Sinhala: HORDI Crop – Carrot

HORDI - LOGO

කැරට්

Daucus carota

කැරට් ඒපියේෂියේ කුලයට අයත් වේ. මෙම බෝගය සියළුම කෘෂිපාරිසරික කලාප තුල සාර්ථකව වගා කල හැකිය.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උඩරට සීතල ප්‍රදේශයේ කැරට් සාර්ථකව වගා කල හැකිය. අනෙකුත් සියළුම කෘෂි පාරිසරික කලාපවල ද හොඳින් වගා කල හැකිය.

පස

කාබනික ද්‍රව්‍ය වැඩිපුර ඇති,  හොඳ ජලවහනයක් සහිත ඉඩම්වල පස සියුම්ව සකසා ගැනීම අවශ්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

 හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 4 කි

තවාන් කළමනාකරණය

සෘජු රෝපණය බැවින් තවාන් පාලනයක් අවශ්‍ය නොවේ

බිම් සැකසීම

30 cm ගැඹුරට පස පෙරලා, පස සියුම් වන සේ සකසා ගත යුතුය. මීටර් එකක් පළල උස් පාත්තිවල බීජ වැපිරීම කරයි.

බීජ සිටුවීම

කුඩා ඇලියක් සකසා පේලි ආකාරයට බීජ සිටුවයි.

පරතරය

පේලි අතර පරතරය 25 cm ක්  බීජ සිටුවා, පැල අතර පරතරය 5 cm තබා පැල තුනී කිරීම

පොහොර

කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

270

මතුපිට පොහොර (සිටුවා සති 03 දී)

55

43

මතුපිට පොහොර (සිටුවා සති 06 දී)

82.5

63.5

මතුපිට පොහොර (සිටුවා සති 08 දී)

82.5

63.5

මතුපිට පොහොර (සිටුවා සති 09 දී)

110

85

ජල සම්පාදනය

කැරට් මුල් වර්ධනය වන අවධිය ජලයහොඳින් ජලසම්පාදනය අවශ්‍ය වේ. හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා සුළු වශයෙන් නිතර ජල සැපයීම සිදු කල යුතුය.

වල් පැළෑටි පාලනය

රසායනික හෝ අතින් ගලවා වල් මර්ධනය කල හැකිවේ. පූර්ව නිර්ගමන වල්නාශකයක් වන මෙට්‍රිබියුසීන්, බීජ පැලවීමට පෙර, හෙක්ටයාරයට ග්රෑම් 350 යෙදිය යුතුය.

පළිබෝධ කළමනාකරණය

වියළි කාලගුණ තත්ත්වයන් යටතේ වැඩි හානියක් සිදු කරන ප්‍රධාන කෘමි පළිබෝධකයෙකි.

හානිය
සුහුඹුල් ගැහැණු මැස්සන් යුෂ උරා බීමට හා බිත්තර දැමීම සඳහා පත්‍ර සිදුරු කරයි. එනිසා පත්‍ර වල සුදු පැහැති ලප ඇතිවේ. මේ තුළින් ජලය වාෂ්ප වීම නිසා පත්‍ර වියලීමට ලක්වේ.
කීටයින් පත්‍රයේ අභ්‍යන්තර කොටස් ආහාරයට ගනිමින් පෝෂණය වන අතර, මේ නිසා පත්‍රයේ සිහින් සුදු පැහැති උමං ඇති වේ. මෙමගින් පත්‍රයේ ප්‍රභාසංස්ලේෂණය අඩාල වේ. තුවාල වූ පත්‍ර තුලට දිලීර හෝ වෙනත් රෝග කාරක වලට පහසුවෙන් ඇතුළුවීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම නිසා ද්වීතීක ආසාදන ඇති වේ.

පාලනය
■ නිරන්තර වගා පරීක්ෂාව
වගාව ස්ථාපනයට පෙර හා වගාව ස්ථාපනයෙන් පසු ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කල යුතුය. මෙමගින් හානිය ආරම්භක අවස්ථාවේදීම හඳුනාගත හැකි වේ.

■ ස්වාභාවික සතුරන් මගින් ස්වභාවික ජෛව පාලනය සාර්ථකව සිදු කල හැකි Hymenoptera  ගෝත්‍රයට අයත් විශේෂ 3 ක් හඳුනාගෙන ඇත.

    • Diglyphas isaea
    • Hemiptersenus semiabiclavus
    • Opius Spp

මෙම ස්වභාවික සතුරන් තම වගා ක්ෂේත්‍රයේ බෝකර ගැනීම පහත ලෙස සිදු කල හැකිය.
මේ සඳහා අඩු වියදම් ලී කූඩුවක් හෝ සුදු පොලිතින් භාවිතා කල හැකිය. මෙහිදී අස්වැන්න නෙලන ලද වගාවක ඉවතලන පත්‍ර සාදා ගන්නා ලී කූඩුව තුල තුනීවට අතුරන්න. බිහිවන පරපෝෂිතයින් චුෂකයක් මගින් එකතු කර ක්ෂේත්‍රයට මුදා හරින්න. දින 2-3ක් පරපෝෂිතයන් එක් කර අනතුරුව එම පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න.
සුදු පැහැති පොලිතින් ක්ෂේත්‍රයේ එළා එය මත ශාක පත්‍ර තුනීවට ඇතිරිය හැකිය. මෙහිදී පරපෝෂිතයන් කෙලින්ම ක්ෂේත්‍රයට නිදහස් වේ. මෙහිදීද දින 2-3 කට පසුව ශාක පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න.

■ කහ පොලිතින් උගුල
ග්‍රීස් යෙදූ කහ පොලිතින් ක්ෂේත්‍රයේ තැන තැන සවි කිරීම. කහ පැහැයට ආකර්ෂණය වන සුහුඹුල් මැස්සන් මින් පාලනය වෙි

■ සමනල අතංගුව භාවිතය
පත්‍ර කණින්නාගේ ගහන අධික විට,පතු කණින්නා සක්‍රීය වන උදේ කාලයේදී සමනල අතංගුව භාවිතා කර සුහුඹුල මැස්සන් ගහනය අඩු කර ගත හැකිය.

■ වගා කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රරය වටා වගාවට ප්‍රථම අඩි 05ක් පමණ උසට දැලක් ගැසීම.

■ වල් පැළෑටි හා පිලා කෝෂ විනාශ කිරීම සඳහා ගැඹුරට සී සෑම.

■ වගාව සඳහා යොදා ගන්නා ක්ෂේත්‍රයේ පත්‍ර කණින්නා ආසාධිත පරණ පත්‍ර වගාවන් ඉවත් කිරීම හා පත්‍ර කණින්නාගේ හානිය සහිත පත්‍ර කඩා වලලා දැමීම.

■ පත්‍ර කණින්නාගේ හානිය සහිත පැල තවාන් වලින් තෝරා නොගැනීම.

■ රසායනික මර්ධනය
කෘමිනාශක යෙදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ නිර්දේශිත කාමිනාශක පමණක් යෙදීමයි. හානිය මුල් අවධියේදීම නිරීක්ෂණය කරනු ලැබුවේ නම් හානිවූ පත්‍ර ඉවත් කර කොහොඹ නිස්සාරකයක් යෙදීම සිදු කල හැකිය –  640g/16 L

පළිබෝධ ගහනය හානිදායක මට්ටමට ලගාවී ඇත්නම් පහත කෘමිනාශක යෙදිය හැකිය.

    • Azadiractin 1% EC    –           16ml/16L
    • Abamectin 18g/L EC   –           9.6ml/16L

හානිය
රාත්‍රියේදී වඩාත් සක්‍රීය වන කීටයන් විසින් ලපටි ශාක පා මුලින්ම සපා බිම හෙලනු ලබයි. වියලි කාලගුණ තත්ත්ව වලදී හානිය වඩාත් බහුලය. ආකන්ධ වර්ධනය වන කාලයේදී පසෙහි කීටයන්ගේ ගහනය අධික නම් ආකන්ධ කා දැමීම මගින් වෙළඳපොල වටිනාකම අහිමි කරයි.

පාලනය
■ හොඳින් ගැඹුරට සී සෑම මගින් කීට හා පිලා අවධි පස මතු පිටට පැමිනෙන අතර විලෝපිත පක්ෂීන්ගේ ගොඳුරු බවට පත්ව විනාශ වෙි.
■ ක්ෂේත්‍රය තුල හා අවට හොඳින් වල් මර්ධනය කිරීම හා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව
■ නිරතුරුව ක්ෂේත්‍ර පරීක්ෂාව මගින් ගහනය අවම මට්ටමක පවතින අවස්ථාවේදී පස තුල සැගවී සිටින කීටයන් අතින් අහුලා දැමීම.
■ හානිය අධික නම් පැල සිටවූ විගස නිර්දේශිත කෘමිනාශක යොදන්න.

    • Profenophos 500g/LEC          –           32ML/16L
    • Etofenprox 100g/LEC                        –           24ML/16L

හානිය හඳුනා ගැනීම
අවම වටපණු ගහනයක් යටතේ රෝග ලක්ෂණ දක්නට නොලැබේ.

ගහනය අධික වූ විට ක්ෂේත්‍රයේ තැන තැන ශාක කහ වීම, කුරු වීම, මැල වීීම හා ඒකාකාරී වර්ධනයක් නොපෙන්වීම දැකිය හැකිය
මෙවැනි ශාකයක මූල මණ්ඩලය පරික්ෂා කිරීමෙිදී ප්‍රධාන වශයෙන් මුල් වල ගැටිති දැකිය හැකිය
එලෙසම ආකන්ධයේ බෙදීම්, විකෘති ආකන්ධ, කිරි මුල් ඇතිවීම් දැකිය හැකිය

පාලනය

ආසාධනයට ලක් නොවූ ක්ෂේත්‍ර එම තත්ත්වයෙන්ම පවත්වා ගැනීම.
■ ආසාධිත ක්ෂේත්‍රවල භාවිතා කරන ලද උපකරණ ආසාධනය නොවූ ක්ෂේත්‍ර වල භාවිතා නොකිරීම හෝ උපකරණ හොඳින් පිරිසිදු කර භාවිතා කිරීම.
■ ක්ෂේත්‍රය අවට ආසාධිත ක්ෂේත්‍ර ඇත්නම් එම ක්ෂේත්‍ර හරහා තම ක්ෂේත්‍රයට සතුන් ඇතුළු වීම,ජලය ඇතුළු වන ක්‍රම වැලැක්වීම


ආසාධනය වී ඇති ක්ෂේත්‍ර
■ හොඳින් පස පෙරලා දින කීපයක් හිරු එළියට නිරාවරනය කිරීම
■ බෝග මාරුව
■ අනිකුත් කාබනික පොහොර වලට අමතරව පැල සිටුවීමට සති දෙකකට පෙර කුකුල් පොහොර යෙදීම

හානිය
බීජ පැල වන අවස්ථාවෙි ලපටි අංකුර කා දැමීම සිදු කරයි. මෙමගින් වගාව සම්පුර්ණයෙන්ම විනාශ වේ. වර්ෂාපතනය වැඩි කාලවලදී හානිය බහුලව දැකිය හැකිය.

පාලනය.
■ ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව ඉහල දැමීම හා වල් මර්ධනය
■ දිවා කාලයේ සැගවී සිටිය හැකි ස්ථාන ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම
■ රාත්‍රි කාලයේදී ක්ෂේත්‍ර පරීක්ෂා කර අතින් එකතු කර විනාශ කිරීම
■ ක්ෂේත්‍රයේ තැන තැන ඇම තැබීම
■ නිර්දේශිත ගොළුබෙලි නාශක යෙදීම

    • Metaldehyde 3% RB  –           10 – 40Kg/ha
    • Metaldehyde 4% RB  –           10 – 40Kg/ha
    • Metaldehyde 5% GR  –           10 – 40Kg/ha

රෝග කළමනාකරණය

  • නීරෝගී රෝපන ද්‍රව්‍ය භාවිතය
  • ක්‍ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
  • නිර්දේශිත දිලිර නාශත භාවිතය Mancozeb, Maneb
  • ක්‍ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
  • ක්‍ෂේත්‍රයේ ජල වහන තත්වය දියූණු කිරීම

අස්වනු නෙළීම

පස බුරුල් කරල 5 cm පමණ ප්‍රමාණයේ විශාල කැරට් අල ගැලවීම කරයි

අස්වැන්න

හෙක්ටයාරයකට ටොන් 30-40 කි