Sinhala: HORDI Crop – Salad Leaves

HORDI - LOGO

සලාද

Lactuca sativa L.

සලාද ඇස්ටරේසියේ කුළයට අයත් වාර්ෂික ශාකයකි. එය බොහෝ විට කොළ එළවළු ලෙස වගා කරන අතර සලාද සඳහා භාවිතා වේ. එය සුප්, සැන්ඩ්විච් සහ දවටන වැනි වෙනත් ආහාර වර්ගවලට ද භාවිත කරණු දක්නට ලැබේ; එය ද grill කිරීමද කළ හැක.

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

සිසිල් දේශගුණික තත්ත්වයන් යටතේ වර්ධනය වන බැවින් උඩරට තෙත් හා උඩරට අතරමැද කලාපවල වසර පුරාම වගාකළ හැක. වර්ධනය සඳහා ප්‍රශස්ථ උෂ්ණත්වය 20°C වඩා අඩු විය යුතුය. උණුසුම් දේශගුණික තත්ත්ව වලදි සලාද වල තිත්ත රස ඇතිවීම, ඉක්මනින් මල් හට ගැනීම සහ පර්ව අතර පරතරය වැඩිවී සලාද ගස උස යාම සිදුවේ.

පස

ලිහිල් පාංශු ව්‍යුහයක් ඇති කාබනික ද්‍රව්‍ය බහුල ජලය හොඳින් බැස යන වැලි ලෝම පසක් මනා වර්ධනය සදහා අවශ්‍යවේ.

බිම් සැකසීම

සෙන්ටිමීටර් 30 ක් පමණ ගැඹුරට පස පෙරලා කැට පොඩිකර සියුම්ව පස සකසා ගන්න. පසුව මීටර් 1ක් පමණ පළල, පාලනයට පහසු දිගකින් යුතු උස් පාත්ති සකසා ගන්න.

තවාන් පාලනය

සියුම් වයනයක් ඇතිවන ලෙස පස සකසා කාබනික පොහොර යෙදු තවාන් පාත්තිවල සෙ.මී. 10 පරතරය ඇතිව පේළි ආකාරයට බීජ යොදන්න. බීජ ප්‍රරෝහණය වී සති තුනකදී පමණ ස්ථිර බිමෙහි සිටුවිය හැක.

පැළ සිටුවීම

උස් පාත්ති සකසා පේළි අතර සෙන්ටිමීටර් 30 සහ පැළ අතර සෙන්ටිමීටර් 15 පරතරයක් ඇතිව සිටුවිය යුතුය. බොහෝවිට කැරට් සහ ලීක්ස් සමඟ මිශ්‍ර බෝගයක් ලෙස සලාද වගාකරන බැවින් එවිට පැළ අතර සෙන්ටිමීටර් 20 ක පරතරයකට සිටුවයි.

ක්‍ෂේත්‍රයේ සිටුවීමට විශේෂිත වූ කාලයක් නොමැති වුවත් මනා වර්ධනයක් හා හොඳ අස්වැන්නක් සඳහා ජනවාරි-අප්‍රේල් අතර කාලය සුදුසුය. විවෘත ක්ෂේත්‍රයේ වගාකරන්නේ නම් ජනවාරි හා පෙබරවාරි මාසයේදී ඇතිවන මල් තුහින මඟින් ඇතිවිය හැකි හානි වළක්වා ගැනීමට ආවරණ යෙදීම අවශ්‍ය වේ.

පොහොර

වර්ගයයොදන අවස්තාවප්‍රභවයප්‍රමාණය (ටොන්/හෙක්)
හුණුපැල සිටුවීමට සති 02 කට පෙරහුණු / ඩොලමයිට්1-2
කාබනික පොහොරපැල සිටුවීමට දින 3-5 කට පෙරකුකුල් පොහොර / ගොම පොහොර / කොම්පෝස්ට්10
වර්ගයයොදන අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

රසායනික පොහොරසිටුවීමට පෙර21513075

ජල සම්පාදනය

සලාද වර්ධනයට හා අස්වැන්නේ ගුණාත්මයට හොඳ ජල සැපයුමක් අවශ්‍ය වේ. එබැවින් පැළ සිටුවා මුල් දින කිහිපය තුළ දිනපතා ජල සම්පාදනය කළ යුතුය. සති දෙකක් පමණ වයස වූ විට දින හතරකට වරක් වර්ෂාපතනය අනුව ජලය සපයන්න.

වල් පැළෑටි පාලනය

බෝගයේ නිසි වර්ධනයට වල් පැළ වලින් තොරව ක්ෂේත්‍රයේ පවත්වා ගත යුතුය. මේ සඳහා අතින වල්පැළ ඉවත්කිරීම සුදුසුය.

පළිබෝධ කළමනාකරණය

බිත්තරවලින් බිහිවන කීටයින් මුල සහ කඳේ පහළ කොටස්වලට හානි කර කඳ තුළින් ශාකයට ඇතුළුවේ.

පාලනය

ග්‍රීස් යෙදූ කහ හෝ නිල් පැහැති පොලිතීන් යොදාගෙන සුහුඹුලන් අල්ලා විනාශ කිරීම.

පැළ පාමුලින් කපා දැමීම නිසා වගාවට හානි වේ.

පාලනය

වගාව පරීක්ෂා කර දරුණු හානියක් පවතින විට නිර්දේශිත කෘමිනාශක යොදන්න.

රෝග කළමනාකරණය

වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවලදි දැකිය හැක. ශාකවල පහළ පත්‍ර පස් සමඟ ගැටීමෙන් රෝගය ආසාදනය වේ. ශාකයේ පහළ පත්‍රවල සිට ඉහළට කුණු වී යයි.

පාලනය

නියමිත පරතරයට ක්‍ෂේත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමඟ ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.

පස මතුපිටට පොලිතීන් වසුනක් යෙදීම මඟින්ද මෙම තත්වය අවම කරගත හැක.

ශාකයේ පහළ පත්‍රවල සහ කඳේ කුණුවීම් ඇතිවී පසුව ඉහළ පත්‍රවලට පැතිරී යයි.

පාලනය

ජල වහනය දියුණු කිරීම, නියමිත පරතරයට ක්‍ෂේත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමග ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.

  • මෘදු කුණුවීම

වායුගෝලීය ආර්ද්‍රතාවය වැඩි අවස්ථාවලදි දැකිය හැක. ශාකවල පහළ පත්‍ර පස් සමඟ ගැටීමෙන් රෝගය ආසාදනය වේ. ශාකයේ පහළ පත්‍රවල සිට ඉහළට කුණු වී යයි.

පාලනය

නියමිත පරතරයට ක්‍ෂේත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමඟ ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.

  • ස්ක්ලෙරෝටියම් කුණු වීම

ශාකයේ පහළ සහ පත්‍රවල කඳේ කුණුවීම් ඇතිවී පසුව ඉහළ පත්‍රවලට පැතිරී යයි.

පාලනය

ජල වහනය දියුණු කිරීම, නියමිත පරතරයට ක්‍ෂේත්‍රයේ පැළ සිටුවීම සහ ශාකයේ පහළ පත්‍ර පස් සමග ගැටීම වලක්වාලීම මඟින් රෝගය පාලනය කරගත හැකිය.

අස්වනු නෙළීම

පැළ සිටුවා දින 50-60 ත් අතර කාලයේදී අස්වැන්න නෙළාගත හැක. අස්වැන්න නෙළීමේදි සම්පුර්ණ පැළයම ගලවා මුල් කපා දැමිය හැකිය. හොඳින් වැඩුණු ශාකයක් අස්වනු නෙළන අවස්ථාව වන විට බර ග්‍රෑම් 200 – 400 පමණ විය යුතුය. ගෙවතු වගාවකදී නම් අවශ්‍යතාවය පරිදි පත්‍ර වෙන් වෙන් වශයෙන් කඩා පරිභෝජනය සඳහා යොදා ගත හැකිය.

අස්වැන්න

තනි වගාවකදී හෙක්ටයාරයකට ටොන් 15-17 පමණ වේ.