Sinhala: HORDI Crop – Leeks

HORDI - LOGO

ලීක්ස්

Allium ampeloprasum

ලීක්ස් ඇලිඒසියේ කුලයට අයත් වේ. නමුත් මෙම බෝගයේ ප්‍රධාන වෙනස වන්නේ එහි බල්බ නොසෑදීමයි.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උඩරට සීත කලාපයේ ලීක්ස් හොඳින් වගා කල හැකිය. පරිසර උෂ්ණත්වය වැඩි වන විට කඳේ ඝනකම අඩු වේ.  

පස

හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය වැඩිපුර ඇති පසක් ලීක්ස් වගාව සඳහා සුදුසු ය. පී.එච් අගය 5-6 අතර යෝග්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට ග්‍රෑම් 3750 කි.

තවාන් කළමනාකරණය

හෙක්ටයාරයක වපසරියක් සඳහා පැල සාදා ගැනීමට, මීටර් 3 x 1  ප්‍රමාණයේ තවාන් පාත්ති 200-225 ක් පමණ අවශ්‍ය වේ. 15 cm පරතරයට සාදා ගත් ඇලි වල බීජ සිටුවා තුනී පස් තට්ටුවකින් ආවරණය කල යුතුය.

බිම් සැකසීම

40 cm ගැඹුරට පස පෙරලා හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය එක්කර පස සියුම්ව සකසා මීටර් 1.2 x 3 ප්‍රමාණයේ උස් පාත්ති සකස් කෙරේ.

සිටුවීම

මාස 2 ½ -3 ක් පමණ වයසැති, පැන්සලක පමණ මහතකින් යුත් පැල සිටුවීම සඳහා යෝග්‍ය වේ.

පරතරය

15 x 10සෙ.මි.

පොහොර

කාබනික පොහොර හෙක්ටයාරයකට ටොන් 10 කි

යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

85

270

50

මතුපිට පොහොර ( පැල සිටුවා මාසයේදී හා මාස 3 දී)

85

මතුපිට පොහොර ( පැල සිටුවා මාස 2 හා 4 දී)

85

50

ජල සම්පාදනය

පැල සිටුවා පළමු දින 4 දී දිනපතා ජල සම්පාදනය කල යුතුය. සුළු වශයෙන් උදේ පාන්දර පැල මතට ජලය යෙදීමෙන් පත්‍ර පිළිස්සී යෑම වලක්වා ගත හැකිය.

වල් පැළෑටි පාලනය

අතුරුයත් ගෑම මඟින් වල් මර්ධනය වේ. මතුපිට පොහොර යෙදීමට පෙර අතින් ගලවා වල් ඉවත් කල යුතුය.

පළිබෝධ කළමනාකරණය

80-90 % පමණ ව්‍යාප්තියක් ගොම පොහොර හා කාබනික ද්‍රව්‍ය ප්‍රවාහනයත් සමඟ සිදු වේ.
කීටයා වර්ධනය වන මුල් හා ලපටි කඳන් මත පෝෂණය වේ

හානිය
■ ලපටි ශාක මැල වීම හා ඇඹරුනු පත්‍ර සහිත ශාක
මෙවැනි පැලයක් ගලවා මූල මණ්ඩලය පරික්ෂා කිරීමේදී සුදු පැහැති ඉහඳ පණුවන් දැකිය හැකිය

පාලනය
■ නිරන්තර වගා පරීක්ෂාව
■ කහ පොලිතින් උගුල
ග්‍රීස් යෙදූ කහ පොලිතින් ක්ෂේත්‍රයේ තැන තැන පොලවට ආසන්නයේ සවි කිරීම මඟින් සුහුඹුල් මැස්සන් පාලනය
■ බෝග මාරුව
■ හානිය සහිත පැල කීට අවස්ථා සමඟම උදුරා ගිනි තැබීම
■ පිලා කෝෂ විනාශ කිරීම සඳහා ගැඹුරට සී සෑම
■ නිවැරදිව හොදින් සකසන ලද කාබනික පොහොර භාවිතා කිරීම

■ හානිය අධික නම් නිර්දේශිත කෘමිනාශක යොදීම

    • Fipronil 50 SC

හානිය
රාත්‍රියේදී වඩාත් සක්‍රීය වන කීටයන් විසින් ලපටි ශාක කඳන් පා මුලින්ම සපා බිම හෙලනු ලබයි. වියලි කාලගුණ තත්ත්ව වලදී හානිය වඩාත් බහුලය.

පාලනය
■ හොඳින් ගැඹුරට සී සෑම මගින් කීට හා පිලා අවධි පස මතු පිටට පැමිනෙන අතර විලෝපිත පක්ෂීන්ගේ ගොඳුරු බවට පත්ව් විනාශ වේ.
■ ක්ෂේත්‍රය තුල හා අවට හොඳින් වල් මර්ධනය කිරීම හා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව
■ නිරතුරුව ක්ෂේත්‍ර පරීක්ෂාව මගින් ගහනය අවම මට්ටමක පවතින අවස්ථාවේදී පස තුල සැගවී සිටින කීටයන් අතින් අහුලා දැමීම.
■ හානිය අධික නම් පැල සිටවූ විගස නිර්දේශිත කෘමිනාශක යෙදීම

    • Profenophos 500g/LEC          –           32ML/16L
    • Etofenprox 100g/LEC             –           24ML/16L

රෝග කළමනාකරණය

  • ක්‍ෂේත්‍රය පිරිසිදව පවත්වා ගැනීම
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය –
    • Mancozeb, Maneb, Propineb, Tebuconazole
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය – Chlorothalonil

අස්වනු නෙළීම

පැල සිටුවා මාස 4 ½ කින් පමණ අස්වනු නෙළිය හැකිය.

අස්වැන්න

හෙක්ටයාරයට ටොන් 20-30