මිරිස් -
Capsicum annuum L
ශී‍්‍ර ලංකාවේ වසරකට ඒක පුද්ගල වියළි මිරිස් පරිභෝජනය කි.ග‍්‍රෑ. 2.10 – 2.31 වන අතර එයට නොදෙවෙනි ප‍්‍රමාණයක් අමුමිරිස් ලෙසද පාරිභෝජනයට එකතු වේ.
මිරිස් වගාව
මුහුුදු මට්ටමේ සිට මීටර් 1600 පමණ උස් ප‍්‍රදේශ දක්වා මිරිස් වගා කළ හැක. සුදුසු උෂ්ණත්ව පරාසය 21°C – 27°C කි. වාර්ෂික වර්ෂාපතනය මි.මී. 600 – 1000 පවතින ප‍්‍රදේශ වල අහස් දියෙන් වගා කළ හැක.
මනා ජලවහනයක් සහිත ගැඹුරු වැලි ලෝම පස ඉතාමත් සුදුසු වේ. පසෙහි පවතින කාබනික ද්‍රව්‍ය ප‍්‍රමාණය ඉතා වැදගත් වේ.
මහ කන්නය – ඔක්තෝබර් අග – නොවැම්බර් මැද
යල කන්නය – අපේ‍්‍රල් – මැයි මස මුල
පාලනය කළ හැකි තත්ත්ව යටතේ වසර පුරාම වුව ද වගා කළ හැක.
MI I 01
සෙ.මී. 65 – 75 උස, එතරම් අතු පතර විහිදී නොයන පුළුල් පත‍්‍ර දරන ප‍්‍රභේදයකි. සිහින් දිගැති කරල් සෙ.මී. 9 – 13 වේ. දැනට බීජ නිෂ්පාදනයක් සිදු නොවේ. 1962 වර්ෂයේ නිපදවූවකි.
MI I 02
මැනවින් අතු බෙදී තිරස් අතට පැතිරේ. පර්ව ඉතා කෙටි නිසා පඳුරු ආකාර ගනී. අස්වනු නෙලීම පහසු වේ. කරල් කෙටිය. සැර වැඩිය.අමු : වියළි අනුපාතය 3.5 : 1 කි. MI 1 ප‍්‍රභේදයේ වරණයකි.
K A 02
MI 2 හා PC1 මුහුම් කර නිපදවා ඇත. මුල් අවධියේ වර්ධන විලාශය MI2 ප‍්‍රභේදයට සමාන වේ.
ශාකය සෙ.මී. 50 – 60 පමණ උසට වැඬේ. කරලක් සෙ.මී. 8 – 11 පමණ දික් වන අතර යල කන්නයේ වගාවට යෝග්‍ය වේ. කොළකොඩ වීමේ සංකීර්ණයට තරමක් ප‍්‍රතිරෝධී වේ.
අස්වැනන හෙක්ටයාරයකට ටොන්. 12 වඩාත් සුදුසු වන්නේ අමු මිරිස් සඳහාය.
අරුණළු
MI 2 හා සන්තාකා මුහුම් කර නිපදවා ඇත. ශාකය සෙ.මී. 50 – 60 පමණ උස වේ. ළපටි කරල් උඩු අතට හැරී හට ගනී. කරල් මෝරන විට තරමක් දුරට පහළට නැමේ. සිහින් කරල් සෙ.මී. 8 – 11 පමණ දිග වේ. ඵලාවරණය තුනී නිසා පහසුවෙන් වේලා ගත හැක. දැනට බීජ නිෂ්පාදනය සිදු නොකරයි.
MI HOT
අමු මිරිස් මෙන්ම වියළි මිරිස් නිපදවීමට යෝග්‍යය. කරලක් සෙ.මී. 8 – 9 දිගය. සාපේක්‍ෂව සැර භාවය අඩුය. සෙ.මී. 60 පමණ උස ශාකයේ මධ්‍යස්ථ ලෙස අතු පැතිරී තිබේ. ඇන්ත‍්‍රැක්නෝස් රෝගයට මධ්‍යස්ථ ප‍්‍රතිරෝධී ය. අනෙක් ප‍්‍රභේදවලට සාපේක්‍ෂව දිලීර රෝගවලට ප‍්‍රතිරෝධීතාවක් දක්වයි. අඩු තෙතමන තත්ත්ව වල දී පවා වගාව හොඳින් නඩත්තු කළ හැක. වියළි මිරිස් හෙක්ටයාරයකට ටොන්. 3.0 වේ. දැනට බීජ නිෂ්පාදනය සිදු නොකරයි.
MI GREEN
සිරස් ලෙස සෙ.මී. 75 – 100 දක්වා උසට වැඬේ. උතුරු පළාතට වඩාත් යෝග්‍යය. කරල් සෙ.මී. 12 – 14 දිගැති වේ. වියළි මිරිස් නිෂ්පාදනයේ දී වැඩි කාලයක් පැහැය නොවෙනස්ව තබා ගත හැකි වීම සැර බව අධික වීම නිසා වියළි මිරිස් නිෂ්පාදනයට උචිතය. උතුරු පළාත සඳහා වඩාත් යෝග්‍යයි.
ගල්කිරියාගම වරණය
උතුරු මැද පළාතට යෝග්‍ය වේ. සෙ.මී. 60 – 65 උස හා සිරස් වර්ධන රටාවක් පෙන්වයි. පත‍්‍ර තරමක් කුඩා ය. කරල් සෙ.මී. 8 – 10 පමණ සිහින් දිගැටි හැඩයක් ගනී. අමු මිරිස් අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 12 – 15 හා වියළි මිරිස් අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 3.0. කොළ කොඩ වීමේ හා දිලීර රෝග සඳහා ප‍්‍රතිරෝධීතාවන් පෙන්වයි.
MI VARANIYA 1
පහත රට තෙත් කලාපයේ කුඩා කොරටු වල පාරම්පරිකව වගා කරන ලද වගා දර්ශයකින් තෝරා ගෙන නිපද වූ ප‍්‍රභේදයකි. සෙ.මී. 100 පමණ උසට සිරස්ව වැඩේ. කරල් සෙ.මී. 15 – 20 පමණ දිගකින් යුක්ත වේ. අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 20 – 25. ගෙවතු වගාවට ඉතා යෝග්‍යයි.
MI CH 03
MI 1 හා වොන්ඩර් හොට් නම් ප‍්‍රභේද වල එකතුවකි. සෙ.මී. 60 – 65 පමණ උස අතු බෙදුන පඳුරක් ලෙස වැඩේ. කරල් තද කොළ පැහැතිය. සෙ.මී. 8 – 10 පමණ දිගැති වේ. කරල් අපනයන සඳහා යෝග්‍ය වේ. කොළ කොඩවීමේ රෝගයට මධ්‍යස්ථ ප‍්‍රතිරෝධී වේ. වෙළෙඳපොළ ඉල්ලූම වැඩි ආකර්ෂණීය ප‍්‍රභේදයකි. අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 15 – 18.
MI PC 01
සෙ.මී. 5 පමණ දිග සෙ.මී. 1.5 – 2 පළල කෙටි කරල් දරයි. සෙ.මී. 100 පමණ උසට වැඩෙන මාස 8 ක් පමණ කාලයක් ක්ෂේත‍්‍රයේ තබා ගත හැකි ශාකයකි. අමු හා වියළි ලෙස ප‍්‍රයෝජනයට ගත හැක. විශේෂයෙන්ම නැගනහිර පළාත සඳහා නිර්දේශ කර ඇත. රෝග හා පළිබෝධ වලට මධ්‍යස්ථව ප‍්‍රතිරෝධීය.
MI CH HY 01
කරල් ලා කොළ පැහැතිය. කරලක දිග සෙ.මී. 13 හා ශාකයේ උස සෙ.මී. 75 වේ. අධික ලෙස අතු බෙදේ. අස්වැන්න හෙක්ටයාරයකට ටොන්. 35. කොළ කොඩ වීම හා වෛරස් රෝගයට ඉහළ ප‍්‍රතිරෝධීතාවක් පෙන්වයි. අමු මිරිස් සඳහා යෝග්‍ය වේ. 2015 වර්ෂයේ නිර්දේශ කල ප‍්‍රථම දේශිය දෙමුහුම් ප‍්‍රභේදයයි.
MI CH HY 02
කරලක දිග සෙ.මී. 13 පමණය. උස සෙ.මී. 75. අතු බෙදෙන ශාකයකි. අස්වැන්න හෙක්ටයාරයකට ටොන් 35. වියළි සහ අමු මිරිස් සඳහා යෝග්‍ය වේ. කොළ කොඩ වීමට ඔරොත්තු දේ.
වීවෘත පරාගික – හෙක්ටයාරයකට කි.ග‍්‍රෑ. 1.0
දෙමුහුම් – හෙක්ටයාරයකට ග‍්‍රෑම්. 500
- හොඳින් හිරු එළිය ලැබෙන ස්ථානයක පෙරකන්න වල සොලනේසියේ කුලයට අයත් බෝග වගා නොකළ මීටර් 1 පළල ට ද අවශ්‍ය තරමට දිග වන පාත්ති සාදා එම පාත්ති ජීවාණුහරණය කරන්න.
- බීජ කි.ග‍්‍රෑ. 1.0 ට 80% කැප්ටාන් ග‍්‍රෑම්. 40 යොදා බීජ ප‍්‍රතිකාර කර තවාන මත පේළි දිගේ විසුරුවා හරින්න.
- මීටර් 1 පළල හා මීටර් 3 දිග පාත්තියකට බීජ ග‍්‍රෑම්. 40 ක් තවාන් කළ හැක.
දෙමුහුම් ප‍්‍රභේද සඳහා එක් වලකට එක පැළයක් වශයෙන් පැළ අතර සෙ.මී. 60 පේළිය තුළ සෙ.මී. 45 ද අනෙකුත් ප‍්‍රභේද සඳහා එක් වලකට පැල දෙක බැඟින් මෙම පරතරයම භාවිතා කල හැක. දෙමුහුම් ප‍්‍රභේද සඳහා එක් වලකට පැළ දෙකක් වශයෙන් සිටුවන්නේ නම් පැළ අතර සෙ.මී. 60 පේළිය තුළ සෙ.මී. 60 ද වේ.
හොඳින් කැට පොඩි වන සේ සෙ.මී. 30 – 45 ගැඹුරින් පස පෙරලා ක්ෂේත‍්‍රය හොඳින් සකස් කර ජලය බැස යන ආකාරයේ කාණු සකස් කර දින 25 – 30 ක් පමණ වයසැති පැළ (සෙ.මී.15 උසැති පැළ) ක්ෂේත‍්‍රයේ සිටු වන්න.
ජලය අක්කර අඩි 4 ක ප‍්‍රමාණයක් හෙක්ටයාරයකට අවශ්‍ය වේ. වගාව ආරම්භයේ දී පසේ තෙතමනය අනුව ජලය යොදන්න. මාස 02 ට පසු සතියකට වරක් ජලය සැපයීම සෑහේ. පසේ වයනය අනුව තරමක් වෙනස් විය හැක.
පොහොර යොදන අවස්ථාව | යූරියා (කි.ග‍්‍රෑ./හෙක්.) | ත‍්‍රිත්ව සුපර් පොස්පේට් (කි.ග‍්‍රෑ./හෙක්.) | මියුරියේට් ඔෆ් පොටෑෂ් (කි.ග‍්‍රෑ./හෙක්.) |
මූලික පොහොර | – | 100 | 50 |
සති 02දී | 100 | – | – |
සති 04දී | 125 | – | – |
සති 08දී | 125 | – | 50 |
සති 12දී | 125 | – | – |
සති 16දී | 125 | – | – |
හැකි සෑම විටම වගාව වල් පැළ වලින් තොරව තබා ගන්න.පැල සිට වූ පසුව ඇලක්ලෝර් 480 ග‍්‍රෑම්/ලීටරයට ඊ.සී. හෙක්ටයාරයට ලී.5 ක් යෙදීමෙන් මුල් සති 3 – 4 ක කාලය වල් පැල පාලනය කර ගත හැකි වේ. පසේ තෙතමනය පවත්වා ගැනීම වල් නාශකයේ කාර්ය්‍යක්‍ෂමතාවය වැඩි කිරීමට හේතු වේ.
දියමලන්කෑම
පසේ ජීවත් වන ෆියුසේරියම් (Fusarium spp.)පිතියම් (Pythium spp.) රයිසොක්ටෝනියා (Rhizoctonia) හා ස්ක්ලෙරෝටියම් (Sclerotium spp. )ආදී දිලීර නිසා හට ගන්නා රෝගයකි. මේ නිසා බීජ ප්‍රරෝහණය දුර්වල වේ. බීජ පැළවල පාදස්ථ කොටස කළු පැහැ වී, කුණු වී කඩා වැටේ. සමහර අවස්ථාවල දී පාමුල හා මුල් කළු පැහැ වී, මුල් වියළි කුණුවීමක් ඇති වේ. හොඳින් ජලය බැස යන ස්ථානයක තවාන් දැමිම, තක්කාලි, බටු ආදී සොලනේසි කුලයට අයත් බෝග වගා නොකරන ලද ස්ථානවල තවාන් දැමීම හා මීට ඉහත විස්තර කර ඇති ක්‍රම මඟින් තවාන් ජීවාණුහරණය කර ගැනීම මඟින් රෝගය වළක්වා ගත හැකි වේ. බීජ ප්‍රතිකාර කිරීම තවත් රෝග පාලන පියවරකි.
තවාන් දැමීමෙන් පසු මෙම රෝගය වැළඳුන හොත් රෝගී පැළ පස් සමඟ ඉවත්කර ඉහත දී සඳහන් කර ඇති පරිදි පැළ සහ පස් හොඳින් තෙමී යන පරිදි දිලීරනාශක යෙදිය යුතු වේ. ෆියුසේරීයම්, ස්ක්ලෙරෝටියම් හා රයිසොක්ටෝනියා වැනි දිලීර මඟින් ඇති කරන දියමලන්කෑම සඳහා තයෝෆීනේට් මීතයිල් 50% සහ තිරාම් 30% වඩාත් සුදුසුය. පීතියම් සහ පයිටොප්තෙරා දිලීර සඳහා මෙම දිලීර නාශක සුදුසු නැත.
දියමලන්කෑමේ රෝග කාරකය හඳුනාගෙන නොමැති අවස්ථාවක කැප්ටාන්, තිරාම්, ක්ලෝරොතැලොනිල් 75% ක තෙත් කුඩු වැනි දිලීරනාශක භාවිත කිරීම සුදුසුයි.
ඇන්ත්‍රැක්නෝස්
කොලෙට්‍රොට්‍රිකම් කැප්සිසි (Colletrotrichum capsici)දිලීරය නිසා හටගන්නා රෝගයකි. මහ කන්නයේ දී හා වර්ෂාව බහුල අවස්ථාවල දී වැඩිපුර පැතිරෙන රෝගයකි.
මෙම කැළැල් පසුව විශාල වී වියළියයි. ශාකයට වැළඳුණු විට කරටිවලින් පටන්ගෙන අතු මැරී ගොස් පසුව ශාකය ද මැරීයයි.
රෝගය වැළැක්වීමට නම් නිරෝගී මව් ශාකවලින් පමණක් කරල් තෝරා, වියළා බීජ සකස්කර ගත යුතුය. එම බීජ සුදුසු දිලීරනාශකයක් සමග මිශ්‍රකර ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රෝපණය කළ යුතුය. හෙක්ටයාරයක වගාව සඳහා සාමාන්‍යයෙන් දිලීර නාශක මිශ්‍රණය ජලය ලීටර් 400 ක් පමණ යෙදිය යුතු වේ. එහෙත් මෙම ප්‍රමාණය වගාවේ වර්ධන අවස්ථාව අනුව වෙනස් වේ.
කොළ පුල්ලි රෝගය
මෙම රෝගය සර්කස්පෝරා කැප්සිසි (Cercospora capsici)දිලීරය නිසා හටගනී. පත්‍ර වල කහ පැහැති වලයක් සහිත රවුම් දුඹුරු පුල්ලි එකක් හෝ කිහිපයක් ඇතිවිය හැකිය. පත්‍ර කහ පැහැ වී අකාලයේ හැළී යයි.
රෝගය තදින්ම ආසාදනය වූ විට කඳේ සහ කරල් නටුවල ද මෙලෙස පුල්ලි හට ගනී. එසේ වු විට කරල් ද හැළී යයි. වගා බිම් හා ඒ අවට ප්‍රදේශ පිරිසිදුව තබා ගැනීමෙන් ද, ඇන්ත්‍රැක්නෝස් රෝගය පාලනය කිරීම සඳහා දී ඇති උපදෙස් පිළිපැදීමෙන් ද, රෝගය පාලනය කර ගත හැකි වේ.
පාමුල කුණුවීම
පසේ ජීවත් වන ස්ක්ලෙරෝටියම් (Sclerotium)දිලීරය මඟින් මෙම රෝගය වැළඳේ. රෝගය ආසාදනය වූ විට පස මට්ටමෙන් ශාක කඳ කුණු වීමට පටන් ගනී. ක්‍රමයෙන් පත්‍ර කහ පාටට හැරී පැළ මැරී යයි. හානිය තදින් පවතින විට ගස පාමුල සුදු පැහැති දිලීර ජාලයක් දැකිය හැකි වේ. ගස් ගලවා බැලු විට සුදු පැහැති දිලීර ජාලය හා අබ ඇට වැනි දිලීර බීජාණු දැකිය හැකිය. තවාන් පාත්ති ජීවාණුහරණය කිරීම මඟින් තවානේ දී රෝගය වැළඳීම සාර්ථක ලෙස වළක්වා ගත හැකිය.
වගාව පවතින අතරතුර රෝගය වැළඳුනහොත් රෝගී ශාක පසත් සමඟ ඉවත්කර එම ස්ථානයේ හා අවට පස් මැනවින් තෙමී යන පරිදි මෙහි ඉහතින් දක්වා ඇති පරිදි පාංශු ප්‍රතිකාර සඳහා සාදා ගැනීමට නිර්දේශකර ඇති දිලීරනාශක එපරිදීම යෙදීමෙන් රෝගය පාලනය කළහැකි වේ. ජලය රඳා සිටීම රෝගය පැතිරීමට හිතකර බැවින් ජලවහනය දියුණු කිරීමෙන් ද රෝගය පාලනය කළ හැකි වේ.
රිකිලි කුණුවීම රෝගය
වර්ෂාව අධික මහ කන්නයේ දී හා ආර්ද්‍රතාවය අධික කාලවල දී කොඇනිෆෝරා (Choanephora) දිලීරය නිසා රෝගය හටගනී. රෝගය වැළඳුන විට පුෂ්ප අංකුර හා පුෂ්ප දුඹුරු පැහැවූ කළු පැහැයක් ගනී. රිකිලි ඉහළ සිට පහළට ඉක්මනින් මැරී යයි. රෝගී පටකවල මෘදු කුණුවීම හා අළු පැහැති බීජාණු දක්නට ලැඹේ
විශේෂයෙන්ම උදෑසන වගාව නිරීක්ෂණය කිරීමෙන් ආසාදිත ශාකයන් වඩා හොඳින් දැක ගත හැකිය. රෝගී ශාක කොටස්වල ඇති දිලීර බීජාණු සුළඟ මඟින් සහ ස්පර්ශයෙන් නිරෝගී ශාක කොටස් වෙත යා හැකි බැවින් රෝග ලක්ෂණ දුටු මුල් අවස්ථාවේදීම රෝගී රිකිලි කඩා ඉවත් කිරීම හා විනාශ කිරීම කළ යුතුය. කොළපුල්ලි රෝගය සඳහා නිර්දේශකර ඇති පරිදි දිලීර නාශක යොදන්න.
පිටිපුස් රෝගය
ඔයිඩියෝපීස් (Oidiopies) දිලීර නිසා උණුසුම් තෙත් පරිසරවල දී රෝගය හටගනී. මුලදී පත්‍ර මතුපිට කහ පැහැති පැල්ලම් ඇතිවී පසුව ඒවා දුඹුරු පැහැයට හැරී මැරී යයි. පත්‍රවල යටි පැත්තේ සුදු පැහැති පිටි වැනි බීජාණු දක්නට ලැබේ. රෝග පාලනය සඳහා වගාව මනාව නඩත්තු කිරීමෙන් හා රෝගය වැළඳුන පසු පහත සඳහන් දිලීර නාශකවලින් එකක් යෙදීමත් නිර්දේශ කෙරේ. හෙක්ටයාරයක වගාව සඳහා සාමාන්‍යයෙන් ජලය ලීටර් 400 ක් පමණ අවශ්‍ය වේ.
බැක්ටීරියා හිටුමැරීම
සියුඩොමොනාස් සොලනේසියාරුම් (Pseudomonas solanaciarum) බැක්ටීරියාව නිසා හටගන්නා රෝගයකි. රෝගය ආසාදනය සමඟ ක්ෂණිකව ගස් මැලවී යයි. මුල් හා කඳ පාමුල කුණු වේ. කඳේ හරස් කැපුමක් යොදා බැලූවිට දුර්වර්ණ පැහැයක් ගෙන තිබෙනු පෙනේ. රෝගය වගාව තුළ ඉතා වේගයෙන් පැතිරී යාමට ඉඩ තිබේ. පොළොව මට්ටමට ආසන්නයෙන් කඳ කපා වතුර වීදුරුවකට දැමු විට කැපුම් පෘෂ්ඨයෙන් සුදු පැහැති බැක්ටීරියා ශ්‍රාවය පිටතට එන ආකාරය බලා ගත හැකිය.
එය දිලීර තත්ත්වය නිසා ඇති වන හිටුමැරීමෙන් වෙන්කර හඳුනා ගැනීමට ඉවහල් වේ. මිය ගිය ශාක උදුරා පස සමඟ ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න. අසාධිත ක්ෂේත්‍ර මඟින් නිරෝගී ක්ෂේත්‍ර වෙත ජලය ගෙන යාම නොකළ යුතුය. ක්ෂේත්‍රයේ ජලවහනය දියුණු කිරීම ඉතා වැදගත් වේ. මෙම රෝගයෙන් වගාව ආරක්ෂා කර ගැනීම සඳහා පෙර කන්නයේ සොලනේසි කුලයේ බෝග (බටු, මිරිස්, තක්කාලි, දුම්කොළ, අර්තාපල්) වගා කරන ලද ඉඩම්වල මිරිස් වගා නොකළ යුතුය. ශෂ්‍ය බෝග මාරුව අනුගමනය කළ යුතුය.
කාබනික පොහොර සැළකිය යුතු පරිදි පසට යෙදිය යුතුය. රෝගී ශාක ඒ අවට ඇති පසත් සමඟ ක්ෂේත්‍රයෙන් ඉවත් කළ යුතුය. තවද දිගින් දිගටම මෙම රෝගී තත්වය මතුවන ක්ෂේත්‍රයන් පළමු බිම් සැකසීමෙන් පසු සති 2-3 ක් තද සූර්යාලෝකයට නිරාවරණය කිරීමෙන් මෙම තත්වය පාලනය කර ගත යුතුය.
වෛරස් රෝග
කූඩිත්තන්, පැළ මැක්කන් හා මයිටාවන් මඟින් විවිධ වෛරසයන් මිරිස් ශාකයට ඇතුල් වීමට ඉඩ තිබේ. කුඩිත්තන් විසින් මිරිස්වලට බෝ කරනු ලබන වෛරස් බොහොමයක් හඳුනාගෙන ඇත. කොළ කොඩවූ මිරිස් ගසකට මෙම වෛරසයන් සියල්ලම සමහර අවස්ථාවල දී ඇතුල් වී තිබීමට පුළුවන. වෛරස් වාහකයන් පාලනය කරනු විනා වෛරස් රෝගවලට රසායනික ප්‍රතිකාර නැත. රෝගය වැළඳුනු පසු පාලනය අපහසු නිසා රෝගය සෑදීම හෝ පැතිරීම වැළැක්වීම කළ යුතුය.
කූඩිත්තන් මඟින් බෝවන වෛරස් රෝග
පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය (Cucumber Mosaic Virus)
මෙම වෛරසය වැළඳුනු විට පත්‍ර මත කොළ හා කහ පැහැති පුල්ලි ඇති වේ. නාරටි පැහැදිලිවීම, පත්‍රවල හැඩය වෙනස්වීම සිදුවේ.පත්‍ර කහවී ප්‍රමාණයෙන් කුඩා වී ඉතාමත් සිහින් වේ. තීව්‍ර වූ විට ශාක කුරු වේ. කරල් කුඩා වේ. රෝගී ශාකවල යුෂ තැවරුණු පිහි, නියපොතු හෝ වෙනත් ආකාරයකින් නිරෝගී ශාකවල තැවරීමෙන් ද රෝගය බෝ වේ. රෝගය වැළඳුනු විට අස්වැන්න අඩු වේ.
පිපිඤ්ඤා විචිත්‍ර වෛරසය දරා සිටින ශාක සංඛ්‍යාව අධික බැවින් ක්ෂේත්‍රය තුළ හා අවට ඇති වල් පැළෑටි ඉවත් කළ යුතුය. පිපිඤ්ඤා කුලයේ හා සොලනේසියේ කුලයේ බෝග සමඟ මිරිස් වගා නොකළ යුතුය. පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගයට ප්‍රතිරෝධිතාවය දක්වන ප්‍රභේද වගා කිරීම සුදුසුය.
වෛරස් වාහකයින් මර්දනය කිරීම සඳහා මෙහි පසුව සඳහන් කොට ඇති පරිදි නිර්දේශිත කෘමිනාශක යෙදිය යුතුය. සමබරව රසායනික පොහොර හා ඓන්ද්‍රිය පොහොර යෙදීම අත්‍යවශ්‍ය වේ.
නාරටි පෑදීමේ වෛරස් රෝගය (Chilli Veinal Mottle Virus)
රෝගය වැළඳුන විට පත්‍ර මත අක්‍රමවත් කහ පැහැති ලප ඇති වේ. පත්‍ර නාරටි දෙපස තද කොළ පැහැයක් ඇති වේ. කරල් කුඩා වේ. ශාකය කුරු වේ. මෙම වෛරස් ධාරක ශාක සොලනේසියේ කුලයේ (බටු, තක්කාලි, මිරිස්, අර්තාපල්, දුම්කොළ ආදී) බෝග හා වල් පැළෑටිවලට සීමා වේ. රෝගී ශාකවල යුෂ නිරෝගී ශාකවල තැවරීමෙන් ද රෝගය පැතිරේ.
පැළ මැක්කන් නිසා බෝවන රෝග
තක්කාලි පුල්ලි මැලවීමේ වෛරස් රෝගය
මෙම රෝගය වැළඳුන විට පත්‍ර මත රවුම් තද කොළ හෝ කහ පැහැති පැල්ලම් ඇති වේ. අතු දුඹුරු පැහැවී මැළ වේ. මෙම රෝගී ශාකවල යුෂ නිරෝගී ශාකවල තැවරීමෙන් රෝගය පැතිරේ. කරල් මත රවුම් කහ පැහැති ලප ඇති වී පසුව දුර්වර්ණ වේ.
මෙම රෝගය සොලනේසියේ කුලයේ වෙනත් ශාකවලට (තක්කාලි,දුම්කොළ,අර්තාපල්)හාරටකජුවලට වැළඳෙන නිසා එම බෝග සමඟ මිශ්‍රව වගා නොකළ යුතුය.
රෝගය දරා සිටින වල් පැළෑටි සංඛ්‍යාව අධික බැවින් වල් පැළ මර්දනය කළ යුතුය. ප්‍රතිරෝධී ප්‍රභේද භාවිතා කළ යුතුය. රෝග වාහකයින් මර්දනය කිරීම සඳහා මෙහි පසුව දක්වා ඇති පරිදි කෘමිනාශක යෙදිය යුතුය. මිරිස් වගාවට විශේෂයෙන් යල කන්නයේ දී කෘමි හානි බහුල වන බැවින් ඉහත සඳහන් වෛරස් රෝග සියල්ලම එකවර වැළඳිය හැකිය.
කොළ කොඩවීම
දේශීය මිරිස් ගොවීන්ට මුහුණ පෑමට සිදුවන ප්‍රධාන ගැටළුව කොළ කොඩවීම වේ. තවාන් අවස්ථාවේ සිට වගාවේ ඕනෑම අවස්ථාවක දී කොළ කොඩවීම ඇතිවිය හැක. කොළ කොඩවීම දෙආකාරයකට සිදු වේ.
පැළ මැක්කන්, කුඩිත්තන් හා මයිටාවන් විසින් මිරිස් පැළවල යුෂ උරාබීම නිසා ද, සුදු මැස්සන් විසින් මිරිස් වගාවට බෝකරනු ලබන කොළ කොඩවීමේ වෛරසය නිසාද සිදු වේ. මේ නිසා මෙම තත්ත්වය කොළ කොඩවීමේ සංකිර්ණය යනුවෙන් ද හඳුන්වනු ලැබේ.
කොළ කොඩවීමේ වෛරස් රෝගය
සුදු මැස්සන් විසින් රෝගී ශාකවල යුෂ උරාබීමේ දී උන්ගේ සිරුරු තුළට එම යුෂ ඇතුල් වේ. නැවත නීරෝගී ශාකයක යුෂ උරා බීමේ දී වෛරසය එම පැළයට ඇතුළු වීමෙන් කොළ කොඩවීමේ වෛරසය නිරෝගී මිරිස් වගාවට වැළඳේ. වෛරස් නිසා ඇති වන කොළ කොඩවීමේ රෝගය බහුලව හටගනුයේ තෙත් කලාපයේ ය. වියළි කලාපයේ දී වගාවේ අවසාන කාල සීමාව තුළ ද මෙම රෝගය දක්නට ලැබේ. පත්‍ර ලා කහ පැහැයට හැරී නාරටි පැහැදිලිව දිස්වීමට පටන් ගනී. කඳේ පර්ව කෙටිවීම නිසා රෝගී ශාක කුරු වේ. අධික රිකිළි සංඛ්‍යාවක් හට ගනී.
පත්‍රවල විශාලත්වය අඩු වී, ඝන වී, බෝට්ටුවක හැඩය ගනී. ශාකවලට ඇතුල් වී ඇති වෛරස් විශේෂය, කාළගුණික තත්ත්වය, වගාවේ වයස හා අනුගමනය කොට ඇති වගා පාලන ක්‍රම ආදී හේතූන් හා මිරිස් ගස් මඟින් දැක ගත හැකි රෝග ලක්ෂණ අනුව වෙනස් විය හැකිය. රෝග වාහක සුදු මැස්සන් මර්දනය කිරීම විනා වෛරස් රෝගයට ප්‍රතිකාර නොමැත. මේ සඳහා පැළ මැක්කන්, කූඩිත්තන් සඳහා යොදන කෘමිනාශක යෙදිය හැක.
වෛරස් රෝගය පැතිරීම වැළැක්වීමට
(1) බෝගය කන්නයට වගා කිරීම
(2) මෙම වෛරසය තක්කාලි, දුම්කොළ වැනි
සොලනේසියේ කුලයේ බෝගවලට වැළඳෙන බැවින් එම බෝග සමඟ මිරිස් වගා කිරීම නොකළ යුතුය.
කොළ කොඩවීම පාලනය කිරීම
මෙහිදී මිරිස්වල කොළ කොඩවීම පාලනය කිරීම සඳහා කෘමිනාශක පමණක් භාවිතා කිරීම මඟින් සාර්ථක ප්‍රතිඵල ලැබිය නොහැකි වේ. මේ සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රම ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුය. පෙර කන්නයේ මිරිස් වගා කරන ලද ස්ථානයක් තෝරා ගැනීමෙන් වැළකිය යුතුය. එසේ කිරීම අපහසු වේ නම් පෙර කන්නයේ මිරිස් වගාවේ ශේෂ සහමුලින්ම විනාශකර දැමිය යුතුය.
උසස් ගුණාත්මයෙන් යුත් බීජ භාවිතය, නිර්දේශිත තවාන් ක්‍රම හා තවාන් හොඳින් නඩත්තු කර දිරීමත් පැළ ලබාගෙන නියමිත දින වකවානු තුළ දී ක්ෂේත්‍රයේ රෝපණය කළ යුතුය. යල් කන්නයේ මිරිස් වගාව සඳහා මාර්තු මස මුල් සතිය තුළ තවාන් දමා අප්‍රේල් මස මුල් දෙසතිය තුළ ක්ෂේත්‍රයේ රෝපණය කළයුතුය.
විශේෂයෙන්ම පොහොර යෙදීමේ දී නිර්දේශිත ප්‍රමාණය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කිරීමත් අනවශ්‍ය ලෙස අධිකව පොහොර යෙදීමත් නොකළ යුතුය.
අධික ලෙස නයිට්‍රජනීය පොහොර යෙදීමෙන් පටක මෘදු වන බැවින් කෘමීන්ගේ පැවැත්මට හිතකර තත්ත්වයක් ඇතිවේ. එසේ කිරීමෙන් ජූලි සහ අගෝස්තු මාස තුළ අධික වන පැළ මැක්කන්ගේ ගහනය නිසා වන හානියෙන් වගාව බේරා ගත හැකි වේ.
තවානට සහ වගාවට ඓන්ද්‍රිය පොහොර නිර්දේශිත ප්‍රමාණවලින් පමණක් යෙදිය යුතුය. වගාව අවට වල් පැළෑටි තිබීම කෘමීන්ගේ වර්ධනයට හිතකර වේ. එනිසා ක්ෂේත්‍රය සහ අවට වල් පැළෑටි වලින් තොරව තබා ගත යුතුය.
කූඩිත්තන් ආදී කෘමීන් මුලින්ම වගාව තුළ දක්නට ලැබෙන මුල් අවස්ථාවේ දීම ඉසින යන්ත්‍රයක් භාවිතකර ජලය පමණක් යොදා, ශාකවල මතුපිට සහ යට පැත්ත හොඳින් තෙත් වනසේ ඉසීමෙන් ද, අතින් විනාශ කිරීමෙන් ද, මුල් අවස්ථාවේ දීම කෘමීන් මර්දනය කරගත යුතුය.
මිරිස් වගාව වටා හෝ සුළං හමන දිශාවට මුහුණලා බඩඉරිඟු, සෝගම්, කුරක්කන් ආදී බෝග පේලි 2-3 ක් ආවරණ බෝග ලෙස වගා කිරීමෙන් ද, පැළ මැක්කන්ගේ ව්‍යාප්තවීම වළක්වා ගත හැකි වේ. කෘමිනාශක යෙදිය යුත්තේ නිර්දේශිත වර්ගවලින් හා ප්‍රමාණයන්ගෙන් අවශ්‍ය වුවහොත් පමණි.
එපමණක් නොව වගාව ආරක්ෂා වන පරිදි හා සුළං බාධක ලෙස පොල් අතු හෝ කෘමි ප්‍රතිරෝධී දැල් යොදා ආවරණයක් යෙදීමෙන් සුළං ප්‍රවාහය සමඟ ගසා ගෙන එන කෘමින් වගාවට ඇතුල් වීම වළක්වා ගැනීමෙන් ද මිරිස් කොළ කොඩවීමේ තත්ත්වය හා වෛරස් රෝග බොහෝ දුරට වළක්වා ගත හැකි වේ.
රසායනික මර්දනය
කෘමිනාශක යෙදීමෙන් කොළ කොඩ වීමට හේතු කාරක වන පළිබෝධකයින් සංඛ්‍යාව පාලනය කර ගත හැකි වේ. කෘමිනාශක ඉතා විෂ සහිත බැවින් නිර්දේශිත සියලුම ආරක්ෂිත පියවර ගත යුතුය.
යුෂ උරාබීම නිසා මිරිස් ශාකයට වන හානියත්, වෛරස් රෝගවල පැතිරීමත් එමඟින් අඩු වේ. රසායනික ද්‍රව්‍ය යෙදීමට පෙර වගාව මැනවින් පරීක්ෂාකර බලා කොළ කොඩවීම පැතිරවීමට ඉවහල් වන කෘමීන් සිටි දැයි තහවුරු කර ගත යුතුය.
විශේෂයෙන්ම පත්‍ර යටි පැත්තේ මයිටාවන් සිටී දැයි පරීක්ෂාකර බැලිය යුතුය. වරක් කෘමිනාශක යෙදීමෙන් පසු නැවත කෘමිනාශක යෙදිය යුත්තේ දින 10-14 ක් ගතවූ පසුවය. කෘමිනාශක යොදා දින 7 කට පමණ පසුව වගාව මැනවින් පරීක්ෂාකර බැලීමේ දී, අලුතින් හටගත් පත්‍ර හැකිලී ඇත්නම් පමණක් දින 10 කට පසු නැවත කෘමිනාශක යෙදීම සුදුසුය. කෙසේ වුව ද බෝගයේ ජීවිත කාලය තුළ 5-7 වාරයක් කෘමිනාශක යෙදීම සෑහේ.
මිරිස් කොළ මත ජලය රැඳී සිටීමේ හැකියාව අඩුය. කෘමිනාශකවල ක්‍රියාකාරිත්වය වැඩි කර ගැනීම සඳහා තැවරුම්කාරකයක් (surfactant) සමඟ මිශ්‍රකර යෙදීම සුදුසුය.
පත්‍ර සිහින්වීමේ අසාමාන්‍යතාව (Narrow Leaf Disorder)
මෙය වියළි කලාපයේ කුඹුරු ඉඩම්වල මිරිස් වගාවේ දී දක්නට ලැබෙන අසාමාන්‍ය තත්ත්වයකි. මෙම තත්ත්වය හට ගැනීමට බලපාන හේතුව තවම සොයාගෙන නැතත්, ජල වහනය දුර්වල අවස්ථාවල දී බහුලව දැකිය හැකි බව වාර්තා වී ඇත.
විශේෂයෙන්ම දුර්වල ජල වහනය පවතින කුඹුරු ඉඩම්වල මිරිස් වගා කිරීමේ දී එම වගාවන් පත්‍ර සිහින් වීමේ අසාමාන්‍යතාවයට ගොදුරුවීම සමහර ප්‍රදේශවල වගාකරුවන් මුහුණපාන ගැටළුවකි. මෙතෙක් මෙම තත්ත්වය ඇති කිරිමට හේතුවන රෝග කාරකය සොයාගෙන නොමැත.
මෙම තත්ත්වය නිසා සමහර ප්‍රදේශවල මිරිස් වගා කිරීම කළ නොහැකි තත්ත්වයට පත්ව ඇත. රෝගය වැළඳුන විට ළපටි පත්‍ර කහ පැහැති වී, පසුව පත්‍ර නාරටි තද කොළ පැහැයක් ගනී. පත්‍ර සිහින්වීමේ තත්ත්වයට පත්‍ර දාරය සිහින්වී හැකිළීමක් සිදු වේ. පාර්ශ්වික අංකුර විශාල සංඛ්‍යාවක් වැඩීමට පටන් ගනී. පර්ව අතර දුර අඩු වේ. වර්ධනයේ මුල් අවස්ථාවේදීම රෝගයට පාත්‍ර වුවහොත් මුළු පැළයම කුරු වේ. කරල් හට නොගනී.
ජල සම්පාදන කාලාන්තරය වැඩි කිරීම හා ක්ෂේත්‍රයේ පස් බුරුල් කොට ශාකවල මූල මණ්ඩලයට හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීමෙන් මෙම තත්ත්වය තරමක් දුරට හෝ පාලනය කර ගත හැක
සිටුවා දින 70 – 80 පළමු අස්වැන්න නෙලීම කළ හැක.
- අමු මිරිස් – හෙක්ටයාරයකට ටොන්. 12 – 15 (සාමාන්‍ය)
- වියළි මිරිස් – හෙක්ටයාරයකට ටොන්. 3.0 – 4.0
- දෙමුහුම් ප‍්‍රභේද – හෙක්ටයාරයකට ටොන්. 30 – 35
- රත් පැහැ වූ කරල් හා කරලෙන් ¾ පමණ රත් පැහැ වූ කරල් නෙලීම සුදුසුය.
- රෝග පළිබෝධ වලින් තොර ඒකාකාරී රත් පැහැයක් වන තුරු මැනවින් වාතාශ‍්‍රය ලැබෙන කාමරයක් තුල දින 02 ගොඩ ගසා තබන්න.
- දින 4-5 පමණ අව්වේ වේලා ගැනීම.
- දිගු කාලයක් කල් තබා ගන්නේ නම් වරින් වර අව්වේ දමා වියලීම අවශ්‍ය වේ.
இப்பக்கம் வடிவமைப்பு செயற்பாட்டில் இருப்பதனால் அதுவரைக்கும் கீழேயுள்ள பக்கங்களை அணுகவும்.