Sinhala: HORDI Crop – Knol khol

HORDI - LOGO

නෝකෝල්

Brassica oleraceae var. gongylodes

ගෝවා කුලයට අයත් වාර්ෂික එළවළුවක් ලෙස වගා කරන බෝගයකි. බොහෝ විට මිශ්‍ර බෝගයක් ලෙස වගා කරයි.

නිකුත් කරන ලද ප්‍රභේද

නිර්දේශිත ආනයනික ප්‍රභේද පමණක් පවතී.

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

මාංශල කඳ කොටස වර්ධනය සඳහා දිවා රාත්‍රී වැඩි උෂ්ණත්ව වෙනසක් අවශ්‍ය වේ. උඩරට තෙත් කලාපයට හා අතරමැදි කලාපයට අයත් නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වල බෝගය හොඳින් වර්ධනය වේ. මැද රට හා පහත රට ප්‍රදේශ වල මහ කන්නයේ දී වගා කිරීම සිදු කරයි.

පස

කාබනික ද්‍රව්‍ය බහුල, ඉතා හොඳ ජලවහනයක් සහිත පී.එච්. අගය 5.5 වන පසක් වගාව සඳහා යෝග්‍ය වේ.

වගා කළ යුතු කාලය

මහ කන්නය වඩාත් සුදුසු වේ. තවාන් දැමීම ආරම්භ කිරීම අගෝස්තු මැද ද, බීජ පැළ ක්ෂේත්‍රයේ සිටුවීම සැප්තැම්බර් මස ද සිදුකළ යුතුය. ඔක්තොම්බර් හා ඉන් පසුව වගා කිරීමෙන් හොඳින් වර්ධනය වූ මාංශල කඳක් ලබා ගැනීම අපහසුය.

බීජ අවශ්‍යතාවය

කෙටි කාලීන ප්‍රභේද – හෙක්ටයාරයකට ග්‍රෑම්. 600 – 750 කි.

දිගු කාලීන ප්‍රභේද – හෙක්ටයාරයකට ග්‍රෑම්. 375 – 400 කි.

පරතරය

පේළි අතර සෙ.මී. 30 පේළිය තුළ සෙ.මී. 10

ගෝවා සමඟ මිශ්‍ර බෝගයක් ලෙස පේළි අතර සෙ.මී. 50 පේළිය තුළ සෙ.මී. 50

මාලු මිරිස් සමඟ මිශ්‍ර වගාවක් ලෙස පේළි අතර සෙ.මී. 60 පේළිය තුළ සෙ.මී. 60

ක්ෂේත්‍රය සකස් කිරීම සහ සිටුවීම

වල් පැළ වලින් තොරව පස හොඳින් පෙරලා කැට පොඩි කර ජලවහනය හොඳින් සිදුවන සේ නියමිත පරතරයට සකස් කරගත් වළ වල් වල සති 3 – 4 වයසැති, උස සෙ.මී. 8-10 බීජ පැළ සිටුවීම සුදුසුය. බීජ ග්‍රෑම්. 1 කින් පැළ 250 ක් ලබා ගත හැකි වේ.

තවාන් කළමනාකරණය

ගෝවා තවාන සැකසීමට සමාන වේ.

පොහොර

අළු හුණු (ලයිම්)/ඩොලමයිට් හෙක්ටයාරයකට ටොන්. 1.0 – 2.0 (සිටුවීමට සති 2 කට පෙර) ද කාබණික පොහොර හෙක්ටයාරයකට ටොන්. 10.0 (සිටුවීමට දින 3 – 5 කට පෙර) යොදන්න

යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

සිටුවීමට පෙර

85

 110

 65

සිටුවා සති 02 දී

85

 65

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

ජල සම්පාදනය

හොඳ පාංශු තෙතමනයක් පවත්වා ගැනීම උචිත වේ. පස ඉතා වියළිව තිබිය දී ජලය වැඩිපුර එකවර යෙදීමෙන් අල පිපිරීමකට ලක් වීමට ඉඩ තිබේ.

වල් පැළෑටි පාලනය

සිටුවා සති 2-3 දී පමණ වල් ගලවා ඉවත් කිරීම සුදුසු වන අතර සති 4-5 පමණ ගතවූ පසු ශාක මුලට පස් එකතු කරන්න.

පළිබෝධ කළමනාකරණය

ලුපර් දළබුවා, දියමන්ති සලබයා, කියත් පණුවා යන කෘමි පලිබෝධකයන් වගාවේ දී දැකිය හැකි අතර පාලනය ගෝවා වගාවට සමාන වේ. 

රෝග කළමනාකරණය

බරවා රෝගය, යටිපුස් රෝගය වගාවේදී සාමාන්‍යයෙන් දැකිය හැකි අතර  දියමලන්කෑම තවාන් අවස්ථාවේදී ඇති විය හැක. රෝග ලක්ෂණ හා පාලනය ගෝවා වගාවට සමාන වේ.

රෝග කාරකය:  plasmodiophora brassicae

රෝග ලක්ෂණ

  • ශාක මුල් මහත් වී අලයක් වැනි ස්වභාවයට පත්වේ.
  • හානිය නිසා වගාවෙහි අස්වැන්න මුළුමනින්ම විනාශ විය හැකිය

පාලනය

  • පස පරික්ෂා කර බලා අවශ්‍ය නම් අළුහුණු යොදා පි.එච්. අගය ඉහල නැංවීම
  • රෝගය වැළදුණු ගෝවා ශාකවල මුල් ගලවා පුළුස්සා දැමීම
  • ගෝවා කුලයේ නොවන බෝග (බෝංචි, තක්කාලි, අර්තාපල්) සමඟ වසර හතරක් පමණ බෝග මාරුවක් සිදුකිරීම මගින් රෝගය අවම කල හැකිය.

රෝග කාරකය: Erysiphe cruciferarum

රෝග ලක්ෂණ  

  • කුඩා සුදු පැහැති පැල්ලම් පත්‍රයේ උඩ සහ යටි තලයේ දැකගත හැකි අතර පසුව පත්‍ර පුරා විසිරි යයි
  • පසුව පත්‍ර කහ පැහැ වී හැලී යයි.

පාලනය

  • රෝග ප්‍රතිරෝධී ශාක වගා කිරීම
  • ශාක මාරුව
  • අස්වනු නෙලීමෙන් පසු සියලුම ශාක කොටස් ක්ෂේත්‍රයෙන් ඉවත්කිරීම
  • වල් පැළෑටි පාලනය
  • එල්ෆර් යෙදීම

රෝග කාරකය: Peranospora parasitica

රෝග ලක්ෂණ  

  • කෝණාකාර ආසාධන කොළ මත අක්‍රමවත් කහ පැල්ලම් ලෙස ආරම්භ වේ.
  • මෙම ක්ලෝරෝටික් තුවාල පසුව දුඹුරු පැහැයට හැරේ.
  • තත්ත්වය හිතකර නම් දිලීර වල සුදු පැහැති සුදුමැළි වර්ධනය කොළ යටි පැත්තේ වර්ධනය වේ. කොළ වියැකී ගිය පෙනුමක් ලබා ගත හැක.

පාලනය

  • තවාන් වර්ෂාවෙන් ආරක්ෂා කිරීම සඳහා ආවරණය කිරීම
  • උදෑසන හිරු එළිය පවතින විට ආවරණය ඉවත්කොට සුර්යාලෝකය ලැබෙන්නට සැලැස්වීම
  • ටෙබුකෝනාසෝල් අඩංගු දිලීරනාශකයක් (මිලිලීටර් 3.5 ක් ජලය ලීටර් 10 කට මිශ්‍ර කර) එක්වරක් පමණක් දීම සුදුසුය

අස්වනු නෙළීම

සිටුවා දින 50 – 60 පමණ අස්වැන්න නෙලාගත හැක. අල මේරීමේ දී කෙඳි සහිත ස්වභාවය වැඩිවන නිසා ගුණාත්මය අඩුවේ.

අස්වැන්න

ගෝවා සමඟ මිශ්‍ර බෝගයක් ලෙස හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 8000 මාලු මිරිස් සමඟ මිශ්‍ර වගාවක් ලෙස හෙක්ටයාරයකට කි.ග්‍රෑ. 2200