Illegal Pesticides – Image Gallery

ORP - LOGO

Address : No. 1056, Getambe, Peradeniya – Sri Lanka

Telephone : +94 812 388135 / +94 812 388076

Fax : +94 812 388135

ORP - LOGO

Address : No. 1056, Getambe, Peradeniya – Sri Lanka

Telephone : +94 812 388135 / +94 812 388076

Fax : +94 812 388135

Address : No. 1056, Getambe, Peradeniya – Sri Lanka

Telephone : +94 812 388135 / +94 812 388076

Fax : +94 812 388135

Home – ROP   |   Publications   |  Events   |   Notices   |  Downloads   |   Staff

Illegal Pesticides

Illegal Pesticides

මහජනතාව වෙත කෙරෙන පොදු නිවේදනයයි.

 

1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනත උල්ලංඝනය කරමින් දිවයින තුළ නීති විරෝධී පළිබෝධනාශක නිෂ්පාදන අලෙවිකිරීම සහ භාවිතය.

 

වර්ෂ 1980 අංක  33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පන‍තේ 14 සහ 15 වන වගන්ති ප්‍රකාර රට තුළ භාවිතා වන සියළුම පළිබෝධනාශක නිෂ්පාදන අනුමත ලේබලයකින් සහ ප්‍රමිතියෙන් යුක්තව ලියාපදිංචි වී තිබිය යුතුය.එහෙත්, විවිධ නාමයන් යටතේ නීතිවිරෝධී නිෂ්පාදන දිවයින තුළ බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්බන්ධයෙන්පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් වෙත මූලික තොරතුරු අනාවරණය වී ඇත.

මීට අදාළ සමහර කටයුතු සංවිධානාත්මක කණ්ඩායම් විසින් නීතිය ක්‍රියාවට නංවන බලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීම පිණිස සාවද්‍ය හා  ව්‍යාජ තොරතුරු අඩංගු වෙළෙඳ නාම  ඉදිරිපත්කරමින් සිතාමතා සිදුකරන බව මගේ විශ්වාසය වේ. 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලන පනතේ  (Control of Pesticides Act No. 33 of 1980) අඩංගු විධි විධානවලට අනුව, පළිබෝධනාශක අලෙවි කරනසෑම සමාගමක්‌ම පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා යටතේ (Registrar of Pesticides) ලියාපදිංචි විය යුතු අතර එම භාණ්ඩ ආනයනය කිරීමට,නිෂ්පාදනය කිරීමට,අලෙවිකිරීමට හා  භාවිතයට ගැනීමට ප්‍රථම රෙජිස්ට්‍රාර්වරයාගේ අනුමැතිය ලබාගත යුතුවේ.සියලුම නීති විරෝධී  පළිබෝධනාශක තත්ත්ව පාලනයකින් තොරය.බොහෝ අවස්ථාවලදී එම නිෂ්පාදනවල සඵලභාවය හා ආරක්ෂාව පිළිබඳව (efficacy and safety aspects)පාරිභෝගිකයා නොමග යැවීමක් සිදුවේ. එනිසා එවැනි නීති විරෝධී පළිබෝධනාශක අලෙවි කරන වංචනික වෙළෙඳුන්ගේ ක්‍රියාකලාපය  හේතුකොටගෙන  රටේ ජනතාවට බරපතල  හානියක් සිදුවේ. එබැවින්, මෙම නීතිවිරෝධී නිෂ්පාදන පිළිබඳව මහජනතාව දැනුවත් වීම අත්‍යාවශ්‍ය වේ.
ඊට අමතරව, නීති විරෝධී ව්‍යාපාරිකයන් විසින් නීති විරෝධී හා  ප්‍රමිතියෙන් හා ගුණාත්මක බවින් අඩු කලවම් කරන ලද නිෂ්පාදන (unauthorized pesticides & adulterated pesticides) සැපයීම හේතුකොටගෙන පළිබෝධනාශක භාවිතයට අදාළ සමස්ත  නියාමන පද්ධතියමඅවදානමකට ලක්වීමේ බරපතල තත්ත්වයක් උද්ගතවී තිබේ.

තවද, මෙම නීතිවිරෝධී නිෂ්පාදන පිළිබඳව පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ නම් කරන ලද සියළුම බලයලත් නිලධාරිවරුන් හා නඩු පැවරීමේ හා නඩු කටයුතු මෙහෙයවීමේ සියළුම බලයලත් නිලධාරිවරුන් අවධානයෙන්  සිටින ලෙස මෙයින් නිවේදනය කරනු ලැබේ. සියළුම නීති විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වර්ෂ 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ පැවරී ඇති විධි විධාන පරිදි විධිමත් විමර්ශන පවත්වා නීත්‍යාණුකූල පියවර ගන්නා මෙන් මෙයින් දැනුම් දෙමි.

ආචාර්ය ජේ.ඒ. සුමිත්,

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්.