාල අස්වනු හානියක් කිරීමට සමත්ය.

  • ව්‍යාප්ත වන ආකාරය
    ආසාධිත බීජ අර්තාපල් භාවිතය මගින්
    ආසාධිත ක්ෂේත්‍රයක සිටුවන අල හා පස් මගින්
    ආසාධිත ක්ෂේත්‍රවල භාවිතා කරන ලද කෘෂිකාර්මික උපකරණ මගින්
    සතුන්,මිනිසුන්,වර්ෂාව ජලය හා සුළග මගින්
    පැතිරීමේ හැකියාව ඇත.
  • හානිය හඳුනා ගැනීම
    අවම වටපණු ගහනයක් යටතේ රෝග ලක්ෂණ දක්නට නොලැබේ.
  • ගහනය අධික වූ විට
  • ශාක පත්‍ර කහපාට වීම,
  • පරිසර උෂ්ණත්වය ඉහල ගිය අවස්ථාවන්හිදී ශාක මැලවීම,
  • ශාක වර්ධනය බලන විම,
  • කුරු ශාක ඇතිවිම
  • ආසාධිත ලක්ෂණ සහිත ශාකයක් මුල් වලට හානි නොවන පරිදි ප්‍රවෙශමෙන් ගැල වූ විට මුල්වල තැනින් තැන රන්වන් පැහැති වටපණු කෝෂ්ඨ මුල් වලට යටවී තිබෙන දැකිය හැකිය.

පාලනය
වටපණු හානිය පාලනය කිරීමේදී පහත ආකාර 03ක් යටතේ අවධානය යොමු කළ යුතුය.
01. ආසාධනයට ලක් නොවූ ක්ෂේත්‍ර එම තත්ත්වයෙන්ම පවත්වා ගැනීම.
02. සුළු ආසාධනයට ලක් වී ඇති ක්ෂේත්‍රවල ගහනය අධික වීමෙන් වලකා ගැනීම.
03. විශාල ලෙස ආසාධනය වී ඇති ක්ෂේත්‍ර වගාකල හැකි භූමියක් බවට පත් කර ගැනීම.

ආසාධනයට ලක් නොවූ ක්ෂේත්‍ර සඳහා,
■ සහතික කරන ලද බීජ අර්තාපල් භාවිතය.
■ ආසාධිත ක්ෂේත්‍රවල භාවිතා කරන ලද උපකරණ ආසාධනය නොවූ ක්ෂේත්‍ර වල භාවිතා නොකිරීම.
■ ක්ෂේත්‍රය අවට ආසාධිත ක්ෂේත්‍ර ඇත්නම් එම ක්ෂේත්‍ර හරහා තම ක්ෂේත්‍රයට සතුන් ඇතුළු වීම,ජලය ඇතුළු වන කුම වැලැක්වීම
■ වගාව ආරම්භයට පෙර පස් පරීක්ෂාව සිදු කර ගැනීම
■ බෝග මාරුව සිදු කිරීම

සුළු වශයෙන් ආසාධනය වී ඇති ක්ෂේත්‍ර සඳහා,
■ පාංශු පරීක්ෂණ ප්‍රතිඵල අනුව පසෙහි ඇති කෝෂ්ඨ ප්‍රමාණය 50කට අඩු නම්,බෝග මාරුව සිදු කිරීම හෝ කෝෂ්ඨ ප්‍රමාණය 50කට වැඩිනම් ක්ෂේත්‍ර වසර 2 හෝ 3 පුරන් කිරීම.
■ අර්තාපල් හෝ සොලනේසියේ කුලයට අයත් බෝග කන්න 03වත් වගා නොකිරීම
■ වගා ආරම්භයට පෙර පස් පරික්ෂාව සිදු කර ගැනීම

අධිකව ආසාධනය වී ඇති ක්ෂේත සඳහා,
■ වගාව ඉවත් කල විගස ක්ලෝරීන් යොදා ප්‍රතිකාර කිරීම.
හෙක්ටයාරයට ක්ලෝරීන් කුඩු 70ණට යොදා පසට හොඳින් මිශ්‍ර කර හොඳින් ජල සම්පාදනය සිදු කිරීම.
■ ක්ෂේත්‍ර වැටක් ගසා අනෙකුත් වගා ක්ෂේත්‍රයන්ගෙන් වෙන් කිරීම.
■ යොදා ගන්නා ලද උපකරණ ක්ලෝරීන් ද්‍රාවණයකින් හොදින් සෝදා ගැනීම.

ආසාධිත ක්ෂේත්‍රයකින් ලබා ගත් බීජ භාවිතා කල යුතු අයුරු
■ බීජ වල ඇති සියළුම පස් ඉවත් කර 1% ක්ලෝරින් ද්‍රාවණයක පැය දෙකක් ගිල්වා තබා ජලයෙන් හොඳින් සෝදා වියලූණු පසු ගබඩා කරන්න.
■ බීජ සිටවූ පසු වගාව අධීක්ෂණය සිදු කල යුතුය.

වෛරස් වාහකයකු ලෙස ක්‍රියා කරන බැවින් බීජ අර්තාපල් නිෂ්පාදනයේදී ඉතා සැලකිලිමත් විය යුතුය. වියළි කාලගුණ තත්වය යටතේ ගහනයේ වැඩිවීම සීග්‍රයෙන් සිදුවේ. ශාකවල පත්‍ර යටි පැත්තේ, කඳන් වල දළු වලට ආසන්නයේ බහුලව දැකිය හැකිය.පියාපත් සහිත හා රහිත සුහුඹුල් අවස්ථා දැකිය හැකිය. කොළ,කහ,දම් වැනි විවිධ වර්ණයන්ගෙන් දැකිය හැකි මි.මි 1-3 පමණ මෘදු ශරීරයකින් යුක්ත
හානිය ශාක විඳ යුෂ උරා බීම නිසා ශාක පත්‍ර රැලි ගැසීම, වර්ධනය අක්‍රමවත්වීම හා විකෘති වූ අග්‍රස්ථයන් දැකිය හැකිය. Honeydew ලෙස හඳුන්වන පිට කරනු ලබන සීනි සහිත ද්‍රාවණය නිසා පත්‍ර මත දිලීර වර්ධනය වීු කළු පැහැයට දැකිය හැක. මෙමගින් ශාකයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බාධා පමුණුවයි. පාලනය ■ ආරම්භයේ සිටම වගාව අධික්ෂණය මේ සඳහා කහ පාට ආලේපනය කරන ලස ජලය පුරවන ලද බේසම් ක්ෂේත්‍රයේ තැන තැන තැබීම කල හැකිය. ■ ක්ෂේත්‍රයේ හොඳින් වල් මර්ධනය කිරීම මගින් ධාරක ශාක ඉවත් කිරීම. ■ කූඩිත්තන්ගේ ස්වාභාවික සතුරන් බොහොමයක් පරිසරයේ දක්නට ලැබෙන නිසා ස්වාභාවික සතුරන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම. ■ වගාවක් ස්ථාපනය කල පසු කොල සියයක කූඩිත්තන් 20ක ගහනයක් හානිදායක මට්ටම ලෙස සලකයි. ගහනය අධික නමි නිර්දේශිත කෘමිනාශක යෙදීම.
    • Thiamethoxam 25% WG – 5g /16 l
    • Imidacloprid 70%WG -2g /16 l
    • Thiocyclam (Hydrogen Oxalate) 50% SP – 40g/ 16 l
    • Chlorantraniliprole 20% + Thiamethoxam 20% WG – 5g / 16 l
    • Buprofezin 25% SC -45ml/ 16 l
    • Azadirachtine 5%EC – 16ml/ 16 l

තෙත් කලාපයේ අර්තාපල් වගාවේ බහුල නොවන නමුත් අතරමැදි හා වියළි කලාපයේ බහුලව දැකිය හැකියි. දිගැටි ශරිරයක් හිමි කහ දුඹුරු වැනි වර්ණ වලින් යුත් පැල මුක්කා, මි.මි 1-2 පමණ වන කුඩා කෘමියෙකි.

හානිය

යුෂ උරාබොන මුව උපාංග වලින් සමන්විත පැල මැක්කා ද වෛරස් වාහකයකු ලෙසද ක්‍රියා කරයි. පත්‍රයේ සීරීම් වැනි දිලිසෙන පැල්ලම් ඇති කරයි.

පාලනය
■ ක්ෂේත්‍රයේ හොඳින් වල් මර්ධනය කිරීම මගින් ධාරක ශාක ඉවත් කිරීම.
■ ස්වාභාවික සතුරන් බොහොමයක් පරිසරයේ දක්නට ලැබෙන නිසා ස්වාභාවික සතුරන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවශ්‍යය ලෙස කෘමිනාශක නොයෙදීම
■ බෝග මාරුව
■ ගහනය අධික නමි නිර්දේශිත කෘමිනාශක යෙදීම.

    • Thiamethoxam 25% WG – 5g /16 l
    • Imidacloprid 70%WG -2g /16 l
    • Thiocyclam (Hydrogen Oxalate) 50% SP – 40g/ 16 l
    • Chlorantraniliprole 20% + Thiamethoxam 20% WG – 5g / 16 l
    • Buprofezin 25% SC -45ml/ 16 l
    • Azadirachtine 5%EC – 16ml/ 16 l

අතරමැදි කලාපයේ හා වියළි කලාපයේ සිදු කරන අර්තාපල් වගාවේ බහුලව දැකිය හැකි වෛරස් වාහකයින් ලෙසද ක්‍රියා කරන සුදු පැහැති කුඩා කෘමියෙකි.

හානිය
පත්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බීම සිදු කරයි. පිට කරනු ලබන honeydew

මත දිලීර වර්ධනය වීම නිසා පත්‍ර කළු පැහැයට දැකිය හැකිය. මෙමගින් ශාකයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බාධා පමුණුවයි.

පාලනය
කෘමිනාශක සඳහා ඉක්මණින් අනුවර්තනය වීමේ හැකියාව ඇති නිසා ඒකාබද්ධ පාලනයක් සඳහා යොමු වීම ඉතා වැදගත්ය.
■ නිල් හෝ කහ පැහැති ඇලෙන උගුල් භාවිතය
■ ක්ෂේත්‍රයේ ඇති වල් මර්ධනය මගින් ධාරක ශාක ඉවත් කිරිම
■ විසිරුමි ජල සමිපාදනය
■ විවිධ අයුරින් ක්‍රියාත්මක වන නිර්දේශිත කෘමිනාශක මාරුවෙන් මාරුවට යෙදීම.

    • Thiocyclam (Hydrogen Oxalate) 50% SP – 40g /16 l
    • Chlorantraniliprole 20% + Thiamethoxam 20% WG – 5g / 16 l
    • Buprofezin 25% SC – 45ml/ 16 l
    • Azadirachtine 5%EC – 16ml / 16 l

සෑම වගා කන්නයකදීම කම්බිලි පණුවාගේ හානිය දැකිය නොහැකි අතර විටින් විට හානිදායක මට්ටමට ගහනය වැඩිවනු දැකිය හැකිය. වියලි කාලගුණ තත්ත්වයන් යටතේ සැලකිය යුතු හානියක් සිදු කරයි.

හානිය
වගාවන් සඳහා හානිය සිදු කරනු ලබන්නේ කීටයන් විසිනි. කීටයා අර්තාපල් ශාකයේ මුල් හා කඳ කොටස් වලට හානි කරන අතර, අල හට ගත් පසු අල කා දමයි. මෙමගින් අර්තාපල් අස්වැන්න අඩුවීමත්, අල වල වෙළඳපොල වටිනාකම නැති විමත් සිදුවේ.

පාලනය
■ ගැඹුරට සී සෑම මගින් කිට හා පිළා අවධි පස මතුපිටට පැමිණ හිරු එළිය හා විලෝපිත කුරුල්ලන් නිසා විනාශ වීම සිදුවේ.
■ සුහුඹුල් කුරුමිණියා ආලෝකයට වඩා සංවේදී නිසා ආලෝක උගුල් භාවිතයෙන් සුහුඹුලන්ගේ ගහනය අඩු කර ගත හැකිය.
■ කීටයන් අතින් අහුලා විනාශ කිරීම.
■ බෝග මාරුව
■ ක්ෂේත්‍ර සනීපාරක්ෂාව
■ නිවැරදිව හොදින් සකසන ලද කාබනික පොහොර නිර්දේශිත ප්‍රමානයට භාවිතා කිරීම

වර්ෂාපතනය වැඩි කාලවලදී හානිය බහුලව දැකිය හැකිය.

හානිය
ලපටි පත්‍ර හා අංකුර කා දැමීම සිදු කරයි. මෙමගින් වගාවේ වර්ධනය බාල වේ.

පාලනය
■ ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව ඉහල දැමීම
■ හොඳන් වල් මර්ධනය
■ දිවා කාලයේ සැගවී සිටිය හැකි ස්ථාන ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම
■ රාත්‍රි කාලයේදී ක්ෂේත්‍ර පරීක්ෂා කර අතින් එකතු කර විනාශ කිරීම
■ ක්ෂේත්‍රයේ තැන තැන ඇම තැබීම
■ නිර්දේශිත ගොළුබෙලි නාශක යෙදීම

    • Metaldehyde 3% RB  –           10 – 40Kg/ha
    • Metaldehyde 4% RB  –           10 – 40Kg/ha
    • Metaldehyde 5% RB  –           10 – 40Kg/ha

රෝග කළමනාකරණය

  • නියමිත කාලයට වගා කිරීම
  • ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම
  • නීරෝගී බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • සොලනේසියේ කුලයට අයත් නොවන බෝග සමඟ බෝග මාරුව
  • වගා බිම වසර 3 ක් පමණ වගා නොකර තැබීම
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය-
    • Mancozeb, Maneb, Metalxyl, Fluazinam,
  • බෝග මාරු
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය Mancozeb, Maneb
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • වගා බිම අවම වශයෙන් වසර 3 ක් පමණ වගා නොකර තැබීම
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • බෝග මාරුව
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • පසේ පී එචී අගය 5.0 – 5.2 අතර පවත්වා ගැනීම
  • බෝග මාරුව
  • පසේ ජල වහන තත්වය දියූණු කිරීම
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • වගා බිම අවම වශයෙන් වසර 3 ක් පමණ වගා නොකර තැබීම
  • පසේ ජල වහන තත්වය දියූණු කිරීම
  • බෝග මාරුව
  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
  • වෛරස් රෝග වාහක කෘමීන් (සුදු මැස්සා කුඩිත්තා) පාලනය
  • වගාව නිතර පරීක්‍ෂා කර වෛරස් රෝග අසාදිත ගස් ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම

අස්වනු නෙළීම

අස්වනු නෙලීමට සති 2 පෙර කඳන් කපා ආකන්ද මේරීමට හැර අස්වනු නෙලීම සිදු කරයිග

අස්වැන්න

හෙක්ටයාරයකට ටොන් 20-25