Sinhala: HORDI Crop – Niwithi

HORDI - LOGO

නිවිති

Spinacia oleracea

යකඩ බහුල කොළ එළවලු වර්ගයකි. ඔක්සැලික් අම්ලය අඩංගු නිසා ශරීරයට කැල්සියම් අවශෝෂණය වළක්වන සුලුය. එබැවින් ලේවල අඩංගු කැල්සියම් අස්ථිවලට අවශෝෂණය නොවි වකුගඩු හා මුත්‍රාශයේ තැන්පත් වී ගල් ඇති වීමට ඉඩ තිබේ.

පවතින වර්ග

වර්ධන විලාශය අනුව ගස් හා වැල් වශයෙන් නිවිති ආකාර දෙකක් තිබේ. වගා කිරීමට යොදා ගන්නේ විශාල පත්‍ර සහිත වැල් වර්ගයයි. ආහාරයට ගන්නා රතු පැහැති නිවිති වර්ගයක් ද තිබේ. එය එතරම් ජනප්‍රිය නැත.

  • කොළ පැහැති පත්‍ර සහිත විශාල වැල් වර්ගය (යෝධ නිවිති)
  • රතු පැහැති වර්ගය

දේශගුණික අවශ්‍යතා/ වගා කිරීම සඳහා සුදුසු ප්‍රදේශ

ශීතාධික ප්‍රදේශවල හැර ලංකාවේ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකිය.

පස

නිවිති වගාව සඳහා හොඳින් ජලවහනය වන ස්ථානයක් අවශ්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

වර්ග මීටර් 10 ක විශාලත්වයක් ඇති පාත්තියකට බීජ ග්‍රෑම්. 10 – 15 අවශ්‍ය වේ. (10-15g/10m2 bed)

ක්ෂේත්‍රය සකස් කිරිම සහ සිටුවිම

වල් මර්දනය කොට, බිම පෙරළා කැට පොඩි කර, පස සියුම්ව සකස් කර ගත යුතුය. ජලවහනය දුර්වල ස්ථානවල උස් වූ පාත්ති දැමීමෙන් ජලවහනය දියුණු කර ගත යුතුය. එක තැන පැළ දෙක බැගින් සිටින සේ බීජ සිටුවීම සුදුසුය. බීජ ප්‍රරෝහණය වීම සඳහා දින 5 – 6 ක් පමණ ගතවේ.

රෝපණ ද්‍රව්‍ය

සිටුවීම සඳහා බීජ භාවිතා කරනු ලැබේ. සිටුවීම සඳහා දඬු කැබලි යොදා ගත හැකි වුව ද ඒවායින් ඇති වන ශාක වල ඉක්මනින් මල් හට ගන්නා බැවින් දඬු සිටුවීම අවාසි දායක වේ.

ආධාරක සැපයිම

වගාව දිගු කලක් පවත්වා ගෙන යන්නේ නම් සිටුවා සති 4ක් පමණ ගතවූ පසු පොළොව මට්ටමේ සිට අඩි 1 – 1 1/2 ක් පමණ උසින් සිටින සේ පාත්තියට ඉහළින් මැස්සක් සකස් කරන්න.

පරතරය

පඳුරු- අස්වැන්න සඳහා පේළි අතර සෙ.මී. 15 ද පේළිය තුළ සෙ.මී. 15 ක්ද පමණ වූ පරතරයට බීජ සිටුවීම සුදුසුය. (එක තැන පැළ එකක්)

වැල් – පේළි අතර සෙ.මී. 45 ද පේළිය තුළ සෙ.මී. 45 ක් දපමණ වේ.

බීජ හා පැළ මඟින් සිටුවනු ලැබේ. (එක තැන පැළ දෙකක්)

පොහොර

කාබනික පොහොර

බහුල වශයෙන් කුකුල් පොහොර භාවිතා කෙරේ. ගොම පොහොර වඩා සුදුසු වුවත් එමඟින් වල් පැළෑටි බෝවීමට ඇති අවස්ථාව වැඩිවේ. ගෙවතු වගාවේ දී ගොම පොහොර යොදා ගත හැකිය. වර්ග මීටර් 10 ක පමණ පාත්තියකට කුකුල් පොහොර කි.ග්‍රෑ. 25 ක් පමණ යොදනු ලැබේ. බීජ සිටුවීමට දින කිහිපයකට පෙර කාබනික පොහොර පසට මිශ්‍ර කිරීම සුදුසුය.

රසායනික පොහොර

වර්ග මීටර් 100 බිම් ප්‍රමාණයකට යෙදිය යුතු පොහොර ප්‍රමාණය

පොහොර යොදන අවස්ථාව

යූරියා

කි.ග්‍රෑ.

ත්‍රිත්ව සුපර් පොස්පේට්

කි.ග්‍රෑ.

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑ.

මූලික පොහොර

1.0

1.5

1.0

සිටුවා සති 2-3 පසු

1.0

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

ජල සම්පාදනය

දින 3 – 4 කට වරක් වගාවට හොඳින් ජලය සපයන්න. වියළි කාලගුණයක් ඇතිවිට ශාක මැළවීමට ඉඩ නොතබා වැඩි වාර ගණනක් ජලය සැපයීම සුදුසුය.

වල් මර්ධනය

බිම් සැකසීමේ සිට බෝගය පවතින තාක් වල්පැළ ඉවත් කර ක්ෂේත්‍රය පිරිසිදුව තබාගත යුතුය.

Pest Management

Disease Management

රෝග කාරකය: colletotrichum spinaciae

රෝග ලක්ෂණ  

  • ආරම්භක අවධිය – ළපටි හා මේරු පත්‍ර වල ජලීය කුඩා රවුම් පැල්ලම් ඇති වේ.
  • අවසාන අවධිය – පැල්ලම් දුඹුරු පැහැයේ සිට දුඹුරු පැහැයට හුරු පැහැයකට හැරෙන අතර සිහින් වී කඩදාසි ස්වරුපයකට හැරේ, කුඩා කළු පැහැති ගැටිති රෝගී පටක වල දැකිය හැකිය. මෙය  රෝගයට ලාක්ෂණික ලක්ෂණයකි.

පාලනය

  • ආසාධිත ශාක කොටස් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම
  • නිසි පරිදි ජල වහනය සිදුකිරීම
  • විසිරි ජල සම්පාදන ක්‍රමයෙන් රෝගය පැතිරීම ඉහල යා හැකි බැවින් වෙනත් ජල සම්පාදන ක්‍රමයක් ස්ථාපිත කිරීම

රෝග කාරකය:  Pseudomonas syringae pv.spinaciae

රෝග ලක්ෂණ  

ආරම්භක රෝග ලක්ෂණය වන්නේ ජලීය අක්‍රමවත් හැඩැති ලප ඇතිවීමයි. මේවාගේ විෂ්කම්භය අඟල් 0.12 – 0.25 පමණ වේ. රෝගය වර්ධනය වන විට විෂ්කම්භය අඟල් 0.5 – 0.75 පමණ වේ. කෝණික හැඩයක්ද ගන්නා අතර තද දුඹුරු පැහැයට හැරේ.සමහර අවස්තාවලදී ලප වල කළු පැහැ ස්ථාන හෝ දාර දැකිය හැකිය. එමෙන්ම ඇතැම් අවස්ථා වල මෙම ලප ඒකාබද්ධ වී පත්‍ර වල විශාල ප්‍රදේශයක් මිය යයි. ළපටි හා මේරු පත්‍ර දෙකෙහිම ඇති වේ.

පාලනය

  • ආසාධිත ශාක පත්‍ර ඉවත්කිරීම
  • විසිරි ජල සම්පාදනය භාවිතා නොකිරීම

රෝග කාරකය: cladosporium variabile

රෝග ලක්ෂණ  

කලාතුරකින් අඟල් 0.25 ඉක්මවන වටකුරු , දුඹුරු පැහැ පත්‍ර ලප දැකිය හැකිය. අවසාන අදියරේදී සිදුරු වූ ලප දැකිය හැකිය

පාලනය

ප්‍රතිකාර අවශ්‍ය වන්නේ කලාතුරකිනි. අවශ්‍ය වූ විට කොපර් මිශ්‍ර දිලීරනාශක භාවිතා කල හැකිය

රෝග කාරකය:  Fusarium oxysporum, phythium spp, rhizoctonia solani

රෝග ලක්ෂණ  

  • තවාන් අවධියේදී පැළ මැලවීම හා මුල් කුණු වීම මගින් පැළ මිය යාම සිදුවේ.

පාලනය

  • බිජ සඳහා ප්‍රතිකාර කිරීම, තවාන් ජීවානුහරණය කිරීම, ජල කළමනාකරණය මගින් පාලනය කල හැකිය.
  • අවශ්‍ය වූ විට දිලීරනාශක යෙදීම

අස්වනු නෙළීම

අස්වැන්න ආකාර දෙකකට නෙළිය හැකිය.

  1. දින 40 – 50 ට පමණ පසු පැළ ගලවා අස්වැන්න ලබා ගැනීම.
  2. දින 40 – 45 ට පමණ පසු පොළොව මට්ටමේ සිට සෙ.මී. 15 පමණ උසින් කඳේ ඉහළ කොටස කපා ගැනීමෙන් පසු පඳුරු නැවත වර්ධනය වීමට ඉඩ හැර වාර 6 – 8 කදී පමණ අස්වැන්න නෙළා ගැනීම.

අස්වැන්න

වර්ග මීටරයකට කි.ග්‍රෑ. 1000 – 1500 (1000-1500 kg/m2)