Sinhala: HORDI Crop – Kang Kung

HORDI - LOGO

කංකුන්

(Ipomea aquatica)

කංකුන් ජනප්‍රිය කොළ එළවළුවකි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජලය රඳා පවතින පහත් බිම්වල වාණිජ මට්ටමින් එය බහුල වශයෙන් වගා කරනු ලැබේ.

පවතින වර්ග

ශාක කඳෙහි, කොළ වල හා මල් වල වර්ණය අනුව ආකාර දෙකකි.

  1. දම් පැහැති වර්ගය

මෙහි කඳ දම් පැහැයට හුරුය. මල් දම් පාටය. වාණිජ වශයෙන් සමහර ප්‍රදේශවල වගා කරනු ලැබේ. කිරි ගතිය සාපේක්‍ෂව වැඩිය.

  1. කොළ පැහැති වර්ගය

කඳ කොළ පැහැතිය. මල් සුදු පාටය. දේශීය වර්ගය හා තායි වර්ගය වශයෙන් විශේෂ දෙකක් හඳුනාගෙන ඇත. මෙම වර්ග දෙකම වාණිජ වශයෙන් වගා කරනු ලැබේ. මෙම වර්ගවල කිරි ස්වභාවය සාපේක්ෂව අඩුවන අතර, වැඩියෙන් ජනප්‍රිය වී ඇත.

වර්ධන විලාශය අනුව,

  • වැල් ආකාරය – කඳ දම් පැහැයට හුරු කොළ පාට වේ. ධාවකයක් ලෙස වර්ධනය වේ.

මල් දම් පාට වේ.

  • පඳුරු ආකාරය – කඳ කොළ පැහැතිය. මල් සුදු පාටය. පඳුරක් ලෙස වර්ධනය වේ.

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උඩරට ශීත ප්‍රදේශවල හැර වෙනත් ඕනෑම ප්‍රදේශයක ජලය අවශ්‍ය තරම් ඇති විට කංකුන් වගා කළ හැකිය. වැඩි ජල අවශ්‍යතාවය නිසා බහුල වශයෙන් තෙත් කලාපයේ වගා කරනු ලැබේ.

පස

ජලය රඳා පවතින වගුරු පසේ මෙන්ම නිතර ජලය සැපයිය හැකි උස් බිම්වල ද සාර්ථක ලෙස වගා කළ හැකිය. උස් බිම්වල වගා කිරීමේදී ජලය සැපයීම අතපසු කළ හොත් ඉක්මනින් මල් පිපේ. වියළි කලාපයේ වැව්, වගුරු, ජල මාර්ග ආශ්‍රිතව ද කංකුන් මනාව වැඩේ. පී.එච්. අගය 6.0 – 7.0 අතර වූ යන්තමින් ආම්ලික වූ පස වගාව සඳහා වඩා සුදුසුය.

රෝපණ ද්‍රව්‍ය

දඬු සහ බීජ රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගතහැක.

(බීජ නිෂ්පාදනය සඳහා තායිලන්ත වර්ගය යොදා ගත හැකි අතර බීජ හට ගැනීම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වැනි උෂ්ණත්වය අඩු කාල වලදී හොඳින් සිදුවේ).

ගැට 3-4 සහිත සෙ.මී. 20 – 30 පමණ දිග දඬු කැබළි සිටුවීම සඳහා යොදා ගනී. සිටුවීමට පෙර පත්‍ර ඉවත් කළ යුතුය.

නීරෝගී වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබාගතයුතුවේ.

වගා කළ යුතු කාලය

ජලය පවතින පහත් බිම් වල ඕනෑම කාලයක වගා කළ හැකිය. උස් බිම් වල වගා කරන විට නිතර ජලය සැපයිය යුතු නිසා වර්ෂා කාලයේ දී වගාව ආරම්භ කිරීම වඩා සුදුසුය.

ක්ෂේත්‍රය සකස් කිරිම සහ සිටුවිම

  • පහත් බිම්වල වගා කිරීම

බිම් පෙරළා වතුර බැඳ වල් දිරාපත් වීමට හරින්න. ඉන්පසු අවශ්‍ය විටක ජලය බැස්සවීම සඳහා ලියදි වල කාණු කිහිපයක් සකසන්න. කැට පොඩි කර බිම සමතලා කොට සෙ.මී. 30×30 ක පරතරයකට දඬු කැබළි සිටුවන්න. අහඹු ලෙස ද දඬු සිටුවිය හැකි වේ. ජලය ඉවත් කළ නොහැකි වඟුරු වල බිම් සැකසීමකින් තොරව අග්‍රස්ථය ඉවත් කළ දඬු කැබළි ජලය මත විසුරුවා හරින්න.

  • උස් බිම්වල වගා කිරීම

බිම් පෙරළා, කැට පොඩි කොට වල් පැළෑටි ඉවත් කිරීමෙන් පසුව ලියැදි (ගිල් වූ පාත්ති) ආකාරයට පාත්ති සකස් කරගන්න. ඉන්පසු ලියැදි තෙත් වන සේ හොඳින් ජලය සපයා පේළි අතර සෙ.මී. 30 පේළිය තුළ සෙ.මී. 30 පරතරයට කංකුන් දඬු සිටුවන්න.

රෝපණ ද්‍රව්‍ය

දඬු සහ බීජ රෝපණ ද්‍රව්‍ය ලෙස යොදා ගතහැක.

(බීජ නිෂ්පාදනය සඳහා තායිලන්ත වර්ගය යොදා ගත හැකි අතර බීජ හට ගැනීම නොවැම්බර්, දෙසැම්බර්, ජනවාරි වැනි උෂ්ණත්වය අඩු කාල වලදී හොඳින් සිදුවේ).

ගැට 3-4 සහිත සෙ.මී. 20 – 30 පමණ දිග දඬු කැබළි සිටුවීම සඳහා යොදා ගනී. සිටුවීමට පෙර පත්‍ර ඉවත් කළ යුතුය.

නීරෝගී වගාවකින් රෝපණ ද්‍රව්‍ය ලබාගතයුතුවේ.

පොහොර

කාබනික පොහොර

හොඳින් දිරාපත් වූ ගොම පොහොර, කුකුල් පොහොර හෝ කොම්පෝස්ට් පොහොර, වර්ග මීටර් 1000 ක බිම් ප්‍රමාණයට ටොන්. 1.0 ක් (1t/1000m2) පමණ, කංකුන් සිටුවීමට පෙර පසට එකතු කළ යුතුය. වටපණු හානිය අඩුවන නිසාත් වල් පැළෑටි පැතිරීම සිදු නොවන නිසාත් ගොවීන් කුකුල් පොහොර බහුල වශයෙන් භාවිතා කරති.

රසායනික පොහොර වර්ග මීටර් 1000 ක් සඳහා (1000m2)

පොහොර යොදන අවස්ථාව

යූරියා

කි.ග්‍රෑ.

ත්‍රිත්ව සුපර්

පොස්පේට්

කි.ග්‍රෑ.

මියුරියේට් ඔෆ්

පොටෑෂ්

කි.ග්‍රෑ.

මූලික පොහොර9.013.510.0
සිටුවා සති 4කට පසු

9.0

සෑම අස්වනු නෙළීමකටම පසු4.51.5
සෑම මාස 6 කට වරක්6.5

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

ජල සම්පාදනය

දින 3 – 4කට වරක් වගාවට හොඳින් ජලය සපයන්න. වියළි කාලගුණයක් ඇති විට ශාක මැළවීමට ඉඩ නොතබා වැඩි වාර ගණනක් ජලය සැපයීම සුදුසුය.

වල් පැළ පාලනය

කංකුන් සමඟ වැඩෙන වල් පැළෑටි වරින් වර ගලවා ඉවත් කොට ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගත යුතුය.

පළිබෝධ කළමනාකරණය

පත්‍ර  හකුළන හා කාදමන දළඹුවන්, කුරුමිණියන් හා පණුවන්, කූඩිත්තන්,පැළමැක්කන් මයිටාවන් හා වටපණුවන්

කෘමිහානිය වසංගත තත්වයට පත්වන්නේ නම්, දඬු සියල්ල කපා පුලුස්සා විනාශ කරන්න

අලුතින් දලුලන අවස්ථාවේදී අවශ්‍ය නම් පමණක් කෘමිනාශක යොදන්න

රෝග කළමනාකරණය

මෙය ඇල්බියුගෝ දිලීර විශේෂය (Albugo sp) නිසා ඇති වේ.

 රෝගය පැතිරීම  (Disease spread)  : මෙය අසාදිත ශාක කොටස්  සහිත පස් හා සුළඟ මගින් පැතිරේ.

රෝග ලක්ෂණ(Disease symptoms)

  • පත්‍ර යටි පැත්තේ සුදු පාට පුල්ලි හට ගනී. පත්‍ර යටි පැත්තේ  පුල්ලි වල සුදු පාට පිටි වැනි දිලීර බීජාණු ඇති වේ.  කදේ පාදස්ථ කොටස සාමාන්‍ය ප්‍රමාණයට වඩා මහත් වේ. අග්‍රස්ථ අංකුරයේ පත්‍ර යටි පැත්තට හැකිළී වැඩීම නවතී. හානි වු පත්‍ර කහ වී පසුව හැලී යයි.

සුදු මලකඩ රෝග පාලනය (Control of White Rust Diseases)

  •  රෝගි තත්වය තීව්‍ර ලෙස පැතිරී යයි නම් ඉක්මනින් අස්වනු කපා රෝගී ශාක කොටස් ගලවා ඉවත් කර පුළුස්සා දැමීම.
  • වගාව සදහා නිසි ආකාරව පෝෂණය ලබා දීම.
  • අනවශ්‍ය ලෙස නයිට්‍රජනීය පොහොර යෙදිෙමන් වැළකීම
  • බෝග මාරුව අනුගමනය කිරිම
  • නැවත වගාවකදී නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය.

වානිජ වගාවන් සදහා දිලීරනාශක යෙදිම.

  • සෑම අස්වනු නෙලිමකටම පසු නිර්දේශිත ආකාරයට N හා K පොහොර යෙදිම. ඉන්පසු දළු දමන විට පහත නිර්දේශිත දීලීරනාශකයක් යෙදිම.
    • මැන්කොසෙබ් 80 % WP- 32 g ක් ජලය ලීටර 16 ටැංකියකට
    • ක්ලෝරොතැලොනිල් 75% WP- 20 g ක් ජලය ලීටර 16 ටැංකියකට
    • ක්ලෝරොතැලොනිල් 500g/lSC – 30 ml ක් ජලය ලීටර 16 ටැංකියකට

දින 7 ත් 10ත් අතරකදී ඉහත දීලීරනාශක් නැවතත් යොදන්න.

සැ.යු.- ඵකම දිලීරනාශකය දිගටම භාවිතා කිරීම මගින් ඵම දිලීර වලට ඔරොත්තු දීමේ ශක්තියක් ලබාගත හැක. එම නිසා දිලීරනාශක යෙදීමේදී හැකි සෑම විටම දිලීරනාශකය වෙනස් කිරීමද අවශ්‍ය වේ.අස්වනු නෙලිමට සති 2 කට පෙර දිලිරනාශක යෙදීම නැවත්විය යුතුය.

ගෙවතු සහ කාබනික ගොවිතැනේදි

ගෙවතු සහ කාබනික ගොවිතැනේදි Trichoderma asperellum (ට්‍රයිකොඩර්මා ඇස්පරලියුම්) සුදු මලකඩ රෝග පාලනය සදහා ද්‍රව ආමුකූලනය භාවිතා කල හැක.

  • රෝපණ ද්‍රව්‍ය ප්‍රතිකාර කිරීම සහ සිටුවිම
    Trichoderma asperellum (ට්‍රයිකොඩර්මා ඇස්පරලියුම්) ද්‍රව ආමුකූලනය (මි.ලි.100 ක් ජලය ලීටර 10ක) මිනිත්තු 10ක් ගිල්වා තබා සිටුවිම.
  • සිටුවීමෙන් පසු සෑම සතියකට වරක් Trichoderma asperellum (ට්‍රයිකොඩර්මා ඇස්පරලියුම්) ද්‍රාවනය පැල හා පස හොදින් තෙමෙන ලෙස ඉසින්න.(පෙර අස්වනු කාලය දින 7).

සැ.යු.- ට්‍රයිකොඩර්මා භාවිතා කරන ඉඩම්වල දිලිරනාශක ඉසිම නොකළ යුතුය.

මෙය සර්කස්පෝරා දිලීර විශේෂය (Cercospora ) නිසා ඇති වේ.

රෝගය පැතිරීම  (Disease spread)  : මෙය අසාදිත ශාක කොටස්  සහිත පස් හා සුළඟ මගින් පැතිරේ.

රෝග ලක්ෂණ(Disease symptoms)

  • රතු හෝ දම් පැහැයට හුරු දුඹුරු පුල්ලි ඇති වී පත්‍රය පුරාම පැතිරේ. පසුව පත්‍රය කහ පැහැ වී මිය යයි.

දුඹුරු පුල්ලි රෝග පාලනය (Control of Brown Leaf Spot Diseases)

  • රෝගි තත්වය තීව්‍ර ලෙස පැතිරී යයි නම් ඉක්මනින් අස්වනු කපා රෝගී ශාක කොටස් ගලවා ඉවත් කර පුළුස්සා දැමීම.
  • වගාව සදහා නිසි ආකාරව පෝෂණය ලබා දීම.
  • අනවශ්‍ය ලෙස නයිට්‍රජනීය පොහොර යෙදිෙමන් වැළකීම
  • බෝග මාරුව අනුගමනය කිරිම
  • නැවත වගාවකදී නිරෝගී රෝපණ ද්‍රව්‍ය භාවිතය.

වානිජ වගාවන් සදහා දිලීරනාශක යෙදිම.

  • සෑම අස්වනු නෙලිමකටම පසු නිර්දේශිත ආකාරයට N හා K පොහොර යෙදිම. ඉන්පසු දළු දමන විට පහත නිර්දේශිත දීලීරනාශකයක් යෙදිම.
    • මැන්කොසෙබ් 80 % WP- 32 g ක් ජලය ලීටර 16 ටැංකියකට
    • ක්ලෝරොතැලොනිල් 75% WP- 20 g ක් ජලය ලීටර 16 ටැංකියකට
    • ක්ලෝරොතැලොනිල් 500g/lSC – 30 ml ක් ජලය ලීටර 16 ටැංකියකට

දින 7 ත් 10ත් අතරකදී ඉහත දීලීරනාශක් නැවතත් යොදන්න.

සැ.යු.- ඵකම දිලීරනාශකය දිගටම භාවිතා කිරීම මගින් ඵම දිලීර වලට ඔරොත්තු දීමේ ශක්තියක් ලබාගත හැක. එම නිසා දිලීරනාශක යෙදීමේදී හැකි සෑම විටම දිලීරනාශකය වෙනස් කිරීමද අවශ්‍ය වේ.අස්වනු නෙලිමට සති 2 කට පෙර දිලිරනාශක යෙදීම නැවත්විය යුතුය.
ගෙවතු සහ කාබනික ගොවිතැනේදි

ගෙවතු සහ කාබනික ගොවිතැනේදි

Trichoderma asperellum (ට්‍රයිකොඩර්මා ඇස්පරලියුම්) දුඹුරු පුල්ලි රෝග පාලනය සදහා ද්‍රව ආමුකූලනය භාවිතා කල හැක.

  • රෝපණ ද්‍රව්‍ය ප්‍රතිකාර කිරීම සහ සිටුවිම
    Trichoderma asperellum (ට්‍රයිකොඩර්මා ඇස්පරලියුම්) ද්‍රව ආමුකූලනය (මි.ලි.100 ක් ජලය ලීටර 10ක) මිනිත්තු 10ක් ගිල්වා තබා සිටුවිම.
  • සිටුවීමෙන් පසු සෑම සතියකට වරක් Trichoderma asperellum (ට්‍රයිකොඩර්මා ඇස්පරලියුම්) ද්‍රාවනය පැල හා පස හොදින් තෙමෙන ලෙස ඉසින්න.(පෙර අස්වනු කාලය දින 7).

සැ.යු.- ට්‍රයිකොඩර්මා භාවිතා කරන ඉඩම්වල දිලිරනාශක ඉසිම නොකළ යුතුය.

අස්වනු නෙළීම

උස් බිම් වල වගා කළ විට කංකුන් සිටුවා දින 30 කට පමණ පසුද පහත් බිම් වල වගා කළ විට සිටුවා දින 30 කට පමණ පසුද පළමු අස්වැන්න ලබා ගත හැකි වේ. ඉන්පසු සෑම දින 20 කට 25 කට පමණ වරක් අස්වැන්න ලබා ගත හැකිය.

අස්වැන්න

වර්ග මීටර් 1000 ක වගාවකින් වරකට කි.ග්‍රෑ. 2000 අස්වැන්නක් (2000kg/ 1000m2) ලබාගත හැකිවේ.