Sinhala: HORDI Crop – Moringa

HORDI - LOGO

මුරුංගා

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

පස

බීජ අවශ්‍යතාවය

තවාන් කළමනාකරණය හා සිටුවන කාළය

බිම් සැකසීම

බීජ සිටුවීම

පරතරය

පොහොර

ජල සම්පාදනය

වැල් පැළෑටි පාලනය

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

සාමාන්‍යයෙන් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාවක් මුරුංගා ශාකය සතුව පවතී. නමුත් දේශගුණික වෙනස්වීම් මත ලෙඩ රෝග සදහා පාත්‍ර වීමේ ප්‍රවණතාවක් පවතී. මෙමගින් ප්‍රමාණාත්මක හා ගුණාත්මක අස්වැන්න අඩු වීමක් දැකිය හැක. මේ වනවිට ලෙඩ රෝග 12ක් පමණ ලොව පුරා හදුනාගෙන ඇත. මුරුංගා රෝග අතර දිලිර රෝග නිසා සිදුවන පත්‍ර හැලීයාම  හා වාණිජමය වටිනාකම අඩුවීම මගින් වඩාත් දරුණු හානියක් සිදු කරයි.

  • Colletotrichum spp දිලිරය මගින් මෙම රෝගී තත්වය ඇතිවේ.
රෝග ලක්ෂණ
  • දුබුරු පැහැති අවේනික පත්‍ර ලප දැකිය හැක.
  • අසාදනය දරුණු වූ විට පත්‍ර කහපැහැවී හැලිමක් සිදුවිය හැක.
  • ලා රෝසපැහැති හා අළු පැහැති ලප අසාදිත කදන්  මත දැකිය.
හිතකර තත්ත්ව
  • 24 0C – 28 0C උෂ්ණත්වය හා ඉහල අර්ද්‍රතාවය රෝගය සදහා හිතකරවේ.
පාලනය
  • රෝග ව්‍යාප්තිය වැලක්වීමට අසාදිත ශාක කොටස් කප්පාදු කර පිළිස්සීම සිදුකළ හැක.
  • ආරක්‍ෂිත හා සංස්ථානික දිලීරනාශක මගින් සාර්ථක පාලනයක් සිදුකළ හැක.
  • Leveillula spp. දිලිරය මගින් මෙම රෝගී තත්වය ඇතිවේ.

රෝග ලක්ෂණ

  • ආසාදිත පත්‍ර යටි පැත්තේ සුදු හෝ ලා අළු පැහැති පිටි වැනි දිලිර වර්ධනයක් හා පත්‍ර මතුපිට කහ පැහැති ලප දැකිය හැක.
  • ආසාදිත පත්‍ර උඩු අතට රෝල්විමත් බහුල ලෙස පත්‍ර හැලීමටත් ලක් වේ.
  • ආසාදිත ශාක ජවය අඩු වී වද බවට පත් විය හැක.
  • පරිණත පත්‍ර මත මුලින් ම අසාදනය ඇතිවිය හැකි අතර අසාදනය උග්‍ර වු විට ශාකය මැලවී මිය යා හැක.

හිතකර තත්ත්ව

  • වලාකුළු සහිත දේශගුණයක්, 25 0C – 30 0C උෂ්ණත්වය හා ඉහල ආර්ද්‍රතාව රෝගය සදහා හිතකර වේ.

පාලනය

  • ක්‍ෂේත්‍ර සනීපාරක්ෂාව පවත්වා ගැනීම රෝග පාලනය සදහා වැදගත් වේ.
  • රසායනික පාලන ක්‍රම ලෙස සල්ෆර් කුඩු 2% භාවිතා කල හැක

මුරුංගා කරල් කුණුවීමේ රෝගය දිලිර හා කෘමි හානින්ගේ සංකීර්ණයක් ලෙස බොහෝවිට දැකිය හැක. මෙහිදී දිලිර නිසා සිදුවන මුරුංගා කරල් කුණුවීමේ රෝගී තත්වය මුල්වරට හදුනාගන්නා ලදී. මීටපෙර ඉන්දියාව වැනි රට වලින් මෙය වාර් තා වුවද අප රටට මෑතකදී මෙම රෝගී තත්වය ඇතිවිය. වාණිජ වගාවන් සදහා ඉන්දියාවෙන් රෝපණ ද්‍රව්‍ය හා බිජ ආනයනය මගින් අප රටට ඇතුළු වුවා වියහැක.

  • Curvularis hawaiiensis (M.B. Ellis) දිලිරය මගින් මෙම රෝගී තත්වය ඇතිවේ.

රෝග ලක්ෂණ:

  • මුලිකවම කොළපැහැති කරල් මත ලා දුබුරු- රතු පැහැති දාර සහිත ඉලිප්සාකාර හෝ දිගටි ගිලුණු කුඩා ලප ඇතිවේ.
  • කරල් මෝරන තුරු ඇතිවිය හැකි අහිතකර දේශගුණික තත්ත්ව සමග මෙම කුඩා ලප එකතුවී දුබුරු පැහැති විශාල ලප ඇතිවේ.
  • එළවළුවක් ලෙස අස්වැන්න නෙලන අවස්ථාවේදීද ලපටි කරල් මත මෙම හානිය දැකිය හැක.
  • දැඩි අහිතකර දේශගුණික තත්ත්ව නොමැති අවස්ථාවලදී අස්වැන්න සදහා විශාල හානියක් සිදු නොවේ.
  • ලප තවදුරටත් අසාදනය තීවුර වුවිට පිපිරීමට හා ගම වැස්සිමට ලක්වේ.
  • නොමේරු කුඩා ලපටි කරල් ආසාදනය වුවිට කරල් අග්ගිසි හිනිවී හැකිලී වියලි යා හැක.
  • කරල් මේරිමත් සමග කුණුවීමේ තත්වය දරුණුවේ. මෙම තත්වය යටතේ අස්වැන්නට දැඩි හානි සිදුවිය හැක.
  • මුරුංගා තෙල් නිස්සාරණය සදහා කරල් වියලෙන තුරු ශාකයේම තැබුවිට එම කරල් පිපිරීමත් කුනුවිමත් ඒමත ද්විතික අසාදන ඇතිවීමත් දකියහැක.

රෝග පාලනය;

මෙය දිලිර හානියක්ද, නැතිනම් කෘමිහානියක්ද පැහැදිලිව හදුනාගත යුතු වේ.

  • මෙම දිලිර රෝගය පාලනය සදහා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව ඉතා වැදගත් සාධකයක් වේ.
  • හානියට ලක්වූ කරල් කපා විනාශ කර දැමිය යුතුය. ක්ෂේත්‍රයේ තැනින්තැන ගොඩගසා තැබීමෙන් වැලකී සිටිය යුතුය.
  • නිරෝගී රෝපණ ද්‍රව්‍ය හා බිජ භාවිතය ඉතා වැදගත් වේ.
  • වර් ෂා කාලයේදී හෝ රෝගය දරුණු ප්‍රදේශ වලදී රෝග පාලනය සදහා දිලීරනාශක භාවිතයට යොමුවීමට සිදුවිය හැක. (ටෙබුකොනසෝල් 250 g/l EW 5 ml/l අනුපාතයට යෙදීම. නමුත් මෙම දිලිරනාශකය සංස්ථානික දිලීරනාශකයක් බැවින් දිගින් දිගටම යෙදීම මගින් ප්‍රතිරෝධීතාවයක් ඇතිවිය හැකිබැවින් එක කන්නයක් සදහා වාර 2-3 කට වඩා භාවිතාකිරීමට නිර් දේශ නොකරයි. සංස්ථානික දිලීරනාශක සදහා දින 21 ක පසු අස්වනු කාලයක් පවතී. එබැවින් දිලීරනාශක භාවිතය කරල් හටගැනීමේ මුලික අවස්ථාවේදී හෝ මල් අවධියේදී නිර් දේශ කලහැක. මෙම සංස්ථානික දිලීරනාශකය සමග  දින 7-10 පරතරය ඇතිව ස්පර්ශක දිලීරනාශක වන, මැන්කොසෙබ් 75% WG 20g/10l අනුපාතයට හෝ ප්‍රෝපිනෙබ්70% WP 20g/10l අනුපාතයට හෝ ෆ්ලුසිනාම් 500 g/l 10ml/10l අනුපාතයට දීමෙන් මෙම රෝගය පාලනය කල හැක.)

 

අස්වනු නෙළීම

අස්වැන්න

පසු අස්වනු කටයුතු

විශේෂ නඩත්තු කටයුතු