Sinhala: HORDI Crop – Raddish

HORDI - LOGO

රාබු

Raphanus sativus L.

රාබු බ්‍රැසිකේසියේ කුලයට අයත්වේ. ශ්‍රී ලංකාවේ සියළුම කෘෂි දේශගුණික කලාපවල රාබු වගාකළ හැකිය. හොඳින් ජලය බැසයන පී.එච්. අගය 6-7.5 අතර වූ පසක් වගාව සඳහා වඩාත් සුදුසුය.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

රටේ සියලුම කෘෂි පාරිසරික කලාපවල රාබු වගා කළ හැකිය

පස

හොඳින් ජලය බැස යන පස සුදුසු නමුත් දුර්වල ලෙස ජලය බැස යන පස් වර්ධන ගැටළු ඇති කළ හැකිය. PH පරාසය 6.0 – 7.5 සුදුසු වේ

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 5 කි.

තවාන් කළමනාකරණය

අවශ්‍ය නැත

බිම් සැකසීම

සෙන්ටිමීටර් 30-40 පමණ ගැඹුරට පස පෙරළා හොඳින් කැට පොඩිකර උස් පාත්ති සකසා ගන්න.

පැළ සිටුවීම

ප්‍රමාණවත් තෙතමනයක් තිබේ නම් වසර පුරා වගා කළ හැකිය.

පරතරය

පේළි අතර සෙ.මී 25-30 . පැළ අතර සෙ.මී. 10 වන ලෙස පේළි ආකාරයට බීජ සිටුවිය හැක

පොහොර

යෙදිය යුතු  අවස්තාව

යුරියා 

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර 12520075
මතුපිට පොහොර – (සිටුවා සති 03 කට පසු )12575

ජල සම්පාදනය

මුල් දින 4-5 දී දිනපතා ද ඉන්පසුව සෑම දින 3-4 කට වරක් බැගින් ද ජලය සපයන්න.

වල් පැළෑටි පාලනය

එක් වරක් අතින් වල් ගැලවීම ප්‍රමාණවත්ය. උඩරට ප්‍රදේශවල සති 4 දී ද වෙනත් ප්‍රදේශවල සති 2 දී පමණද වල් ගලවා දමන්න

පළිබෝධ කළමනාකරණය

ළපටි කීටයන් ලා කොළ පාට වන අතර පසුව අඳුරු කොළ පැහැයට හැරේ.

හානි ලක්ෂණ

හානිය උග්‍ර වූ විට නාරටි ඉතිරි වන සේ අනෙක් කොටස් ආහාරයට ගනි.

පාලනය

හානිය අධික නම් නිර්දේශිත කෘමිනාශකයක් යොදන්න.

පත්‍ර මත අක්‍රමවත් හැඩැති උමං වැනි ව්‍යුහ සාදයි. මේවා අළු/සුදු පැහැයෙන් යුක්තවන අතර එතුළ කීටයායේ මල ද්‍රව්‍ය කළු පැහැති ඉරි ආකාරයෙන් දැකිය හැක.

දළඹු අවස්ථාව හානිකරය. හොඳින් වැඩුණු දළඹුවා සෙ.මී 4-6 ක් පමණ දිග කඵ හෝ දුඹුරු පැහැතිය.

හානියේ ලක්ෂණ

  • දිවා කාලයේ පස තුළ සැඟවී සිට රාත්‍රී කාලයේ හානිය සිදු කරයි.
  • ළපටි පැල පස් මට්ටමෙන් කා දමයි.
  • වැඩුණු පැළ වල පත්‍ර අක්‍රමවත් ආකාරයට කා දමයි.

පාලනය

  • පස කොටා පෙරළීම හා රේක්ක කිරිම
  • පස ඇතුළත සැඟවී ඇති දළඹුවන් අතින් අහුලා ඉවත දමන්න.
  • පස පෙරලීමෙන් පසේ සිටින දළඹුවන් කුරුල්ලන් මඟින් විනාශ වේ.
  • පැළ සිටවූ දිනම සුදුසු කෘමිනාශකයක් ශාකයට හා පසට යොදන්න.
  • පසට වැඩිපුර කාබණික පොහොර යෙදිම
  • ක්ෂේත්‍ර සනීපාරක්ෂාව

රෝග කළමනාකරණය

රෝග ලක්ෂණ

pH අගය අඩු (ආම්ලික) පස්වල වගා කළ විට වගාවට බරපතල හානි ඇති කරන

රෝගයකි. ශාක වල මුල් මහත්වී අලයක් වැනි ස්වභාවයකට පත්වේ.

රෝග පාලනය

  • රෝග කාරකය පසෙහි දීර්ඝ කාලයක් පවතින අතර දැඩි බීජාණු රසායන ද්‍රව්‍ය වලින් විනාශ කළ නොහැක.
  • මර්දනය අපහසුය.
  • වගාවට පෙර පස් පරීක්ෂාකර බලා අවශ්‍ය නම් අළුහුණු යොදා pH අගය ඉහළ නැංවීම.
  • රෝගය වැළඳුනු ශාකවල මුල් ගලවා පුළුස්සා දැමීම.
  • එකම කුළයේ නොවන බෝග සමග වසර හතරක් පමණ බෝග මාරුවක් සිදුකිරීම මඟින් රෝගය අවම කළ හැක.

අස්වනු නෙළීම

නියමිත දින ගණනට පැමිණි විට අස්වනු නෙළන්න. අස්වැන්න ප්‍රමාද වී නෙළීම මඟින් අස්වැන්නෙහි ගුණාත්මය අඩුවේ.

අස්වැන්න

  • ජපන් බෝල – හෙක්ටයාරයකට ටොන් 40-50
  • බීරළු – හෙක්ටයාරයකට ටොන් 20-30

පසු අස්වනු කටයුතු

අලවල ප්‍රමාණය අනුව අස්වැන්න ශ්‍රේණි කරන්න. වාතාශ්‍රය හොඳින් ලැබෙන පරිදි කූඩවල අසුරා වෙළඳපොළට යවන්න.