[Ongoing Page] Field Crops – Mungbean- Tamil

මුං ඇට

Vigna radiata L.
Family – Leguminacea

හැදින්වීම
විග්නා රේඩියේටා (Vigna radiata L.) යන උද්භිද විද්‍යාත්මක නමින් හැදින්වෙන මුං බෝගය, ලෙගියුමිනේසියේ කූලයට අයත් වේ. අප රටේ ඉතා ජනප්‍රිය කෙටි කාලීන රනිල බෝගයකි. ප්‍රෝටීන බහුල ආහාරයක් වන අතර බීජ වල 24% ක් පමණ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගුය. එයට අමතරව ඛණිජ ලවණ හා විටමින් ඇතුළු අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන බැවින් මුං පෝෂණ ගුණයෙන් වැඩි ආහාරයක් ලෙස සැලකේ. තවද ප්‍රරෝහණ වන බීජ වල විටමින් හා ඛනිජ ලවණ සුලභතාවය වැඩිය.

Greengram
මුං ඇට වගාව

25°C – 32°C අතර උෂ්ණත්වයක් හා වියළි පාරිසරික තත්වය බෙහෙවින් හිතකර වේ. පහත රට වියළි හා අතරමැදි කලාප වලට වඩාත් සුදුසු වේ.

හොඳින් ජලය වහනය වන සැහැල්ලූ වැලි සහිත ලෝම පසක් මෙන්ම මැටි අධික පස් වලද වගා කළ හැක. (මැටි අධික පසක් නම් ඉඩමේ ජල වහනය දියුණු කළ යුතුය).

මහ කන්නය – නොවැම්බර් අග – දෙසැම්බර් මුල (රෝග හා පළිබෝධ හානිය අවම කර ගැනීමට) හා යල කන්නය අපේ‍්‍රල් මැද – මැයි මුල (වර්ෂාවත් සමග) වගා කිරීම ආරම්භ කිරීම සුදුසුය. යල කන්නයේ ප‍්‍රමාද වී වගා කල හොත් කහවන් විචිත‍්‍ර වෛරස් රෝගයට පාත‍්‍ර වීමේ අවදානම වැඩිය. අතරමැද කන්නයේ වගාව සදහා කුඹුරු වල ඉතිරි වී ඇති තෙතමනය ප‍්‍රයෝජනයට ගැනීමෙන් ඉපනැල්ල තිබියදීම අවම බිම් සැකසීමක් යටතේ එම්.අයි.6, එම්.අයි.7 වැනි කෙටි කාලීන වෛරස් ප‍්‍රතිරෝධී ප‍්‍රභේදයන් යොදා ගත හැක.

එම්.අයි. 5
බීජ කොළ පැහැතිය. රොම්බසාකාර දිගැටි හැඩතිය. බීජ 1000 බර ග‍්‍රෑම්. 58 පමණ වේ. සර්කස්පෝරා පත‍්‍ර පුල්ලි හා මුං කහ විචිත‍්‍ර වෛරස් රෝගයට පාතී‍්‍ර වෙයි. සිටුවා දින 60-65 අස්වැන්න ලබා ගත හැක. අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටො. 1.5 යල සහ මහ කන්න සදහා යෝග්‍ය වේ.

එම්.අයි. 6
බිජ ලා කොල පැහැතිය. රොම්බසාකාර හැඩතිය. බීජ 1000 බර ග‍්‍රෑම්. 60 පමණ වේ. සර්කස්පෝරා පත‍්‍ර පුල්ලි හා මුං කහ විචිත‍්‍ර වෛරස් රෝගයට මධ්‍යස්ථව පාති‍්‍ර වෙයි.සිටුවා දින 55-65 අස්වැන්න ලබා ගත හැක.යල,මහ හා මැද කන්න සදහා යෝග්‍ය වේ. අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටො. 1.8 – 2.0.

එම්.අයි. එම්.බී 7
බීජ ලා කොළ පැහැතිය. රොම්බසාකාර හැඩතිය. බීජ 1000 බර ග‍්‍රෑම් 60 – 65 පමණ වේ. මුං පත‍්‍ර විචිත‍්‍ර වෛරස් රෝගයට ඔරොත්තු දේ. සිටුවා දින 55-60 කින් අස්වැන්න ලබා ගත හැක. යල, මහ සහ මැද කන්න සදහා යෝග්‍ය වේ. අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටො. 1.8 – 2.0

ආරි
බීජ තද කොළ පැහැති ය. සිලින්ඩරාකාර හැඩතිය. බීජ 1000 බර ග‍්‍රෑම් 56 වේ. සර්කස්පෝරා පත‍්‍ර පුල්ලි හා මුං කහ විචිත‍්‍ර වෛරස් රෝගයට පාති‍්‍ර වේ. සිටුවා දින 60-65 අස්වැන්න ලබා ගත හැක. අස්වැන්න හෙක්ටයාරයකට මෙ.ටො. 1.7. යල සහ මහ කන්න සදහා යෝග්‍ය වේ.

  • හොදින් ප්‍රරෝහනය වන බීජ  එක හිලකට එක බීජය බැගින් පේලියට දැමීම සඳහා හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 12-15 ක් පමණ අවශ්‍ය වේ.
  • එක හිලකට  බීජ දෙක බැගින් පේලියට දමා දින 10කින් පැල තුනීකිරීම සිඳුකරන්නේනම්  හෙක්ටයාරයට කිලෝග්‍රෑම් 25-30 ක් පමණ අවශ්‍ය වේ.
  • එක් වලක පැළ 02ක් සිටුවන විට පැළ අතර සෙ.මී. 60 පේළිය තුළ සෙ.මී. 10.
  • එක් වලක පැළ 01ක් සිටුවන විට පැළ අතර සෙ.මී. 30 පේළිය තුළ සෙ.මී. 10.

දිලීර රෝග සදහා බීජ කි.ග‍්‍රෑ 1 ට කැප්ටාන් ග‍්‍රෑම්. 3.0 හෝ තිරාම් ග‍්‍රෑම්. 2.0 හෝ තිරාම් + තයෝෆනේට් මිතයිල් ග‍්‍රෑම්. 2.0 දිලීර නාශකයක් මගින් ප‍්‍රතිකාර කරන්න.

සෙ.මි 20 පමණ ගැඹුරට භූමියේ පස පෙරලා කැට පොඩිකර ගෙන ජල සැපයුම අනුව ඇලි වැටි ලියදි හෝ සමතල ආකාරයට හොඳ ජලවහනයක් ඇතිවන සේ සකසා ගත යුතුයි.

පොහොර යොදන අවස්ථාවයූරියා (කි.ග‍්‍රෑ./හෙක්.)ත‍්‍රිත්ව සුපර් පොස්පේට්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මියුරියේට් ඔෆ් පොටෑෂ්
(කි.ග‍්‍රෑ./හෙක්.)
මූලික පොහොර3510075
සති 04 දී (මල් පිපෙන අවධිය)30

සටහන් 1 : පොස්පරස් හා පොටෑසියම් මූලික පොහොර ලෙස යෙදීම පාංශු පරීක්ෂාවකින් පසුව කිරීම වඩාත් යෝග්‍ය වේ.

වියළි කාලගුණ තත්ත්වයන් යටතේ මල් පිපෙන හා කරල් පිරෙන අවධියේ දී ජල සම්පාදනය ඉතා වැදගත්ය. පළමු සති 3 තුළ දී දින 5 වරක් ද ඉන්පසු සතියකට වරක්ද ජලය සපයන්න. ප‍්‍රමාණවත් තෙතමනයක් පවත්වා ගැනීම යෝග්‍ය වේ.

බීජ සිටුවා මුල් සති හයක කාලය තුල හොඳින් වල් මර්ධනය කළ යුතුය.ශාක විසින්ම හොඳින් වර්ධනය වූ පසු ස්වභාවිකව වල් මර්දනය සිදු වේ. වසුන් භාවිතයද සුදුසුය.

  • රෝග – පිටි පුස් රෝගය, සර්කස්පෝරා පත‍්‍ර පුල්ලි රෝගය, ඇස්කොකයිටා අංගමාරය, මලකඩ රෝගය
  • පලිබෝධ
    • පැල අවධියේ – බෝංචි මැස්සා
    • මල් පිපීමට පෙර අවධියේ – කූඩිත්තා,සුදු මැස්සා, මයිටාවා, පත‍්‍ර කනින්නන්,පැල මැක්කන්,පණු හානිය
    • මල් පිපෙන අවධිය – කරල් පිරෙන අවධිය – බිබිලි කුරුමිණියා,කරල් විදින මකුණන්, කරල් විදින දළඹුවන්
    • ගබඩා අවධිය – රනිල ගුල්ලා
  • බීජ සිටුවා දින 50-65 අතර කාලයේදී අස්වැන්න නෙලා ගත හැක.
  • ගස් වල කරල් කලූ පැහැයට හැරුණු විට උදය කාලයේදී අස්වැන්න නෙලා ගත යුතුය.
  • අස්වනු වාර දෙකක් තුනක් පමණ ලබා ගත හැක.
  • හොදින් පැසුණු කරල් කඩා අව්වේ වියළා කොළ මඩින යන්ත‍්‍රයකින්,ට‍්‍රැක්ටරයකින් හෝ පෑගීමෙන් බීජ වෙන් කර ගත හැක.
  • හොදින් වියළ ගත් බීජ ගුල්ලන්ගෙන් ආරක්‍ෂා කිරීම සදහා පොලිතීන් මලූ වල අසුරා තබන්න. විටින් විට අව්වට දමා වියළා ගන්න.

இப்பக்கம் வடிவமைப்பு செயற்பாட்டில் இருப்பதனால்  அதுவரைக்கும் கீழேயுள்ள பக்கங்களை அணுகவும்.