හරිත කෘෂිකර්මයක් සඳහා පෝෂක සැපයීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා අදහස් දක්වයි

ශාකයක වර්ධනය හා අවසාන නිෂ්පාදනය සහතික කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන මූලද්‍රව්‍ය වන නයිට්‍රජන්,පොස්පරස්, පොටෑසියම් සහ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය සැපයීම අවශ්‍ය වේ. එහිදී පොටෑසියම් අවශ්‍යතාවය ඛනිජමය ස්වරූපයෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් ලෙසත් නයිට්‍රජන් අවශ්‍යතාවය දියර පොහොර මඟිනුත් ලබා දීමට අපේක්ෂිතය.

වී වගාවේ පොස්පරස් අවශ්‍යතාවය සැලකීමේදී දැනට පසේ තිබෙන පොස්පරස් ප්‍රමාණය ප්‍රමාණවත් බවත් එසේ ප්‍රමාණවත් නොමැති නම් පාංශු පරීක්ෂණ කට්ටල මඟින් පාංශු පරීක්ෂාව සිදු කර අවශ්‍ය පොස්පරස් ප්‍රමාණය ලබාදිය යුතු බව ද කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් පවසන ලදී.