ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, කුණ්ඩසාලේ 75 වන සංවත්සරය මෙම වසරට යෙදී ඇත. ඒ සඳහා වර්තමානයේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ කාර්ය මණ්ඩලය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති හා පුහුණු අංශය හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ ආදී ශිෂ්යයින්ගේද පූර්ණ සහයෝගය සහිතව 75 වන සංවත්සරය අභිමානයෙන් යුතුව සැමරීමට කටයුතු යොදා ඇත.
75 වන සංවත්සරය සැමරීම සඳහා පහත සඳහන් වැඩසටහන් සංවිධානය කර ඇත.
- 2023 වර්ෂය ආරම්භයේදී ජනවාරි මස පිරිත් සඡ්ඡායනාවක් පවත්වා දානය පිරිනැමීම
- මහනුවර දිස්ත්‍රික් පාසැල් අතර කෘෂි දැනුම මිනුම තරඟාවලියක් පැවැත්වීම
- අන්තර් කෘෂි විද්‍යාල අතර ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වීම
- ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කිරීම
- 2023 අගෝස්තු මාසයේ 4, 5 සහ 6 යන තෙදින 75 වන සංවත්සරයට අදාලව කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයක් සංවිධානය කිරීම. එම ප්‍රදර්ශනය දින 03ක් පැවැත්වීම හා එයට සමගාමීව එම දින 03 තුළ පහත වැඩසටහන් ක්‍රියාත්මක වේ.
- අවට ගොවි ජනතාව, කෘෂි පාඨමාලා හදාරණ සිසුන්, පාසැල් සිසුන් හා මහජනතාව සඳහා දින 03ක කෘෂි තාක්ෂණික ප්‍රදර්ශනයක් පැවැත්වීම
- අවට ගොවි ජනතාව සඳහා කෘෂි බෝග සායනයක් පැවැත්වීම
- දේශිය ආහාර ප්‍රවර්ධන වැඩසටහන් පැවැත්වීම
- බීජ, පැළ හා කෘෂි උපකරණ අලෙවිකිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි පැවැත්වීම
- කෘෂි දැනුම ලබාදීම සඳහා සිසුන් විසින් වීදි නාට්‍ය සංවිධානය කිරීම
- කෘෂිකර්ම විද්‍යාලයේ සේවය කළ නිලධාරීන් සඳහා උපහාර පැවැත්වීම
- දේශීය වෛද්‍ය සායනයක් පැවැත්වීම