Sinhala: HORDI Crop – Okra

HORDI - LOGO

බණ්ඩක්කා

Abelmoschus esculantus

මෙය අයත් වන්නේ මල්වේසිඒ කුලයටය. ශ්‍රී ලංකාවේ, උඩරට තෙත් කලාපය හැර අනෙක් ඕනෑම දේශගුණික කලාපයක වගාකළ හැකි එළවළු බෝග යකි. පහසුවෙන් වගා කිරීමට හැකි වීමත්, ඕනෑම කාලයක වගාකළ හැකිවීමත් නිසා එළවළු ගොවීන් අතර බණ්ඩක්කා බෝගය ප්‍රචලිත වෙමින් පවතී. දැනට හම්බන්තොට, කුරුණෑගල, රත්නපුර සහ මාතලේ දිස්ත්‍රික්කවල එය සාර්ථකව වගා කරන අතර, අනුරාධපුර, පුත්තලම, මාතර, බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි ද ව්‍යාප්ත වෙමින් තිබේ.

විවිධ ආකාරයට ආහාර සඳහා සකස්කර ගත හැකි වීමත්, එහි පෝෂණ ගුණයත් නිසා පාරිභෝගිකයන් අතර බණ්ඩක්කා සඳහා හොඳ ඉල්ලුමක් තිබේ. ලපටි කරල්වල ප්‍රෝටීන, කෙඳි වර්ග, ඛණිජ, මේද සහ විටමින අඩංගු වේ. ඛණිජ අතරින් කැල්සියම් හා අයඩීන් ප්‍රධාන තැනක් ගනී. එනිසා අයඩීන් ඌණතාවය නිසා ඇතිවන ගලගන්ඩය වැනි රෝග වළක්වා ගැනීමේදී වැදගත් මෙහෙයක් ඉටුකරයි.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

උඩරට තෙත් කලාපය හැර ඕනෑම කෘෂි දේශගුණික කලාපයක වගා කළ හැකිය. යල – අප්‍රේල් මුල සිට මැයි මුල දක්වා. මහ – සැප්තැම්බර් මුල සිට ඔක්තෝබර් මුල.

පස

ආම්ලික හෝ ක්ෂාරීය නොවන මනා ජල වහනයක් සහිත පසක් බෝගයේ සාර්ථක වර්ධනය සඳහා යෝග්‍ය වේ.

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 4.5 කි.

බිම් සැකසීම

පස පෙරළා කැට පොඩි කර ගන්න . ලබා දී ඇති පරතරය අනුව වලවල් සලකුණු කරන්න වලවල් දිරාපත් වන හෝ කාබනික ද්‍රව්‍ය වලින් පුරවන්න. ජලය රදීම වලක්වාලීම සදහා කාණු කිහිපයක් සාදන්න

ක්ෂේත්‍ර සංස්ථාපනය

ක්ෂේත්‍රයේ බීජ සිටුවීම සිදු කරනු ලැබෙයි.

බීජ 3-4 ක් එකිනෙකට තරමක් දුරින් එක වලක සිටුවන්න. බීජ ප්‍රරෝහණය වේගවත් කිරීම සඳහාත්, ඒකාකාරී වගාවක් ලබා ගැනීම සඳහාත් බීජ සිටුවීමට පෙර පැය 24 ක කාලයක් ජලයේ පොඟවන්න. බීජ සිටුවා සති 2 කට පසු එක් වලක නිරෝගී ශක්තිමත් පැළ දෙකක් බැගින් ඉතිරිවන සේ වැඩි පැළ ඉවත් කරන්න.

පරතරය

පේළි අතර 90 සෙ.මී.

පේලිය තුල පැල අතර පරතරය – 60 සෙ.මී. (90 සෙ.මී. x 60 සෙ.මී.)

පොහොර

හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් පස සමඟ මිශ්‍ර කරන්න. නිර්දේශිත පරිදි රසායනික පොහොර යොදන්න. සිටුවීමට දින 2-3 කට පෙර මූලික පොහොර යොදන්න

යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර

50

195

25

මතුපිට පොහොර (සිටුවා සති 02 න්)

50

25

මතුපිට පොහොර (සිටුවා සති 05 න්)

100

50

මතුපිට පොහොර (සිටුවා සති 08 න්)

100

50

ජල සම්පාදනය

පැළ සිටුවා මුල්දින කිහිපය තුළ දිනපතා ජල සම්පාදනය කළ යුතුයි.පසුව පසේ තෙතමනය අනුව අවශ්‍ය පරිදි ජලය සපයන්න.

වල් පැළෑටි පාලනය

පැළ කුඩා අවධියේදී පැළ වටා වල් පැළෑටි අතින් ගලවා ඉවත් කරන්න. සෑම විටම වගාව වල් පැළෑටි වලින් තොරව තබා ගන්න. එමඟින් රෝග හා පළිබෝධ හානි අවම කර ගත හැක.

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

රෝග කාරකය

රෝග ලක්ෂණ

  • සුදුපාට පිටි වැනි දිලිරයේ කොටස් පත්‍රවල යටි පැත්තේ මුලින්ම ඇතිවේ.
  •  කොළවල උඩ පැත්ත කහපාට වේ. පරිනත පත්‍ර හා ශාක කදෙහි ප්‍රධාන වශයෙන් දැකිය හැක
  •  අවසානයේදී පත්‍ර වියලීයයි. පත්‍ර හැලියමෙන් විශාල අස්වැන්න අඩුවීමක් දැකිය හැක
  •  අධික ආර්ද්‍රතාව හේතුවෙන් රෝගය දරුණු විය හැක.
  •  පින්න සහිත දේශගුණයෙදී රෝග අසාදනය බහුලව දැකිය හැක.

රෝග පාලනය

  • වගාව පිරිසිදුව පවත්වාගැනීම
  • ආර්ද්‍රතාව සහ උෂ්ණත්වය පාලනය කිරීම
  • Trichoderma species භාවිතය

 

රෝග කාරකය

රෝග ලක්ෂණ

  • පත්‍ර නාරටි කහවීම
  • කරල් කුඩාවීම, විකෘතී වීම, කහ පහවීම හා හැකිලියාම
  • අස්වැන්න අඩුවීම
  • කොළ හා කහපැහැති විචිත්‍රයක් පත්‍ර මත ඇතිවේ
  • පත්‍ර බෝකුටුවී රැලි වැටි පැල්ලම් ඇතිවේ
  • ශාක කුරුවීම, වර්ධනය බාලවේ
  • බිජ මගින් නොපැතිරේ

රෝග පාලනය

  • වාහකයා මර්ධනය (සුදු මැස්සා) (කෘමි ප්‍රතිරෝධී දැල් භාවිතය හෝ ආවරණ භෝග වගාව, කොහොබ නිස්සාරණය භාවිතය)
  •  ක්‍ෂත්‍ර සනීපාරක්ෂාව, රෝගී වැල් දුටුවහාම ගලවා විනාශ කරන්න
  • නිර්දේශිත බිජ හා ප්‍රතිරෝධී ප්‍රබේද භාවිතය
  • උපකරණ භාවිතයේදී ප්‍රවේශම්වීම
  • IPM මගින් රෝග පාලනය

-බිම් සකස් කිරීම
-බෝග මාරුව
-ප්‍රතිරෝධී ප්‍රභේද (resistant varieties)
-නිරෝගී බීජ භාවිතය
-වගා පරතරය
-නිසි ශාඛ පෝෂණය
-මනා ජල පාලනය
-ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගැනීම
-ආසාධිත ශාක ඉවත් කර -විනාශ කර දැමීම
-ජෛව පාලනය (biological control)

අස්වනු නෙළීම හා සැකසීම

බීජ සිටුවා දින 50 සිට 100 දක්වා කාලය තුළ අස්වනු වාර 25 ක් පමණ නෙළිය හැක. ගුණාත්මය පවත්වා ගැනීම සඳහා දිනක් හැර දිනක් ළපටි කරල්වල නටුව පිහියකින් කපා නෙළා ගන්න.

හැකිතාක් උදෑසන අස්වනු නෙළීම ආරම්භ කරන්න. නෙලාගත් පසුව තද සූර්යාලෝකයට නිරාවරණය නොකරන්න. රෝග හා කෘමි හානිවලට ලක්වූ කරල්, විකෘති හැඩයක් සහිත හා මේරූ කරල් තෝරා ඉවත් කරන්න.

අස්වැන්න

දේශගුණික කලාපය, කන්නය හා ප්‍රභේද අනුව අස්වනු ප්‍රමාණයන් වෙනස් වේ. සාමාන්‍යයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 10-15 ක් පමණ අස්වැන්නක් ලබා ගත හැකිය. OKH1  ප්‍රභේදය හෙක්ටයාරයට ටොන් 30 ක පමණ ඉහළ අස්වැන්නක් ලබා දේ.