පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව - සබරගමුව මඟින් සංවිධානය කල කාබනික පොහොර නිෂ්පාදන පුහුණු වැඩසටහන

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව – සබරගමුව මඟින් සංවිධානය කල කාබනික පොහොර නිෂ්පාදනය පිළිබඳ දැනුවත් කිරීමේ සහ ප්‍රයෝගික පුහුණුව ලබාදීමේ එක්දින වැඩමුළුවක් 2021.10.14 දින කෑගල්ල වරකාපොල ප්‍රදේශයේදී පැවැත්විණි.

මෙහිදී කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාමසේවා වසම් සියල්ලේම ගොවිජනතාව සඳහා එකම දිනයකදී මෙම වැඩමුළුව ක්‍රියාත්මක කළ අතර කාබනික පොහොර සහ කාබනික පළිබෝධ නාශක නිෂ්පාදනය සම්බන්ධයෙන් ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්, ගොවිජන සේවා දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු එම කාර්යාලීය නිලධාරින්ද, ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරුන්ද සහභාගී විය.