ඉන්නල
(Coleus Rotundifollius හෝ SolenastemonRotundifolius)

හැදින්වීම
අප්‍රිකාවේ සම්භවය වී ලංකාව, ඉන්දියාව, චීනය, ජාවා දූපත්වලට හදුන්වාදී ඇති ඉන්නල ලිබියාවේකුලයට අයත් වන අතර උද්භිත විද්‍යාත්මකව SolenastemonRotundifolius ලෙස හදුන්වනු ලැබේ. දේශීයව ඉන්නල සඳහා ඉන්නල ඉල්ලුමක් පවතින අතර එය අද විදේශ විනිමය උපයන සම්ප්‍රදායික නොවන අපනයන බෝගයකි.

පෝෂණ වටිනාකම

සංඝටකය

ප්‍රමාණය

තෙතමනය

72.9 - 77.6

කාබෝහයිඩ්‍රේට්ස්

19.7 - 23.4

ප්‍රෝටීන්

1.3 - 1.46

මේදය

0.3 - 0.6

තන්තු

0.4 - 0.87

ඛණිජ

0.9 - 1.07

ඛණිජ වර්ග

(mg / 100g)

කැල්සියම්

17.0 mg

යකඩ

6.0 mg

විටමින්

(mg / 100g)

තයමින්

0.05 mg

රයිබෝෆ්වින්

0.02 mg


වගාවට සුදුසු ප්‍රදේශ

තෙත් කලාපයට උරුමවු බෝගයක් වු ඉන්නල ගාල්ල, කළුතර, කොළඹ, ගම්පහ, මාතලේ, මාතර, රත්නපුර වැනි දිස්ත්‍රික්ක වලත් කුරුණෑගල, වාරියපොල වැනි අතරමැදි කලාප වලත් අම්පාර වැනි වියළි ප්‍රදේශ වලත් වගා කෙරේ.

මේ බෝගය සඳහා ජල වහනය හොදින් සිදුවන සැහැල්ලු වැලි සහිත ලෝම පසක් ඉන්නල වගාවන් සදහා සුදුසු වේ.

ඉන්නල ප්‍රභේද

දේශීයව ප්‍රචලිත ඉන්නල වර්ග දෙකකි.

1. දිගටි ඉන්නල
2. බෝල ඉන්නල

බෝල ඉන්නල

දිගටි ඉන්නල

බෝල වර්ගය "බිනරි" නමින් නිකුත් කර ඇති අතර මෙයට වැඩි රුච්කත්වයක් දක්වයි.

ඉන්නල වගා කිරීමේ කාලය
දිවයිනේ තෙත් කලාපයේ ඉන්නල වගා කරනුයේ යල් කන්නයේ වැසි සමග ජුනි - ජුලි මාස වලය.

වියළි හා අතරමැදි කලාපවල වගාව ස්ථාපනය කරන්නේ මහ වැසි සමඟ සැප්තැම්බර් - ඔක්තෝබර් මාස තුලය.

බීජ අල තේරීම හා තවාන් දැමීම
පසුගිය කන්නයේ අස්වැන්නෙන් නීරෝගී බීජ අල තෝරා ගෙන වැලි සහිත ලෝම පසක සෑදු තවානක තවාන් දැමිය යුතුය. සිටුවීමට බලාපොරොත්තු වන ක්ෂේත්‍රයේ ප්‍රමාණයෙන් 12 - 15% වපසරියක තවානක් ඇති කිරීම.රෝපණ ද්‍රව්‍ය අවශ්‍යතාවය පිරිමසා ගැනීමට අවශ්‍යය.තවානේ වර්ග මීටර් 04 කට මූලික පොහොර මිශ්‍රණය

  • දිරූ ගොම කූඩා 2 - 3
  • යූරියා 15 g
  • ත්‍රිත්ව සුපර් පොස්පේට් 40 g
  • මියුරියේට් ඔෆ් පොටෑෂ් 25g

එක වලක එක අලය බැඟින් අංකුර ඇද්දවූ බීජ පැල අගල් 6 පරතරයෙන් සිටුවිය යුතුය. තවානේ වයස සති 3 - 6 අතරදී ගව මූත්‍ර 50 : ජලය 50 දියකල ද්‍රවනයක් යෙදීමෙන් දඩු වර්ධනය ඉක්මන් හා සීග්‍ර කළ හැක. එසේ නැතිනම් තවානේ වයස සති 2 - 3 න් පසුව තවානේ වර්ග මීටරයකට යුරියා 10g සහ මියුරියේට් ඔෆ් පොටෑෂ් 10g පේළි අතරට යෙදිය හැක.

සති 6 - 8 දී පළමු දඩු අස්වැන්න සිදුවීම සදහා ලබාගත හැක.

බිම් සැකසීම හා වගා ක්‍රම

ඉන්නල බෝගයේ අල වර්ධනයට උච්ත ලෙස සැකසෙන ඕනෑම සැහැල්ලු පාංශු පරිසරයක බෝගය වැඩි අස්වනුලබාදේ. පාත්තියක හෝ සමතලා භූමියක වගාකර වර්ධනයත් සමග පස් ලංකිරීම ඉන්නල බෝගය පිහිටවීමේ මූලික සිද්ධාන්තය වෙයි. මේ අනුව වගා සිටුවන වගා රටාව, කන්නය හා කලාපය අනුව විවිධ වු වගා ක්‍රමයන් අනුවර්තනය වී ඇත. යල කන්නයේදී වැඩි පරතරයකින් (30 සෙ.මී x 30 සෙ.මී) දික්වූ රිකිලි භාවිතයද මහ කන්නයේදී අඩු පරතරයකින්ද (15 සෙ.මී. x 15 සෙ.මී.) කෙටි රිකිලිද භාවිතා කරයි.


යල කන්නයේදී වැඩි පරතරයකින් (30 සෙ.මී x 30 සෙ.මී) දික්වූ රිකිලි භාවිතයද මහ කන්නයේදී අඩු පරතරයකින්ද (15 සෙ.මී. x 15 සෙ.මී.) කෙටි රිකිලිද භාවිතා කරයි


පස් ලංකිරීම
මල් පිපීමට පෙර පොහොර භාවිතා කල යුතුය. බෝගය කහ වී පරිනත වන අවස්ථාව වනවිට අවම වශයෙන් තුන් වතාවක් පස් ලංකිරීමෙන් ගුණාත්මක අස්වැන්නක් ලබාගත හැක.

පොහොර නිර්දේශය

වර්ගය

යොදන කාලය

වර්ගය / ප්‍රමාණය

ප්‍රමාණය

හුණු යෙදීම

සිටුවීමට සති 2 පෙර

ඩෙලමයිට් / අළු හුණු

1 - 2 හෙක්ටයාරයකට ටොන්

කාබනික පොහොර

සිටුවීමට දින 3 - 5 පෙර

කුකුල් පොහොර හෝ ගොම පොහොර

10 හෙක්ටයාරයකට ටොන්

රසායනික පොහොර

වර්ගය සහ ප්‍රමාණය කිලෝ/ හෙක්.

පෝෂක ප්‍රමාණය කිලෝ/ හෙක්

යුරියා

TSP

MOP

N

P2O5

K2O

සිටුවීමට පෙර

-

150

-

-

70

-

සිටුවීමට සති 2 පසු

65

-

60

30

-

35

සිටුවීමට සති 6-8 පසු

65

-

90

30

-

55

සිටුවීමට සති 10-12 පසු

-

-

60

60

-

35

මුළු ප්‍රමාණය

130

150

210

60

70

125

  • ඩොලමයිට් යෙදිය යුත්තේ PH < 5
  • කුකුල් පොහොර යෙදයි නම් TSP සහ MOP 25% අඩු විය යුතුය.


රෝග හා පලිබෝධ පාලනය
ඉන්නල වගාවක් සදහා දේශීයව හඳුනාගත් වැදගත් වන රෝග හා කෘමි හානි වර්තාවී නොමැත. නමුත් එකම භුමියේ දිගටම වගා කරන විට වටපනු මඟින් මූල ගැටිති ඇති වීම නිසා ශාකයේ වර්ධනය දුර්වල වී මැරී යාම සිදුවේ.

මෙය මගහැරීමට නීරෝගී බීජ අල භාවිතය, වැඩි ප්‍රමාණ වලින් කාබනික පොහොර භාවිතය, සිටුවීමට පෙර කුරේටර් වැනි වටපනු නාශකයක් පසට එක් කිරීම සිදු කළ හැක.

අස්වනු නෙලීම
ඉන්නල කන්න බෝගයක් බැවින් වර්ධන රටාවේ අවසන් භාගයේදී පත්‍ර කහ පාටට හැරේ. අස්වනු නෙලීමට ප්‍රමාද වුවහොත් අලවල පිටි ස්වභාවය අඩු වීමත් පැළ වීමත් සිදුවේ.

අස්වැන්න

හොඳින් නඩත්තු කළ වගාවකින් අක්කර 01 න් ටොන් 4 - 5 පමණ අස්වැන්නක් ලබාගත හැක.