- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
අර්තාපල්
Solanum tuberosum
අර්තාපල් සොලනේසියේ කුලයට අයත් වේ. සැමුවෙල් බේකර් විසින් 1850 දී ශ්‍රී ලංකාවට අර්තාපල් හදුන්වා දෙන ලදී.කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, රහංගල රජයේ ගොවිපලේ දී මහා පරිමාණව වගා කිරීම ප්‍රථමයෙන් ආරම්භ කල නමුත් බැක්ටීරියා හිටුමැරීමේ රෝගය නිසා වගා කිරීම නතර වී ඇත. දැනට හිටුමරීමේ රෝගය සාර්ථකව පාලනය කළ හැකි නිසා වැලිමඩ, නුවරඑළිය වැනි සීතල කලාප වලත්, යාපනය, කල්පිටිය වැනි උෂ්ණත්වය වැඩි කලාප වලත් අර්තාපල් සාර්ථකව වගා කල හැකිය. බීජ අර්තාපල් නිෂ්පාදනය සඳහා සීතල ප්‍රදේශවල වැඩි උච්චත්වයෙන් යුතු ඉඩම් යෝග්‍ය වන අතර අනෙකුත් ප්‍රදේශවල ආරක්ෂිත ගෘහ තුල සිදු කල හැකි වේ.
නිකුත් කරන ලද ප්‍රභේද
දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ
අර්තාපල් ආකන්ද හට ගඅනීම සඳහා 24 oC අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වේ. සාර්ථක වගාවක් සඳහා දිවා හා රාත්‍රී අතර උෂ්ණත්ව වෙනස 10 oC වඩා වැඩි වීම අවශ්‍ය වේ. සීතල උඩ රට කලාපයේ අර්තාපල් වැඩි වශයෙන් වගා කරන අතර වැඩි උෂ්ණත්වයට ඔරෝත්තු දෙන ප්‍රභේද යාපනය, කල්පිටිය වැනි ප්‍රදේශවල වගා කල හැකිය.
පස
හොඳින් ජල වහනය සිදුවන, කාබනික ද්‍රව්‍ය වැඩිපුර ඇති පසක් අවශ්‍ය වන අතර පී.එච්. අගය 5.5-6.6 අතර විය යුතුය.
බීජ අවශ්‍යතාවය
හෙක්ටයාර් එකකට ආකන්ද 2000 kg
තවාන් පාලනය
අවශ්‍ය නොවේ.
බිම් සැකසීම
30 සෙ.මි. ගැඹුරට පස පෙරලා, පස් කැට සියුම් වන ලෙස සැකසීම සහ පස ආම්ලික නම් අළු හුණු එකතු කිරීම
බීජ සිටුවීම
ඇලි වැටි ක්‍රමයට හෝ උස් පාත්ති වල බීජ සිටුවිය හැකිය. සිටුවා දින 30 කින් පමණ පස් බැඳීම සිදු කරයි.
පරතරය
60 x 25 සෙ.මි.
පොහොර
නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ ගොඩ ඉඩම් සහ යාපනයේ දිස්ත්‍රික්කය සඳහා;
යෙදිය යුතු අවස්තාව | යුරියා කි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක් |
මුලික පොහොර | 55 | 270 | 125 |
මතුපිට පොහොර ( සිටුවා සති 02 දී) | 110 | – | – |
මතුපිට පොහොර (සිටුවා සති 03-04 දී) | 165 | – | 125 |
නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹුරු ඉඩම් සඳහා;
යෙදිය යුතු අවස්තාව | යුරියා
කි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක් |
මුලික පොහොර | 55 | 270 | 85 |
මතුපිට පොහොර ( සිටුවා සති 02 දී) | 110 | – | – |
මතුපිට පොහොර (සිටුවා සති 03-04 දී) | 165 | – | 85 |
කල්පිටිය රෙගසෝල් පස් සඳහා;
යෙදිය යුතු අවස්තාව | යුරියා
කි.ග්‍රෑම්./ හෙක් | ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක් | මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක් |
මුලික පොහොර | – | 270 | – |
මතුපිට පොහොර ( සිටුවා සති 02 දී) | 65 | – | 50 |
මතුපිට පොහොර (සිටුවා සති 04-06-08 දී) | 90 | – | 70 |
ජල සම්පාදනය
අර්තාපල්වල ආකන්ද හට ගන්නා අවධියේ දී සහ ආකන්ද වර්ධන අවධියේ දී ප්‍රමාණවත් ලෙස ජලය සැපයීම අත්‍යාවශ්‍ය වේ. හොඳ අස්වැන්නක් ලබා ගැනීම සඳහා පසේ ලබා ගත හැකි ජලය 70 % ක ප්‍රමාණයට වඩා තිබීම සුදුසුය. බිංදු ජල සම්පාදනය හෝ විසිරුම් ජල සම්පාදනය යොදා ගැනීමෙන් ඉහල අස්වැන්නක් ලැබිය හැකි වේ.
වල් පැළෑටි පාලනය
පූර්ව නිර්ගමන වල්නාශකයක් වන මෙට්‍රිබියුුසීන් යෙදිය මඟින් හෝ පස් බුරුල් කිරීම, පස් බැඳීම වැනි ක්‍රම මඟින් වල් මර්ධනය කල හැකිය
පළිබෝධ කළමනාකරණය
-
- Diglyphas isaea
- Hemiptersenus semiabiclavus
- Opius spp
-
- Azadiractin 1% EC – 16ml/16L
- Abamectin 18g/L EC – 9.6ml/16L
-
- Pirimiphos methyl 500g/L EC – 64 ml/16L
- Acetamiprid 200g/L SP – 16g/16L
- Novaluron 100g/L EC – 16ml/16L
-
- Thiocyclam (Hydrogen Oxalate) 50%SP – 40g/100kg
-
- Profenophos 500g/LEC – 32mL/16L
- Etofenprox 100g/LEC – 24mL/16L
- Chlorfluazuron 50g/LEC – 16mL/16L
1989 දී ශ්‍රි ලංකාවේ ප්‍රථම වරට නුවරඑලිය ප්‍රදේශයෙන් වාර්තා වූ රන්වන් කෝෂ්ඨ වටපණුවා ආනයනික බීජ අර්තාපල් හරහා මෙම රටට ඇතුළු වන්නට ඇතැයි සැලකේ. සීග්‍ර ව්‍යාප්තියක් පෙන්වූ මෙම වටපණුවා අධික ආසාධිත අවස්ථාවලදී විශාල අස්වනු හානියක් කිරීමට සමත්ය.
- ව්‍යාප්ත වන ආකාරය
ආසාධිත බීජ අර්තාපල් භාවිතය මගින්
ආසාධිත ක්ෂේත්‍රයක සිටුවන අල හා පස් මගින්
ආසාධිත ක්ෂේත්‍රවල භාවිතා කරන ලද කෘෂිකාර්මික උපකරණ මගින්
සතුන්,මිනිසුන්,වර්ෂාව ජලය හා සුළග මගින්
පැතිරීමේ හැකියාව ඇත. - හානිය හඳුනා ගැනීම
අවම වටපණු ගහනයක් යටතේ රෝග ලක්ෂණ දක්නට නොලැබේ. - ගහනය අධික වූ විට
- ශාක පත්‍ර කහපාට වීම,
- පරිසර උෂ්ණත්වය ඉහල ගිය අවස්ථාවන්හිදී ශාක මැලවීම,
- ශාක වර්ධනය බලන විම,
- කුරු ශාක ඇතිවිම
- ආසාධිත ලක්ෂණ සහිත ශාකයක් මුල් වලට හානි නොවන පරිදි ප්‍රවෙශමෙන් ගැල වූ විට මුල්වල තැනින් තැන රන්වන් පැහැති වටපණු කෝෂ්ඨ මුල් වලට යටවී තිබෙන දැකිය හැකිය.
පාලනය
වටපණු හානිය පාලනය කිරීමේදී පහත ආකාර 03ක් යටතේ අවධානය යොමු කළ යුතුය.
01. ආසාධනයට ලක් නොවූ ක්ෂේත්‍ර එම තත්ත්වයෙන්ම පවත්වා ගැනීම.
02. සුළු ආසාධනයට ලක් වී ඇති ක්ෂේත්‍රවල ගහනය අධික වීමෙන් වලකා ගැනීම.
03. විශාල ලෙස ආසාධනය වී ඇති ක්ෂේත්‍ර වගාකල හැකි භූමියක් බවට පත් කර ගැනීම.
ආසාධනයට ලක් නොවූ ක්ෂේත්‍ර සඳහා,
■ සහතික කරන ලද බීජ අර්තාපල් භාවිතය.
■ ආසාධිත ක්ෂේත්‍රවල භාවිතා කරන ලද උපකරණ ආසාධනය නොවූ ක්ෂේත්‍ර වල භාවිතා නොකිරීම.
■ ක්ෂේත්‍රය අවට ආසාධිත ක්ෂේත්‍ර ඇත්නම් එම ක්ෂේත්‍ර හරහා තම ක්ෂේත්‍රයට සතුන් ඇතුළු වීම,ජලය ඇතුළු වන කුම වැලැක්වීම
■ වගාව ආරම්භයට පෙර පස් පරීක්ෂාව සිදු කර ගැනීම
■ බෝග මාරුව සිදු කිරීම
සුළු වශයෙන් ආසාධනය වී ඇති ක්ෂේත්‍ර සඳහා,
■ පාංශු පරීක්ෂණ ප්‍රතිඵල අනුව පසෙහි ඇති කෝෂ්ඨ ප්‍රමාණය 50කට අඩු නම්,බෝග මාරුව සිදු කිරීම හෝ කෝෂ්ඨ ප්‍රමාණය 50කට වැඩිනම් ක්ෂේත්‍ර වසර 2 හෝ 3 පුරන් කිරීම.
■ අර්තාපල් හෝ සොලනේසියේ කුලයට අයත් බෝග කන්න 03වත් වගා නොකිරීම
■ වගා ආරම්භයට පෙර පස් පරික්ෂාව සිදු කර ගැනීම
අධිකව ආසාධනය වී ඇති ක්ෂේත සඳහා,
■ වගාව ඉවත් කල විගස ක්ලෝරීන් යොදා ප්‍රතිකාර කිරීම.
හෙක්ටයාරයට ක්ලෝරීන් කුඩු 70ණට යොදා පසට හොඳින් මිශ්‍ර කර හොඳින් ජල සම්පාදනය සිදු කිරීම.
■ ක්ෂේත්‍ර වැටක් ගසා අනෙකුත් වගා ක්ෂේත්‍රයන්ගෙන් වෙන් කිරීම.
■ යොදා ගන්නා ලද උපකරණ ක්ලෝරීන් ද්‍රාවණයකින් හොදින් සෝදා ගැනීම.
ආසාධිත ක්ෂේත්‍රයකින් ලබා ගත් බීජ භාවිතා කල යුතු අයුරු
■ බීජ වල ඇති සියළුම පස් ඉවත් කර 1% ක්ලෝරින් ද්‍රාවණයක පැය දෙකක් ගිල්වා තබා ජලයෙන් හොඳින් සෝදා වියලූණු පසු ගබඩා කරන්න.
■ බීජ සිටවූ පසු වගාව අධීක්ෂණය සිදු කල යුතුය.
-
- Thiamethoxam 25% WG – 5g /16 l
- Imidacloprid 70%WG -2g /16 l
- Thiocyclam (Hydrogen Oxalate) 50% SP – 40g/ 16 l
- Chlorantraniliprole 20% + Thiamethoxam 20% WG – 5g / 16 l
- Buprofezin 25% SC -45ml/ 16 l
- Azadirachtine 5%EC – 16ml/ 16 l
තෙත් කලාපයේ අර්තාපල් වගාවේ බහුල නොවන නමුත් අතරමැදි හා වියළි කලාපයේ බහුලව දැකිය හැකියි. දිගැටි ශරිරයක් හිමි කහ දුඹුරු වැනි වර්ණ වලින් යුත් පැල මුක්කා, මි.මි 1-2 පමණ වන කුඩා කෘමියෙකි.
හානිය
යුෂ උරාබොන මුව උපාංග වලින් සමන්විත පැල මැක්කා ද වෛරස් වාහකයකු ලෙසද ක්‍රියා කරයි. පත්‍රයේ සීරීම් වැනි දිලිසෙන පැල්ලම් ඇති කරයි.
පාලනය
■ ක්ෂේත්‍රයේ හොඳින් වල් මර්ධනය කිරීම මගින් ධාරක ශාක ඉවත් කිරීම.
■ ස්වාභාවික සතුරන් බොහොමයක් පරිසරයේ දක්නට ලැබෙන නිසා ස්වාභාවික සතුරන් ආරක්ෂා කර ගැනීම සඳහා අනවශ්‍යය ලෙස කෘමිනාශක නොයෙදීම
■ බෝග මාරුව
■ ගහනය අධික නමි නිර්දේශිත කෘමිනාශක යෙදීම.
- Thiamethoxam 25% WG – 5g /16 l
- Imidacloprid 70%WG -2g /16 l
- Thiocyclam (Hydrogen Oxalate) 50% SP – 40g/ 16 l
- Chlorantraniliprole 20% + Thiamethoxam 20% WG – 5g / 16 l
- Buprofezin 25% SC -45ml/ 16 l
- Azadirachtine 5%EC – 16ml/ 16 l
අතරමැදි කලාපයේ හා වියළි කලාපයේ සිදු කරන අර්තාපල් වගාවේ බහුලව දැකිය හැකි වෛරස් වාහකයින් ලෙසද ක්‍රියා කරන සුදු පැහැති කුඩා කෘමියෙකි.
හානිය
පත්‍ර යටි පැත්තේ සිට යුෂ උරා බීම සිදු කරයි. පිට කරනු ලබන honeydew
මත දිලීර වර්ධනය වීම නිසා පත්‍ර කළු පැහැයට දැකිය හැකිය. මෙමගින් ශාකයේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට බාධා පමුණුවයි.
පාලනය
කෘමිනාශක සඳහා ඉක්මණින් අනුවර්තනය වීමේ හැකියාව ඇති නිසා ඒකාබද්ධ පාලනයක් සඳහා යොමු වීම ඉතා වැදගත්ය.
■ නිල් හෝ කහ පැහැති ඇලෙන උගුල් භාවිතය
■ ක්ෂේත්‍රයේ ඇති වල් මර්ධනය මගින් ධාරක ශාක ඉවත් කිරිම
■ විසිරුමි ජල සමිපාදනය
■ විවිධ අයුරින් ක්‍රියාත්මක වන නිර්දේශිත කෘමිනාශක මාරුවෙන් මාරුවට යෙදීම.
- Thiocyclam (Hydrogen Oxalate) 50% SP – 40g /16 l
- Chlorantraniliprole 20% + Thiamethoxam 20% WG – 5g / 16 l
- Buprofezin 25% SC – 45ml/ 16 l
- Azadirachtine 5%EC – 16ml / 16 l
සෑම වගා කන්නයකදීම කම්බිලි පණුවාගේ හානිය දැකිය නොහැකි අතර විටින් විට හානිදායක මට්ටමට ගහනය වැඩිවනු දැකිය හැකිය. වියලි කාලගුණ තත්ත්වයන් යටතේ සැලකිය යුතු හානියක් සිදු කරයි.
හානිය
වගාවන් සඳහා හානිය සිදු කරනු ලබන්නේ කීටයන් විසිනි. කීටයා අර්තාපල් ශාකයේ මුල් හා කඳ කොටස් වලට හානි කරන අතර, අල හට ගත් පසු අල කා දමයි. මෙමගින් අර්තාපල් අස්වැන්න අඩුවීමත්, අල වල වෙළඳපොල වටිනාකම නැති විමත් සිදුවේ.
පාලනය
■ ගැඹුරට සී සෑම මගින් කිට හා පිළා අවධි පස මතුපිටට පැමිණ හිරු එළිය හා විලෝපිත කුරුල්ලන් නිසා විනාශ වීම සිදුවේ.
■ සුහුඹුල් කුරුමිණියා ආලෝකයට වඩා සංවේදී නිසා ආලෝක උගුල් භාවිතයෙන් සුහුඹුලන්ගේ ගහනය අඩු කර ගත හැකිය.
■ කීටයන් අතින් අහුලා විනාශ කිරීම.
■ බෝග මාරුව
■ ක්ෂේත්‍ර සනීපාරක්ෂාව
■ නිවැරදිව හොදින් සකසන ලද කාබනික පොහොර නිර්දේශිත ප්‍රමානයට භාවිතා කිරීම
වර්ෂාපතනය වැඩි කාලවලදී හානිය බහුලව දැකිය හැකිය.
හානිය
ලපටි පත්‍ර හා අංකුර කා දැමීම සිදු කරයි. මෙමගින් වගාවේ වර්ධනය බාල වේ.
පාලනය
■ ක්ෂේත්‍රයේ සනීපාරක්ෂාව ඉහල දැමීම
■ හොඳන් වල් මර්ධනය
■ දිවා කාලයේ සැගවී සිටිය හැකි ස්ථාන ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම
■ රාත්‍රි කාලයේදී ක්ෂේත්‍ර පරීක්ෂා කර අතින් එකතු කර විනාශ කිරීම
■ ක්ෂේත්‍රයේ තැන තැන ඇම තැබීම
■ නිර්දේශිත ගොළුබෙලි නාශක යෙදීම
- Metaldehyde 3% RB – 10 – 40Kg/ha
- Metaldehyde 4% RB – 10 – 40Kg/ha
- Metaldehyde 5% RB – 10 – 40Kg/ha
රෝග කළමනාකරණය
- නියමිත කාලයට වගා කිරීම
- ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීම
- නීරෝගී බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
- සොලනේසියේ කුලයට අයත් නොවන බෝග සමඟ බෝග මාරුව
- වගා බිම වසර 3 ක් පමණ වගා නොකර තැබීම
- නිර්දේශිත දිලීර නාශක භාවිතය-
- Mancozeb, Maneb, Metalxyl, Fluazinam,
- බෝග මාරු
- නිර්දේශිත දිලීර නාශක භාවිතය Mancozeb, Maneb
- රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
- වගා බිම අවම වශයෙන් වසර 3 ක් පමණ වගා නොකර තැබීම
- රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
- බෝග මාරුව
- රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
- පසේ පී එචී අගය 5.0 – 5.2 අතර පවත්වා ගැනීම
- බෝග මාරුව
- පසේ ජල වහන තත්වය දියූණු කිරීම
- රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
- වගා බිම අවම වශයෙන් වසර 3 ක් පමණ වගා නොකර තැබීම
- පසේ ජල වහන තත්වය දියූණු කිරීම
- බෝග මාරුව
- රෝග කාරක වලින් තොර පිරිසිදු බීජ අර්තාපල් වගාවට යොදා ගැනීම
- වෛරස් රෝග වාහක කෘමීන් (සුදු මැස්සා කුඩිත්තා) පාලනය
- වගාව නිතර පරීක්‍ෂා කර වෛරස් රෝග අසාදිත ගස් ක්‍ෂේත්‍රයෙන් ඉවත් කිරීම
අස්වනු නෙළීම
අස්වනු නෙලීමට සති 2 පෙර කඳන් කපා ආකන්ද මේරීමට හැර අස්වනු නෙලීම සිදු කරයිග
අස්වැන්න
හෙක්ටයාරයකට ටොන් 20-25