[Ongoing Page] Field Crops – Soybeans – Tamil

සෝයා බෝංචි

Glycine max.(L) Merr
Family – Fabaceae

ශත වර්ෂ ගණනාවකට පෙර චීනයේ සම්භවය වී ඇති සෝයා බෝංචි උද්භිද විද්‍යාත්මකව Glycine max L merril ලෙස හඳුන්වයි. මෙය රනිල කුලයට අයත් වාර්ෂික බෝගයකි. තනි බෝගයක් වශයෙන් මෙන්ම අතුරු බෝගයක් වශයෙන්ද වගා කිරිමට හැකිය. සෝයා බෝංචි වල භාවිතයන් ඉතා පුළුල් පරාසයක පවතී. සත්ත්ව ආහාර නිෂ්පාදනයට මෙන්ම ජීව ඉන්ධන නිෂ්පාදනය සදහා ද සෝයා බෝංචි භාවිතා කරයි. ප‍්‍රධාන වශයෙන් මිනිස් ආහාර හා සත්ත්ව ආහාර නිෂ්පාදනයේදි ප්‍රෝටීනමය පෝෂණ අතිරික්තය ලබා දීමට මෙය භාවිතා කරයි. අනෙකුත් රනිල බෝග වලට වඩා සෝයා බෝංචි ප්‍රෝටීන වලින් පොහොසත්ය. මෙම බෝගයේ 40‍% පමණ ප්‍රෝටීන ඇත. අතර මේදය 20‍% පමණ ප‍්‍රමාණයක් අඩංගු වේ. ලාභදායි ප්‍රෝටීන ප‍්‍රභවයක් ලෙස ලෝකයේ බොහොමයක් රටවල් සෝයා බෝංචි හා ආශි‍්‍රත නිෂ්පාදන ආහාරයට ගනී.

1010101

මෙම බෝගය ශ‍්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1970 දශකයේ දීය. වර්තමාන ශ‍්‍රී ලංකාවේ ද මේ සඳහා විශාල ඉල්ලූමක් ඇතිවෙමින් පවති. ප‍්‍රධාන වශයෙන් ත‍්‍රීපෝෂ හා සත්ත්ව ආහාර නිෂ්පාදනය සදහා වාර්ෂිකව සෝයා බෝංචි ටොන් 200,000 වඩා වැඩි ප‍්‍රමාණයක් අවශ්‍ය වේ.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන ආහාර බෝගය වන වී වගාවට වඩා සෝයා බෝංචි වගා කිරිමෙන් වැඩි ආර්ඵීක වාසියක් ලබා ගැනීමට හැකිය. මෙම බෝගය අඩු අවධානමකින් වගා කිරීමට හැකියාව ඇත. විශේෂයෙන් අඩු ජල ප්‍රමාණයක් අවශ්‍ය වීම, රෝග හා පළිබෝධ ඉතාමත් අල්ප වීම මේ හේතු අතර ප‍්‍රධාන වේ. මීට අමතරව නයිට‍්‍රජන් තිරකිරිමේ හැකියාව නිසා යෙදිය යුතු නයිට‍්‍රජන් ප‍්‍රමාණය අඩු කර ගැනිමට ද පුලුවන.
මෙම බෝගය වර්ෂය මුළුල්ලේම වගාකල හැකි අතර වියලි හා අතර මැදි කලාපය බෝගය සදහා වඩාත් උචිත වේ. නමුත් දැනට ව්‍යාප්ත වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හා මහවැලි H කලාපයේය.

සෝයා බෝංචි වගාව

අධික වර්ෂාව මෙන්ම අධික වියළි දේශගුණය බීජ ප‍්‍රරෝහණය දුර්වල කරයි. ක්ෂේත‍්‍රයේ හොදින් ස්ථාපනය වූ පසු කෙටි කාලීන නියගයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් ඇත. අස්වනු නෙලන අවධියේ දී වියළි කාලගුණයක් තිබීම මගින් ගුණාත්මයෙන් උසස් අස්වැන්නක් ලබා ගත හැක. පහත රට වියළි සහ අතරමැදි කලාප වඩාත් සුදුසුය.

හොඳින් ජලය බැසයන පසක් වගාව සඳහා තිබිය යුතුය. පාංශු පී.එච්. අගය 6 – 6.5 පරාසය සුදුසුය.

පී.බී. 1

සෘජු වර්ධන විලාශයක් ඇත. ශාකයේ උස සෙ.මී. 50 – 60 වේ. කුඩා මල් දම් පැහැයෙන් යුක්ත වේ. කරල් කහ පැහැයට හුරු දුඹුරු පාටය. බීජ කී‍්‍රම් පාටය. බීජ ලපය ලා කහ පාටය. බීජ මධ්‍යම ප‍්‍රමාණ වන අතර බීජ 1000 බර ග‍්‍රෑම්. 120 – 150 පමණ වේ. දින 85 – 90 පමණ කාලයකින් අස්වැන්න නෙලා ගත හැක. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1700 – 2000. බීජ වල ජීව්‍යතාව මාස 3 – 4 කින් පමණ හානි වේ.

පී.එම්. 13

පී.බී.1 ප‍්‍රභේදයට රූපීයව සමානකමක් දක්වයි. සෘජු වර්ධන විලාසයක් ඇත. ශාකය සෙ.මී. 50 – 60 උසය. පරිමිත වර්ධනයක් ඇත. කුඩා මල් දම් පැහැතිය. කරල් කහ පැහැයට හුරු දුඹුරු පාටය. බීජ කී‍්‍රම් පාටය. බීජ ලපය ලා කහ පාටය. බීජ මධ්‍යම ප‍්‍රමාණ වන අතර බීජ 1000 බර ග‍්‍රෑම්. 120 – 150 පමණ වේ. සාමාන්‍ය අස්වැන්න හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1700 – 2100ග බීජ වල ජීව්‍යතාව මාස 6 – 8 කින් පමණ හානි වේ.

හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 50 – 55

පැළ අතර සෙ.මී. 40 පේළිය තුළ සෙ.මී. 10 එක් පාත්තියක බෝග පේළි 2 – 3 පමණ පවත්වා ගන්න.

  • සෙ.මී. 15 – 20 ගැඹුරට පස පෙරලා හොදින් කැට පොඩි කර ජලය රදා පවතින ක්ෂේත‍්‍රයක් නම් උස් පාත්ති ජල සම්පාදනය යටතේ කුඹුරු ඉඩම් වල ඇලි වැටි සකස් කර එකිනෙකට සෙ.මී. 40 දුරකින් වැටි සකසා ගන්න.
  • උස් බිම් හි වගා කරන විට සමතලා පාත්ති යෝග්‍ය වේ.
  • බීජ සෙ.මී. 3 පමණ පසට යටකර එක වලකට බීජ 2 බැගින් දමා සති 2 කට පසුව එක පැලයක් එක් ස්ථානයක සිටින සේ දුර්වල පැලය ගලවා ඉවත් කරන්න.

මුල් වල නයිට‍්‍රජන් තිර කරණු ලබන්නේ  Rhizobium japonicum  බැක්ටීරියාව මගිනි. ස්වභාවිකව පසේ නොපවතින විට සිටුවන බීජ සමග එය පසට ලබා දිය යුතුයි. කුඹුරු ඉඩම් වල වගා කරන සෑම කන්නයකදීම සහ ගොඩ ඉඩම් වල කන්න දෙකක කාලයක් සෝයා වගා නොකර තිබූ අවස්ථා වලදී බීජ ආමුකූලනය කල යුතුය. මේ සදහා ක‍්‍රම 2කි.

1. බැක්ටීරියා වලට මිශ‍්‍ර කිරීම සදහා හෙක්ටයාර් 1 අවශ්‍ය බීජ ප‍්‍රමාණය (කි.ග‍්‍රෑ.50) පොළොවෙහි ගොඩ ගසා ජලය කෝප්ප 02 ක් ඉස බීජ තෙත් කර බැක්ටීරියා මාධ්‍යයෙන් ග‍්‍රෑම් 250 බීජ වලට හොදින් මිශ‍්‍ර කරන්න.

2. බැක්ටීරියා මාධ්‍යයෙන් ග‍්‍රෑම් 250 පමණ ගෙන ජලය කෝප්ප 2 ක් සමග හොදින් මිශ‍්‍ර කර තලපයක් සාදා හෙක්ටයාර් 1 අවශ්‍ය බීජ ප‍්‍රමාණය සමග හොදින් කලවම් කරන්න.

ආමුකූලනයේ දී, ආමුකූලකය ප‍්‍රයෝජනයට ගන්නා තෙක් ශීතකරණයේ ගබඩා කර තැබීම, ආමුකූලකය කලවම් කර ගත් බීජ හැකි ඉක්මණින් ක්ෂේත‍්‍රයේ සිටුවීම, ආමුකූලකය කලවම් කර ගත් බීජ තද සූර්යාලෝකයට නිරාවරණය නොකිරීම හෝ වියලීමට ඉඩ නොහැරීම කළ යුතුය.

 

 

වගාව සදහා සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට සෙ.මී. 70 පමණ ජලය අවශ්‍යයි. පළමු මාසය තුළ දී දින 04 කට වරක් ද ඉන් පසුව දින 6 – 7 බැගින් ද ජලය සපයන්න. පසෙහි තෙතමන ප‍්‍රමාණය පරීක්ෂා කර බලා අවශ්‍ය විටදී ජල සම්පාදනය කිරීම යෝග්‍යය. වැඩි ජල තත්ත්ව හේතුවෙන් බෝගයට දිලීර රෝග ඇතිවිය හැක. අස්වනු නෙලීමට සති 03 කට පමණ පෙර ජල සැපයුම නවත්වන්න.

පොහොර යොදන අවස්ථාව යූරියා (කි.ග‍්‍රෑ./හෙක්.) ත‍්‍රිත්ව සුපර් පොස්පේට් (කි.ග‍්‍රෑ./හෙක්.) මියුරියේට් ඔෆ් පොටෑෂ් (කි.ග‍්‍රෑ./හෙක්.)
මූලික පොහොර 50 100 75
මල් හට ගැනීමේ දී 100/50*
සටහන් 1 : බෝගයේ මූල ගැටිති හොදින් වර්ධනය වී තිබේ නම් මල් හට ගැනීමේ දී යෙදිය යුතු යූරියා ප‍්‍රමාණය කි.ග‍්‍රෑ 50 කි.
සටහන් 2 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

බීජ සිටවූ වහාම පහත දැක්වෙන පූර්ව නිර්ගමන වල් නාශකයක් පසේ තෙතමනය ඇති විට යෙදීමෙන් සති 3 – 4 ක් පමණ කාලයක් වල්පැල පාලනය කර ගත හැක.

  • Metribusing 70% W.P  හෙක්ටයාරයට කි.ග‍්‍රෑ. 1 යෙදීම.
  • මෙටලක්ලෝර් 500 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට ලී. 4 ක් යෙදීම.

රෝග – බීජ දම් පැල්ලම් රෝගය, කහ විචිත‍්‍ර වෛරස් රෝගය,

පළිබෝධ – කරල් විදින දළඹුවන්,කුඩිත්තන්,කරල් විඳින මකුණන්,මයිටාවා

කරල් වලින් 95‍% දුඹුරු පැහැ වන අවස්ථාවේ බීජ රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරන්නේ නම් පැළෑටි දෑකැත්තකින් කපා අව්වේ වියළා ගත ගන්න. හොදින් වේලුනු ගස් උරවල හෝ ගෝනිවල දමා පොල්ලකින් තලා ගැනීමෙන් හෝ සුදුසු යන්ත්‍රෝපකරණ භාවිතයෙන් බීජ වෙන්කර ගන්න. කරල් වලින් වෙන්කරගත් බීජවල තෙතමනය 18-20‍% කි. එය 10-12‍% දක්වා අඩුකර ගන්න. බීජ සදහා භාවිතා කිරීමට 8 – 9% දක්වා තෙතමනය අඩුකර ගන්න. බීජ පවනේ සිසිල් වීමට හැර, වාණිජ බීජ නම් පොලිසැක් බෑග්වල අසුරා සුදුසු ගබඩා පරිසර තත්වයන් යටතේ ගබඩා කරන්න. බීජ රෝපණ ද්‍රව්‍යයක් ලෙස භාවිතා කරන්නේ නම්, බීජ තෙතමනය 6-7% අතර ප්‍රමාණයක් දක්වා වියළා ගත යුතු අතර පසුව ඒවා සිසිල් වීමට හැර ගේජ් 500 ක පොලිඑතින් බෑග්වල ඇසුරුම් කර පොලිසැක් බෑග් වලට දැමිය යුතුය. ශීත ගබඩා තත්වයන් තුළ ඒවා ගබඩා කිරීම මගින් වසර 2 ක් පමණ කාලයක් බීජ වල ජීව්‍යතාවය ආරක්ෂා කර ගත හැක.

இப்பக்கம் வடிவமைப்பு செயற்பாட்டில் இருப்பதனால்  அதுவரைக்கும் கீழேயுள்ள பக்கங்களை அணுகவும்.