Climate smart agriculture and water management unit-si

දේශගුණ තිරසාර කෘෂිකර්ම හා වාරි කළමනාකරණ ඒකකය

පේරාදෙණිය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ව්‍යාප්ති හා පුහුණු  මධ්‍යස්ථනය  තුල  ව්‍යාප්ති හා පුහුණු  අධ්‍යකෂක යටතේ  දේශගුණ තිරසාර කෘෂිකර්ම හා වාරි කළමනාකරණ ඒකකය ක්‍රියාත්මක වේ.
මෙම ඒකකය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාප්ති වැඩසටහන්වල සේවාවන්  දිවයින පුරා විහිදී සිටින කෘෂි ව්‍යවසායකයින් වෙත ලැබෙන පරිදි, අන්තර් පළාත් හා පළාත් කෘෂිකර්ම බල ප්‍රදේශවල නිලධාරින්ගේ සම්බන්ධීකරණය හා සහභාගිත්වය සහිතව සිදු කෙරේ.  
අරමුණ
කෘෂිකාර්මික ව්‍යාප්තියෙහි නව තාක්ෂණයන් වන ආරක්ෂිත ගෘහ කෘෂිකර්මය හා ක්ෂුද්‍ර ජලසම්පාදනය යොදා ගනිමින්, දේශගුණ විපර්යාස හමුවේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම හා උපදේශන සේවාව ලබා දීම

සේවාවන්

  • ආරක්ෂිත ගෘහ කෘෂිකර්මය හා ඒ හා සම්බන්ධ තාක්ෂණය කෘෂි ව්‍යවසායකයින් ප්‍රමුඛ සේවාලාභින් අතර ප්‍රචලිත කිරීම
  • ආරක්ෂිත ගෘහ කෘෂිකර්මය සම්බන්ධ පුහුණු වැඩසටහන් සංවිධානය කර පැවැත්වීම (න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම සමඟින්)
  • ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ සඳහා උචිත වන පරිදි ආරක්ෂිත ගෘහ සැලසුම් කිරීම හා ඇස්තමේන්තු සැකසීම
  • විවිධ වගාවන් සඳහා යෝග්‍ය වන ලෙස ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති ස්ථාපනය කිරීමට අවශ්‍ය සැලසුම් හා ඇස්තමේන්තු සැකසීම
  • ආරක්ෂිත කෘෂිකර්මය හා ක්ෂුද්‍ර ජල සම්පාදනය සම්බන්ධ ගැටළු සඳහා තාක්ෂණික උපදෙස් ලබාදීම
  • වගා ළිං ඉදිකිරීමට සුදුසු ස්ථාන සොයා ගැනීම සඳහා භූගත ජලය සෙවීමේ පරීක්ෂාව සිදු කිරීම

දේශගුණ තිරසාර කෘෂිකර්ම හා වාරි කළමනාකරණ ඒකක ප්‍රධානී

24-512

කේ.ජී.මහේන්ද්‍ර කරුණාරත්න මයා

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (සංවර්ධන)

අප අමතන්න