Sinhala: HORDI Crop – Cauliflower

HORDI - LOGO

මල් ගෝවා

Brassica oleracea var. botrytis

විදේශීය සම්භවයක් සහිත ලංකාවේ විවිධ ප්‍රදේශවල වගා කළ හැකි විවිධ ප්‍රභේද සහිත හඳුන්වා දෙන ලද පෝෂණයෙන් ඉහළ බෝගයකි.

නිර්දේශිත ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

සෑම කෘෂි දේශගුණික කලාපයකම වගා කළ හැක. උඩරට ,පහතරට සහ අතරමැදි කලාප වල වගා කළ හැකි ප්‍රභේද පවතී.

පස

හොඳින් ජලය වහනය වන පසක් උචිතය. මැටිමය ලෝම සහ රොන් මඩ සහිත පස්වල වඩාත් ඉහල අස්වැන්නක් ලබා ගත හැක. ප්‍රශස්ත පී.එච්. අගය 6 – 6.8 වේ.

වගා කළ යුතු කාලය

මැද රට තෙත් කලාපය – පැළ සිටුවීමට ජනවාරි, පෙබරවාරි හා නොවැම්බර්, දෙසැම්බර් සුදුසුය.
උඩරට තෙත් කලාපය – පැළ සිටුවීම සඳහා ජනවාරි, පෙබරවාරි, මාර්තු හා ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර් සුදුසුය.
උඩරට අතරමැදි කලාපය – පැළ සිටුවීමට ජනවාරි, පෙබරවාරි හා නොවැම්බර්, දෙසැම්බර් සුදුසුය.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට ග්‍රෑම්. 300

පරතරය

පේළි අතර සෙ.මී. 40 – 50 පැළ අතර සෙ.මී. 40

ක්ෂේත්‍රය සකස් කිරීම සහ සිටුවීම

සෙ.මී. 30 – 40 ගැඹුරට පස පෙරලා කැට පොඩි කර බිම මට්ටම් කර සති 3 – 4 පමණ වයස නිරෝගී බීජ පැල උස් පාත්ති වල හෝ වැටි වල සිටුවිය යුතුය.

තවාන් කළමනාකරණය

මීටර් 1 පළල සෙ.මී. 20 උස, සියුම් පසක් සහිත උස් පාත්ති සකසා බීජ වැපිරීම හෝ පේළියට දැමීම සිදු කළ හැක.

පොහොර

නුවරඑළිය දිස්ත්‍රික්කය

යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

 –

270

 75

සිටුවා සති 02 පසු

110

 –

සිටුවා සති 05 පසු

110

75

සිටුවා සති 08 පසු

110

සෙසු දිස්ත්‍රික්ක

යෙදිය යුතු අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට්

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

110

270

75

සිටුවා සති 03 පසු

110

සිටුවා සති 06 පසු

110

75

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව
කිරීම වඩාත් යෝග්‍ය වේ.

ජල සම්පාදනය

පැළ ක්ෂේත්‍රයේ සංස්ථාපනය වන තුරු දිනපතා ජලය යොදන්න. ඉන්පසු සති දෙකක් දක්වා දින දෙකකට වරක් ජලය යොදන්න. ඉන්පසු වර්ෂාපතනය සැලකිල්ලට ගෙන ජල සම්පාදනය කරන්න.

වගාව රැක බලා ගැනීම

ළපටි පැළ මැලවී යාම වැලැක්වීම සඳහා සෙවන සැපයිය යුතුය. ඒ සඳහා කෙසෙල් පත්‍ර උපයෝගී කරගත හැක. පුෂ්ප මංජරි සෑදීමට ආරම්භ වන විට එයට හිරුඑළිය නොවැටෙන සේ ඊට යාබදව පහලින් ඇති මල් ගෝවා පත්‍ර මඟින් මල ආවරණය කළ යුතුය.

වල් පැළෑටි පාලනය

සිටුවා සති 2 දී හා සති 4 දී අතින් වල් පැළ ඉවත් කරන්න.

පළිබෝධ කළමනාකරණය

ලුපර් දළබුවා, දියමන්ති සලබයා, කියත් පණුවා, ගෙඩි විදින දළබුවා යන කෘමි පලිබෝධකයන් වගාවේ දී දැකිය හැකි අතර හානියේ ස්වභාවය හා පාලනය ගෝවා වලට සමාන වේ.  

රෝග කළමනාකරණය

බරවා රෝගය, කළු කුණුවීම, බැක්ටීරියා මෘදු කුණුවීම, යටිපුස් රෝගය වගාවේදී බහුලව දැකිය හැකි අතර  දියමලන්කෑම තවාන් අවස්ථාවේදී ඇති විය හැක. රෝග ලක්ෂණ හා පාලනය ගෝවා වගාවට සමාන වේ.

රෝග කාරකය: Plasmodiaphora brassicae

රෝග ලක්ෂණ  

  • ශාක වල මුල් මහත් වී අලයක් වැනි ස්වභාවයට පත්වේ.
  • හානිය නිසා වගාවෙහි අස්වැන්න මුළුමනින්ම විනාශ විය හැකිය.

පාලනය

  • පස පරික්ෂා කර බලා අවශ්‍ය නම් අළුහුණු යොදා පි.එච්. අගය ඉහල නැංවීම
  • රෝගය වැළදුණු ගෝවා ශාකවල මුල් ගලවා පුළුස්සා දැමීම
  • ගෝවා කුලයේ නොවන බෝග (බෝංචි, තක්කාලි, අර්තාපල්) සමඟ වසර හතරක් පමණ බෝග මාරුවක් සිදුකිරීම මගින් රෝගය අවම කල හැකිය

රෝග කාරකය: Fusarium , Phythium , Rhizoactonia spp.

රෝග ලක්ෂණ  

  • මෙම රෝගය ආසාධනය වූ විට කුඩා පල අවධියේදී කඳ පස සමග ස්පර්ශ වන ස්ථානයෙන් කඳ කුණු වී පැළ මැරී යයි.

පාලනය

  • තවාන් දැමීමට පෙර පිළිස්සීම මගින් හෝ දිලීරනාශක භාවිතයෙන් (තයෝෆිනේට්, මීතයිල් හෝ තිරාම් අඩංගු) පසෙහි පවතින රෝග කාරක අවම කිරීම
  • බීජ ප්‍රරෝහණය වූ පසු රෝගය ඇතිවන්නේ නම් ඉහත දිලීරනාශක ද්‍රාවණයක් පස හොදින් තෙත් වන ලෙස යෙදීම

අස්වැන්න නෙලීම හා සැකසීම

සිටුවා දින 60-75 පමණ අස්වැන්න ලබාගත හැක.ප්‍රභේද අනුව සහ දේශගුණික කලාප අනුව විවිධත්වයක් පවතී.

අස්වැන්න

හෙක්ටයාරයකට ටොන්. 6.0 – 9.0 කි