Sinhala: HORDI Crop – Cabbage

HORDI - LOGO

ගෝවා

Brassica oleraceae Capitata group

ගෝවා බ්‍රැසිකේසියේ කුලයට අයත් බෝගයකි. මෙම බෝගය සියළුම කෘෂි පාරිසරික කලාප වල වගා කල හැකිය.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උඩරට සීතල ප්‍රදේශවල ගෝවා සාර්ථකව වගා කල හැකිය. ඉහළ උෂ්ණනත්වයට ඔරොත්තු දෙන ප්‍රභේද වියළි කලාපයේ හොඳින් වගා කෙරේ.

පස

හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය වැඩිපුර ඇති පසක් ගෝවා වගාව සඳහා සුදුසු ය. පී.එච් අගය 6-6.5 අතර යෝග්‍ය වේ. පස ආම්ලික වූ විට බරවා මුල් රෝගය සෑදීමේ හැකියාව වැඩි වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට  ග්‍රෑම් 200-250 කි

තවාන් පිළියෙල කිරීම

මීටර් 1 x 3 m පමණ ප්‍රමාණයේ , උස 15 cm වන උස් පාත්ති සකසා,  කොම්පෝස්ට් හා මතුපිට පස් එක සමාන ප්‍රමාණ වලින් එකතු කර සාදා ගත් මාධ්‍යක්  5-8 cm පමණ උසට පාත්තිවලට එකතු කරයි.  බීජ 10 cm පරතරයට හා 1 cm ක් ගැඹුරට සිටුවා, තුනී පස් තට්ටුවකින් ආවරණය කරයි. ඉන්පසු තවාන වසුන් කරයි.

බිම් සැකසීම

40 cm පමණ ගැඹුරට පස පෙරලා අළු හුණු එකතු කර බිම සකසා ගනී.

පැළ සිටුවීම

සිටුවීමට සතියකට පෙර පැල දැඩි කර ගත යුතුය. පැල සිටවූ මුල් කාලයේ දවසට දෙවරක්  ජලය සැපයීම කෙරේ.

පරතරය

පේළි අතර සෙ.මී 50 පේළිය තුල සෙ.මී 40

පොහොර

කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර11027075
මතු පිට පොහොර පැල සිටුවා සති 3 දී)11075
මතු පිට පොහොර (පැල සිටුවා සති 6 දී)11075

ජල සම්පාදනය

ගෝවා ගෙඩි වර්ධනය සිදුවන අවධියේ දී හොඳින් ජල සම්පාදනය සිදු කල යුතුය. පැල සිටවූ විගස දිනකට දෙපාරක් ජල සම්පාදනය කෙරේ. ඉන්පසු දිනකට වරක් ජලය යෙදීම සුදුසුය.

වල් පැළෑටි පාලනය

අතුරුයත් ගෑම මඟින් වල් මර්ධනය වේ. මතුපිට පොහොර යෙදීමට පෙර අතින් ගලවා හෝ වල් ඉවත් කල යුතුය.

පළිබෝධ කළමනාකරණය

හානිය

  • හානිය සිදු කරන කීටයා ලා කොල පැහැති කුඩා දළඹුවෙකි
  • නොමේරූ දළඹුවන් පත්‍ර යටි පැත්ත හානි කරන අතර වැඩුනු දළඹුවන් පත්‍ර රවුම් ආකාරයට කා දමයි
  • ගහනය අධික නම් සම්පුර්ණ පත්‍රයම නාරටි පමණක් ඉතිරි වන සේ කාදමයි

හානිය

  • හානිය සිදු කරන කීටයා කොල පැහැති ගමන් කිරීමේදී අඩ මුදුවක් ආකාරයට ගමන් කරන දළඹුවෙකි.
  • විශාල සිදුරු ලෙස පත්‍ර කා දමයි.
  • දළඹුවන්ගේ අපද්‍රව්‍ය  පත්‍ර පාමුල දැකිය හැකිය.
  • ගහනය අධික නම් සම්පුර්ණ පත්‍රයම නාරටි පමණක් ඉතිරිවන සේ කා දමයි.

හානිය
කීටයන් පොකුරක් ලෙස පත්‍ර ආහාරයට ගනිමින් සම්පුර්ණ ශාකයම නාරටි පමණක් ඉතිරි වන සේ කා දමයි
ගෝවා දළඹු සංකීර්ණය පාලනය
■ පැල තවාන් නිරතුරු පරික්ෂාව හා හොඳින් නඩත්තු කිරීම
■ නිරන්තර වගා පරීක්ෂාව
■ බෝග මාරුව
■ අස්වනු නෙලීමෙන් පසු ක්ෂේත්‍රයේ බෝග අවශේෂ විනාශ කිරීම
■ ක්ෂේත්‍ර සනීපාරක්ෂාව
■ ස්වාභාවික සතුරන් බොහොමයක් පරිසරයේ දක්නට ලැබෙන නිසා ස්වාභාවික සතුරන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවශ්‍යය ලෙස කෘමිනාශක නොයෙදීම
■ පළිබෝධ ගහනය හානිදායක මට්ටමට ලගාවී ඇත්නම් පහත කෘමිනාශක යෙදිය හැකිය.

    • Emamectin benzoate 5%SG – 8g/16l
    • Etofenprox 100g/l EC – 24 ml/16l
    • Chlorfluazuron 50g/l EC – 16ml/16l
    • Bistrifluron 100g/l EC – 24 ml/16l
    • Tebufenozide 200g/l SC – 24 ml/16l
    • Chromafenozide 50g/l SC – 32 ml/16l
    • Chlorantraniliprole 200g/ SC – 6ml/16l
    • Lufenuron 50g/l EC – 16ml/16l
    • Spinosad 25g/l SC – 16ml/16l
    • Flubendiamide 24% WG – 6ml/16l

හානිය
රාත්‍රියේදී වඩාත් සක්‍රීය වන කීටයන් විසින් ලපටි ශාක කඳන් පා මුලින්ම සපා බිම හෙලනු ලබයි. වැඩුණු කීටයන් පත්‍ර කා දැමීම දැකිය හැකිය. වියලි කාලගුණ තත්ත්ව වලදී හානිය වඩාත් බහුලය.

පාලනය
■ හොඳින් ගැඹුරට සී සෑම මගින් කීට හා පිලා අවධි පස මතු පිටට පැමිණෙන අතර විලෝපිත පක්ෂීන්ගේ ගොඳුරු බවට පත්ව විනාශ වේ.
■ ක්ෂේත්‍රය තුල හා අවට හොඳින් වල් මර්ධනය කිරීම හා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව
■ නිරතුරුව ක්ෂේත්‍ර පරීක්ෂාව මගින් ගහනය අවම මට්ටමක පවතින අවස්ථාවේදී පස තුල සැගවී සිටින කීටයන් අතින් අහුලා දැමීම.
■ හානිය අධික නම් පැල සිටවූ විගස නිර්දේශිත කෘමිනාශක යොදන්න.

    • Profenophos 500g/LEC          –           32ML/16L
    • Etofenprox 100g/LEC             –           24ML/16L

80-90% පමණ ව්‍යාප්තියක් ගොම පොහොර හා කාබනික ද්‍රව්‍ය ප්‍රවාහනයත් සමඟ සිදු වෙි
කීටයා වර්ධනය වන මුල් හා ලපටි කඳන් මත පෝෂණය වේ

හානිය
ලපටි ශාක මැල වීම හා ඇඹරුනු පත්‍ර සහිත ශාක
මෙවැනි පැලයක් ගලවා මූල මණ්ඩලය පරික්ෂා කිරීමෙිදී සුදු පැහැති ඉහඳ පණුවන් දැකිය හැකිය
පාලනය
■ නිරන්තර වගා පරීක්ෂාව
■ කහ පොලිතින් උගුල
ග්‍රීස් යෙදූ කහ පොලිතින් ක්ෂේත්‍රයේ තැන තැන පොලවට ආසන්නයේ සවි කිරීම මඟින් සුහුඹුල් මැස්සන් පාලනය
■ බෝග මාරුව
■ හානිය සහිත පැල කීට අවස්ථා සමඟම උදුරා ගිනි තැබීම
■ පිලා කෝෂ විනාශ කිරීම සඳහා ගැඹුරට සී සෑම
■ නිවැරදිව හොදින් සකසන ලද කාබනික පොහොර භාවිතා කිරීම

■ හානිය අධික නම් නිර්දේශිත කෘමිනාශක යෙදීම
Fipronil 50 SC

වියළි කාලගුණ තත්වය යටතේ ගහනයේ වැඩිවීම සීග්‍රයෙන් සිදුවේ.
පත්‍ර යටි පැත්තේ පියාපත් සහිත හා රහිත සුහුඹුල් අවස්ථා දැකිය හැකිය.
කොළ,කහ,දම් වැනි විවිධ වර්ණයන්ගෙන් දැකිය හැකි මි.මි 1-3 පමණ මෘදු ශරීරයකින් යුක්තය.

හානිය
ශාක විඳ යුෂ උරා බීම නිසා ශාක පත්‍ර රැලි ගැසීම දැකිය හැකිය. අස්වැන්නේ ගුණාත්මක බව අඩු කරයි

පාලනය
■ ආරම්භයේ සිටම වගාව අධික්ෂණය
මේ සඳහා කහ පාට ආලේපනය කරන ලද ජලය පුරවන ලද බේසම් ක්ෂේත්‍රයේ තැන තැන තැබීම කල හැකිය.
■ ක්ෂේත්‍රයේ හොඳින් වල් මර්ධනය කිරීම මගින් ධාරක ශාක ඉවත් කිරීම.
■ කූඩිත්තන්ගේ ස්වාභාවික සතුරන් බොහොමයක් පරිසරයේ දක්නට ලැබෙන නිසා ස්වාභාවික සතුරන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම.

    • Thiamethoxam 25% WG – 5g /16 l
    • Imidacloprid 70%WG -2g /16 l
    • Thiocyclam (Hydrogen Oxalate) 50% SP – 40g/ 16 l
    • Chlorantraniliprole 20% + Thiamethoxam 20% WG – 5g / 16 l
    • Buprofezin 25% SC -45ml/ 16 l
    • Azadirachtine 5%EC – 16ml/ 16 l

වර්ෂාපතනය වැඩි කාලවලදී හානිය බහුලව දැකිය හැකිය.
හානිය.
අක්‍රමවක් ලෙස පත්‍ර කා දැමීම සිදු කරයි. මෙමගින් වගාවේ වර්ධනය බාල වේ. වෙළඳපොල වටිනාකම අඩු වෙි.

පාලනය.
■ ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව ඉහල දැමීම
■ හොඳින් වල් මර්ධනය
■ දිවා කාලයේ සැගවී සිටිය හැකි ස්ථාන ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම.
■ රාත්‍රි කාලයේදී ක්ෂේත්‍ර පරීක්ෂා කර අතින් එකතු කර විනාශ කිරීම.
■ ක්ෂේත්‍රයේ තැන තැන බීර මණ්ඩි ඇමක් ලෙස භාවිතා කිරීම.
■ නිර්දේශිත ගොළුබෙලි නාශක යෙදීම.

    • Metaldehyde 3% RB  –           10 – 40Kg/ha
    • Metaldehyde 4% RB  –           10 – 40Kg/ha
    • Metaldehyde 5% RB  –           10 – 40Kg/ha

රෝග කළමනාකරණය

  • පිරිසිදු බීජ භාවිතය
  • පසේ pH අගය වැඩි කිරීම – අලුහුනු එකතු කිරීමෙන්
  • බෝග මාරුව ගෝවා කුලයට අයත් නොවන බෝග සමඟ
  • වෙනත් ධාරක ශාඛ ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම
  • පිරිසිදූ උපකරණ භාවිතය
  • ක්‍ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය-Maneb, Mancozeb, Propineb, Tebuconazole
  • රෝග කාරක ආසාදනය නොවූ පිරිසිදූ බීජ සිටුවීමට ගැනීම
  • ක්‍ෂේත්‍රයේ මනා ජලවහන තත්වයක් පවත්වා ගැනීම
  • ක්‍ෂේත්‍රය පිරිසිදූව තබා ගැනීම
  • බෝග මාරුව ගෝවා කුලයට අයත් නොවන බෝග සමඟ
  • නිතරම ක්‍ෂේත්‍රය නිරීක්‍ෂණය කර රෝගී ශාඛ ඉවත් කිරීම
  • ක්‍ෂේත්‍රය පිරිසිදූව තබා ගැනීම
  • නිර්දේශිත දිලීරනාශක භාවිතය- Chlorothalonil
  • ක්‍ෂේත්‍ර සනීපාරක්‍ෂාව
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය
  • රෝග කාරක ආසාදනය නොවූ පිරිසිදූ බීජ සිටුවීමට ගැනීම
  • ක්‍ෂේත්‍රය පිරිසිදූව තබා ගැනීම
  • වෙනත් ධාරක ශාඛ ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම
  • පැල අතර නියමිත පරතරය පවත්වා ගැනීම
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය- Hexaconazole, Teboconazole
  • ක්‍ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
  • වල් පැල පාලනය
  • නිර්දේශිත දිලීර නාශක භාවිතය Captan, Maneb, Mancozeb

අස්වැන්න නෙළීම

පැල සිටුවා දින 90-110 ක් අතර කාලයක දී අස්වනු නෙළිය හැකිය.

අස්වැන්න

හෙක්ටයාරයකට  ටොන් 40-45 කි.