AFACI ව්‍යෘපෘති තාක්ෂණික වැඩමුළුව - 2024
ආසියානු කලාපීය සේනා දළඹුවන් හා දුඹුරු පැල කීඩෑවන් නිශ්චය කිරීමේ හා නිරීක්ෂණ වැඩසටහනක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැළෑටි සංරක්ෂණ සේවය මගින් ආසියානු ආහාර හා කෘෂිකර්ම සහයෝගීතා පදනම (AFACI) හා එක්ව ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම ව්‍යාපෘතිය යටතේ PMP+ අණුක රෝග විනිශ්චය සම්බන්ධයෙන් වූ තාක්ෂණික වැඩමුළුවක් 2024 සැප්තැම්බර් මස 2 වනදා සිට 6 වනදා දක්වා මහනුවර Oak Ray Regency හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්විණි.
මෙම වැඩමුළුව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් කමණි රණතුංග මහත්මියගේ හා අතිරේක කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සමන්ති වාසල මහත්මීන්ගේ මඟපෙන්වීම යටතේ ව්‍යාපෘතියේ ප්‍රධාන විමර්ශන කටයුතු සිදු කරන අතිරේක අධ්යක්ෂ (පැලෑටි සංරක්ෂණ) ප්‍රභාත් නිශාන්ත මයා විසින් සංවිධානය කරන ලද අතර බංගලාදේශය, භූතානය, ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
මේ සදහා සහභාගී වූ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යා හා කාර්මික පර්යේෂණ සංවිධානයේ (CSIRO) ජාන විද්‍යා කණ්ඩායම් ප්‍රධාන ආචාර්ය Tek Tay විසින් වැඩමුළුව මෙහෙයවනු ලැබූ අතර ASEAN FAW ක්‍රියාකාරී සැලැස්මේ ප්‍රධාන ආචාර්ය Alison Watson ඇතුළු විද්‍යාඥයින් අණුක රෝග විනිශ්චය ක්‍රම සහ උපායමාර්ග පිළිබද අත්දැකීම් හුවමාරු කරගන්නා ලදි.