තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන - 2021

ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් නාගරික හා අර්ධ නාගරික පවුල් ලක්ෂ 12කට ප්‍රතිලාභ ලබාදෙන කාෂිකර්ම අමාත්‍යාංශය මෙහෙයවන තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන – 2021 සමාරම්භක ජාතික උත්සවය 2021නොවැම්බර් 01 දින ගන්නොරුව පැළෑටි ජාන සම්පත් මධ්‍යස්ථාන භූමියේදී ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.  මෙහිදී ගොවි පවුල් 100ක් සඳහා බීජ වර්ග 07කින් සමන්විත බීජ කට්ටලයක්, කෘෂි උපකරණ කට්ටලයක් සහ කාබනික පොහොර පැකට්ටුවක් ලබාදීම සිදුකරන ලදී.

මීට සමගාමීව දිවයින පුරා පිහිටි ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය කාර්යාල 572 කදී මෙම වැඩසටහන ආරම්භ කළ අතර, 2021.11.01 දින සිට 2021.11.07 දින දක්වා සෞභාග්‍යා ගෙවතු වගා සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.