Sinhala: HORDI Crop – Kiri ala

HORDI - LOGO

කිරි අල

Xanthosoma sagittifolium

ඉහළ පෝෂණ අගයෙන් යුත් බෝගයකි. ජලසම්පාදන තත්ත්වය යටතේ වසර පුරා වගා කල හැකිය.

නිකුත් කරන ලද ප්‍රභේද

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

වාර්ෂික වර්ෂාපතන අවශ්‍යතාව මිලි මීටර් 1500 ක් පමණ වේ. වරින් වර වියළි කාල පරිච්ඡේදයක් සමඟ ඉහළ උෂ්ණත්වය වඩාත් සුදුසු වේ.

පස

ප්‍රශස්ථ pH මට්ටමේ පරාසය 5.5 -6.5 වේ. ඉහළ කාබනික ද්‍රව්‍ය සහිත පාංශු තත්වයන් පැවතීම සුදුසුය.

රෝපණ ද්‍රව්‍ය වල අවශ්‍යතාවය

පැල 9000-10,000 / හෙක්ටයාරයකට

තවාන් කළමනාකරණය

මව් කෝම රෝපණ ද්‍රව්‍ය ලෙස භාවිතා කරයි. මව් කෝම අඟල් 2-2.5 දක්වා පළල කැබලිවලට කපා දිලීරනාශක හෝ අළු වලින් ප්‍රතිකාර කරනු ලැබේ. සෙවන සහිත වැලි තවානක හෝ සෙවන සහිත ස්ථානයක 1:1:1 කාබනික ද්‍රව්‍ය , මතුපිට පස් හා වැලි මිශ්‍රණයක තවාන් කරන්න. අඟල් 3-4 පරතරයකින් තවාන් කල යුතුය. අවසානයේ අල කැබලි පිඳුරු වලින් වසුනක් යොදා ජලය සම්පාදනය කරන්න. මාස 1.5 – 2 කදී පත්‍ර 4-5 පමණ සහිත පැල ක්ෂේත්‍ර ස්ථාපනය කිරීමට සුදානම් කරන්න. මාස 1.5 ක් වයසැති පැල මුල් පද්ධතියට හානි නොවන ලෙස තවානෙන් වෙන් කරගත යුතුය. ජල සම්පාදනය සමග යල හා මහ කන්න වල රෝපණය කල හැකිය.

බිම් සැකසීම

භූමිය සී සෑමෙන් පසු සාමාන්‍ය පසෙහි 45 සෙන්ටිමීටර්  x 45 සෙන්ටිමීටර් x 45 සෙන්ටිමීටර් වලවල් සකස් කිරීමත් තද පසක 60 සෙන්ටිමීටර් x 60 සෙන්ටිමීටර් x 45 සෙන්ටිමීටර් වලවල් සකස් කිරීමෙන් අවශ්‍ය වේ. කාබනික ද්‍රව්‍ය සමග වලවල් පුරවන්න.

සිටුවීම

මාස 1.5 ක් වයසැති පැල මුල් පද්ධතියට හානි නොකර තවානෙන් ලබා ගනී. ජලසම්පාදන සමඟ යල හා මහ සමයේ රෝපණය කළ හැකිය.

පරතරය

1 මීටර් x 1 මීටර්

පොහොර

හැකි තරම් කාබනික පොහොර එකතු කරන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය පරිදි අකාබනික පොහොර එක් කරන්න.

හෙක්ටයාර 01 ක් සඳහා පොහොර නිර්දේශය

යෙදිය යුතු කාලය

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර(පැළ සිටුවීමට දින 03 කට පෙර හෝ පැළ සිටවා සති 02 කට පසු)

30

120

60

මතුපිට පොහොර ( සිටුවා මාස 1.5 -2 වන විට)

60

60

මතුපිට පොහොර ( සිටුවා මාස 3 -3.5 වන විට)

60

60

මාස 4-4.5 ක වයසට පසු නයිට්‍රජන් පොහොර යෙදීම අඩු කිරීමත් වර්ධක වර්ධනය අඩු කිරීමට සහ කෝම සෑදීම වැඩි කිරීමට උපකාරී වේ

ජල සම්පාදනය

ජලසම්පාදනය  වැදගත් ය. වියළි කාලයකට ලක්වූ විට පත්‍ර පිළිස්සී යයි

වල් පැළෑටි පාලනය

වල්පැලෑටි පාලනය වැදගත් වේ, විශේෂයෙන් බෝගයේ ආරම්භයේ දී

පළිබෝධ කළමනාකරණය

රෝග කළමනාකරණය

ප්‍රධාන වශයෙන් දක්නට ලැබෙන්නේ පත්‍ර කහවීමේ රෝගයයි. මෙහි ලක්ෂණ වන්නේ කෝමය ඇතුළත කුණු වීම, මුල් කුණු වීම සහ පත්‍ර කහ පැහැති වීමයි. මනා ජල වහනයක් සහිතව හොදින් වාතාශ්‍රය පවතින පසක් සකස් කර ගැනීමෙන් මෙය පාලනය කර ගත හැකිය. පසට හොද වාතාශ්‍රයක් ලබා දීම සදහා කර දහයියා (සම්පුර්ණයෙන්ම නොපිළිස්සු) භාවිතා කල හැකිය. රසායනික  පාලනයේදී කෝම නිර්දේශිත රසායනික ද්‍රව්‍ය තුල පැය භාගයක් පමණ ගිල්වා තබා ක්ෂේත්‍රයේ සිටුවිය හැකිය.

  • Homai WP – 5g/5l
  • Thiram WP – 7g /5l

අස්වනු නෙළීම

අස්වැන්න මාස 8-10 දී ලබාගත හැක. වර්ධක වර්ධනය අවසානයේදී පත්‍ර වල දිග හා පත්‍ර වර්ධනය අඩු වේ.

අස්වැන්න

හෙක්ටයාරයකට ටොන් 14-15 ක් ලබා ගනී. සාමාන්‍ය අල කුරුල්ලෙකුගේ බර  ග්‍රෑම් 125-150 ක් පමණ වේ.  

පඳුරු පාලනය

මතුපිට මුල් කැපීමෙන් වර්ධක අඩු කරයි

විශේෂිත බෝග කළමනාකරණ ක්‍රම

තවාන් පාලනය – පැළ ලබා ගැනීම සදහා නිරෝගී මව් ශාකයක මව් අල කැබලි කපා වැලි තවානක මාස 1.5 ක පමණ කාලයකදී පල ලබා ගත යුතුයි. මුල් නොකැඩෙන ලෙස පැළ ලබා ගැනීම වැදගත් වේ.

 

වගා නඩත්තුවේදී ශාකයේ , පහල පත්‍ර තලා නමා දැමීමත් , මතු පිට දිවෙන මුල් කපා ගසට පස් ලන්කිරීමත් බෝගයේ වර්ධනයට වැදගත් වේ.

 

නිසි පරිදි පොහොර කළමනාකරණය වැදගත් වන අතර නයිට්‍රජන් පෝෂකය මාස 4.5 -5 කට පසු දීමෙන් වැළකීමෙන් වර්ධක වර්ධනය අඩුවී අල අස්වැන්න වැඩිකර ගත හැකි අතර අනිසි පොහොර මිශ්‍රණ යෙදීමෙන් අල කුරුල්ලන් ක්ෂේත්‍රයේදී පැළ වීම වලක්වාගත හැකිය.