කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු – 2023
කෘෂි ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු – 2023
නව කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනටමත් පවත්වාගෙන යනු ලබන කෘෂි ව්‍යාපාරයක් තව දුරටත් වැඩි දියුණු කිරීමට අපේක්ෂිත ව්‍යවසායකයින් සඳහා ප්‍රයෝජනවත් වන්නාවූ එක්දින,දෙදින හා තෙදින දැනුවත් කිරීමේ සහ නිපුණතා සංවර්ධන පුහුණු වැඩසටහන් මාලාවක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර ඇත. ආර්ථික වශයෙන් සඵලදායි කෘෂි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන්නාවූ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම් මෙම පාඨමාලා තුලින් ආවරණය කෙරේ.
පාඨමාලා පවත්වනු ලබන ආකාරය :
සියලුම පාඨමාලා සිංහල මාධ්‍යයෙන් පමණක් පැවැත්වේ. එක් අයෙකුට පාඨමාලා කිහිපයකට වුවද සහභාගී විය හැකිය. පාඨමාලාවන් පැවැත්වෙන දිනයන්, පුහුණුව පැවැත්වීමට දෙසතියකට පෙරාතුව ලියාපදිංචි අයදුම්කරුවන් වෙත ලිඛිතව දැනුම් දෙනු ලැබේ. ඔබගේ ඉල්ලුම්පත් ලැබෙන පිළිවෙල අනුව ප්‍රමුඛතා ලේඛනයකට ඇතුලත් කර 30 දෙනා බැගින් වූ කණ්ඩායම් වශයෙන් පාඨමාලාවන් පැවැත්වේ.
අවශ්‍ය සුදුසුකම් :
කෘෂි ව්‍යවසායකයකු වීමට බලපොරොත්තු වන තනි පුද්ගලයකු හෝ කණ්ඩායමක් වීම මුලික අවශ්‍යතාවයයි.
පාඨමාලා සඳහා ලියාපදිංචි වියයුතු ආකාරය :
එක් පාඨමාලාවක් සඳහා ලියාපදිංචි ගාස්තුව වන රු.200.00ක් (පාඨමාලා ගාස්තුව, ආහාර හා නේවාසික පහසුකම් ගාස්තු හැර ) පේරාදෙණිය, මහජන බැංකුවේ කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්ගේ ගිණුම් අංක 057-10017902 7204ට ඕනෑම මහජන බැංකු ශාඛාවකින් මුදල් තැන්පත් කිරීමෙන් පසු මුදල් ගෙවූ ලදුපත අයදුම්පතත් සමග එවීමෙන් ලියාපදිංචි විය හැකිය. (චෙක්පත්,මුදල් ඇණවුම් භාරගනු නොලැබේ.)
පාඨමාලාවට සහභාගි විමට නොහැකි වුවහොත් ඔබගේ ලියාපදිංචි ගාස්තු ආපසු ගෙවීමට හා නැවත පාඨමාලාවට කැඳවිමට නොහැකි බවද කරුණාවෙන් සලකන්න. පුහුණු පාඨමාලා පවත්වනු ලබන ස්ථාන වෙනස්වීමට ඉඩ ඇත.
ආහාර හා නේවාසික පහසුකම් ගාස්තු :
පුහුණුවන්නන්ට ආහාර හා නේවාසික පහසුකම් අවශ්‍ය වන්නේ නම් පුහුණුවට සහභාගී වන දිනයේ දී අදාල ආයතනයට මුදල් ගෙවීමෙන් ලබාගත හැක .(පුහුණු ආයතන අනුව මෙම ගාස්තු වෙනස් වේ.)
පාඨමාලා ගාස්තුව :
පාඨමාලාව පැවැත්වෙන දිනයේ දි පාඨමාලා ගාස්තුව අය කරනු ලැබේ. පාඨමාලා ගාස්තු පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.
ආදර්ශ අයදුම්පත් සහ පාඨමාලා සැකැස්ම ආශ්රිත තොරතුරු ලබාගතහැකි ආකාරය :
අතිරේක අධ්යක්ෂ(කෘෂි ව්‍යාපාර ),කෘෂි ව්‍යාපාර සංවර්ධන අංශය, තැ.පෙ.05 ,ගන්නෝරුව ,පේරාදෙණිය.
දුරකථන අංකය : 081-2388754 හෝ 081-2388465
Email :doagbiz@yahoo.com
ලියාපදිංචි ගාස්තු ගෙවන ලද බැංකු ලදුපත සමග සම්පුර්ණ කරන ලද අයදුම්පත හැකි ඉක්මනින් ඉහත සඳහන් ලිපිනයට ලැබීමට සැලැස්වීමෙන් පාඨමාලා සඳහා ලියාපදිංචි විය හැක.
අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය :- 2023 /07/16
පාඨමාලා ආශ්රිත තොරතුරු:
පාඨමාලා අංකය |
පාඨමාලාව |
පාඨමාලා කාලය |
පාඨමාලා ගාස්තුව |
පැවැත්වෙන ස්ථානය |
පාඨමාලා අන්තර්ගතය |
01 |
වෙළඳපළ ඉලක්ක කර ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව |
දින 03 |
රු;1500.00 |
ගන්නෝරුව |
ආරක්ෂිත ගෘහ සැකසීම,බෝග පිහිටුවීම,නඩත්තුව ඇතුළු ක්‍රමවේදයන් |
02 |
පලතුරු පැල තවාන් පාලනය |
දින 02 |
රු;1000.00 |
ගන්නෝරුව |
පැල තවාන් පිහිටුවිම, ලියාපදිංචිය, පලතුරු පැල නිශ්පාදනය ඇතුළු ක්‍රමවේදයන් |
03 |
වානිජ ගොවිපල සඳහා ක්ෂුද්‍ර ජල සම්පාදන තාක්ෂණය |
දින 02 |
රු;1000.00 |
ගොවිපල් යාන්ත්‍රීක පුහුණු මධ්‍ය. අ/පුර |
ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියක් පිහිටුවිම, නඩත්තුව ඇතුළු ක්‍රමවේදයන් |
04 |
පලතුරු උයන් පාලනය |
දින 02 |
රු;1000.00 |
ගන්නෝරුව |
රඹුටන්, අඹ හා දොඩම් බෝග සිටුවිම, පුහුණුව හා කප්පාදුව, නඩත්තුව ඇතුළු ක්‍රමවේදයන් |
05 |
සෞඛ්යාරක්ෂිත හා ගුණාත්මක කෘෂි නිශ්පාදන දේශිය හා විදේශිය වෙළදපලට යොමු කිරිමේ ක්‍රියාවලිය |
දින 02 |
රු;1000.00 |
ගන්නෝරුව |
ගුණාත්මක කෘෂි නිශ්පාදන සහතිකකරණය, අපනයන ක්රීයාවලිය, කෘෂි නිශ්පාදන ඇසුරුම්කරණය |
06 |
එළවළු බෝග දෙමුහුම් බීජ නිශ්පාදන ක්‍රමවේදයන් |
දින 02 |
රු;1000.00 |
ගන්නෝරුව |
තක්කාලි, වම්බටු, කරවිල බෝග දෙමුහුම් බීජ නිශ්පාදන ක්‍රමවේදයන් |
07 |
නයි මිරිස් ආශ්රිත නව්‍ය නිශ්පාදන සැකසීම |
දින 01 |
රු;500.00 |
ගන්නෝරුව |
නයි මිරිස් අගය එකතු කිරිමේ නිශ්පාදන ක්‍රමවේදයන් |
08 |
රටකජු හා සෝයා ආශ්රිත නව්‍ය නිශ්පාදන සැකසීම |
දින 01 |
රු;500.00 |
ගන්නෝරුව |
රටකජු, සෝයා බෝංචි අගය එකතු කිරිමේ නිශ්පාදන ක්‍රමවේදයන් |
09 |
බිම්මල් ආශ්රිත නව්‍ය නිශ්පාදන සැකසීම |
දින 01 |
රු;500.00 |
ගන්නෝරුව |
බිම්මල් අගය එකතු කිරිමේ නිශ්පාදන ක්‍රමවේදයන් |
10 |
අච්චාරු හා චට්නි නිශ්පාදන සැකසීම |
දින 01 |
රු;500.00 |
ගන්නෝරුව |
අඹ, ඇඹරැල්ලා අගය එකතු කිරිමේ නිශ්පාදන ක්‍රමවේදයන් |
11 |
ආහාර බෝගවලින් භූමි අලංකරණය |
දින 01 |
රු;500.00 |
ගන්නෝරුව |
ආහාර බෝග ආශ්රයෙන් භූමිය සැලසුම් කිරිම හා භූමි අලංකරණය |
12 |
කෘෂි සංචාරක ව්‍යාපාරය |
දින 01 |
රු;500.00 |
ගන්නෝරුව |
කෘෂි සංචාරක ව්‍යාපාරය හඳුන්වා දිම, නිති හා රෙගුලාසි හා ලියාපදිංචි කිරිම |