Sinhala: HORDI Crop – Innala

HORDI - LOGO

ඉන්නල

Coleus rotundifollius /Solenastemon rotundifolius

බෝල වර්ගය “බිනරි” නමින් නිකුත් කර ඇති අතර මෙයට වැඩි රුච්කත්වයක් දක්වයි.

අප්‍රිකාවේ  සම්භවය වී ලංකාව, ඉන්දියාව, චීනය, ජාවා දූපත්වලට හදුන්වාදී ඇති ඉන්නල Lamiacea  කුලයට අයත් වන අතර උද්භිද විද්‍යාත්මකව    Solenastemon rotundifolius ලෙස හදුන්වනු ලැබේ. දේශීයව ඉන්නල සඳහා ඉහල ඉල්ලුමක් පවතින අතර එය අද විදේශ විනිමය උපයන සම්ප්‍රදායික නොවන අපනයන බෝගයකි.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

හොඳින් වසර පුරා ව්‍යාප්ත වූ වර්ෂාපතනක් පැවතීම. සාර්ථක වර්ධනය සඳහා දිවා කාලයේ අධික උෂ්ණත්වයකුත් මූලාකන්ධ වර්ධනය සඳහා රාත්‍රී උෂ්ණත්වය අඩු විමත් යෝග්‍ය වේ. තෙත් කලාපයට වඩාත් සුදුසු බෝගයක් වන ඉන්නල  ගාල්ල, කළුතර, කොළඹ,ගම්පහ, මාතලේ,මාතර, රත්නපුර වැනි  දිස්ත්‍රික්ක වල හොඳින් වගා කල හැකිය. ඊට අමතරව කුරුණෑගල වැනි අතරමැදි කලාපයේ දිස්ත්‍රික්ක වලත් අම්පාර,හම්බන්තොට වැන් වියළි කලාපීය දිස්ත්‍රික්ක වලත් වගා කල හැකිය.

පස

ජලවහනය හොඳින් සිදු වන සැහැල්ලු වැලි සහිත ලෝම පසක් ඉන්නල වගාව සඳහා යෝග්‍ය වේ.

රෝපණ ද්‍රව්‍ය වල අවශ්‍යතාවය

බිම් සැකසීම

ඉන්නල බොගයේ අල වර්ධනයට උචිත ලෙස සැකසෙන ඕනෑම සැහැල්ලු පාංශු පරිසරයක  බෝගය වැඩි අස්වනු ලබා දේ. පාත්තියක හෝ සමතලා භූමියක වගා කර වර්ධනයත් සමඟ පස් ලං කිරීම ඉන්නල බෝගයේ මූලික සිද්ධාන්තයයි. මේ අනුව  වගාව සිටුවන රටාව  , කන්නය හා කලාපය  අනුව විවිධ වූ ක්‍රමයන්  අනුවර්තනය වී ඇත.

මහ කන්නය

වියළි කලාපයේ ගොඩ ඉඩම් වල සමතලා බිමෙහි පාත්ති සකසා 12-15cm  පමණ දික්වූ කෙටි රිකිලි ,50cm x 50cm පරතරටය සිටුවීම .

යල කන්නය

30cm පමණ දික්වු රිකිලි , 30*30cm  පරතරයට සිටුවීම.

තවාන් කළමනාකරණය

පෙර කන්නයේ  අස්වැන්නෙන් නිරෝගී බීජ අල තෝරා අංකුර ඇදීම සඳහා තැබිය යුතුය. ඒ සඳහා බීජ අල සිමෙන්ති යෙදූ බිමක අතුරා තැබිය හැකිය වැලි සහිත ලොම් පසක් ඇති ජල වහනය හොඳින් සිදුවන ස්ථානයක තවාන් පිළියෙල කර අංකුර ඇද්දවූ බීජ අල  50cm පරතරයට තවානේ සිටුවිම . තවානේ බීජ සිටුවීමට  පෙර 4m2 කට පහත පරිදි මූලික පොහොර යෙදිම.
යුරියා ( Urea) 15g
මියුරේට් ඔෆ් පොටෑෂ්  (MOP) 25g
ට්‍රිපල් සුපර් පොස්ෆේට් (TSP) 40g
ගොම 10-12kg
මෙසේ සකස් කර ගත් තවානේ දඩු වර්ධනය වැඩි කර ගැනීම සඳහා ගව මූත්‍රා  හෝ රසායන පොහොර යෙදිය හැකිය. සති 3-6 දී පමණ ගව මූත්‍රා හා ජලය 1:1  ලෙස යොදා සකස්    කර යෙදීම හෝ දියර පොහොර යෙදිය හැකිය . උදා  : Albert solution : Green care , Crop Master සති 2-3 පමණ යුරියා හා මියුරේට් ඔෆ් පොටෑෂ් 10g බැගින් 1m2 සඳහා යෙදිය හැක. සිටුවීමට බලාපොරොත්තු වන කෂේත්‍රයේ ප්‍රමාණයෙන් 12-15% ක වපසරියක තවානක් සකසා ගැනීම මඟින් රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය පිරිමසා ගත හැකිය. යල කන්නයේදි අප්‍රේල් මැයි මාස වලදිද මහ කන්නයේදී ජූලී අගෝස්තු මාස වලදීද  තවන් දැමීම මඟින් නියමිත කාලයට වගා කිරීම  සඳහා දඩු ලබා ගත හැකිය. සති 6-8 කදී පළමු දඩු අස්වැන්න  ලබා ගත හැකිය.

සිටුවීම

දේශගුණික කලාපය හා කන්නය අනුව වගා කිරිමේ ක්‍රම වල  විවිධත්වයක්  පවතී. දිවයිනේ තෙත් කලාපයේ ඉන්නල වගා කරනුයේ වැසි සමඟ ජූනි-ජූලි  මාස වලය . වියළි හා අතරමදි කලාප වල වගාව ස්ථාපනය කරනුයේ මහා වැසි සමඟ සැප්තැම්බර්- ඔක්තොම්බර්  මාස වලය

තුන් වන කන්නයේ වගාව

අගෝස්තු මස ක්‍ෂේත්‍රෙය් සිටු වීම  කරනු ලැබේ.මෙය වී වගාවේ අස්වනු නෙලා අවසන් වූ පසු බිම් සකස් කර සිදු කරනු ලැබේ.

පරතරය

එක වලක එක අලය බැඟින් අංකුර ඇද්දවූ බීජ පැල අගල් 6 පරතරයෙන් සිටුවිය යුතුය.

යල කන්නයේදී වැඩි පරතරයකින් (30 සෙ.මී x 30 සෙ.මී) දික්වූ රිකිලි භාවිතයද මහ කන්නයේදී අඩු පරතරයකින්ද (15 සෙ.මී. x 15 සෙ.මී.) කෙටි රිකිලිද භාවිතා කරයි

පොහොර

ඉහත ආකාරටය සිටුවා ගන්නා ලද ඉන්නල පේලි වලට පස් ලං කිරීම වැදගත් වේ.එමගින් සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකිය. බෝගය කහ පහැ වී පරිනත අවස්ථාව වන විට අවම වශයෙන් තුන් වතාවක් පස් ලංකිරිම මඟින්  ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකිය. ගුණාත්මක බව වැඩි ඉහළ අස්වැන්නක් ලබාගැනීමට කාබනික පොහොර මෙන්ම අකාබනික පොහොරද ඉන්නල වගාව සඳහා නිර්දේශ කර ඇත. කාබනික පොහොර ලෙස ගොම පොහොර යෙදීමෙන් වඩාත් සාර්ථක අස්වැන්නක් ලබා ගක හැකිය.

මල් පිපීමට පෙර පොහොර යෙදීම කල යුතුය.

යොදන අවස්ථාව

 

Urea (kg/ha)TSP (kg/ha)MOP(kg/ha)
සිටුවිමට පෙර150
සිටුවා සති 2කට පසු6560
සිටුවා සති 6-8කට පසු6590
සිටුවා සති 10-12 කට පසු60

පසේ pH අගය 5ට වඩා අඩු නම් පැළසිටුවීමට සති 2කට පමණ පෙර අළුහුණු හෝ ඩොලමයිට් 1-2ton/ha යෙදීම මඟින් පසේ  ph අගය පාලනය කර ගත හැකිය .

සති 10 දී යොදන MOP මඟින් ඇති වූ අල වල විශාල වීමත් අලයේ පොත්ත දැඩි හා සුමට කරමින් ගුණාත්මක අස්වැන්නක් ලබා දේ.

ජල සම්පාදනය

වල් පැළෑටි පාලනය

පළිබෝධ කළමනාකරණය

ඉන්නල වගාව සඳහා හදුනාගත් වැදගත් රෝග හා කෘමි හානි නොමැති අතර දිගින් දිගට  එකම ක්ෂේත්‍රයේ ඉන්නල වගා කිරීමෙන් වට පණු හානි ඇති විය හැකියි.

වටපණුවන් මඟින් මූල ගැටිති ඇති කිරීම මඟින් ශාකයේ වර්ධනය දුර්වල වී මැරී යාම සිදු විය හැකියි.

මෙය මඟහරවා ගැනීමට

  • නිරෝගී බීජ අල භාවිතය
  • කාබනික කුකුල් පොහොර භාවිතය  කල හැකිය.

රෝග කළමනාකරණය

ඉන්නල වගාව සඳහා හදුනාගත් වැදගත් රෝග හානි නොමැති අතර දිගින් දිගට  එකම ක්ෂේත්‍රයේ ඉන්නල වගා කිරීමෙන් වට පණු (නෙමටෝඩාවන්) හානි ඇති විය හැකියි.

වටපණුවන් මඟින් මූල ගැටිති ඇති කිරීම මඟින් ශාකයේ වර්ධනය දුර්වල වී මැරී යාම සිදු විය හැකියි.

මෙය මඟහරවා ගැනීමට

  • නිරෝගී බීජ අල භාවිතය
  • කාබනික කුකුල් පොහොර භාවිතය  කල හැකිය.

අස්වනු නෙළීම

ජනවාරි – පෙබරවාරි මාස වල අස්වනු නෙලිම සිදුකරන අතර ,සීරීම්,තුවාල වීම් නොවන පරිදි  අස්වවු නෙලා ගැනීමට වග බලා ගත යුතුය.

බෝගය පරිනත අවස්ථාවට පත්වූ පසු පත්‍ර කහ පාටට හැරේ .එම අවස්ථාවේදී අස්වනු නෙලීම කල යුතුය.

අල වලට  හානි නොවන පරිදි අත් මුල්ලුවකින්  පස් බුරුල් කර අස්වනු නෙලීමෙන් ගුණාත්මක අස්වැන්නක් ලබා ගත හැකිය

අස්වනු නෙලීම ප්‍රමාද වුවහොත් අප වල පිටි ස්වභාවය අඩු වීමත් , අල පැළ වීමත්  සිදුවේ.

පළුදු නොවූ අල ගුණත්වය ආරක්ෂා  වන පරිදි මාස 1-2 පමණ ගබඩා කර තබා ගත හැකිය.

අස්වැන්න

සමාන්‍ය  අස්වැන්න 10-12ton/ha පමණ වේ.

එය ඉතා යෝග්‍ය  තත්ව යටතේ 18-20ton/ha දක්වා ඉහළ නංවා ගත හැකිය .