- සි
- த
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
ශ්‍රී ලංකාවේ වී - බෝග ස්ථාපිත කිරීම
බීජ පැල වැපිරීම
බීජ පැල වැපිරීම සිදු කරන්නේ කෙසේද?
- බීජ වැපිරීමේදී මෙන් නොව මෙහිදී වැපිරීම සඳහා බීජ පැළ භාවිතා කරයි.
- මෙලෙස බීජ පැල වැපිරීමටනම් බීජ පැල යම් ස්කන්ධයකින් යුතු විය යුතුයි. බීජ පැල වල මුල් සම්බන්ධව ඇති පස් කැටිති මෙම අවශ්‍යතාවය සපුරයි.
- මෙලෙස පැල ලබා ගැනීමටනම් අදාල පැල පැරෂුට් තැටි වල වගා කළ යුතුයි.
- පැරෂුට් තැටි මත වගාකරන ලද දින 12ක් පමණ වැඩුණු බීජ පැළ ඒකාකාරී පැළ ඝනත්වයක් ඇති වන පරිදි හොඳින් බිම් සකස් කළ ක්ෂේත්‍රයක විසුරුවා හරිනු ලැබේ.
- බීජ පැළ ඝනත්වය වර්ග මීටරයට 35-40අතර රඳවා ගැනීමෙන් උපරිම අස්වැන්නක් ලබාගත හැකිය.
ලැබෙන වාසි
- හෙක්ටෙයාර එකට අවශ්‍යවන බීජ ප්‍රමාණය අඩුයි.
(සාමාන්‍යය අවශ්‍යතාවය වන හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 100 සිට කිලෝග්‍රෑම් 20-30 දක්වා අඩුවේ) - ශ්‍රම අවශ්‍යතාවය 50% ක් දක්වා අඩුකර ගත හැකිය.
- වෙනත් තවානක සිට පැළ ගලවා සිටුවීමේදී මුල් පද්ධතියට සිදුවන හානිය මෙහිදී සිදු නොවන බැවින් ඉතා ඉක්මනින් ක්ෂේත්‍රයේ ස්ථාපනය කරගත හැකි අතර පැළවල තත්ත්වය බාල වීම වලකී.
- වැඩි පඳුරු සංඛ්‍යාවක් ඇති කරන අතර සාමාන්‍යය ක්‍රමයට වඩා දින 7-8 පෙර අස්වැන්න ලබාගත හැකිය.
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.