ක්ෂුද්‍ර ජල සම්පාදනය යනු,

සැලසුම් කළ නල පද්ධතියක් උපයෝගීකර ගනිමින් භෝගයේ දෛනික අවශ්‍යතාවයට පමණක් සරිලන ක්ෂුද්‍ර ජල පරිමාවක් පසේ සීමිත පරිමාවකට, පීඩනයක් යටතේ සැපයීම ක්ෂුද්‍ර ජල සම්පාදනයයි.මෙම ක්ෂුද්‍ර ජල පරිමාව භෝග මූල මණ්ඩල කලාපයට පමණක් ලබාදීම මෙහි විශේෂ කරුණකි.භෝගයේ ප්‍රශස්ථ/උපරිම වර්ධනය ලබාදී, ප්‍රශස්ථ/උපරිම අස්වනු ලබා ගැනීමේ අරමුණින් ශාකයේ ජල අවශෝෂණය කිසිදු අවහිරතාවයකින් තොරව සිදුකිරීමට, මූල මණ්ඩලය ආශ්‍රිතව පාංශු කේෂ්ත්‍ර ධාරිතා අගයට ආසන්න අගයක පාංශු තෙතමන තත්ත්වය පවත්වාගැනීම ක්ෂුද්‍ර ජල සම්පාදනයේ අරමුණයි.ක්ෂුද්‍ර ජල සම්පාදනයේ, බිංදු ජල සම්පාදනය 1860 අවධියේ ජර්මානුවන් විසින් ද, 1940-1950 කාලයේදී ඊශ්‍රායල ජාතිකයන් විසින් ද සොයා ගන්නා ලද තාක්ෂණයකි.


බිංදු ජල සම්පාදන සිද්ධාන්තය

මෙම තාක්ෂණය එක්දහස් නවසිය පනස් ගණන්වලදී ඊශ්‍රායල් ජාතික බ්ලාස් නැමැත්තා විසින් අහම්බෙන් මෙන් සොයාගත් ආකර්ශනීය ජල සම්පාදන ක්‍රමයකි.මෙම පුද්ගලයාගේ පුද්ගලික දොඩම් වගාවක් නියඟයෙන් වියළී යන අතරතුර එහි එක් දොඩම් ගසක් පමණක් වියළී නොගොස් හොඳින් වර්ධනය වී ඵල දරා තිබුණි. එයට හේතුවී තිබුනේ නිවසේ පරිභෝජනය සඳහා ජලය ලබාගන්නා නලය එම සාර්ථකව ඵල දැරූ දොඩම් ගස පාමුලදී සියුම් පිපිරිමකට භාජනය වී ජලය කාන්දුවීම හා එම ජලයෙන් දොඩම් ගස නොමැරි තිබීමයි. මෙම වඩාත් ඵලදායි බිංදු ජල සම්පාදනයට ඊශ්‍රායල්වරුන් මෙවැනි දර්ශනයකින් අර්ථකතනය දක්වා ඇත.‘‘බිංදු ජල සම්පාදනයේ දර්ශනය පසට ජලය ලබාදීම නොව පැළෑටි මූල මණ්ඩලයට ජලය ලබාදිමයි.‘‘

The philosophy of the drip irrigation is to irrigate the plant root zone but not to the soil

මෙසේ අහම්බෙන් මෙන් බිංදු ජල සම්පාදන සිද්ධාන්තය සොයා ගැනුන අතර එය ක්‍රමවත්ව බිංදු ජල සම්පාදන තාක්ෂණයක් බවට පසුගිය වකවානු තුළ ඊශ්‍රායල ජාතිකයින් විසින් දියුණු කරන ලදී.

විසුරුම් ජල සම්පාදනය

ක්ෂුද්‍ර ජල සම්පාදනයේ විසුරුම් ජල සම්පාදනය 1901-1913 ඇමෙරිකානුවන් විසින් දියුණු කරනලද තාක්ෂණයකි.විසුරුම් ජල සම්පාදන තක්ෂණ සිද්ධාන්තය සොයාගත් අයුරු 1901-1911 කාලය තුළදී ඇමෙරිකානුවන් විසින් දියුණු කරන ලද තාක්ෂණයකි. සාමාන්‍ය ජල නල මඟින් ජලය ලබාදීමේදී නලයේ අග්‍රස්ථයට අත්ල තැබීමෙන් ජලය මලක් ආකාරයෙන් විසුරුමට භාජනයවීම නිරික්ෂණයකර ඇත. මෙම නිරික්ෂණය තුළින් එම ජල නලයේ අග්‍රස්ථයට ජල විසුරුමක් ලබා ගැනීම සඳහා කරකැවෙන විසුරුම් හිසක් සවි කිරිමට එකල ඇමෙරිකානුවන් ගත් තාක්ෂණික ඉදිරි පිම්ම විසුරුම් ජල සම්පාදනය ලෙස වර්තමානයේදී ඉතා දියුණු තත්ත්වයකට පත්ව ඇත.

ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම

1.) බිංදු ජල සම්පාදනය Drip Method of Irrigation

සැලසුම් කළ නල පද්ධතියක් ඔස්සේ පීඩනයක් යටතේ ගලා යන ජලය බිංදු ආතාරයට භෝග මූල මණ්ඩල කලාපයට පතිතවේ.

2.) විසුරුම් ජල සම්පාදනය

Sprinkler Method of Irrigation

සැලසුම්කළ නල පද්ධතියක් ඔස්සේ පීඩනයක් යටතේ ගලායන ජලය විසුරුමක් ලෙස භෝගයේ ශාක වියනට උඩින් පතිතවීමයි.විශාල ශාක වියනක් සහිත භෝග සඳහා ශාක වියනට යටින් ශාකයේ කඳට ජල පහර නොවැදෙන සේ ද විසුරුම් ජල සම්පාදනය සිදුකරනු ලබයි. මෙය Under Canopy sprinkler irrigation නම් වේ.

  1. 3. ට්‍රිකල් ජල සම්පාදනය

Trickle Irrigation

සැලසුම්කළ නල පද්ධතියක් ඔස්සේ, පීඩනයක් යටතේ ගලා යන ජලය නලයක් තුළින් සියුම් ජල පහරක් ලෙස භෝගයේ මූල මණ්ඩල කලාපයට පතිත වේ.

  1. 4. උප පෘෂ්ඨීය ජලසම්පාදනය

Subsurface Drip Irrigation

පසේ උප කලාපයේ (යටි පෘෂ්ඨයේ) සැලසුම් සහගතව වළලන ලද ස්ථsර නල පද්ධතියක් ඔස්සේ පීඩනයක් යටතේ ගලායන ජලය බිංදු හෝ කාන්දුවීමක් ලෙස භෝගයේ මූල මණ්ඩල කලාපයට ලබාදීමයි.මෙම ක්‍රියාදාමය තුළින් භෝගයේ ජල අවශ්‍යතාවය සඳහා ලබාදෙන ජල ප්‍රමාණයේ කිසිදු වෙනසක් සිදුනොකරන අතර සිදුවිය හැකි සියළුම ජලය හානිවීම් අවමකර ඇති නිසා ජල සම්පාදනය සඳහා සත්‍ය වශයෙන්ම අවශ්‍ය ජල ප්‍රමාණය ඉතා අඩු මටිටමක පවතී.ඒ නිසා මෙම ක්‍රමය Ultra Low Volume Subsurface Drip Irrigation නමින් හඳුන්වනු ලබේ.

ක්ෂ්‍රද්‍ර ජල සම්පාදනයේ ලබාගත හැකි ප්‍රතිලාභ

(1) ජල පරිහරණ කාර්යක්ෂමතාවය වැඩිය.භෝගය සඳහා අවශහ්‍ය වන ජල ප්‍රමාණය සැපයීම සඳහා ක්ෂෙත්‍රය වෙත සැපයිය යුතු ජල ප්‍රමාණයේ ප්‍රතිශතය මෙමඟින් අදහස් කෙරේ.

කේෂත්‍ර ජල පරිහරණය භෝගය සඳහා අවශහ්වන ජල ප්‍රමාණය × 10 =කිරීමේ කාර්යක්ෂමතාවය
ගොවිපල වෙත සපයන ජල ප්‍රමාණය ජල සම්පාදන ක්‍රමය ජල පරිහරණ කාර්යක්ෂමතාවය

පාංශු උප පෘෂ්ඨීය බිංදු ජල සම්පාදන ක්‍රමය > 95%

(Sub- Surface Drip Method of Irrigation)

බිංදු ජල සම්පාදනය ක්‍රමය - මතුපිට 95%

(Surface Drip Method of Irrigation)

විසුරුම් හෝ ස්ප්‍රේ ජල සම්පාදනය 70 - 75%

(Sprinkler / Spray Method of Irrigation)

පිටාර ජල සම්පාදනය 50 - 60%

(Flood Irrigation)

(2) ජලයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩිය

භෝග සඳහා සැපයූ ජල ප්‍රමාණය මඟින් නෙලාගත් අස්වනු ප්‍රමාණය අතර භාගික ප්‍රතිශත කාර්යක්ෂමතා අගය මෙමඟින් දැක්වේ. මෙමඟින් සපයන ලද ජල ප්‍රමාණයෙන් ලබාගත් අස්වනු ප්‍රමාණය පෙන්නුම් කරයි. පිටාර ජල සම්පාදනය හා සැසදීමේ දී ක්ෂද්‍ර ජල සම්පාදන ක්‍රමවල මෙම අගය සාපේක්ෂව ඉතා ඉහළ අගයකි.ජල නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය ගොවිපලෙහි අස්වැන්න (MT/ha)=ගොවිපල වෙත සැපයූ ජල ප්‍රමාණය (m3/ha)

(3) භූමි පරිහරණ කාර්යක්ෂමතාව වැඩිය. (ක්ෂුද්‍ර ජල සම්පාදනයේදී ජලය බැසයන අපහරණ කානු අවම වශයෙන් පිහිටුවනු ලබයි. මෙමඟින් වගාව සඳහා යොදා ගන්නා වූ සඵල ඉඩ ප්‍රමාණය සාපේක්ෂව වැඩිය.)

(4) පොහොර, පසට යොදන පළිබෝධ නාශක, ජල සම්පාදනය හරහා යෙදීය හැකිවීම. පොහොර යෙදීමට වැය වන කම්කරු ශ්‍රමය 90% කින් පමණ ඉතිරි වේ. අංශු මාත්‍ර මූල ද්‍රව්‍ය, කුඩා ප්‍රමාණ, කෙටි කාලාන්තරවලින් ලබාදිය හැක. පෝෂක හානිවීම් අඩුයි. වෑස්වීම හා කාන්දු මඟින් සිදුවිය හැකි භූගත ජලය දූෂණයවීම අඩුවේ.මෙයට අමතරව භෝග මූල මණ්ඩල මඟින් අවශෝෂණය වන කෘමි හා දිලීර නාශක ද (උදා : කාබෝෆියුරාන්, ඉම්ඩක්ලොෆ්‍රිඩ් (ඇඩ්මයර්) වැනි කෘමි නාශක හා කැප්ටාන් හා තිරාම් වැනි දිලීර නාශක) ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතිය තුළින් යෙදියහැකි වෙයි.

(5) වල් පැළෑටි වර්ධනය අඩුයි. (බිංදු ජල සම්පාදනයේදී සීමිත මතුපිටක් තෙත්වන බැවින් වල් පැළෑටි බීජ ප්‍රරෝහණය අවම මට්ටමක පවති.)

(6) භෝගයේ මූල පද්ධතිය හා භෝගය ප්‍රශස්ථව වැඩීම නිසා අස්වනු දෙගුණ තෙගුණවීම පසේ ක්ෂේත්‍ර ධාරිතා අගයට ආසන්නව හෝ භෝගයට ඉතා හිතකර වූ තත්වයන් පවත්වා ගැනීම තුළින් භොගයේ මූල මණ්ඩල කලාපය හොඳින් වාතනයවීම හා පොහොර කුඩා ප්‍රමාණවලින් කෙටි කාලන්තරවලදී ලබාදෙන බැවින් භෝග අස්වනු දෙගුණ තෙගුණ කරගත හැකිවේ.

(7)අවාරයේ අස්වනු ලබාගත හැකිවීම, ප්‍රදේශයේ සමාන්‍ය ගොවීන් භෝග අස්වනු නෙලා ගන්නා අවධිය මඟහැර හෝ වෙළඳපොල මිල උච්චතම අවධීන් ඉලක්කකර ක්ෂුද්‍ර ජල සම්පාදනය යටතේ වූ භෝගවලින් අස්වනු ලබාගත හැකිවීම මඟින් ඉතා ඉහළ වෙළඳපොල මිලක් ලබාගත හැකිවේ.

(8)මිශ්‍ර භෝග රටා ලෙස හෝ අධි ඝණත්ව වගාවන් සඳහා ද යෙදීය හැක.

(9)භෝගයට හානිදායක ලෙස පසේ ලවණතාවය වැඩි නොවීම.

(10)පාංශු ඛාදනය අවම වීම.

(11)විශාල පාංශූ පරාසයක් තුළ වගාකළ හැකිවීම.

(12)ඉතා කුඩා මෙන්ම විශාල ගොවිපල සඳහා ද භාවිතා කළ හැක.

ක්ෂද්‍ර ජල සම්පාදන පද්ධතියක් සැලසුම් කිරීම (Designing of Micro Irrigation System)

ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතිය ජල ප්‍රභවය මුලික කර ගෙන ජල පොම්පය, පාලක ඒකකය (ජල පෙරන හා පොහොර දැමීමේ උපාංග ඇතුළු), සැපයුම් නල, ප්‍රධාන නල, උප ප්‍රධාන නල, පාර්ශ්වික නල, ඩ්‍රිපර් හෝ විසුරුම් හිස් ක්‍රමික පිළිවෙලකට යෙදීම කළයුතුය. මේ සඳහා පහත දැක්වෙන විද්‍යාත්මක දත්ත හා අනෙකුත් සාධක සළකා බැලිය යුතුය. ඒ අනුව ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියක (Hydraulic design) විද්‍යාත්මක සැලසුම්කරණය තුළින් ඒ ඒ උපාංග හෝ මෙවලම් භාවිතය තීරණය කළයුතුය.

ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියක් සැලසුම් කිරීම

සලකාබලනු ලබන සාධක

(1) භාවිතා කරන ජලය හා ලබා ගත හැකි ජල ප්‍රමාණය. Availability and Quality of Water

(2) භෝග වගා භූමිය හා පස් වර්ග Topography and type of soil

(3) වගා කිරීමට බලාපොරොත්තු වන භෝග Type of Crops

(4) ප්‍රදේශයේ දේශගුණය Climate

(5) මූල්‍ය පහසුකම්, සමාජස්‍ය කරුණු හා තාක්ණික දැනුම Capital, Social Factors and Technology.

(6) භාවිතා කළ යුතු ගණිතමය නීති හා සිද්ධාන්ත (ජල පොම්පය, පාලක ඒකකය, බට පද්ධතිය නිර්මාණය සඳහා) Applied Hydraulics

ජල ප්‍රභවය හා ලබාගත හැකි ජල ප්‍රමාණය.

භාවිතා කළ හැකි විවිධ ජල ප්‍රභවයන්ගේ භෞතික ගුණාංග අනුව වර්ගීකරණය හා සුදුසු ජල පෙරන තේරීම.

  1. තැටි හෝ දැල් පෙරන (Disk or Screen Filters) අත්‍යාවශ්‍යයෙන් භාවිතා කළයුතුය.
  2. මැටි හෝ ඇල්ගී හා වෙනත් අපද්‍රව්‍ය ඉතා අධික නම් මාධ්‍ය පෙරන (Media Filters), වැලි පෙරන (Sand Filters) භාවිතා කළයුතුය.
  3. හුණු හෝ ලවණ අධික නම් ඉදිරියේදී අම්ල ප්‍රතිකාරක භාවිතයෙන් ලවණ සෝදා හැරීමකට සූදානම් විය යුතුය.
  4. සේදීමට පහසු Cap openable / Replaceable වර්ගයේ ඩ්‍රසචචැරs භාවිතය ඉතා සුදුසුය.

කෘෂි ළිං, ගෘහාශ්‍රිත ළිං, නළ ළිං, ගංගා, ඇලදොළ, වැව්, පොකුණු හෝ වෙනත් ජල ප්‍රභව ක්ෂුද්‍ර ජල සම්පාදනය සඳහා භාවිතකළ හැකිය.

මේ එක් එක් ජල ප්‍රභවයන් භෞතික, රසායනික හා ජෛවීය ගුණාංග විවිධ වන අතර ඉදිරි වගු මඟින් එම ජල ප්‍රභවයන්ගේ ගුණාත්මක භාවයන් විස්තර කර ඇත.

විශේෂ සටහන

ක්ෂුද්‍ර ජල සම්පාදනයේදී ජලය පෙරීමකට භාජනය කිරීමෙන් පසුව Drippers, Emmieter, Sprinklers, Spray Jets, Misters, Fogers වැනි ජල විසර්ජක හරහා භෝග මූල මණ්ඩල කලාපයට ලබාඳේ මෙම තාක්ෂණයේ දී ජලය පෙරීම ඉතාමත් වැදගත් කාර්යයක් වන බැවින් විවිධ ජල ප්‍රභවයන්ගේ ගුණාත්මය විස්තර කෙරෙන ඉදිරි වගු මඟින් එක් එක්

ජල ප්‍රභවය සඳහා භාවිත කළ යුතු ජල පෙරන වර්ග ද සඳහන්කර ඇත.

ජල පෙරන තේරීම

භෞතික ගුණාත්මය අනුව

පෙරන වර්ගය

ජල පෙරන සිදුරුවල

ප්‍රමාණය

භාවිතා කලයුතු

ජල ප්‍රභවයේ ස්වභාවය

ස්ක්‍රින් පෙරන/

දැල් පෙරන

(Screen Filters)

තැටි පෙරන

(Disc Filters)

මාධ්‍ය පෙරන

බොරළු හෝ වැල

Media Filters

Send/Gravel

Hydro Cyclone Seperaters

මයික්‍රෝන 80 සිට 300

මයික්‍රෝන 75 සිට 800

වැලි, බොරළු වැනි බරින්

වැඩි අපද්‍රව්‍ය ජලෙයන්

වෙන්කර ඉවත් කෙරේ.

අපද්‍රව්‍ය රහිත වගා ළිං

හෝ ජලාශ

- එම -

ගංගා, ඇලදොල

අපද්‍රව්‍ය සහිත ජල

ප්‍රභව

- එම -


ජල ප්‍රභවය - නල ළිං වල ගුණාත්මක භාවය

භෞතික

රසායනික

ජෛවීය

රොන්මඩ/

වැලි සාමාන්‍ය

ලවණ

(NaCl)

ඇල්ගී

සාමාන්‍ය

මැටි

සාමාන්‍ය

ලවණ , Ca (OH)2

CaCO3

බැක්ටීරියා

අවලම්භන

සාමාන්‍ය

යකඩ

වෙනත්

ගංගා, ඇලදොල, වැව් හා පොකුණු ජලය භාවිතා කිරීමේදී පහත කරුණු සැළකිල්ලට ගතයුතුය.

  1. තැටි හෝ දැල් පෙරන (Disk or Screen Filter ) ,අත්‍යාවශ්‍යයෙන් භාවිතා කළයුතුය.
  1. මැටි හෝ ඇල්ගී හා වෙනත් අපද්‍රව්යෙඅ ඉතා අධික නම් මාධ්‍ය පෙරන (Media Filter ) වැලි පෙරන (Send Filters) භාවිතා කළයුතුය.
  1. හුණු හෝ ලවණ අධික නම් ඉදිරියේ දී අම්ල ප්‍රතිකාරක භාවිතයෙන් ලවණ සෝදා සූදානම් විය යුතුය.
  1. සේදීමට පහසු වර්ගයේ Cap openable / Replaceable වර්ගයේ Drippers භාවිතය ඉතා සුදුසුය.
  1. අපද්‍රව්‍ය ප්‍රමාණය අධික නම් Hydro Cylone Seperators වැලි වැනි බර වැඩි අපද්‍රව්‍ය කේන්ද්‍රාපසාරීව වෙන් කිරීම සඳහා වූ ඉහත උපාංගය භාවිතා කළ යුතුයි.
  1. Hydro Cylone Seperators වෙනුවට අපද්‍රව්යෙඅ තැන්පත් කිරීම සඳහා වූ අවසාධිත (Settig Tanks) භාවිතා කළයුතුය.


වැදගත්

යම්කිසි ජලාශයක, වගා ළිඳ හෝ වෙනත් ජල ප්‍රභවයක ඇල්ගී හෝ වෙනත් පාසි වර්ග මර්ධනය සඳහා සුදුසු ප්‍රතිකාර.

  1. ජල ප්‍රභවයේ ජලය නිරතුරුවම පාවිච්චි කිරීම.
  1. ඇල්ගී හා පාසි වර්ග නිරතුරුවම ඉවත්කර විනාශ කිරීම, ජල ප්‍රභවය ඇතුල් පෘෂ්ඨයේ ඇල්ගී හා පාසි සූරා ඉවත් කිරීම.
  2. .හොදින් හිරු එළිය ලැබීමට සැලැස්වීම.
  1. CuSO4 ප්‍රතිකාර කිරීමේ දී ඉහත දක්වා ඇති අවවාදය තරයේ පිළිපැදිය යුතුයි.

අවවාදයයි

පානිය ජලය හෝ ගෘහස්ථ පාරිභෝජනයට ජලය ලබා ගන්නා විට එම රසායනික ප්‍රතිකාර සිදු නොකළ යුතුයි.

රසායනික ඇල්ගී මර්ධනය කොපර් සල්ෆේට් ප්‍රතිකාරය (CuSO4) බොහොමයක් ඇල්ගී විශේෂ තනුක කොපර් සල්ෆේට් ප්‍රතිකාරය මඟින් පාලනය කළහැකිය.

නිර්දේශිත සාන්ද්‍රණය

අක්කර අඩියකට කොපර් සල්ෆේට් රාත්තල් 2.7

අක්කර අඩි 1 = ගැඹුර (අඩි) × මතුපිට (අඩි)

වර්ගඵලය (අක්කර)

අක්කර අඩියට යෙදිය යුතු කොපර් සල්ෆේට් රාත්තල් 2.7 ක ප්‍රමාණය සමාකාරව යෙදීමෙන් මිලියනයට කොටස් 1ක සාන්ද්‍රණයක් ජලාශයේ ඇතිවේ.ලවණ අධික ජලය සඳහා (මිලියනයට කොටස් 200 ට වඩා වැඩි ලවණ සහිත ජලය) මෙම කොපර් සල්ෆේට් ප්‍රමාණය දෙගුණ කළ යුතුය. කොපර් සල්ෆේට් භාවිතා කරන ක්‍රමය තීරණය කරනුයේ භාවිතා කරන කොපර් සල්ෆේට්වල භෞතික ස්වභාවය අනුවය.මේ අනුව කොපර් සල්ෆේට් ආකාර 2කි

  1. කොපර් සල්ෆේට් කැට
සිනිඳු ලෙස කුඩුකළ කොපර් සල්ෆේට් මෙයින් සිනිඳු ලෙස කුඩුකළ කොපර් සල්ෆේට් පහසුවෙන් ජලයේ දියවන නිසා මෙම ප්‍රතිකාරය සඳහා එය වඩාත්ම සුදුසුය. කොපර් සල්ෆේට් යෙදීම සඳහා සුදුසු ජල ප්‍රමාණයක දියකර ස්ප්‍රේ කිරීම හෝ බාල්දියක් ආධාරයෙන් විසිරවීම සිදුකළ හැකිය.ගෑලාවනයිස් ආලේපිත බඳුන්වල කොපර් සල්ෆේට් දිය කිරීම මළ බැ£මට හේතුවන බැවින් මේ සඳහා ප්ලාස්ටික් බඳුන් භාවිතා කිරීම සුදුසුය.විශාල ජලාශ ඇතිවිට සහ ඉසින උපකරණ නොමැති විට කැට සිදුරු සහිත මලුවල දමා කොපර් සල්ෆේට් දිය වන තුරු ජලයේ ඇදගෙනයාම සිදුකළ හැකිය.ප්‍රතිකාරය කන්නයකට වරක් සිදුකිරිම ප්‍රමාණවත් නොවේ. එබැවින් සති 3-4 කට වරක් සිදු කිරීම ප්‍රතිඵලදායකය.නිර්දේශිත ප්‍රමාණවලින් කොපර් සල්ෆේට් ප්‍රතිකාර කළ ජලය භාවිතයෙන් විශාල හානි සිදු නොවුවත් ප්‍රතිකාරය සිදුකළ අවස්ථාවේ සිට පැය 12 ක කාලයක් යනතුරු ජලය ප්‍රයෝජනයට ගැනීමෙන් වැළකීම සුදුසුය.

විරන්ජන කුඩු ප්‍රතිකාරය (Chlorination).

ජල ප්‍රභවයට ක්ලෝරීන් (Bleaching power),2.75ppm (2.75mg/l- 30%) සාන්ද්‍රණයෙන් යෙදීම සිදුකරනු ලබන අතර පතුලට අවසාදනයවීම සඳහා පැය 6 ක් ගතවේ.කැල්සියම් හයිපොක්ලෝරේට් හෝ සෝඩියම් හයිපොක්ලෝරේට් ජලය සමඟ 2-3 ppm සාන්ද්‍රණයෙන් යොදා දින 2-3 කට පසු ජලය ඉවත්කර ළිඳ හෝ ජල ප්‍රභවයේ පාසි ඉවත් වන අයුරින් 2-3 ppm Bleaching power paste එකක් ලෙස ඇතුල් පෘෂ්ඨයේ ආලේපකර ළිඳට ජලය එකතුවීමට ඉඩ හරින්න.


ජලයේ පවතින අපද්‍රව්‍ය

මෙම ද්‍රව්යෙඅ අවදිත ලෙස තැන්පත්වීම සඳහා අවම වශයෙන් පැය අටක්වත් නිශ්චලව තිබීම අවශ්‍ය වේ. (ප්‍රථම දිනයේ ජල සම්පාදනයෙන් පසු දෙවන දිනය සඳහා ජලය රැස්කර තැබීම මඟින් මෙය සිදුකළ හැක).

දැල් පෙරනවල විශාලතවය

1) තිරයේ අඟලකට ඇති සිදුරු ප්‍රමාණය (Mesh Size)

2) සිදුරුවල විශාලත්වය (Microne) වලින් දැක්වීම.

ඉහත 1 හා 2 හි සබඳතාව පහත දක්වා ඇත

මයික්‍රෝන (Microne) Mesh

300 50

200 75

130 120

100 155

80 200

අවසාදන ටැංකියක සැලැස්ම

(Plan of Setting Tank)

අවසාදන ටැංකියක් (Setting Tank) මඟින් ජලය පිරිසිදු කිරීම,අවසාදන ටැංකි නිර්මාණයේදී සැළකිය යුතු කරුණු ,

  • ජල ටැංකියේ ධාරිතාවය භෝගයේ දෛනික ජල පරිභෝජන අවශ්‍යතාවයට හෝ ඉන් අඩකටවත් සරිලන පරිදි විය යුතුයි.
  • ජල ටැංකිය ශක්තිමත් ව්‍යුහයක් විය යුතු අතර, කුඩා කඳු මුදුනක හෝ එවැනි ව්‍යුහයක් මත අඩි 2 - 4 ගිල්වා ගොඩ නැඟීමට හැකි නම් වඩාත් යෝග්‍යයි. ජල ටැංකියේ ධාරිතාවය, විශාලත්වය එහි බිත්ති මතට ජලය මඟින් ඇතිවන තෙරපුම් ද විශාල වන නිසා, පසෙහි ගිල්වා ගොඩනැඟීම මඟින් ටැංකියේ ආරක්ෂාව තහවුරු වේ. නොඑසේ නම් ටැංකියේ ඇතුළත බිත්තිවලින් කාමර ලෙස වෙන්කළ යුතුයි.
  • මෙය ඉහළනැඟි (Overhead Tank) එකක් නොවන අතර ක්ෂුද්‍ර ජල සම්පාදනය සඳහා අරමුණු කරගෙන Overhead Tank ගොඩනැඟීම සිදු නොකරන අතර වෙනත් අරමුණකට භවිතා කළ Overhead Tank එකක් Setting tank එකක් ලෙස භාවිත කළ හැකිය.
  • Setting tank එකක පතුලේ එකතු වන අපවිත්‍ර වූ ජලය ඉවත්කළ හැකි පරිදි එය ගොඩනැඟිය යුතු අතර එම අපවිත්‍ර වූ ජලය ගොටුකොළ වැනි කොළ භෝග වගාවකට පිටාර ජල සම්පාදනය යටතේ සැපයීම සිදුකළ හැකිය.

ප්‍රාථමික පෙරන භාවිත (Primary Filters)

මාධ්‍ය පෙරන භාවිතය

Media Filtration

  • මාධ්‍ය පෙරන මඟින් ජලය පෙරීම ප්‍රාථමික පෙරීමකට (Primary Filtration) භාජනය කෙරේ.
  • මාධ්‍ය පෙරන භාවිතයේදී මැටි වැනි කුඩා අංශු පෙරීමට මාධ්‍ය වැලි ලෙසද විශාල අපද්‍රව්‍ය පෙරීමට බොරළු මාධ්‍ය ද භාවිතා කළ හැකිය.
  • ජලයේ පැහැදිලි බව අඩු, වැලි, මැටි අංශු අධික, රොඩු බොරළු වැනි අපදුව්‍ය අධික ජලය භාවිතයේ දී මෙම මාධ්‍ය පෙරනයක් අත්‍යාවශ්‍යය.

උද: ගංගා, ඇලදොළ, දියපහර හෝ වෙනත් අපද්‍රව්‍ය අධික ජල ප්‍රභවයන් වලින් ජලය භාවිතයේ දී මාධ්‍ය පෙරන භාවිතා කළ යුතුය.

ද්විතීයික පෙරන භාවිතය Secondary Filtration

  • මාධ්‍ය පෙරන මඟින් අපද්‍රව්‍ය ප්‍රමාණයෙන් විශාල කොටස් පෙරීමකට භාජනය කිරීම සිදුවුවද එම ජලය ද්විතීයික පෙරීමකට (Secondary Filtration) භාජනය කිරීම අත්‍යාවශ්‍යය. මේ සඳහා තැටි හෝ දැල් පෙරන (Disk or Screen Filters) භාවිතා කළ යුතුය.
  • තැටි පෙරන (Disc Filters) මඟින් Depth Filtration ගැඹුරු පෙරීමක් ද Screen Filters (දැල්) මඟින් (Surface Filtration) මතුපිට පෙරීමක් ද කරන බැවින් Disc Filters භාවිතය Screen Filters භාවිතයට වඩා තාක්ෂණිකව යෝග්‍යය.

නිශ්චල ජල ප්‍රභවය

කෘෂි ළිං, වෙනත් ළිං හෝ පොකුණු භාවිතයේ § සැළකිලිමත් විය යුතු කරුණු

  • ජලය සමඟ අපද්‍රව්යෙඅ පද්ධතිය තුළට ඇතුල්වීම වැළැක්වීම.
  • ළිං බැම්ම පොළොව මට්ටමේ සිට අඩි 2 - 3 ක් උසට බැදීම.
  • බැම්මේ සිට අඩි 6 ක් දුරට වල් මර්ධනය.
  • චුෂණ නලය ළිං බැම්මෙන් අඩි 3-4 ක් දුරින් සිරස්ව සවි කිරීම.
  • ළිඳෙහි ඇල්ගී හා පාසි නිරතුරුව ඉවත් කිරීම හෝ රසායනික ප්‍රතිකාර කිරීම.
  • ළිඳ ආවරණය කිරීම.
  • ළිඳෙහි ජලය නිරතුරුවම ජල සම්පාදනය සඳහා යොදාගැනීම.

ද්වීතියික පෙරන මඟින් ජලයේ ඇති සියුම් අපද්‍රව්‍ය පෙරීමකට භාජනයකළ ද පසෙහි හා කාබනික ද්‍රව්‍යයන් හි සියුම් අංශු ලෙස ජලයට මිශ්‍රවී ඇති මැටි, රොන් මඩ හා හියුමස් වැනි දෑ පෙරීම ක්ෂද්‍ර ජල සම්පාදනයේ දී සිදු නොකරයි.මෙම කුඩාම අංශු පෙරීමකට භාජනය කරන්නේ නම් ද්විතියික පෙරනයෙහි පෙරීමේ සිදුරු ඉතා කුඩාවිය යුතු අතර එවිට පෙරනය ඉතා කෙටි කාලයක§ පෙරන අපද්‍රව්‍ය මඟින් සිරවීමකට පාත්‍ර වේ. එමඟින් ජල පොම්පයෙන් විශාල ශක්තියක් වැය වන අතර ජල පොම්පයේ පීඩනය ජල පෙරනදී විශාල ඝර්ෂණ හානියකට භාජනයවීමෙන් නල පද්ධතියට ලැබෙන ජලයේ පීඩනය අඩු වේ. තවද පෙරනය නිරතුරුවම පවිත්‍ර කිරීමට භාජනය කළ යුතුය.

පසෙහි රසායනික සංයුතිය

අංශු වර්ගය විෂ්කම්භය මි.මී.

රළු වැලි/ බොරළු මි.මී. 2. සිට 4.0

මධ්‍යස්ථ වැලි මි.මී. 2. සිට 0.2

සියුම් වැලි මි.මී. 0. සිට 0.02

රොන් මඩ මි.මී. 0. සිට 0.002

මැටි මි.මී. 0.002 ට අඩු

ක්ෂද්‍ර ජල සම්පාදනයේ දී නීතියක් ලෙස මයික්‍රෝන 120 හි ද්විතියික ජල පෙරන භාවිතා කරන අතර එමඟින් අපද්‍රව්‍ය ලෙස ඇති මැටි හා රොන් මඩ අංශු පෙරීමකට භාජනය නොකර සම්පාදිත ජලය තුළින් යැවීමට ඉඩ සලස්වයි.මෙම මැටි රොන් මඩ හා එම විශ්කම්භයේ ඇති අංශු අවසානයේ දී ස්ප්‍රින්ක්ලරය හෝ ඩ්‍රිපර් තුළින් භෝග මූල මණ්ඩල කලාපයට පතිතවේ.මේ හේතුව නිසා බිංදු ජල සම්පාදනයේදී භාවිතා කරන ඩ්‍රිපර්/ජල විසර්ජකවල (Dripper/Emeters) ජලය නිකුත් කරන සිදුරේ විශ්කම්භය (Nozzel size of Sprinklers/Spray Jet/ Misters or Foggers / Hole size of Dripper) පෙරීමකට භාජනය කරන පෙරන සිදුරේ විශ්කම්භයට වඩා තුන් ගුණයකින් විශාලව නිමකර තිබිය යුතුය. ( Sprinklers, Spray Jet/,Misters or Foggers, Dripper)නිෂ්පාදකයන් විසින් මෙම නීතිය පිළිපැ§මෙන් පසුව එම උපාංග වෙළඳපොලට ලබා දී තිබේ දැයි සළකාබැලිය යුතුය.

ජලයේ රසායනික ගුණාත්මය

වැදගත් වන ප්‍රධාන සාධක 2කි.

1) ජලයේ පී.එච්. අගය (ආම්ලික හෝ භාෂ්මික තත්වය)

2) ජලයේ විද්‍යුත් සන්නායකතාවය

මේ අතුරින් ක්ෂුද්‍ර ජල සම්පාදනය සඳහා පළමු හා දෙවන පංතියේ ජලය පමණක් යොදා ගැනීමට සීමාපනවා ඇත. (තෙවන පංතියේ ජලය මඟින් ක්ෂුද්‍ර ජල උපාංගවල රසායනික අවසාධිත තැන්පත්වීමෙන් ජල සම්පාදනයට බාධා ඇතිවේ. නමුත් තෙවන පංතියේ ජලය වුව ද ඉහළ කළමනාකාරීත්වයක් යටතේ අවශ්‍ය අම්ල ප්‍රතිකාරක සමඟ භාවිතා කළ හැකිවේ.)

ජලයේ රසායනික ගුණාත්මය

ගුණාංගය පළමු පංතිය දෙවන පංතිය තෙවන පංති

පී.එච්. අග 5.5 – 7 6.5 -5.5 5 ට අඩු හා 8.5 ට වැඩි

විද්‍යුත් සන්නායකතාව 0.7 ට 0.7 - 3.0 3.0 ට වැඩි

(මීටරයට ඩෙසි සීමන්) අඩු

රසායනික අවසාධිත තැන්පත්වීමෙන් මතුවන ගැටළු මඟහරවා ගැනීම.

  1. 1. තෙවන පංතියේ ජලය භාවිතා කිරීමට සිදුවන විට, හෝ වෙනත් ආකාරයකින් ලවණ තැන්පත් වන තත්ත්වයකට පත් වුවහොත් අවසාධිත ටැංකියක් මඟින් (කලින් පිටුවල පරිදි) ජලයට රසායනික ප්‍රතිකාර කිරීම.
  2. 2. ජලය සපයන නල පද්ධතිය, ඇතුළු ජල පෙරනය, ප්‍රධාන නල, බෙදා හැරීම් නල, උප බෙදා හැරීම් නල හා පාර්ශ්වික නල වැඩි පීඩනයක් සහිත ජලය මඟින් නිතර සෝදා හැරීම. (High Pressure Flushing)
  3. 3. හැකි අවස්ථාවලදී ගලවා පවිත්‍ර කළ හැකි විසුරුම් හිස් සහ විසර්ජක (Cap replaceable Dripper) භාවිතා කිරීම.
  4. 4. නල පද්ධතියේ හෝ ජලය විසුරුවා හරින උපාංගවල අවසාධිත රසායනිකයක් මඟින් සෝදා හැරීම. (Acidification)
  5. 5. ප්‍රධාන පාලක ඒකකයට (ජල පෙරන හා අදාල උපකරණ පද්ධතිය-Head Control unit විරංජන ප්‍රතිකාරය සිදු කිරීම (Chlorination)

ලබාගත හැකි ජල ප්‍රමාණය

(Availability of Water)

ක්ෂුද්‍ර ජල සම්පාදනය සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් මුළු වගා වපසරිය සඳහා, වසරේ උච්චතම වියලි කාලය තුළදී, (Peak Drought) භෝගයේ උපරිම ජල අවශ්‍යතා (Maximum Water Requiremet) සපුරාලීමට, ප්‍රමාණවත් ජල පරිමාවක් ජල ප්‍රභවයෙන් ලබාගත හැකි විය යුතුයි.එම ලබාගත හැකි ජල ප්‍රමාණය පාදක කරගෙන හෝ වෙනත් ජල ප්‍රභවයකින් ලබා ගැනීමට හැකිවීම හෝ භෝග ජල අවශ්‍යතාවය අනුව ගලපාගත් තීරණ මත පිsහිටුවා (අක්කර හෝ හෙක්ටයාර්) කොපමණ වපසරියක ක්ෂද්‍ර වාරි පද්ධතිය පිහිටවිය යුතුදැයි තීරණයකට එළඹිය යුතුය.ලබාගත හැකි ජල ප්‍රමාණය මිනුම්ගත කිරීම උදා: කෘෂි ළිඳ, වගා ළිඳ, ගෘහස්ථ ළිඳ, වැව, පොකුණ, ගංගා වැනි ජල ප්‍රභව ලබාගත හැකි ජල ප්‍රමාණයෙන් මෙය තක්සේරු කරගත යුතුයි.ඇළදොළ, ගංගා වැනි ජල ප්‍රභව මෙය තක්සේරුකර ලබාගත යුතුයි. ඇළදොළ ගංගා වැනි ජල ප්‍රභව භාවිතයේ දී වඩාත් උචිතවනුයේ එම ඇලදොළ, ගංගාවට ඉතා ආසන්නයේ වගා ළිඳක් සාදාගෙන ජලය ලබා ගැනීමයි.මෙවිට ඇලදොළ ගංගාවල ජලය භාවිතයේ දී ජලය පෙරීමට භාවිතා කළයුතු වන මාධ්‍ය පෙරන Media Filters භාවිතය ද සීමා කළ හැකිවේ.භෝග වගා භූමිය හා පස් වර්ග භෝග වගා භූමිය හා පස් වර්ග

  • භූමියේ විශාලත්වය
  • භූමියේ බෑවුම
  • පස් වර්ග

යන කරුණු ගැන සැළකිලිමත් විය යුතුය.

භූමියේ විශාලත්වය

භූමියේ විශාලත්වය අනුව ආයෝජනය කළ යුතු මුදල තීරණය වේ. භූමියේ විශාලෆ්වය වැඩි වීමට සමගාමීව ක්ෂුද්‍ර වාරි පද්ධතියක් සවි කිරීමේ ඒකක ක්ෂේත්‍ර ඵලයක් සඳහා ආයෝජනය කළ යුතු මුදල සාපේක්ෂව අඩුය.

භූමියේ විෂමතාවය අනුව

(1) භාවිතා කළයුතු ජල පොම්පයේ ධාරිතාව (Capacity) (පැයට ලීටර් ) පොම්පයේ මුළු පීඩන (Total Dynamic Head) (මීටර් හෝ අඩි Meters/Feet)

භාවිතා කළයුතු ජල පොම්පයක් තෝරාගත යුතුය

(2) ප්‍රධාන හා උප බෙදා හැරීම් නල යෙදිය යුතු රටාව සැලසුම් කළයුත්තේ බොහෝවිට සමෝච්ච රේඛාවලට ලම්භකවය.

(3) ජලය බෙදා හරින පාර්ශ්වික නල සමෝච්ඡ වැටි රේඛාවලට සමාන්තරව හා භෝග පේලි අනුව සිදුකළ යුතුය. (සැලසුම්කරුගේ අවශහ්තාවය හා භූ විෂමතාවය අනුව මෙම කරුණු වෙනස් කරගත හැක).

(4) ජල ප්‍රභවයෙන් ජලය ලබාගත හැකි වේගය සීමා සහිත විටදී භූ විෂමතා ලËණ අනුව ක්ෂත්‍රය කොටස්වලට බෙදා ජලය සැපයීමට පද්ධතිය සැලසුම් කළයුතුය.

පාංශු ගුණාංග

  1. වයනය (Texture)
  1. ව්‍යුහය (Structure)
  • ජලය කාන්දුවීමේ හා රඳවා ගැනීමේ හැකියාව (Basic Infilyration Rate)
  1. සවිවරතාවය (Porosity)
  1. ජල සම්පාදනයේ දී පස තෙත් කරනුලබන රටාව (Wetting Pattern)
  1. ලවණ තාවය (Salinity & Alkalinity)
  • පසේ සංතෘප්ත ද්‍රාව්‍ය සන්නායකතාව (Saturated Hydraulic Conductivity)

වගා කිරීමට බලාපොරොත්තු වන භෝග මෙහිදි වගා කිරීමට බලාපොරොත්තු වන භෝගය අනුව,

  • දැනට නිර්දේශිත පරතර හා පොහොර නිර්දේශය
  • අනෙකුත් ශෂ්‍ය විද්‍යාත්මක කරුණු

ක්ෂුද්‍ර ජල සම්පාදනයට උචිත වන පරිදි විද්‍යානුකූල පදනමක් මත සකස් කර ගත යුතුයි.මේ අනුව ක්ෂේත්‍රයට යොදනු ලබන උපාංග වල යම් යම් වෙනස්කම් කිරීමට සිදුවේ.

ප්‍රදේශයේ දේශගුණය

පහත සාධක මත භෝගයට සැපයියයුතු ජල ප්‍රමාණය රඳා පවතී.

  • වර්ෂාපතනය
  • සාපේක්ෂ ආර්ද්‍රතාවය
  • උෂ්ණෆ්වය
  • සුළඟේ ප්‍රවේගය

වර්ෂාපතනයේ දී සැළකියයුතු කරුණු

  1. වර්ෂාපතන ව්‍යාප්තිය

වසරේ වර්ෂාව ලැබෙන දින ප්‍රමාණය (No of Rainy Days Per Year)

  1. වර්ෂාපතන ප්‍රමාණය (Total Rainfall) හා සඵල වර්ෂාපතන ප්‍රමාණය (Effective Rainfall)

වගාව සඳහා වර්ෂාපතන ජලය යොදා ගැනීමේදී පොළොවට ලැබෙන මුළු වර්ෂාපතනයෙන් භෝග සඳහා ලබාගත් ජලය ලෙස සඵල වර්ෂාපතන ප්‍රමාණයෙන් ලැබෙන ජල ප්‍රමාණය ගණනය කරගත යුතුයි.

සඵල වර්ෂාපතනය යනු,

පොළොව මතුපිටට ලැබෙන සම්පූර්ණ වර්ෂාපතන ප්‍රමාණයෙන් පස තුළට අවශෝෂණය වී භෝගයේ මූල මණ්ඩලය හරහා භෝගයට ඵලÞයී අයුරින් ලබාගත හැකි කොටස වේ.(පස මතුපිටට ලැබෙන මුළු වර්ෂාපතනයෙන් මතුපිටින් ගලායාම එනම් අපධාවය (Run-Off), ගැඹුරට කාන්දුවීම, වෑස්සීම සහ වෙනත් ආකාර වලින් භෝගයට ප්‍රයෝජනයට ගතනොහැකි වන සේ හානියට පත් වීමෙන් පසු පසේ ඉතිරි වන ජල ප්‍රමාණය මින් අදහස් වේ.ලැබුනු මුළු වර්ෂාපතනයෙන් සඵල වර්ෂාපතනය ගණනය කරගැනීම.සඵල වර්ෂාපතනය සෙවීමට,

  • වර්ෂාපතනය මසකට මි.මී. 75 ට අඩුවිට දී

Pe= 0.8 P - 25 සමීකරණය ද

  • වර්ෂාපතනය මසකට මි.මී. 75 ට වැඩිවිට දී

Pe = 0.6 P - 10

සමීකරණය ද භාවිතා කළහැකිය.

Pe = සඵල වර්ෂාපතනය මි.මී.

Pe = මුළු වර්ෂාපතනය මි.මී.

ක්ෂුද්‍ර ජල සම්පාදනය සිදුකරගෙන යාමේදී සඵල වර්ෂාපතන ප්‍රමාණය අනුව ලබාදිය යුතු ජල ප්‍රමාණය හා වර්ෂාවෙන් පසු නැවත ජලය ලබාදෙන අවස්ථාව තීරණය කළයුතුය.

සුළඟ ප්‍රවේගය

මෙමඟින් විසුරුම් ජල සම්පාදන ක්‍රමවල කාර්යක්ෂමතාවය හා ඒකාකාරිව ජලය විසිරීමේ රටාව ප්‍රබල ලෙස දුර්වල කරයි. එබැවින් සුළඟේ ප්‍රවේගය පිළිබඳ දත්ත හොදින් අධ්‍යයනය කිරීම අවශ්‍ය වේ. විසිරුම් ජල සම්පාදනය සඳහා යෝග්‍ය වන සුළඟේ ප්‍රවේගය පැයකට කිලෝ මීටර් 7ට වඩා අඩු විය යුතුයි.සුළඟේ ප්‍රවේගය වැඩිවිට දී ඒකාකාරී තෙමීමේ රටාවක් පස මතුපිට ලබාගැනීම සඳහා ගත්හැකි ක්‍රියා මාර්ග,

  1. විසුරුම් හිස පොළව මට්ටමේ සිට ඉහළට සවිකර ඇති උස අඩු කිරීම.
  1. විසුරුම් හිසේ (නැසින්නෙහි/ නොසලය/ Nozzele) සිදුරෙහි ප්‍රමාණය භෝගයට හානි නොවන අයුරින් සැකසීම.
  1. ජල සම්පාදනය කළයුතු දිනයේ සුළඟේ ප්‍රවේගය අඩු වේලාවන්හි දී විසුරුම් ජල සම්පාදනය කිරීම (උදා: පන්දර 5-8 දක්වා කාලය)

භෝග වගා කරන කාලය , සුළං ප්‍රවේගය වැඩි අවධියක් බවට පසුගිය දත්ත මත තිරණයකර ඇතිවිට, විසුරුම් ජල සම්පාදන පද්ධතියක් සැලසුම් කිරීමේ දී පහත කරුණු සැළකිල්ලට ගනු ලැබේ.

  1. සුළඟේ ප්‍රවේගය අනුව භාවිත කිරීමට නියමිත විසුරුම් හිස් සවි කළ යුතු පරතරය ඉදිරියේ ඇති වගුවක් මඟින් පැහැදිලි කරනු ලැබේ.
  1. දක්වා ඇති රූප සටහන්වල ප්‍රකාර විසුරුම් හිස් සවිකරන රටාව සමචතුරශ්‍රාකාර හෝ ඍජුකෝණාශ්‍රාකාර ද යන බව සුළඟේ ප්‍රවේගය අනුව සැලසුම් කරගත යුතුය.

මූල්‍ය පහසුකම්, සමාජස්‍ය කරුණු හා තාක්ණික දැනුම පද්ධතියක් සැලසුම් කිරීමේ § වගාකරුවාගේ තාක්ෂණ දැනුම හා ආයෝජන හැකියාව සළකා බැලීම ක්ෂුද්‍ර ජල සම්පාදන ක්‍රම භාවිතය පිළිබඳ තාක්ෂණික දැනුම සඳහා සෛද්ධාන්තික හා ප්‍රායෝගික නිපුණතාවය ප්‍රගුණකර ගැනීම අවශ්‍යවේ.ක්ෂද්‍ර ජල සම්පාදන තාක්ණය යටතේ වගා කිරීමේදී සාමාන්‍ය වගාක්‍රමවලදි මෙන් නොව භෝග වගා ප්‍රභේද, නවීන තවාන් ක්‍රම, වගා පරතරය, යොදන පොහොර වර්ග ප්‍රමාණයන් හා යෙ§මේ ආකාර වැනි කරුණු වෙනස් වේ. මේ නිසා ක්ෂද්‍ර ජල සම්පාදනය යටතේ වූ වගා කිරීම වෙනස් වේ.මෙය ක්ෂද්‍ර ජල සම්පාදන වගා පද්ධතිය (Micro Irrigation Cropping System) ලෙස හැ¢න්වේ. වගාරුවන් අත්‍යාවශයෙන්ම මෙම වගා පද්ධති යටතේ වගා කිරීමට මෙන්ම පද්ධතිය භාවිතය හා නඩත්තුව පිළිබඳ මනා දැනුමක් ලබාගත යුතුවේ.නොඑසේ නම් වගාව වා‚ජ මට්ටමකට ගෙන ඒමට නොහැකි වේ.මෙම තාක්ණය නිසි අයුරින් භාවිතා නොකිරීම (Misconseption of technology) වගාවේ ලාභදායී තත්ත්වයට බරපතල හානියකි.වගාකරුවන්ගේ ආයෝජන හැකියාව මත මෙම තාක්ෂණය යටතේ ක්‍රියාත්මක කළයුතු වගා වපසරිය හා භෝග වර්ග තීරණය කිරීම ඉතා වැදගත් වේ.ක්ෂද්‍ර ජල සම්පාදන පද්ධතියක් සපයා, සවිකිරීම සඳහා වැය වන ආයෝජනය වගා වපසරිය වැඩිවීමට සමානුරූපීව ඒකීය ක්ෂේත්‍රඵල සඳහා වැයවන මුදල සාපේක්ෂව සැළකියයුතු මට්ටමකින් අඩුවේ.

එබැවින් වාණිජ කෘෂිකාර්මික වගාවන් ඇතිකිරීමේ දී වගාකරුගේ ආයෝජන හැකියාව පිළිබඳ විශේෂ සැළකිල්ලක් ගතයුතුය.

සැලසුම් කිරීමේ දී යොදාගත යුතු ගණිතමය සිද්ධාන්ත මෙය සංකීර්ණ කි%යාදාමයක් වුවත්, සරල ලෙස සාමාන්‍ය භාවිතය සඳහා යොදාගත හැකි ග‚තමය සරල සමීකරණ, නීති රීති පවතී. විශේෂයෙන්ම ජල පද්ධතිය තුළ ජලයෙහි පීඩනය, ජල ප්‍රමාණය හා ප්‍රවේගය පිළිබඳ පිළිගත් සම්මතයන් යොදාගත යුතු වේ.

මෙම සිද්ධාන්ත නම්,

1.) පරිපූර්ණ ජල සම්පාදන පද්ධතිය තුළ 20% ක උපරිම පීඩන විචල්‍යතාවය පිහිටුවා පද්ධතිය සැලසුම් කළයුතුවේ. මෙවිට ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියක පිහිටුවා ඇති ජල ප්‍රවාහයේ 10% ක ප්‍රවාහ විචල්‍යතාවක් ඇතිකළ හැකිවේ.

උප ප්‍රධාන නලයේ අග්‍රස්ථයේම ඇති පාර්ශ්වික නලයේ මුල හා කෙලවර පවත්වාගත යුතු පීඩන විචල්‍යතා අගය උපරිම 20% කි. (උප ප්‍රධාන නලය තුළද 20% ක පීඩන විචල්‍යතාවයක් පවත්වා ගැනීමට අදාල ගණිතමය ගණනය කිරීම් සිදු කරගත යුතුවේ).

2.) පරිපූර්ණ පද්ධතිය කොටස්වලට බෙදා ඇතිවිට දී ඒවා බෙදා ඇති කොටස් තුළද මෙම 20% පීඩන විචල්‍යතාවය රඳවාගත යුතු වේ.

3.) මෙම පද්ධතිය සඳහා භාවිතා කරන මෙවලම් හා උපාංගවල සම්මත පිරිවිතර හා ක්‍රියාකිරීමේ යෝග්‍යතාවය පිළිගත හැකි තත්ත්වයන්ට අදාල විය යුතුයි. එනම් පොහොර යෙදීමේ උපාංග කට්ටලය ටැංකි ආකාරය හෝ Venturi ආකාරය ද යන්න ගණිතමය සිද්ධාන්ත මත සැලසුම්කර ගතයුතුයි.

4.) සළකාබලන ක්‍‍ෂේත්‍රයේ උපරිම ජල අවශ්‍යතාවයක් ඇති ඉඩම් කට්ටි සඳහා ජල පොම්පයේ මුළු පීඩන හි (Total Dynamic head) 10% අමතර අගයකුත් එකතු කිරීමෙන් පසු අදාල ජල පොම්පය තෝරාගත යුතුය. තවද අවශහ් මුළු ජල ප්‍රමාණයට වඩා 10% අමතර ප්‍රමාණයක් ද ඇති බවට වගාකරු/පද්ධතිය සැලසුම්කරුවා සෑහීමකට පත් විය යුතුය.

5.) ක්ෂුද්‍ර ජල සම්පාදන නල පද්ධතියේ ගලා යැවිය යුතු ජල ප්‍රවාහය නිසි ආකාර ඝර්ෂණ හානීන් සළකා බැලීමෙන් පසුව ගනනය කළ යුතු අතර නල තුළ ජල ප්‍රවාහ ප්‍රවේගය උපරිම තත්. ට මීටර් 1.75 ක තබා ගණනය කිරීම සිදුකිරීම සඳහා පහත දැක්වෙන ග‚ත සූත්‍ර යොදා ගැනීම හෝ සම්මත වගු භාවිතා කිරීම සිදුකළ යුතුවේ.

  • හේසන් විලියම් හෝ වයිෂ්බර්ග් සමීකරණය හෝ
  • ඝර්ෂණ හානීන් ගණනය කිරීමේ Slide Rulers හෝ
  • ඝර්ෂණ හානීන් ගණනය කිරීමේ සම්මත බ්ලේස් සටහන
  • ඝර්ෂණ හානීන් ගණනය කිරීමේ සම්මත ප්‍රස්ථාරික වගු

ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධති පිහිටා ඇති ජල ප්‍රභවය හා පහත

දැක්වෙන උපාංග හා මෙවලම් ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියක්

සඳහා සැලසුම්කර ස්ථාපනය කරගත යුතුවේ

  1. ජල පොම්පය

ජල පොම්පය, පද්ධතියේ හදවත ලෙස සැලකේ.

  • ජලයේ පීඩනය ඒකාකර ලෙස පවත්වා ගැනීමට හැකිවීම (මේ සඳහා වඩාත් සුදුසු වන්නේ කේන්ද්‍රාපසාරි ජල පොම්ප වේ.)
  • පොම්පය ක්‍රියාත්මක වන බලය (ඉන්ධන,විදුලිය, සූර්ය ශක්තිය, සුළඟේ ප්‍රවේගය)

(1) නිෂ්පාදන පිරිවැයට බලපායි

(2) කි%යාත්මක කරවීමේ පහසුව

(3) නඩත්තුව පහසුවීම

(4) ක්ෂේත්‍ර තත්වයන්හී ප්‍රායෝගික භාවය ආදී කරුණුවලට උචිත විය යුතුයි.

ජල පොම්පය තෝරා ගැනීමේ දී

1.) නියමිත පීඩනය නල තුළ පවත්වා ගනිමින ක්ෂේත්‍රයට අවශ්‍ය ජල ප්‍රමාණය, එක් ජල සම්පාදන කාලාන්තරයක් තුළෙදී සැපයිය හැකිවීම. මේ සඳහා ජල පොම්පයට තිබිය යුතු අවම මුළු පීඩන හිස තිබේදැයි ජල පොම්පය නිෂ්පාදකයාගේ සටහන්වලින් තීරණය කළයුතුයි.

2) ජල මූලාශ්‍රයෙන් ලබාගත හැකි ජල පරිමාව සීමාකාරී වන්නේ ද යන්න පිළිබඳව අවධානය යොමුකර එක් ජල සම්පාදන වාරයක දී ලබාදිය යුතු ජල පරිමාව ගැන සළකාබලා ජල පොම්පයේ ධාරිතාව තීරණය කළයුතු වේ.

පොම්පයේ ධාරිතාව සහ මුළු පීඩන හිස (Capacity of the pump & Total Dynamic Head)

  • සාම්ප්‍රදායික අධි - පරිමා, අව පීස්ඩන ජල පොම්පය ක්ෂුද්‍ර ජල සම්පාදන කටයුතු සඳහා භාවිතය නුසුදුසුවේ. පීඩනය සාපේක්ෂව වැඩි ජල පොම්පයක් ක්ෂුද්‍ර ජල සම්පාදන කටයුතු සඳහා භාවිතය සුදුසුවේ.
  • ජල පොම්පයේ යෝග්‍යතා සටහන (Performance Curve) විමර්ශනයකර ජල පොම්පය තෝරා ගැනීම වඩාත් යෝග්‍යවේ.
  • සාමාන්‍ය මතුපිට ජල සම්පාදන ක්‍රමයට භාවිතා කරන ජල පොම්පයකට සාපේක්ෂව වැඩි පීඩනයක් පවත්වා ගනිමින්, ප්‍රමාණවත් තරම් ජල පරිමාවක් නිකුත් කරන පොම්පයක් සුදුසුය. ජල පොම්පයේ මුළු කාර්යක්ෂමතාවය 50% කට වඩා වැඩිවීම වඩාත් යෝග්‍ය වේ.

පොම්පය සවි කිරීම

  • පොම්පය පොළව මතුපිට යෙදූ කොන්ක්‍රිට් ආස්තරයක් මත සවි කර, එහි චූෂණ නල (Suction Line) ජල ප්‍රභවය වෙත යොමු කිරීම.
  • චූෂණ නලයේ කෙලවරට සම්බන්ධිත පද කපාටය (Foot Valve) උසස් තත්ත්වයේ නිමැවුමක් වියයුතුය. ජල ප්‍රභවයෙහි පතුලට හෝ බිත්තිවලට ස්පර්ශ නොවන පරිදි පාද කපාටය (Foot Valve) සවිකිරීම (මෙමඟින් පද්ධති තුළට ඇදි එන වැලි, බොරළු හා මඩ ප්‍රමාණය අවම කරගත හැක.) පාසි වැනි වෙනත් රොඩු/අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩිවිට දී පාද කපාටය (Foot Valve) පිටතින් පෙරනයක්/දැලක් (Strainer) යෙදිය යුතුයි.
  • චූෂණ නලය තුළ වායු කාන්දුවීමකින් තොර වියයුතුය.
  • ජල මට්ටමේ සිට පොම්පය දක්වා සිරස් උස අඩි 25 කට (මීටර් 00) අඩු වන පරිදි පොම්පය සවි කිරීම.
  • එම උස අඩි 25 කට වැඩි නම් ගැබ්ඹරු ළිං සඳහා වූ විශේෂ ජල පොම්පයක් හෝ ජලය ඇද ගැනීමේ ආධාරක කට්ටලයක් (Deep well Kit) පොම්පයේ වූෂණ පාර්ශවයට සවි කර ගත යුතුයි.
  • ජල ප්‍රභවය අසලම ජල පොම්පය ස්ථීරවම සවි කිරීම වඩාත් යෝග්‍ය වේ.
  • සවි කරන ලද පොම්පය සඳහා ස්ථීර ආරක්ෂා සහිත ආවරණයක් සැකසීම. මෙවිට ජල පොම්පයේ සිසිලනය සඳහා
  • අවශහ් වාතය (Ventilation) ප්‍රමාණවත් විය යුතුයි.
  • යාන්ත්‍රික නඩත්තුව නිසි පරිදි සිදු කිරීම.
  • ජල පොම්පය විදුලිය මඟින් කි%යා කරන්නේ නම් විදුලිය බලය ලබාගන්නා ස්ථානයේ සිට ජල පොම්පය සහිත ස්ථානය දක්වා ඇති දුර අනුව තාක්ෂණිකව යෝග්‍ය වූ ස්ථsර විදුලි රැහැන් යෙදිය යුතුයි.

දැනටමත් පිළියෙළකර ඇති සම්මත සටහන් වගු භාවිතාකර දුර අනුව විදුලි රැහැන් තෝරාගත යුතුවේ. නොඑසේ නම් ප්‍රධාන විදුලි සම්බන්ධතාවය හා ජල පොම්පය අතර දුර වැඩිවීමේ දී විදුලි වොල්ටීයතාවය අඩුවී ජල පොම්පයේ ක්‍රියාකාත්වය දුර්වලවී ආපදාවකට පාත්‍ර විය හැකිය.

2.ජල පෙරණය හා පොහොර යෙදීමේ උපාංග ඇතුළත් ප්‍රධාන පාලක ඒකකය

ජල පොම්පයෙන් පීඩනයක් යටතේ පොම්ප කරන ජලය ප්‍රධාන පාලක ඒකකය Head Control Unit () වෙත යොමු කරන අතර එහි ප්‍රධාන කාර්ය වනුයේ,

  1. ජලය පෙරීම (Filtration) ජලය පෙරී සඳහා සවි කරන පෙරන මඟින් පොහොර හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය පෙරීමකට භාජනය නොකළ යුතුය.
  1. පොහොර හෝ කෘෂි රසායන ද්‍රව්‍ය (Fertilization / Chemigation) විධිමත් ලෙස එකතු කිරීම. (පොහොර හෝ කෘෂි රසායනික ද්‍රව්‍ය සඳහා වෙනම පෙරනයක් භාවිතා කළ යුතුයි.)
  1. ලබා දෙන ජලය මිනුම්ගත කිරීම.

ඉහත කාර්යයන් ඉටු කරවා ගැනීමට ප්‍රධාන පාලක ඒකකයේ පහත දැක්වෙන උපාංග හෝ එම උපාංග වලින් අත්‍යාවශහ් කොටස් පමණක් සැලසුමක් සහිතව ස්ථාපනය කරගත යුතු වේ.

1) ජල පෙරන Water Filters) සහ ඒවා පූර්ණ හෝ අර්ධව ස්වයංක්‍රියව පිරිසිදු කරන උපාංග (Manual or Automaed back flash Unit)

2) පීඩනය තුලනය කරන්නාවූ හෝ පාලනය කරන්නාවූ උපකරණ (Preassure Sustainers or Relief Valves)

3) වායු සහ රික්තක නිදහස් කිරීමේ කපාට (Air or Anti-vaccum Valves)

4) පීඩන මාපක (Preassure Gauges)

5) ජල කරාම (Hydraulic Gate / Ball Valves

6) ජල මිනුම් උපාංග (Water Meters)

7) පොහොර යෙදීමේ උපාංග (Venturi or Fertigation tanks)

8) ජලය ආපසු නොගලන කපාට (Non Return Valve)

සරල තත්වයේ ප්‍රධාන පාලක ඒකකයකින්,

  1. ජල පොම්පය මඟින් පීඩනයක් යටතේ සපයන ජලය පෙරනයක් වෙත යොමු කර පිරිසිදු කිරීම.
  1. එම ජලය පද්ධතිය පුරා විසුරුවා හැරීමට ප්‍රධාන සැපයුම් නලය වෙත යොමු කෙරේ.
  1. ද්‍රාව්‍ය පොහොර ද්‍රාවණයක් වශයෙන් පද්ධති තුළ Fertigators මඟින් ඇතුළු කිරීම සිදුවේ.

සංකීර්ණ ප්‍රධාන පාලක ඒකකයක් තුළ,

සරල ප්‍රධාන පාලක ඒකකයට අමතරව,

  1. අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා අවශ්‍ය උපාංග (ජල පෙරන ස්වයංක්‍රියව හෝ ස්වයංක්‍රිය නොවන උපාංග මඟින්)
  1. පූර්ණ හෝ අර්ධ වශයෙන් පරිගණක ගත කළ ස්වයංක්‍රිය පාලක ඒකක ද ඇතුලත්ය.

ජල පෙරන

ජල මූලාශ්‍රයෙන් ලබා ගන්නාවූ,

  • ජලයේ ගුණාත්මය,
  • ජලය සමඟ ඇති අපද්‍රව්‍ය,
  • සපයා ගනු ලබන ජල ප්‍රමාණය අනුව,

ජල පෙරන එකක් හෝ කීපයක් භාවිතා කිරීමට සිදු වේ. යාවත්කාලීන ගලවා පිරිසිදු කිරීමට අවශ්‍ය සරල පෙරන ද, ස්වයංක්‍රියව අපද්‍රව්‍ය සෝදා හැරෙන සංකීර්ණ පෙරන ද පවතී.

ජල පෙරන එකක් හෝ කිහිපයක් භවිතකිරීම

  • කජලයේ ගුණාත්මය
  • ජලය සමඟ ඇති අපද්‍රව්‍ය
  • සපයා ගනු ලබන ජල ප්‍රමාණය අනුව තීරණය වේ.

ජලයේ රසායනික ගුණාත්මය සලකා බැලීමේදී රසායනික ගුණාත්මය අනුව,

  1. පෙරීම මඟින් ජලයේ රසායනික දුර්වල භාවය අඩු කළ නොහැක.
  2. නමුත් තෙවැනි පන්තියේ ජලය හෝ ජලයේ ලවන අධික නම් ප්ලාස්ටික් පෙරන භාවිතය යෝග්‍ය වේ.
  1. ප්‍රධාන හා උප ප්‍රධාන නල පද්ධතිය

ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියේ උපාංග

ප්‍රධාන හා උප ප්‍රධාන නල පද්ධතිය

ප්‍රධාන නලය ()

  • පොම්පයෙන් සැපයෙන ජලය පෙරීමකට භාජනය කර ක්ෂේත්‍ර කරා රැගෙන යාම.
  • මේ සඳහා ඉහළ ධාරිතාවක් හා ශක්තිමත් uPVC පොලි එතිලීන් නල/ ඇල්කතීන් නල (HDPE – High Density Polyethylene, uPVC හෝ ඇල්කතීන්) පසට යටකර තබනු ලැබේ.
  • මෙම ප්‍රධාන නලයට උප ප්‍රධාන නල කපාට මඟින් සම්බන්ධ කර ඇත.
  • උප ප්‍රධාන නල කෙලවර අපද්‍රව්‍ය සෝදා හැරීමේ කපාට සවිකළ යුතුයි. Flushing Endsනම් වේ.

උප ප්‍රධාන නල (Sub Main Tube)

  • ක්ෂෞත්‍ර බෙදා ඇති කොටස් වලට ජලය රැගෙන යයි.
  • භෝග වලට ජලය සපයන පාර්ශ්වික නල සම්බන්ධ කෙරේ.

ශක්තිමත් uPVC (Unplastisised poly vinel chloride) හෝ පොලි එතිලීන් (PE) වලින් නිපදවූ නල මේ සඳ

යොදාගත හැක.

නල පසට යටකර තිබේ.

නල කෙලවර අපද්‍රව්‍ය සෝදා හැරීමේ කපාට ඇත (Sub Main Flushing ends)

  1. පාර්ශ්වික නල පද්ධතිය හා විසුරුම් හිස් (Sprinklers) හෝ විසර්ජක (Drippers)

පාර්ශ්වික නල ()

  • තරමක් තුනී, ශක්තිමත් පොලි එතිලීන් නල වේ ()
  • ක්ෂේත්‍රය මතුපිට යොදනු ලබයි.
  • පාර ජම්බුල කිරණ වලට ප්‍රතිරෝධී කළු/අඳුරු පැහැති.

පාර්ශ්වික නල භාවිතයේ දි

20% ක පීඩන විචල්‍යතාවයකට ඉඩ දිය හැකි සීමාව තුළ විය යුතුයි. යෝඡිත දිග තීරණය කිරීම.

1) පාර්ශ්වික නලයක සවි කිරීමට යෝඡිත විසර්ජක (ඩ්‍රිපර් හෝ විසුරුම් හිස්) සංඛ්‍යාව හා පරතරය.

2) විසර්ජකවල ජල විසර්ජනය හා එහි කි%යාත්මක පීඩනය හා ජල ප්‍රවාහ ප්‍රවේගය උපරිම තත්. ට මීටර් 1.75ක උපරිමයක් රඳවා ගැනීම.

3) ඉහත 1 ට හා 2 ට අනුව නලයේ විෂ්කම්භය තීරණය කිරීම.

4) යෝඡිත උපාංග හා මෙවලම් වල නිෂ්පාදකයාගේ පිරිවිතර හා තාක්ෂණ දත්ත උපයෝගී කරගත යුතුයි.

වගා කරන භෝගයේ හෝ වගාකරුවාගේ අවශ්‍යතාවය මත ස්ථාපන කරනුයේ බිංදු ජල සම්පාදන පද්ධතියක් ද, විසුරුම් පද්ධතියක් ද යන්න තීරණය කිරීමෙන් පසු පාර්ශ්වික නල වල නියමිත පරතරයෙන් බිංදු හා විසුරුම් උපාංග (Drippers, Sprinklrs, Spray Jets, Misters or Foggers) සවිකල හැකිය.

ක්ෂුද්‍ර ජල කළමනාකරණ පද්ධති ක්‍රියාකාත්වය හා නඩත්තුව

ක්ෂුද්‍ර ජල පද්ධතියක්

  • නිරතුරුව ක්‍රියාකාරීත්වයේ පැවතීමත්
  • සංවෘත පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වන නිසාත් නිරතුරු නඩත්තතු කිරීමක් අවශ්‍ය වේ.

ක්ෂුද්‍ර ජල කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග

  • ජල පොම්පය එන්ඡින් ධාවක නම් ;
  • දැවිතෙල් මට්ටම නිවැරදි බව
  • භූමිතෙල් හා එම පෙරන නිසි මාරු කිරීම්.
  • වායු කපාට හා එම පෙරන නිසි මාරු කිරීම්.
  • ජල පොම්පය විදුලි මෝටර් ධාවක නම්;
  • විදුලි පරිපථ සම්බන්ධ නිවැරදි බව
  • වෝල්ටීයතාවය
  • විදුලි ආරම්භක පරිපථ නිවැරදි බව
  • චූශණ නලයේ ජලය පිරී ඇති බව
  • පද්ධති කපාට (Foot Value) නිසි ක්‍රියාකාත්වයේ ඇති බව
  • පොම්පය ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රධාන පාලක ඒකකයේ හා අදාල ක්ෂේත්‍ර පාලක ඒකක (Field Control Unit) මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිත කපාට විවෘත කර තිබේ ද යන වග

(2) ජල විසර්ජකවල හිරවීම/බාධාවීම් (Clogging of emitters)

  • සාර්ථක නොවූ ජල පෙරීමකදී හෝ
  • පසේ ද්‍රාව්‍ය රසායනික (කිවුල) ද්‍රව්‍ය අඩංගු විටදි මෙය සිදුවිය හැක.
  • භාවිතා කරන ජලයේ ගුණාත්මය, වාරිමාර්ග කාලාන්තරය හා චක්‍රය, පද්ධති උපාංග තුළින් ජලය ගලා යන ප්‍රවේගය හා පීඩනය.

පිළියම් ලෙස

  • නිරතුරුවම සිදු කරන සෝදා හැරීම් (Flushing of laterals, main and sub main lines) සිදුකළ යුතුයි.
  • භාවිතා කරන ජලයේ රසායනික හා භෞතික පාරිශුද්ධතාවය අනුව පද්ධතියේ නඩත්තු කටයුතුවල තීව්‍රතාවය වෙනස්කළ යුතුයි.

නල පද්ධතිය සෝදා හැරිය යුතු අනුපිළිවෙල

  1. ප්‍රධාන නල (Main line)
  2. උප ප්‍රධාන නල (Submain line)
  3. පාර්ශ්වික නල (laterals) කෙලවරින් සම්බන්ධ කර ඇති නල 3 බැගින් අග්‍රස්ථයෙන් ගලවා පීඩනයක් යටතේ සෝදා හැරීම.

ගැටළුව

ගැටළුවට හේතුව හා විසඳුම්

(1) ජල පොම්පය ක්‍රියාත්මක නොවීම

(2) ජලය විසුරුවා නොහැරීම

(3) ප්‍රධාන පාලක ඒකකය/ක්ෂේත්‍ර පාලක ඒකක පෙරනයට පසු පීඩනය වර්ධනය නොවීම හෝ

(4) ප්‍රධාන නල, උප ප්‍රධාන නල සහ පාර්ශ්වික නල අර්ධ හෝ පූර්ණ වශයෙන් හිරවීම.

(5) ජල විසර්ජක හෝ විසුරුම් හිස් අඩුවීම. මේ සඳහා ප්‍රධාන පාලක ඒකකයේ දෝෂ මඟහැරිය යුතු වේ.

(6) පූර්ණ හෝ අර්ධ ජල විසර්ජක

යාන්ත්‍රික හෝ කාර්මික දෝෂයක්

පද්ධතියට වායු කාන්දුවීම හෝ පද්ධතියේ කොටස් බිඳ වැටීම.

ජල පෙරනය හිරවී ඇති විට පීඩනය වර්ධනය නොවේ.

මේ සඳහා පෙරනය අධි වර්ධනය වීම. ගලවා පිරිසිදු කළ යුතු වේ. ජල කාන්දුවීම් සිදුවීම.

මෙම නල කෙටි කාලීන සෝදා හැරීම් වලට භාජනය කිරීම තුළින් හැරවීම් වලක්වාලයි.

(More Frequent Flushing) නැතහොත් අම්ල ප්‍රතිකාරක යොදන්න.

පාර්ශ්වික නල වල ජල පීඩනය මඟින් ජලය නියමිත ආකාරයට පිට නොවීම. (Clogging of Emitters.) නොඑසේ නම් පද්ධතියේ

සැලසුම ගැන නැවත විමර්ශනය කල යුතුයි.

· රසායනික අවසාදිත වශයෙන් හිරවී තිබීම. (Clogging of Emitters)තැන්පත් වීම. - අම්ල ප්‍රතිකාර කිරීම.

· භෞතික අවසාදිත තැන්පත් වීම - අධි පීඩන සෝදා හැරීම්.

· ජෛවීය කොටස් තැන්පත් වීම - ක්ලෝරීන්

කොන්ඩිස් (KMnO4) ප්‍රතිකාර කිරීම.

ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන පාලක ඒකකයක සිදුකළ යුතු ක්‍රියා

නඩත්තු කළ යුතු කොටස

පරීක්ෂා කළයුතු කාලාන්තරය

අවශ්‍ය ප්‍රතිකාරය

ප්‍රතිකාරය කළ යුතු

ආකරය

වෙනත් කරුණු

ස්ක්‍රින්/ඩිස්ක් පෙරන

සෑම ජල සම්පාදන වක්‍රයකට වරක්

දින 3-5 වගා කන්නයට වරක්

පෙරනය පිරිසිදුව ක්‍රියාත්මක පෙරන

දෙ අන්තයේ වෙනස හා සලසාදීම ඉරීම්, සීරීම් හෝ සිදුරු

තිබේදැයි බැලීම.

පීඩන මාපකය උපයෝගී කරගෙන

පෙරන පිරිසිදු කරන්න.

ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතියක ප්‍රධාන පාලක ඒකකයක සිදුකළ යුතු ක්‍රියා

නඩත්තු කළ යුතු කොටස

පරීක්ෂා කළයුතු කාලාන්තරය

අවශ්‍ය ප්‍රතිකාරය

ප්‍රතිකාරය කළ යුතු

ආකරය

වෙනත් කරුණු

මාධ්‍ය පෙරන

හයිඩ්‍රො සයික්ලෝන්(වැලි වෙන් කිරීමේ උපකරණ)

සෑම ජල සම්පාදන

වක්‍රයට වරක් දින 3-5

වගා කන්නයට

වරක්

වගා කන්නයට වරක්

පෙරනය පිරිසිදුව ක්‍රියාත්මක වන විට පෙරන දෙ අන්තයේ පීඩන වෙනස හා සැසදීම වැලි හෝ

බොරලු මාධ්‍යයේ පිරිසිදුව බව පරීක්ෂාව චනලය වන කොටස් හා මළ බැදිය හැකි කොටස් වලට ලිහිසි තෙල් යෙදීම.

සීරීම් හෝ වෙනත් පළුදුවීම් පරීක්ෂා

කරන්න.

පීඩන මාපක උපයෝගී කරගෙන

පෙරනය පිරිසිදු

කරන්න. නිරීක්ෂණ තුළින් පිරිසිදු කිරීම.

ලිහිසි තෙල් යෙදීම

නිරීක්ෂණය තුළින්

පෙරනය පිරිසිදු කරන්න.

නඩත්තු කළ යුතු කොටස

පරීක්ෂා කළයුතු කාලාන්තරය

අවශ්‍ය ප්‍රතිකාරය

ප්‍රතිකාරය කළ යුතු

ආකරය

වෙනත් කරුණු

ස්වයං පිරිසිදු කිරීමේ පෙරන

ජල මීටරය

සෑම ජල සම්පාදන වක්‍රයට වරක්

වගා කන්නයට

වරක් වසර 2 කට වරක්

වගා කන්නයකට හෝ ක්‍රියාත්මක පැය ගණනට අනුව

පෙරනය පිරිසිදු ක්‍රියාත්මක වනවිට පෙරන දෙ අන්තයේ පීඩන වෙනස හා සසැදීම ක්‍රියාකාරිත්වය පරීක්ෂාව ගණනය කිරීම් තුළින් සැසදීම

ක්‍රියාකාත්වය පරීක්ෂාව ගණනය

කිරීම.

පීඩන මාපක හා අදාල නිරීක්ෂණ තුළින් අවශ්‍ය පිරිසිදු කිරීම් සිදු කිරීම.

නිරීක්ෂණ මඟින්

සැසදීම

ගලවා ඉවත් කර

සේවා ස්ථාන මඟින් අංක සංශෝධනය

කිරීම. නිරීක්ෂණය

මඟින් සැසදීම්

කරන්න. ගලවා ඉවත් තුළින් කර සේවා ස්ථාන මඟින් අංක ශෝධනය


නඩත්තු කළ යුතු කොටස

පරීක්ෂා කළයුතු කාලාන්තරය

අවශ්‍ය ප්‍රතිකාරය

ප්‍රතිකාරය කළ යුතු

ආකරය

වෙනත් කරුණු

රික්ත නිදහස් කිරීමේ කපාට

වායු නිදහස් කිරීමේ කපාට

පොහොර යෙදීමේ උපාංග Fertigation System

Preassure reducing and sustaining Valves

වගා කන්නයකට වරක්

වගා කන්නයකට වරක්

සෑම ජල සම්පාදන චක්‍රයට වරක් පොහොර යෙදීම අවසානයේදී

වගා කන්නයකට වරක්

ක්‍රියාත්මක කොටස් වලට ලිහිසි තෙල් යෙදීම

ගලවා වෙන් කර කොටස් වෙන් කර පරීක්ෂාව

ක්‍රියාකාත්වය පරීක්ෂාව පොහොර අවශේෂ සෝදා හැරීම

ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම

පද්ධතියේ ඉහල කොටස් පීඩනය වැඩි තත්ත්වයක්

ඇති කර ජල කාන්දුවීම් තිබේ දැයි පරීක්ෂා කිරීම.

අමතර කොටස් එකක් යෙදීම

පීඩන මාපක මඟින් පරීක්ෂා කරන්න.

අධිපීඩන ජලයෙන් සෝදා හැරීම.

ක්ෂුද්‍ර ජල සම්පාදන පද්ධතිවල තැන්පත්වන රසායනික අවසාදිත ඉවත් කිරීම

  • රසායනික අම්ල භාවිතයෙන්
  • පොස්පරික් අම්ලය
  • සල්ෆියුරික් අම්ලය
  • හයිඩ්‍රොක්ලොරික් අම්ලය
  • නයිට්‍රික් අම්ලය
  • අම්ල යොදා පිරිසිදු කිරීමේදී;
  • භෝගයේ අස්වනු නෙලීමෙන් පසු,
  • ප්‍රධාන වැසි ලැබීමට ආසන්න කාලයකදී වීම
  • එවිට පසට මුදා හැරෙන අම්ල ජලය සමඟ එක්වී පැතිරේ.
  • එමඟින් නැවත පිහිටුවන ශාක වලට වන හානිය අවම වේ.
  • රසායනික අවසාදීත බැඳි ඇති විසුරුම් හිස්/ජල විසර්ජක නල පද්ධතියෙන් ගලවා ඉහත අම්ල ද්‍රාවණයක පැය 24 - 48 ගිල්වා තබා පිරිසිදු ජලයෙන් සේදීම.

පොස්පරික් අම්ලය

මෙම අම්ලය ශාක වලට පොහොරක් බැවින්, භෝගය ත්ෂේත්‍රයේ තිබියෙදී වුවද යෙදිය හැක. එවිට අම්ල සාන්ද්‍රණය 0.01% සාන්ද්‍රණයකින් පසට ලැබෙන පරිදි සෝදා හැරිය යුතුයි.

ජෛවීය පටල ඉවත් කිරීම ජල සම්පාදන උපාංග වල බැඳි ඇති ,

(1) ජෛවීය පටල, ඇල්ගී, පාසි වැනි කාබනික අවසාදිත

(2) ස්ට්ර පොටෑසියම්, යකඩ හෝ

(3) වෙනත් මූලද්‍රව්‍යමය පටල ඉවත් කිරීම සඳහා ක්ලෝරීකරණයට භාවිතය කළ යුතුයි.

ක්ලෝරීකරණය :-

- මෙමඟින් පද්ධතියේ ජල පෙරීමේ කාර්යක්ෂමතාව වැඩිවේ.

- විවිධ තැන්පතු ඔක්සිකරණය මඟින් ද්‍රාව්යෙඅ තත්ත්වයට පත්වී ඉවත් වේ.

- ක්ලෝරීනීකරනය, කැල්සියම් හෝ සෝඩියම් හයිපො ක්ලොරයිඩ් මඟින් සෝදා හැරීම මෙහිදී සිදුවේ.

- මෙය භෝග රහිත අවස්ථාවක හෝ උපාංග ක්ෂේත්‍රයෙන් ඉවත් කර සිදු කළ යුතුයි.

භෞතික අවසාදිත ඉවත් කිරීම

- මැටි, හි්‍යුමස්, රොන්මඩ ආදිය අයත් වේ.

- මෙම අවසාදිත රසායනික (අම්ල) ප්‍රතිකාරක මඟින් ඉවත් නොවේ.

- මෙහිදි අධි පීඩනය යටතේ ගලායන ජලයෙන් පද්ධතිය සෝදා හැරිය යුතුයි.

- පාර්ශ්වික නල කෙලවර වැසුම් ඉවත්කර, අධි පීඩනය යටතේ ජලය යැවිය යුතුයි.

- එක් වරකට නල කිහිපයක් පමණක් විවෘත කරමින් පද්ධතිය සෝදා හැරිය යුතුයි.

පද්ධතිය සෝදා හැරීම

  • පළමුව ප්‍රධාන නල සෝදා හැරීමේ කපාට විවෘත කර අපද්‍රව්‍ය සේදී යාමට සැලැස්වීම
  • දෙවනුව උප ප්‍රධාන නල සෝදා හැරීම
  • ඒ ඒ උප ප්‍රධාන නලයක කෙළවරේ පාර්ශ්වික නල වලින් ආරම්භ කර නල 3 -4 ක් පමණක් එක් වරකට සෝදා හැරීම
  • ජලාශ, ළිං තුළ ඇති ඇල්ගී/පාසි ඉවත් කිරීම

කොපර් සල්පේට් රසායනික ප්‍රතිකාරය

(1) පාසි සහිත ජලයට කොපර් සල්පේට් මිලි ග්‍රෑම් 1 ක්, ජලය කියුබික් මීටර් 1 ක් සඳහා යෙදීම

(2) ඉන්පසු මෙම ජලය ඍජුවම පද්ධතිය තුළින් ක්ෂේත්‍රයට සම්පාදනය කළ හැක.