Sinhala: HORDI Crop – Yard Long Bean

HORDI - LOGO

මෑ

Vigna unguiculata

මෙය ෆැබේසියේ කුලයට අයත් වේ. ශ්‍රී ලාංකිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය එළවළු බෝගයක් ලෙස මෑ හැඳින්විය හැක. මෑ වර්ග ඉතා හොඳින් වගාකළ හැකි වන්නේ පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපීය ප්‍රදේශවලය.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

මෑ වර්ග ඉතා හොඳින් වගාකළ හැකි වන්නේ පහතරට තෙත්, අතරමැදි හා වියළි කලාපීය ප්‍රදේශවලය.

පස

වැලි ලෝම් පස් වගාව සඳහා වඩා සුදුසුය. පසෙහි පී.එච්. අගය 5.6-7 අතර වීම වගාවට යෝග්‍ය වේ. ජල වහනය දුර්වල මැටි අධික පස වගාවට සුදුසු නැත

බීජ අවශ්‍යතාවය

පඳුරු ආකාරයේ වර්ග – හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 17-20

වැල් ආකාරයේ වර්ග – හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 16-20

තවාන් කළමනාකරණය

සෘජු රෝපණය බැවින් තවාන් පාලනයක් අවශ්‍ය නැත,

තෙත් කලාපය – මෝසම් වැසි වලින් පසු;

වියළි කලාපය – යල: වැසි සහිත වගාවන්හි – මාර්තු / අප්‍රේල්

වියළි කලාපය – වාරිමාර්ග යටතේ (යල කන්නය) – අප්‍රේල් / මැයි. නොවැම්බරයේ මහ අවසානය

බිම් සැකසීම

සෙන්ටිමීටර් 15-20 පමණ ගැඹුරකට පස පෙරලා කැට පොඩිකර ගන්න. තද වර්ෂා කාලයන්හි ජලය රඳා සිටීමට ඉඩ ඇති ස්ථානවල උස් පාත්ති හෝ වැටි හා කාණු සකසාගන්න.

ජල සම්පාදනය යටතේ වගාකරන අවස්ථාවේදී වැටි හා කාණු සකසන්න. පාත්ති නොසාදා සමතලා බිමෙහි වගා කරන්නේ නම්, විශේෂයෙන් මහ කන්නයේදී ඉඩමෙහි ජලවහන කාණු සැකසීම වැදගත්ය.

පැළ සිටුවීම

එක් වළකට බීජ 3 – 4 ක් පමණ එකිනෙකට තරමක් දුරින් සිටුවන්න. සිටවූ බීජවලට හොඳින් ජලය සපයන්න.බීජ පැළවී සති 2 කින් නිරෝගිමත් පැළ 2 ක් එක් වළක ඉතිරි කර අනෙක් පැළ ගලවා දමන්න.

ආධාරක සැපයීම හා වැල් පුහුණු කිරීම

වැල් ආකාරයේ මෑ ප්‍රභේද සඳහා ආධාරක සැපයීම අවශ්‍යය. ඒ සඳහා අඩි 7 ක් පමණ උස ආධාරක කෝටු එක් වළකට එක බැගින් සිටුවා එම ආධාරක කෝටුවකට වැල් පුහුණු කිරීම හෝ තැනින් තැන ආධාරක කෝටු සිටුවා සිරස් අතට ලණු ඇද, ලණු දිගේ වැල් පුහුණු කරන්න.

පරතරය

පඳුරු මෑ වර්ග – පේළි අතර සෙන්ටිමීටර් 60-75 සහ පැළ අතර සෙන්ටිමීටර් 20,

වැල් ආකාරයේ මෑ වර්ග – පේළි අතර සෙන්ටිමීටර් 90 සහ පැළ අතර සෙන්ටිමීටර් 30. ආධාරක කෝටු වෙත වැල් වැඩීමට සලසන්න.

පොහොර

බීජ සිටුවීමට පෙර දිරාපත් වූ කාබනික පොහොර හෙක්ටයාරයට ටොන් 10 ක් පමණ යොදා පසට කළවම් කරන්න. එයට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොරද වගාවට ලබා දෙන්න.

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට්

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර (සිටුවීමට දින 02 කට පෙර)

35

130

35

මතුපිට පොහොර (මසකට පසු)

55

35

ජල සම්පාදනය

වගාවේ මුල් අවධියේ දී දින 4 කට වරක් බැගින් ද, ඉන්පසු සතියකට වරක් බැගින් ද, ජලය සපයන්න. පසෙහි තෙතමනය වැඩි වුවහොත් පාමුල කුණුවීමේ රෝගය වැළඳීමට ඉඩ තිබේ.

වල් පැළෑටි පාලනය

සති 2 සහ 4 දී වගාවේ වල් පැළෑටි ඉවත් කරන්න.

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

රෝග කාරකය: Fusarium spp., Pythium spp., Sclerotium spp

රෝග ලක්ෂණ  

  • ශාකයේ පාදස්ථය දුඹුරු පැහැ වන අතර පිටත කුණු වීම සිදු වේ.
  • ආසාදනය scleratium දිලීරය මඟින් නම් ශාකයේ පාදස්ථ කොටසෙහි සුදු පැහැති දිලීර ජාල දක්නට ලැබේ.
  • ක්‍ෂේත්‍රයේ ශාක තැනින් තැන මැල වී තිබෙනු දැකිය හැක.

පාලනය

  • ජලවහනය දියුණු කිරීම
  • පාදස්තයට දිලීරනාශක යෙදීම
  • බෝග මාරුව
  • ආසාදිත ශාක කොටස් ක්ෂේත්‍රයෙන් ඉවත් කර විනාශ කිරීම
 

රෝග කාරකය: macrophomina phaseolina (මැක්‍රෝෆෝමිනා ෆෙසියෝලි දිලීරය)

රෝග ලක්ෂණ  

  • මුලික රෝග ලක්ෂණ ලෙස අළු දුඹුරු පැහැති ගිල්වුණු ස්වභාවයක් ගන්නා  වියළි පැල්ලම් කඳේ පාදස්ථ ප්‍රදේශයේ ඇතිවේ.
  • මෙය පැළෑටියේ අග්‍රස්ථය දක්වාම විහිදිය හැකිය. පැළෑටි මැලවී පසුව මැරී යයි.
  • රෝගී ගස් වල පත්‍ර පළමුව මැලවී පසුව මැරී යයි.

පාලනය

  • වගාවට සති 04 පමණ වූ පසු ටෙබ්‍රකොනසෝල් 250g /lEW දිලීරනාශක යොදන්න.

අස්වනු නෙළීම

පඳුරු සහ වැල් ආකාර දෙකේම අස්වැන්න නෙළීම සෑම දින 2 කට වරක් කිරීමෙන් අස්වැන්නේ ගුණාත්මය පවත්වා ගත හැකියි. පඳුරු ආකාරයේ ප්‍රභේද වලින් අස්වනු වාර 7-12 පමණ ලබාගත හැකිය. වැල් ආකාරයේ වර්ග වලින් අස්වනු වාර 15 – 16 පමණ ලබාගත හැකිය.

අස්වැන්න

පොළොන් සහ හවරි මෑ : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 12

බුෂිටාවෝ දේශීය : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 10

පඳුරු පොළොන් මෑ: හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 9

ගන්නෝරුව හවරි :හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 35

ගන්නෝරුව A9 : හෙක්ටයාරයකට මෙට්‍රික්ටොන් 21-24