KOPIA ශ්‍රී ලංකා මධ්‍යස්ථානයෙහි අනුග්‍රහයෙන් සිදුකරනු ලබන තක්කාලි දෙමුහුන් බීජ නිෂ්පාදන ව්‍යාපෘතිය - ආරම්භක වැඩමුළුව - 2023

තක්කාලි දෙමුහුන් බීජ නිෂ්පාදන පිළිබඳ ව්‍යාපෘතියෙහි ආරම්භක වැඩමුළුව 2023 පෙබරවාරි 16 වැනි දින මහනුවර Oak Ray Regency Hotel හි පැවැත්විණි. මෙම ව්‍යාපෘතිය 2023 – 2025 යන කාලය තුල ක්‍රියාත්මක වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවට තක්කාලි බීජ ආනයනය අවම කිරීම මෙහි අපේක්ෂිත අරමුණ වේ.කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් පී.මාලතී මෙනවිය සහ KOPIA ශ්‍රී ලංකා මධ්‍යස්ථානයෙහි අධ්‍යක්ෂ කැන්ග් චුල්ගූ මහතා මෙම වැඩමුළුවේ සම මුලසුන දරන ලද අතර, මෙම අවස්ථාවට KOPIA මධ්‍යස්ථානයේ නිලධාරීන් රැසක් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් සහභාගී විය.