Sinhala: HORDI Crop – Beet Root

HORDI - LOGO

බීට් රූට්

Beta vulgaris

බීට් චේනපොඩියේසියේ කුලයට අයත් බෝගයකි. මෙම බෝගය සියළුම කෘෂි පාරිසරික කලාප වල වගා කල හැකිය.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උඩරට සීතල කලාපයේ බීට් හොඳින් වගා කල හැකිය. අනෙකුත් සියළුම කෘෂි පාරිසරික කලාපවල ද බීට් වගාව සිදු කරයි.

පස

හොඳින් ජල වහනය වන කාබනික ද්‍රව්‍ය වැඩිපුර ඇති පසක් බීට් වගාව සඳහා සුදුසු ය. පී.එච් අගය 6.3-7.3 අතර යෝග්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 5-6

තවාන් කළමනාකරණය

පාත්ති වලට හොඳින් දිරා පත් වූ කාබනික ද්‍රව්‍ය එකතු කර, දිලීරනාශක යොදා හෝ සූර්ය තාපයෙන් හෝ පිදුරු අතුරා ගිනි තැබීම මඟින් හෝ පස ජීවානුහරණය කල යුතුය. 10 cm පරතරයට පේලිවල බීජ සිටුවයි.

බිම් සැකසීම

30 cm ක් ගැඹුරට පස පෙරලා මීටර් එකක් පළල හා 20 cm උස පාත්ති සකසා ගනී.

පැළ සිටුවීම

සති 4-6 ක් පමණ වූ විට පැල සිටුවීම කල හැකිය.

පරතරය

30 x 10 cm

පොහොර

කාබනික පොහොර අවශ්‍යතාවය හෙක්ටයාරයකට ටොන් 10 කි.

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට්

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

165

270

125

මතුපිට පොහොර (පැල සිටුවා සති 3 දී)

165

125

ජල සම්පාදනය

බීට් අල සෑදෙන අවධියේදී  හොඳින් ජලය සැපයීම සිදු කල යුතු වේ. සුළු වශයෙන් නිතර ජල සම්පාදනය යෝග්‍ය වන අතර සාමාන්‍යයෙන් දින 3-4 කට වරක් ජල සම්පාදනය කෙරේ.

වල් පැළෑටි පාලනය

වගාවේ පැළ සිටුවා සති 2 දී පළමුවරට වල් පැළ ගලවා දමන්න. ඉන්පසු මතුපිට පොහොර යෙදීමට පෙර, එනම් සති 4 දී පමණ නැවත වරක් වගාවේ වල් පැළ ඉවත් කරන්න.

පළිබෝධ කළමනාකරණය

වියළි කාලගුණ තත්ත්වයන් යටතේ වැඩි හානියක් සිදු කරන ප්‍රධාන කෘමි පළිබෝධකයෙකි.

හානිය
සුහුඹුල් ගැහැණු මැස්සන් යුෂ උරා බීමට හා බිත්තර දැමීම සඳහා පත්‍ර සිදුරු කරයි. එනිසා පත්‍ර වල සුදු පැහැති ලප ඇතිවේ. මේ තුළින් ජලය වාෂ්ප වීම නිසා පත්‍ර වියලීමට ලක්වේ.
කීටයින් පත්‍රයේ අභ්‍යන්තර කොටස් ආහාරයට ගනිමින් පෝෂණය වන අතර, මේ නිසා පත්‍රයේ සිහින් සුදු පැහැති උමං ඇති වේ. මෙමගින් පත්‍රයේ ප්‍රභාසංස්ලේෂණය අඩාල වේ. තුවාල වූ පත්‍ර තුලට දිලීර හෝ වෙනත් රෝග කාරක වලට පහසුවෙන් ඇතුළුවීමට ඉඩ ප්‍රස්ථාව සැලසීම නිසා ද්වීතීක ආසාදන ඇති වේ.

පාලනය
■ නිරන්තර වගා පරීක්ෂාව
වගාව ස්ථාපනයට පෙර හා වගාව ස්ථාපනයෙන් පසු ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කල යුතුය. මෙමගින් හානිය ආරම්භක අවස්ථාවේදීම හඳුනාගත හැකි වේ.

■ ස්වාභාවික සතුරන් මගින්
ස්වභාවික ජෛව පාලනය සාර්ථකව සිදු කල හැකි Hymenoptera  ගෝත්‍රයට අයත් විශේෂ 3 ක් හඳුනාගෙන ඇත.

    • Diglyphas isaea
    • Hemiptersenus semiabiclavus
    • Opius Spp

මෙම ස්වභාවික සතුරන් තම වගා ක්ෂේත්‍රයේ බෝකර ගැනීම පහත ලෙස සිදු කල හැකිය.
මේ සඳහා අඩු වියදම් ලී කූඩුවක් හෝ සුදු පොලිතින් භාවිතා කල හැකිය. මෙහිදී අස්වැන්න නෙලන ලද වගාවක ඉවතලන පත්‍ර සාදා ගන්නා ලී කූඩුව තුල තුනීවට අතුරන්න. බිහිවන පරපෝෂිතයින් චුෂකයක් මගින් එකතු කර ක්ෂේත්‍රයට මුදා හරින්න. දින 2-3ක් පරපෝෂිතයන් එක් කර අනතුරුව එම පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න.
සුදු පැහැති පොලිතින් ක්ෂේත්‍රයේ එළා එය මත ශාක පත්‍ර තුනීවට ඇතිරිය හැකිය. මෙහිදී පරපෝෂිතයන් කෙලින්ම ක්ෂේත්‍රයට නිදහස් වේ. මෙහිදීද දින 2-3 කට පසුව ශාක පත්‍ර ගිනි තැබීම හෝ වලලා දැමීම සිදු කරන්න.

■ කහ පොලිතින් උගුල
ග්‍රීස් යෙදූ කහ පොලිතින් ක්ෂේත්‍රයේ තැන තැන සවි කිරීම. කහ පැහැයට ආකර්ෂණය වන සුහුඹුල් මැස්සන් මින් පාලනය වේ.

■ සමනල අතංගුව භාවිතය
පත්‍ර කණින්නාගේ ගහන අධික විට,පතු කණින්නා සක්‍රීය වන උදේ කාලයේදී සමනල අතංගුව භාවිතා කර සුහුඹුල මැස්සන් ගහනය අඩු කර ගත හැකිය.

■ වගා කිරීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රයේ  වටා වගාවට ප්‍රථම අඩි 05ක් පමණ උසට දැලක් ගැසීම.

■ වල් පැළෑටි හා පිලා කෝෂ විනාශ කිරීම සඳහා ගැඹුරට සී සෑම.

■ වගාව සඳහා යොදා ගන්නා ක්ෂේත්‍රයේ පත්‍ර කණින්නා ආසාධිත පරණ පත්‍ර වගාවන් ඉවත් කිරීම හා පත්‍ර කණින්නාගේ හානිය සහිත පත්‍ර කඩා වලලා දැමීම.

■ පත්‍ර කණින්නාගේ හානිය සහිත පැල තවාන් වලින් තෝරා නොගැනීම.

■ රසායනික මර්ධනය
කෘමිනාශක යෙදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ නිර්දේශිත කාමිනාශක පමණක් යෙදීමයි. හානිය මුල් අවධියේදීම නිරීක්ෂණය කරනු ලැබුවේ නම් හානිවූ පත්‍ර ඉවත් කර කොහොඹ නිස්සාරකයක් යෙදීම සිදු කල හැකිය -640g/16 L

පළිබෝධ ගහනය හානිදායක මට්ටමට ලගාවී ඇත්නම් පහත කෘමිනාශක යෙදිය හැකිය.

    • Azadiractin 1% EC      –           16ml/16L
    • Abamectin 18g/L EC   –           9.6ml/16L

හානිය
රාත්‍රියේදී වඩාත් සක්‍රීය වන කීටයන් විසින් ලපටි ශාක කඳන් පා මුලින්ම සපා බිම හෙලනු ලබයි. වැඩුණු ශාකවල පත්‍ර කා දැමීම දැකිය හැකිය. වියලි කාලගුණ තත්ත්ව වලදී හානිය වඩාත් බහුලය. ආකන්ධ වර්ධනය වන කාලයේදී පසෙහි කීටයන්ගේ ගහනය අධික නම් ආකන්ධ කා දැමීම මගින් වෙළඳපොල වටිනාකම අහිමි කරයි.

පාලනය
■ හොඳින් ගැඹුරට සී සෑම මගින් කීට හා පිලා අවධි පස මතු පිටට පැමිනෙන අතර විලෝපිත පක්ෂීන්ගේ ගොඳුරු බවට පත්ව් විනාශ වේ.
■ ක්ෂේත්‍රය තුල හා අවට හොඳින් වල් මර්ධනය කිරීම හා ක්ෂේත්‍ර සනීපාරක්ෂාව
■ නිරතුරුව ක්ෂේත්‍ර පරීක්ෂාව මගින් ගහනය අවම මට්ටමක පවතින අවස්ථාවේදී පස තුල සැගවී සිටින කීටයන් අතින් අහුලා දැමීම.
■ හානිය අධික නම් පැල සිටවූ විගස නිර්දේශිත කෘමිනාශක යොදන්න.

    • Profenophos 500g/LEC          –           32ML/16L
    • Etofenprox 100g/LEC             –           24ML/16L

රෝග කළමනාකරණය

  • රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ භාවිතය
  • ස්ප්‍රිනක්ලර් මගින් ජලය යෙදීම
  • බෝග මාරුව
  • ක්‍ෂේත්‍රය පිරිසුදුව තබා ගැනීම
  • ක්‍ෂේත්‍රය වල් පැල වලින් තොරව පවත්වා ගැනීම
  • නිවැරදි පරතරයට වගා කිරීම
  • නිර්දේශිත දිලීරනාශක භාවිතය -Macozeb, Maneb, Carbendazim, Chlorothalonil
  • බීජ සඳහා උණු ජල ප්‍රතිකාරකය කිරීම
  • නිර්දේශිත දිලීරනාශත භාවිතය -Mancozeb, Maneb, Carbendazim, Chlorothalonil

අස්වනු නෙළීම

පැල සිටුවා දින 75-90 අතර කාලයේ දී අස්වනු නෙලිය හැකිය.

අස්වැන්න

හෙක්ටයාරයකට ටොන් 12-20