වියලි මිරිස් නිෂ්පාදන වගාව කෘෂිකර්ම අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට

කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ සිදුකෙරෙන කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියට අදාලව ගලබොඩ වත්ත වියළි මිරිස්   නිෂ්පාදනයට යොදාගැනීමට නියමිත මිරිස් වගාව පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යවරයා ඇතුළු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් 2021.10.16 වනදා සිදු කෙරිනි.

පැරණි තේ වගා බිමක් යොදාගනිමින් පවත්වාගෙන යනු ලබන මෙම මිරිස් වගාවේ සාර්ථකත්වය පිළිබඳව මෙහිදී අමාත්‍යතුමන්ගේ අවධානය යොමුවිණි.