Sinhala: HORDI variety – Mae

HORDI - LOGO

මෑ

නිකුත් කරන ලද ප්‍රභේද

වැලක් ආකාරයට වර්ධනය වේ. ලා කොළ පැහැති දිගු කරල් හටගනී. බීජ රතු දුඹුරු පැහැතිය. මල් පිපීමට දින 35-40 ක් ගත වේ. දින 45-48 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.
වැලක් ආකාරයට වර්ධනය වේ.දිගු මාංශල කොළ පැහැති කරල් හට ගනී. පාමුල කුණුවීමේ රෝගයට ඔරොත්තු දේ. කළු පැහැති බීජවල ක්‍රීම් පැහැ ලපයක් දක්නට ලැබේ. කරල් වල කල් තබා ගැනීමේ හැකියාව වැඩියි.මල් පිපීමට දින 40-45 ක් ගත වේ.
වැලක් ආකාරයට වර්ධනය වේ. ලා කොළ පැහැති දිගු කරල්වල අග කෙළවර දම් පැහැතිය. බීජ කළු පැහැතිය. දින 60-70 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.
පඳුරක් ආකාරයට වර්ධනය වේ. කොළ පැහැති කරල් හටගනී. බීජ ක්‍රීම් පැහැතිය. බීජ ලපය රතු දුඹුරු පැහැතිය. දින 45-50 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.
වැලක් ආකාරයට වර්ධනය වේ. තද කොළ පැහැති දිගු කරල්වල දම් පැහැති පැල්ලම් ඇත. ක්‍රීම් පැහැති බීජ වල බීජ ලපය ප්‍රදේශය කළුය. දින 60-70 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.

පඳුරක් ආකාරයට වර්ධනය වේ. ලා කොළ පැහැති මධ්‍යම ප්‍රමාණයේ දිගකින් යුත් කරල් හටගනී. ක්‍රීම් පැහැති බීජ වල බීජ ලපය ප්‍රදේශය දුඹුරු පැහැතිය. දින 45-50 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.

පඳුරක් ආකාරයට වර්ධනය වේ. කරල් ලා කොළ පැහැතිය. ක්‍රීම් පැහැති බීජවල දුඹුරු පැහැති පැල්ලම් ඇත. දින 45-50 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.

පඳුරක් ආකාරයට වර්ධනය වේ. කරල් මධ්‍යම ප්‍රමාණයේ දිගකින් යුක්තය.කොළ පැහැති කරල් මතුපිට දම් පැහැති පැල්ලම් දක්නට ලැබේ. බීජ ක්‍රීම් පැහැති වන අතර, බීජ ලපය කළු පැහැතිය. දින 45-50 දී අස්වනු නෙලීම ආරම්භ කළ හැකිය.