Sinhala: HORDI Crop – Thithbatu

HORDI - LOGO

තිබ්බටු

Solanum torvum

පහතරට වියළි කලාපයේ හේන් වගාවෙන් පසු කනතු වල ස්වාභාවිකව තිබ්බටු වගා වූ අතර නියගයට ඔරොත්තු දීමේ හැකියාව, පෝෂණීය ගුණය මෙන්ම ක්‍රියාකාරී ආහාරයක් ලෙස දළ තන්තු සහ ප්‍රතිඔක්සිකාරක මෙන්ම වෙළඳපොළේ ඉහළ මිල නිසා වාණිජ වගාවක් ලෙස ප්‍රචලිත වෙමින් පවති.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් 2005 වසරේ දී බිංදු ප්‍රභේද සහ වගා තාක්‍ෂණයන් හඳුන්වා දී ඇත.

දේශගුණික අවශ්‍යතා / වගාවට සුදුසු ප්‍රදේශ

පහතරට වියළි සහ අතරමැදි කලාප වඩාත් යෝග්‍යය

බීජ අවශ්‍යතාවය

හෙක්ටයාරකට බීජ ග්‍රෑම් 5 ක් ප්‍රමාණවත් වේ. බීජ ප්‍රරෝහණය සදහා සති 2 සිට 3ක් පමණ ගතවේ. බීජ ඉතාම කුඩාවන බැවින් සංචිත ආහාර ඉතා අඩුවීම නිසා ප්‍රරෝහණයෙන් පසු පැළ වල වර්ධන වේගය ඉතා අඩුය. මේ නිසා කුඩා පැළ බඳුන් ගත කර සති 3 කින් පමණ සිටුවීමෙන් වර්ධන වේගය වැඩි කර ගත හැකිය. මේ සඳහා සෙන්ටිමීටර් 15 පළල හා සෙන්ටිමීටර් 15 උස කළු පොලිතීන් බඳුන්වල කොම්පෝස්ට් හෝ ගොම පොහොර හා මතුපිට පස් 1 : 1 අනුපාතය භාවිතා කිරීමට පුළුවන.

බිම් සැකසීම

හොඳින් එළි පෙහෙළි කර ගත් බිමක දිග, පළල හා ගැඹුර සෙන්ටිමීටර් 60 බැගින් වන සේ වළවල් සාදා එය මතුපිට පස් සහ කාබනික පොහොර මිශ්‍රණයකින් පුරවා ගැනීම සුදුසු වේ.

තවාන් පාලනය

පැළ සිටුවීම

පරතරය

පැළ සහ පේළි අතර පරතරය මීටර් 2 x  මීටර් 2.5 සුදුසු වේ. පේළි 2ක් අතර මීටර් 1/2 ක ඉඩ ප්‍රමාණය රෝපණ කටයුතු සහ වියළි තත්ත්ව යටතේ ජලය රඳවා ගැනීමට හෝ අධික තෙතමනය සහිත අවස්ථාවලදී ජලය බැසයාමට අවශ්‍ය ව්‍යුහ සකසා ගැනීමට භාවිතා කළ හැකිය.

පොහොර

යෙදිය යුතු  අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට් 

කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්

කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර – සිටුවන විට

75

320

85

මතුපිට පොහොර ( සිටුවා සති 04, 08 හා 12 දී))

35

මතුපිට පොහොර (සිටුවා මාසයකින් පසු මාස 02 කට වරක්)

30

40

එක් ගසකට මෙම මිශ්‍රණයෙන් ග්‍රෑම් 240 යොදන්න.

ජල සම්පාදනය

සාමාන්‍යයෙන් පෙ.ව. 9.00ට පෙර සහ ප.ව. 5.00ට පසු පත්‍ර මැලවුණු ස්වභාවයක් පෙන්වන්නේ නම් පසේ ජලය ප්‍රමාණවත් පරිදි නොපවතින බව තහවුරු වේ. එම අවස්ථාවේදී ජල සම්පාදනය සිදු කළ යුතුය.

වියළි තත්ත්ව යටතේ මල් හැලීම සිදුවන අතර තෙත් සහිත තත්ත්ව යටතේ මල් හට ගැනීම ද අඩුවේ. එබැවින් වියළි අවස්ථාවලදී වැඩි ජලය බැසයාමට කාණු සැකසීමද වැදගත් වේ.

වල් පැළෑටි පාලනය

විශේෂයෙන් පැළ අවධියේ පත්‍ර වියනෙන් භූමිය ආවරණය වන තුරු පඳුර ආසන්නයේ වල් පැළෑටි අතින් උදුරා දැමීම හෝ උදළු ගා දැමීම කළ යුතුය. වියළි කාලයේදි පැළ අවට වියළි තණරොඩු හෝ පිදුරු වසුනක් ලෙස යෙදීමෙන් තෙතමනය ආරක්ෂා කර ගැනීම සහ වල් පැළෑටි වැඩීම යටපත් කර ගත හැකිය.

පළිබෝධ කළමනාකරණය

කරටි හා ගෙඩි විදින්නා

සුහුඹුලා සලබයෙකි. මොහු හානිය සිදුකරන්නේ කීට අවස්ථාවේදීය. ඔවුන් ගෙඩි හා කරටි ආහාරයට ගැනීමෙන් ඒවා විනාශ වේ.

පාලනය

— කරටි කැපීම හා හානි කළ ගෙඩි විනාශ කිරීම

— හානිය පැතිරී යයි නම් 50% මල් පිපෙන අවස්ථාවේදී (බටු වර්ග සඳහා) නිර්දේශිත කෘමිනාශකයක් කරටි හා ගෙඩි විදින්නා සඳහා යෙදීම

— හානිය ඇත්නම් පමණක් කෘමිනාශක යෙදීම හා නිර්දේශිත එකම කෘමිනාශකයක් නිතර නිතර භාවිතා නොකිරීම.

— අස්වනු නෙලූ පසු මේ සඳහා කෘමිනාශක යොදන්නේ නම් පෙර අස්වනු කාලය ගැන සැළකිලිමත් වීම. — හානි කර ඇති කොටස් කඩා විනාශ කළ යුතුය.

පත්‍රකීඩෑවන්

කොළ පැහැති කීඩෑවන් බොහෝවිට පත්‍ර යටි පැත්තේ යුෂ උරාබොයි. සුහුඹුල් සහ කීට අවස්ථා දෙකම යුෂ උරාබීම සිදු කරයි. සුහුඹුලන් මිලිමීටර් 1ක පමණ මහතකින් සහ මිලිමීටර් 3ක පමණ දිගකින් යුක්ත වේ. හානි කළ පසු පත්‍ර දාර දිගේ කහ පැහැති වීම හා ගොටු ගැසීම සිදුවේ.

කීඩෑවන් හානිකර මට්ටමින් සිටිනවිට නිර්දේශිත කෘමිනාශක පත්‍ර යටි පැත්තටද හොඳින් වදින සේ යෙදිය යුතුය.

කාෂ්ටීය කඳ විදින්නා

වගාවට මාස 5 ක් පමණ වන විටදී හානිය ආරම්භ වේ. මේරු කඳේ පාදස්ථ කොටසේ කඳ සිදුරු කර එහි පටක ආහාරයට ගනිමින් ජිවත්වේ. පිලා අවස්ථාව කඳ තුළම ගත කරන අතර හානිය සිදුකරනුයේ කීට අවධියයි. මේ නිසා ගස මුලින්ම කැඩී ඇද වැටීම සිදුවිය හැක. තවද ද්විතීයික ආසාදනවලට ලක් වේ. කීටයින් ඇතිවිට කඳ පාමුල ඔවුන්ගේ මළ ද්‍රව්‍ය ලී කුඩු මෙන් දැක ගත හැකිය.

හානිය අවම කර ගැනීම සඳහා ක්ෂේත්‍රය පිරිසිදුව තබා ගත යුතුය. වගාව ආරම්භ කරන විට ක්ෂේත්‍රයේ හෝ ඉතා ආසන්නයේ ඇති බටු හෝ තිබ්බටු පැරණි වගා අත්නම් ඒවා ඉවත් කළ යුතුය. කෘමිනාශක තවමත් නිර්දේශ කර නොමැත.

රෝග කළමනාකරණය

බරපතලම රෝගය ලෙස බැක්ටීරියානු හිටුමැරීම හඳුනාගත හැකිය. ක්ෂේත්‍රයේ ප්‍රශස්ත ලෙස ජලය තිබියදී එකවරම වැල මැලවී යයි. රෝගයට ගොදුරු වූ ශාක පස් සමඟ ගලවා ඉවත් කළ යුතුය. රෝගී ශාක තිබෙන ස්ථාන අතරින් මතුපිට ජල සම්පාදනය කිරීමෙන් වැළැකිය යුතුය. මෙම රෝගය සඳහා රසායනික ප්‍රතිකාර නොමැත. හානිය දරුණු නම් බෝග මාරුවක් සිදුකළ යුතුය.

දිලීර නිසා ඇතිවන මුල්/ගෙල/පාදස්ථ කුණුවීමද ඇතිවිය හැකි අතර මෙම රෝගී තත්ත්වය කලමනාකරණය කිරීම සඳහා ප්‍රශස්ත තෙතමනය සහ නිර්දේශිත දිලීර නාශක යොදා ගත හැකිය. (තිරාම්, කැප්ටාන්, හෝමායි)

අස්වනු නෙළීම

කිනිතිවල මුලින් සෑදුනු බදරි හොඳින් වැඩී අඳුරු කොළ පැහැයට හැරීමට පෙර නෙළාගත යුතුය. සිටුවා මාස 3 කින් පළමු අස්වැන්න ලබාගත හැක. ඉන්පසු සතියකට වරක් බැගින් මාස 3ක් පමණ යනතුරු අස්වැන්න නෙළිය හැකිය. ඉන්පසු ශුද්ධ කප්පාදුවකට බදුන් කර මසකට පමණ පසු තවත් මාස 3ක් පමණ යනතුරු අස්වැන්න නෙළාගත හැකිය. ඉන්පසු නුසුදුසු සහ සෙන්ටිමීටර් 50 කින් පමණ ඉහතින් ඇති සියලු කොටස් ඉවත් කරනු ලබන තීව්‍ර කප්පාදුවකින් පසු නැවත මාස 2 කට පමණ පසු තවත් මාස 3ක් පමණ යන තුරු ආර්ථික අස්වනු ලබාගත හැකිය.

අස්වැන්න

උසස් පාලන තත්ත්ව යටතේ පළමු වසරේදී හෙක්ටයාරයකට මෙටි්‍රක්ටොන් 15ක් පමණ අස්වැන්න ලබාගත හැක