post harvest-store

ශිත ගබඩා කිරීම

අප රෙටහි වැවෙන එළවළු දිර්ඝ කාලයක් ශිත ගබඩා වල ගබඩා කර තබා ගත නොහැකිය. ශිත ගබඩාවෙන් එලියට ගත් විට ඒවා ඉක්මනින් පරිහානියට පත්වන බැවින් සාමාන්‍ය උෂ්ණත්වයේ තබා විකිණීම කල නොහැකිය. කෙසේ වෙතත් ශීත ගබඩා කරන්නේ නම් ශිත දාමයක් පවත්වා ගත යුතුය. ශීත දාමයක් යනු අස්වැනු නෙලීමෙන් පසු පාරිභෝගිකයා අතට පත්වන තුරුම ශිත උෂ්ණත්වයේ පවත්වා ගැනිමයි. ඒනම් ශිත ගබඩා කළ එළවළු, ප්‍රවාහනෙය්දි සහ විකිණීමේදි ද අඩු උෂ්ණත්වයේ තබාගත යුතුය. ශිත දාමය සදහා එළවළු නෙලන්නේ නම් ඒවා ඉතා පරිස්සමෙන් ශක්තිමත්, නොනැමෙන ඇසුරුම් (ප්ලාස්ටික් ඇසුරුම් හෝ ලී පෙට්ටි ) වලින් ප්‍රවාහනය කල එළවළු හැකි ඉක්මනින් ශීතකරණයක ගබඩා කල යුතුය.තකරණයේ ගබඩා කල හැකි කාලය බොහෝවිට දින 10ක් පමණ වේ. එබැවින් හැකි ඉක්මනින් මේවා වෙළඳපොළ වෙත නිකුත් කල යුතුය. ශීතකරණයේ ඉවතට ගෙන සාමාන්‍ය උෂ්ණත්වය තැබූ විට එළවළු වල ජල බිංදු සෑදීම සිදු වේ.එමඟින් එළවළු කුණුවීමට පුලුවන. එය වළක්වා ගැනීම සදහා ශීතකරණයේ උෂ්ණත්වය සෙමින් ඉහළ යවා එළවළු එලියට ගැනීම කල හැකිය.ශිත දාමය පවත්වන්නේ නම් ශීත වූ එළවලු ශීත කරන පහසුකම් සහිතව ලොරියකින් ප්‍රවාහනය කල යුතුය. මෙහි උෂ්ණත්වය ද සෙල්සියස් අංශක 10ක පවත්වා ගැනීම වැදගත්ය. මෙසේ ගබඩා කල එළවළු උෂ්ණත්වය පාලනය කරන ලද වෙළඳපොලවල පමණක් විකිණීම වඩාත්ම නිර්දේශිතය.