RRDI_weed_damages_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - වල් පැළෑටි කළමනාකරණය

වල් පැළෑටි වී ශාකය සමඟ තරඟකරයි.....

නොපෙනෙන තරඟය

  • වල් පැළවල භූගත කොටස් තරඟකාරීව වැඩේ. එමෙන්ම පැතිරුනු මූල පද්ධතියක් ඇත.
    • ධාවක
    • වැතිරී වැඩෙන ශාක
    • රයිසෝම
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  • මේවා තරඟකාරී ලෙස ජලය සහ පෝෂක අවශෝෂණය කර ගනී.

අවම පාරිසරික සම්පත්

  • වල් පැළ අවම පාරිසරික සම්පත් යටතේ පවා
    • ප්‍රවර්තනය වෙයි, නොනැසී පවතී.
    • සක්‍රීයව වර්ධනය වෙයි.
  • මෙය වී ශාකයට සාපේක්ෂව වල් පැළ වලට වාසි දායක තත්වයක් උදා කරයි.

වේගවත් වර්ධනය

  • වී ශාකයට වඩා වැඩි වර්ධන වේගයක් පෙන්වයි.
  • වේගයෙන් වර්ධනය වන වායව කොටස්
    • වී ශාකයට සාපේක්ෂවවැඩි සූර්යාලෝක ප්‍රමාණයක් අවශෝෂණය කර ගනී
    • වී ශාකය ආවරණය කරමින් සූර්යාලෝකය ලබා ගැනීමට බාදා පමුණුවයි.
    • වල් පැළෑටි අවට ක්ෂුද්‍ර පරිසර පද්ධතියක් ඇති කරමින් වෙනත් රෝග, පළිබෝධ සඳහා සුදුසු පාරිසරික තත්වයන් වර්ධනය කරයි
Screenshot 2021-08-28 140655

නම්‍යශීලී වීම

  • වල් පැළ විශේෂ, ජෛව විද්‍යාත්මකව සහ පාරිසරිකව ඉතා නම්‍යශීලීය.
  • වෙනස් වන පරිසර තත්ව සඳහා ඉතාමත් හොඳින් අනුවර්තනය වෙයි.
  • ආන්තික පරිසර තත්ව යටතේ පවා සාර්ථකව ජීවත් වෙයි.

වාසි සහ පාඩු

  • වැඩි දියුණු කළ වී ප්‍රබේධ බොහෝමයක් වැඩි අස්වැන්නක් ලබා දීම අරමුණු කරගෙන නිපදවූ ප්‍රබේධ වේ.
  • මෙම ක්‍රියාවලියේදී වී ශාකය සති පාරිසරික අනුවර්තන හැකියාවන් යටපත් වීමට ඉඩ ඇත.

 

  • නමුත්, වල් පැළෑටි විශේෂ පාරිසරික ගැටළු වලට මුහුණ දෙමින් වැඩෙන හෙයින්, එම ගැටළු වලට ඔරොත්තු දෙන පරිදි ස්වභාවිකවම අනුවර්තනය වී ඇත.

ජෛවීයව ශක්තිමත්

  • වේගවත් බීජ ප්‍රරෝහණ හැකියාවක් ඇත.
  • අඩු කළකින් මේරූ බීජ, වර්ධක ප්‍රජනජ ඒකක හෝ එම දෙවර්ගයම සාදයි
  • බීජ නොගිනිය හැකිතරම් ප්‍රමාණයක් සාදයි.
  • විශාල ප්‍රදේශයකට බීජ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය අනුවර්තන දක්වයි.
    • බීජ ප්‍රමාණයෙන් කුඩා සහ සැහැල්ලු වීම
      ආහාරයට ගත් විට
    • සත්ව ආහාරමාර්ගය හරහා වුවද හානියකට පත් නොවී පවතී
    • සිරුරට, හෝ ඇඟළුම් වලට ඇලිය හැකි වන සේ, කෙඳි හෝ ප්‍රසර පවතී
    • සුළඟින් ව්‍යාප්තියට අවශ්‍ය වන පිහාටු වැනි කොටස් පවතී.
  • බීජ සුප්තතාවය පවතින නිසා බොහෝ කලක් ජීවී ලෙස පවතින බීජ සාදයි.
  • කුඩා ශාක කොටස් වලින් පවා ප්‍රජනනය වී නැවත වර්ධනය වීමෙ හැකියාවක් ඇත.
  • පරිසර ආතතීන්ට දැඩිව ඔරොත්තු දෙයි.
harsh