කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කෙරේ

ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම දෙපාර්තමේන්තුවක් වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති නිල වෙබ් අඩවිය වෙනුවට පරිශීලනය වඩාත් පහසු වන සහ වඩා කාර්යක්ෂමව තොරතුරු ලබාගත හැකි වන පරිදි, නවීන තොරතුරු තාක්ෂණික උපක්‍රම යොදා ගනිමින් ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ තොරතුරු තාක්ෂණ අංශයේ මූලිකත්වයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනෙකුත් අංශවල තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නිලධාරීන් සහ සහකාරවරුන්ගේ ද දායකත්වය හා ජේෂ්ඨ කෘෂිකර්ම නිලධාරීන්ගේ සම්පත් දායකත්වය ලබාගනිමින් සකස් කරන ලද නව වෙබ් අඩවිය දියත් කිරීම 2021.10.21 වන දින කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අචාර්ය අජන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින. මේ අවස්ථාව සඳහා අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර දෙපාර්තෙමෙන්තුවේ සෙසු නිලධාරීන් Zoom මෘදුකාංගය ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලදී.