ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්පාදනය සඳහා වන GAP පාර්ශවකරුවන්ගේ සමුළුව

හරිත කෘෂිකර්මය සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙනයාමේදී යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කෙරෙන GAP වැඩසටහනේ සියළු පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන සමුළුවක් 2021. 11. 17 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ සඳහා කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකොන්, අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ජයන්තා ඉලංකෝන් ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් සහ වැඩසටහනට සම්බන්ධ අනෙකුත් රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන සංවිධාන, ගොවි මහතුන්, බෙදාහරින්නන් සහ සුපිරි අලෙවිසල් ප්‍රමුඛ අලෙවිකරුවන් පිරිසක්ද සහභාගි වූහ.